මෙතරම් අඬපු තැනක් නැත. මෙතරම් දුක් වූ තැනක් නැත. පුෂ්පෝපහාර කළ තැනක් ද නැත. ගුණ වැයූ තැනක් ද නැත. එහෙත් දෙව්රම් වෙහෙරට වඩා මෙහි බණ කියන්නට ඇත. ඒ බොරැල්ල ප‍්‍රසිද්ධ සුසාන භූමියයි. ඊට ඇතුළුවූ සෑම පුද්ගලයෙක්ම යහපත් අයවෙති. නරක පුද්ගලයෙක් එහි කිසි දිනෙක ප‍්‍රවිශ්ට වී නැත.
ජනාකීර්ණ පෙදෙසක් වුවද නිහඬතාව එහි තිබේ. අක්කර 42ක පමණ භූමි භාගයක කිසිදු භේදයකින් තොරව සියලූදෙනා සාමකාමීව එහි වෙසෙති. ආරවුල් ඇසෙන්නට නැත. පිටත දැකිය හැකි කලබලකාරී තත්ත්වයක් එහි නැත. සංයමයක් ඇත. සමාජයේ කුමන තරාතිරමක සිටියත් මරණයෙන් ගැලවීමට නොහැකිය. එය එහි ස්වභාවයයි. උපත යනු මරණයේ ආරම්භය බැව් එක් පඬිවරයෙක් කියා ඇත. ජීවිතය පහන් සිලක් බැව් බුදුදහමේ උගන්වයි. මේ සෑම කරුණකින්ම මරණය සිහිගැන්වේ.
උපතත් මරණය සමග බැඳී පවතී. ඉන් කිසිවෙකුටවත් බේරීමට නොහැකිය. ජීවත්ව සිටිය දී මියන බව දන්නා අය අඩුය. මිනිසුන් තුළ තිබිය යුත්තේ එයයි. නැත්තේ ද එයයි. නොමැරෙන මිනිස්සු ලෙසින් කටයුතු කරති. එහෙත් මරණය පිළිබඳව අවබෝධ කොට ඊට සූදානම්වීමට යමෙකුට හැකි නම් එය හොඳය.
ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන සුසාන භූමිය වශයෙන් බොරැල්ල සුසාන භූමිය සැලකේ. එහි ධනවතා,කුලවතා යැයි විශේෂත්වයක් නැත. උස්මිටි භේදයක් නැත. වසර ගණනාවක් දිග ඉතිහාසයක් බොරැුල්ල කනත්තට ඇත. බටහිර ජාතීන්ගේ පාලන සමයේ සිට පැවත එන බොරැුල්ල කනත්තේ දෙවන ලෝක මහා සංග‍්‍රාමයෙන් මියගිය පිරිස් ද මිහිදන් කරමින් සිහිගන්වමින් ඉදිකර ඇති සොහොන් කොත් රාශියකි. ලෝක යුද්ධයෙන් මියගිය අය සිහිගැන්වීම වස් ස්මාරක ඉදිකර ඇති කොටස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් පේරාදෙණිය උද්භිද අංශය විසින් නඩත්තු කරනු ලැබේ. මෙහි ස්මාරක 272ක් ඇත. දෙවන ලෝක මහා යුද්ධයෙන් මියගිය දේශීය හා විදේශීය අය වෙනුවෙන් මෙහි ස්මාරක ඉදිකර ඇත. බි‍්‍රතාන්‍ය රජයෙන් මූල්‍ය ආධාර පහසුකම් ඊට ලැබේ. සෑම වසරකම අප‍්‍රියෙල් මස 25 වන දින ඕස්ටේ‍්‍රලියා රජය නියෝජනය කරමින් එකී තානාපති කාර්යාලය විශේෂ ආගමික දේවමෙහෙයක් එහි පවත්වයි.
කොළඹ නගරයේ ප‍්‍රසිද්ධ සුසාන භූමි ඇත්තේ තුනක් පමණි. ලක්ෂ දහයකට වැඩි ජනතාවක් කොළඹ නගරයේ වෙසෙති. බොරැුල්ල කනත්ත හැරණු විට කිරුළපන හා මාදම්පිටියේ සුසාන භූමි දෙකක් ඇත. ඉස්ලාම් ආගමට පමණක් සීමාවූ සුසාන භූමි 3ක් මාලිගාවත්ත, ජාවත්ත හා දෙමටගොඩ ඇත. එහෙත් වැඩිවන ජනගහනයට අනුව කොළඹ ජනතාවට මෙම සුසාන භූමි ප‍්‍රමාණයවත් නොවේ. මේ පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු කිරීමට කාලය එළැඹ ඇත.
හොඳ මිනිසුන් හැරුණුවිට නරක පුද්ගලයෙකුට එහි ඉඩක් නැත. එපමණට යහපත් ගුණගරුක මිනිසුන්ගෙන් එහි පිරී පවතී. ජීවත්ව සිටිය දී අසන්නට නොලැබුණු තම ගුණ සමුදාය එහිදී ඇසිය හැක. එහෙත් ඒ වනවිට සමාදානයේ සැතපිලාය. නැතිනම් නිවන් සුව අත්වේ යන පැතුම ඇතිව අඩි 6ක් පොළොව යටය. ජීවත්ව සිටිය දී එම ගුණ සමුදාය අසන්නට ලැබුණානම් කොතරම් අගනේ ද? කොතරම් හොඳ ද? එහෙත් දැන් එය ඇසෙන්නේ නැත. ඔවුහු නිහඬව සිටිති.
බොරැුල්ල සුසාන භූමිය අක්කර 42ක් වුවද එහි බොහෝ ආගම්වලට වෙන්වූ භූමි භාගයන් ඇත. බෞද්ධයන් සඳහා අක්කර 12ක්ද රෝමානු කතෝලිකයන් සඳහා අක්කර 8ක්ද එංගලන්ත සභාව වෙනුවෙන් අක්කර 3ක්ද වෙන්කර ඇත. මෙයට අමතරව පේ‍්‍රස්බි‍්‍රටීරියන් මෙතෝදිස්ත ගැලවීමේ හමුදාව පෙන්ත කොස්ත ආදී ආගම් හැරුණුවිට හින්දු ආගමිකයන් සඳහා වෙන්වූ විශාල භූමි ප‍්‍රමාණයක් ඇත. එම සුසාන භූමිය නඩත්තු කිරීමේ දී කොළඹ මහනගර සභාවට උපකාර වන ආයතන කිහිපයක්ම ද ඇත. ඇන්ගලිකන් පල්ලියත්, රෝමