ලෝක බැංකුවේ සංඛ්‍යා ලේඛන අනුව 2021 දී මෙරට ජනගහනය මිලියන 22.156 කි. ඉන් සියයට 13.1 ක් එනම් විසිනව ලක්ෂ දෙදහසක් (29,02,000) 2021 දී දුප්පතුන්ව සිටි බව ද ලෝක බැංකුව කියයි.
ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා මේ 2023 ජුලි 19 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ පිහිටි ප්‍රෙස් ක්ලබ්හි දී පැවැති සම්මන්ත්‍රණයක දී ප්‍රකාශ කළේ 2021 දී සියයට 13.1 ක් වූ දුප්පතුන් සංඛ්‍යාව 2022 දී සියයට 25 දක්වා වර්ධනය වූ බවය. ලෝක බැංකුවට අනුව 2022 දී මෙරට ජනගහනය මිලියන 22,181 කි. ඉන් සියයට 25ක් කියන්නේ 55,45,000 කි. ඒ 2022 අවසන් වෙද්දී මෙරට දුප්පතුන් සංඛ්‍යාවයි. ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා ඉහත කී සම්මන්ත්‍රණයේ දී සඳහන් කළේ 2023 වසර අවසන් වෙද්දී ඒ දුප්පතුන් සංඛ්‍යාව තවත් සියයට 2.4 කින් ඉහළ යන බවය.
ලෝක බැංකුවේ සංඛ්‍යා ලේඛන අනුව 2022 දී ලංකාවේ ජනගහනය වර්ධනය වී තිබෙන්නේ සියයට 0.11 කිනි. 2023 දීත් එවැනි ගණනකින් මෙරට ජනගහනය වර්ධනය වී ඇත්නම් 2023 දී මෙරට ජනගහනයට තවත් 25,064ක් එකතු වෙයි. ඒ අනුව 2023 අවසන් වෙද්දී මෙරට ජනගහනය විය හැක්කේ මිලියන 22.206 කි. ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා කී ලෙස 2023 අවසන් වෙද්දී මෙරට දුප්පතුන් සංඛ්‍යාව ජනගහනයෙන් සියයට 27.4කි. එනම් 60,84,000 කි. ඒ 2023 වසර අවසන් වෙද්දී මෙරට දුප්පතුන් සංඛ්‍යාවයි.
ඒ අනුව 2021 සිට 2023 අවසන් වෙද්දී මෙරට දුප්පතුන් සංඛ්‍යාව දෙගුණයකින් එනම් 29,02,000 සිට 60,84,000 දක්වා ඉහළ ගොසිනි. ඒ ලෝකු බැංකුව කියන හැටියටය.
එහෙත් ස්වාධීන පර්‌යේෂණ ආයතනයක් වන ලර්න් ඒෂියා කියන හැටියට ලංකාවේ දිලිඳු ජනගහනය 2019 දී ලක්ෂ 30කි. 2023 වෙද්දී එය ලක්ෂ 70 දක්වා ඉහළ ගොසිනි. ප්‍රතිශතය් ලෙස එය රටේ මුළු ජනගහනයෙන් සියයට 31කි. ඒ අනුව ඒ ලක්ෂ 70න් ලක්ෂ 40ක්ම මධ්‍යම පන්තියේ සිට දුප්පතුන් ගොඩට ඇද වැටුණු අයයි. ඇද වැටුණු දුප්පත්කමට මුහුණ දීම සඳහා ඔවුහු උපාය මාර්ග සකසා ගත යුත්තාහ. ඒ උපාය මාර්ග සකසා ගන්නේ නොමැරී ජීවත් වීමටය. එහිදී ප්‍රමුඛ උපාය මාර්ගය වන්නේ ආහාරයට ගන්නා කෑම පාලනය කිරීමය. ඇතැම් අය කන කෑම ප්‍රමාණය අඩු කිරීමෙන් ද තවත් පිරිසක් කන වේල් ගණන අඩු කිරීමෙන් ද වෙනත් පිරිසක් පෝෂ්‍ය දායක නොවන කෑම ආහාරයට ගැනීමෙන්ද ඒ පාලනය කරති.
ලර්න් ඒෂියා සමීක්ෂණයට අනුව රටේ ජනගහනයෙන් සියයට 33ක් කෑම කන වේල් ගණන අඩුකර තිබේ. තවත් සියයට 47ක් කන කෑම ප්‍රමාණය අඩුකර තිබේ. තවත් පවුල් සියයට 27ක වැඩිහිටියෝ කෑම නොකා ළමයන්ට ආහාර සපයති.
ලර්න් ඒෂියා සමීක්ෂණයට අනුව රටේ ජනගහනයෙන් සියයට 32ක් කෑම බීම මිලදී ගන්නේ නිවසේ තිබෙන ඇඳන් පුටු මේස විකුණාය. ජනගහනයෙන් තවත් සියයට 50ක් තමන් ඉතිරි කරගත් දේවලින් හා රත්තරන් බඩු උකස් කරමින් හෝ විකුණමින් නොමැරී ජීවත් වන්නට උත්සාහ කරති. එසේම රටේ මුළු පවුල් සංඛ්‍යාවෙන් සියයට 6ක් තම දරුවන් පාසල් යවන්නේ නැත. ඒ නිසා පාසල් යායුතු වයසේ එනම් අවුරුදු 05 සිට 18 අතර සිටින ඒ පවුල්වල දරුවෝ පාසල් නොයවති. එසේ පාසල් නොයන දරුවන් සංඛ්‍යාව 2,03,000 කි. ඒ දරුවන් පාසල් නොයන්නේ කෑම බීමට සහ පාසල් යාමට අත්‍යවශ්‍ය පොත්පත් මිලදී ගැනීමට නොහැකි නිසාය. ඒ ඇතැම් දරුවන් පවුලේ අඟහිඟකම් නිසා කුලී වැඩ සඳහා යන බව ද ලර්න් ඒෂියා සමීක්ෂණයෙන් හෙළි කරයි.
ලර්න් ඒෂියා තම සමීක්ෂණ ප්‍රතිඵල එළි දැක්වූයේ 2023 ජූනි 07 වැනිදාය. ඔවුන් ඒ සමීක්ෂණය කර තිබෙන්නේ 2022 ඔක්තෝබර් සිට 2023 මාර්තු අතරය. එය රටේ ග්‍රාම නිලධාරි වසම් 400ක් පුරා ක්‍රියාත්මක කළ සමීක්ෂණයකි. ඒ අනුව එය රටපුරා ක්‍රියාත්මක වූ සමීක්ෂණයකි. අප මේ සිටින්නේ 2023 වසර නිමවීමට තවත් දින හතරක් පමණක් ඉතිරිව තිබෙන දිනයේය. 2023 මාර්තු මාසයෙන් පසුව ද අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම අඛණ්ඩව සිදුවිය. රැකියා කළ ලක්ෂ ගණනාවකට ඒ රැකියා නැති විය. ඒ නිසා ඔවුන්ගේ වැටුප් හා ආදායම් ද අහිමි විය. 2023 මාර්තු මාසයෙන් පසුව ඇතැම් රැකියා ස්ථාන සේම කම්හල් ද වැසී ගිය බව මාධ්‍ය වාර්තාවලින් හෙළිවිය. ඒ අනුව තවත් පිරිසකට ද රැකියා හා ආදායම් මාර්ග අහිමි විය. ඒ අනුව ඔවුහු ද ඇද වැටී ඇත්තේ දුප්පතුන් ගොඩටය. ඒ අනුව දුප්පතුන් ගොඩට ඇද වැටී සිටින සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවා සිටිනු නිසැකය.
නොමැරී ජීවත් වන්නට නම් ඒ ජනතාවට ලැබිය යුත්තේ සහනයකි. එහෙත් පසුගිය මාසයේ දී ඒ ජනතාවට ලැබී ඇත්තේ අසහනයකි. ඒ 2024 වසර සඳහා වන අයවැය ලේඛනයයි. ඒ අය වැය ලේඛනයට අනුව 2024 දී අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 1,224 කි. ඉන් සියයට 12ක් එනම් රුපියල් බිලියන 149 ක් උපයා ගැනීමට බලාපොරොත්තු වන්නේ ආනයන බදුවලිනි. තවත් සියයට 18ක් එනම් රුපියල් බිලියන 216ක් උපයා ගැනීමට බලාපොරොත්තු වන්නේ අාදායම් බදුවලිනි. ඉතිරි සියයට 70 උපයා ගැනීමට බලාපොරොත්තු වන්නේ වැට් සහ සමාජ ආරක්ෂණ බදුවලිනි. අපේකෂිත ඒ බදු මුදල රුපියල් බිලියන 859 කි. ඒ අනුව රජයේ බදු ආදායමෙන් සියයට 70ක් කන බොන දේවලින් අය කර ගැනීමට ආණ්ඩුව සැරසෙයි.
ඒ සඳහා වැට් බද්දෙහි කරන සංශෝධන තුනකි. පළමුවැනි සංශෝධනය වන්නේ දැනට සියයට 15ක් වන වැට් බද්ද 2024 ජනවාරි 01 වැනිදා සිට සියයට 18ක් කිරීමය. එසේම දැනට ශතයක්වත් අය නොකරන භාණ්ඩ හා සේවා 250 කින් පමණ 2024 ජනවාරි 01වැනිදා සිට සියයට 18ක වැට් බද්දක් අය කරයි. තවදුරටත් වැට් බද්ද අය නොකරන භාණ්ඩ හා සේවා ගණන 50කට වඩා අඩු වෙයි. ඊට අමතරව දැනට වැට් බදු අය කරන සැපයුම් සීමාව රුපියල් මිලියන 80 සිට මිලියන 60 දක්වා අඩුවෙයි. ඒ හේතු තුන නිසා එනම් බදු අනුපාතය සියයට 15 සිට 18 දක්වා ඉහළ නැංවීම, මෙතෙක් බදු අය නොකළ භාණ්ඩ හා සේවාවලින් සියයට 18ක වැට් බද්දක් අය කිරීම සහ බදු අය කරන සැපයුම් සීමාව පහළ දැමීම යන හේතු මත ජනතාවගේ අසහනය තව තවත් වර්ධනය වෙයි.
ජනතා අසහනය වර්ධනය වීමට බලපාන්නේ වැට් බද්ද පමණක්ම නොවේ. සමාජ ආරක්ෂණ බද්ද ද ඊට ඉවහල් වෙයි. දැනට සමාජ ආරක්ෂණ බද්ද අය කරන්නේ අවුරුද්දකට රුපියල් මිලියන 120ක පිරිවැටුමක් තිබෙන ආනයනකරුවන්, නිෂ්පාදකයන්, භාණ්ඩ හා සේවා සපයන්නන්ගෙන් සේම තොග සහ සිල්ලර වෙළෙන්දන්ගෙනි. බද්ද අය කරන සීමාව රුපියල් මිලියන 120 සිට මිලියන 60 දක්වා අඩු කිරීමට නියමිතය. එමගින් දැනට සමාජ ආරක්ෂණ බද්ද නොගෙවන පිරිසකට ද 2024 ජනවාරි 01 වැනිදා සිට සමාජ ආරක්ෂණ බදු ගෙවීමට සිදු වෙයි. එවිට ඒ ව්‍යාපාරිකයන් තමන් මත පැටවුණු ඒ බදු බර පාරිභෝගිකයා මත පටවයි. එමගින් ජනතාවගේ අසහනය තව තවත් වැඩිවෙයි.
ඒ අනුව දැනට ගෙවෙමින් තිබෙන 2023ට වඩා එළැඹෙන 2024 දී ජනතාව තව තවත් පීඩාවට පත්වීමට නියමිතය. ඒ බදු බර හේතුවෙන් ඉහළ යන ජීවන බර නිසාය.
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට අනුව රටේ සෑම පුරවැසියකුම මේ වනවිට වසරකට ගෙවන බදු ප්‍රමාණය රුපියල් ලක්ෂයකි. 2024 වසරේ දී එය රුපියල් 1,30,000ක් දක්වා ඉහළ නඟියි. ඒ 2024 ජනවාරියේ සිට ඉහළ නගින බදු බර නිසාය. ඉහළ නගින්නේ ඍජු බදු නොව වක්‍ර බදුය. එනම් වැට්, සුරා සහ සමාජ ආරක්ෂණ වැනි බදුය. නැති බැරි ඇති හැකි හැමෝටම වැට් සියයට 18කි. ආදායම්, වැටුප්, වත්කම් සහ ධනය අතින් ලංකාව විසම සහ විෂම සමාජ ක්‍රමයක් පවතින රටකි. එදාවේල සොයා ගැනීමට හැකියාවක් නැති මිනිසුන් සේම ගුවන් යානා මිලදීගත හැකි තරම් ධනය ඇත්තෝද ලංකාවේ සිටිති. ඒ අනුව ලංකාවේ සමාජය ශ්‍රේණි කිහිපයකට බෙදා වෙන් කළ හැකිය. ඉතා ධනවත්, ධනවත්, ඉහළ මධ්‍යම, මැද මධ්‍යම, පහළ මධ්‍යම සහ දුප්පත් ලෙස ලංකා සමාජය ශ්‍රේණිගත කළ හැකිය. ඒ කාටත් එක සමාන වැට් බද්දක් පැනවීම ප්‍රායෝගික නැත. බදු පැනවිය යුත්තේ ආදායම් පරතරය මතය. දියුණු රටවලවත් එක හා සමාන වක්‍ර බදු ක්‍රියාත්මක නොකරයි.
මහා බ්‍රිතාන්‍යයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවලට පනවා තිබෙන්නේ සියයට 05ක වැට් බද්දකි. ඊජිප්තුවේ ද සියයට 05කි. ඇමෙරිකාවේ ක්‍රියාත්මක වෙළෙඳ හා පාරිභෝගික බද්ද සියයට 2.9 සිට 7.25 අතර පවතියි. ඕමානයේ සමස්ත වැට් බදු අනුපාතය සියයට 05කි. ජර්සි (Jersey) හි භාණ්ඩ හා සේවා බදු අනුපාතය සියයට 05කි. එක්සත් අරාබි එමීරයේ වැට් බදු අනුපාතය සියයට 05කි. කැනඩාවේ භාණ්ඩ හා සේවා බද්ද සියයට 05කි. ඒ දියුණු රටවලත් නැති සියයට 18ක වැට් බද්දක් නොදියුණු ලංකාවේ ක්‍රියාත්මක කිරීම අයුක්ති සහගතය, අසාධාරණය.
බදු පැනවීමේ දී ලංකාවට සමාන සමාජ ක්‍රමයක් පවතින රටවල් දෙස බැලිය යුතුය. ඒ රටවල් වන්නේ ඉන්දියාව, පකිස්තානය සහ බංග්ලාදේශයයි. බංග්ලාදේශයේ වැට් බදු අනුපාත 06කි. ඉන් අඩුම අනුපාතය සියයට 02 කි. පකිස්තානයේ වෙළෙඳ බදු අනුපාත 06කි. එරට අඩුම වෙළෙඳ බදු අනුපාතය සියයට 02කි. ඉන්දියාවේ භාණ්ඩ හා සේවා බදු අනුපාත 07කි. එරට අඩුම බදු අනුපාතය 0.25 කි. ඉන්දියාව පකිස්තානය හා බංග්ලාදේශය ආර්ථික වශයෙන් බංකොලොත් රටවල් නොවේ. එහෙත් ලංකාව දැන් බංකොලොත් රටකි. බංකොලොත් රටක ආර්ථික වශයෙන් බංකොලොත්ව එදා වේල කන්නට නැති මිනිසුන් සියයට 18ක බද්දක් ගෙවන්නේ කෙසේදැයි සිතිය නොහැක්කේ නොමිනිසුන්ටය.
අනුපාත කිහිපයකින් බදු ක්‍රියාත්මක කළ යුත්තේ සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහාය. එහෙත් වක්‍ර බදු ඉහළ යාමෙන් වන්නේ සමාජ අසාධාරණය වර්ධනය වීමය. වක්‍ර බදු මගින් වැඩි බරක් පැටවෙන්නේ දුප්පතුන් මතය. රජයේ බදු ආදායමෙන් සියයට 80ක් උපයා ගන්නේ දුප්පතුන්ගෙන් වැඩි බදු ආදායමක් රැස් කරගන්නා වක්‍ර බදුවලිනි. එහෙත් ධනවතුන් මත පනවන ඍජු බදු මගින් උපයා ගන්නේ රජයේ බදු ආදායමෙන් සියයට 20කි. ඒ තොරතුරුවලින් අනාවරණය වන්නේ ලංකාවේ බදු ප්‍රතිපත්ති තීරණය වන්නේ ආණ්ඩුවට බලපෑම් කළ හැකි පුද්ගලයන්ගේ වුවමනා එපාකම් මත බවය. රජයේ බදු ආදායමෙන් සියයට 80ක් දුප්පතුන් මත වැඩි බරක් පටවන වක්‍ර බදුවලිනුත් රජයේ බදු ආදායමෙන් සියයට 20ක් පොහොසතුන් මත පනවන ඍජු බදු මගිනුත් උපයා ගන්නා මේ අසූවයි විස්සේ (80:20) තිරස්චීන බදු ප්‍රතිපත්තිය දිගින් දිගටම ක්‍රියාත්මක වෙයි. එමගින් අනාවරණය වන්නේ ලංකාවේ ආණ්ඩු ධනවතුන් මත වැඩි බදු බරක් පැටවීමට අකැමැති දැයි යන ප්‍රශ්නයයි.
(***)
ගුණසිංහ හේරත්
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැට් එහේ මෙහේ
gamunu Saturday, 30 December 2023 12:26 AM
2023 සඳහා, එක්සත් රාජධානියේ VAT හි සම්මත අනුපාතය 20% කි. වෙනස් අනුපාතයක් යටතේ ලැයිස්තුගත කර නොමැති සියලුම බදු අය කළ හැකි භාණ්ඩ සහ සේවා සඳහා මෙය අදාළ වේ. කැනඩාවේ භාණ්ඩ හා සේවා බද්ද 5% සිට 15% දක්වා, පළාත හෝ ප්‍රදේශය මත රඳා පවතී..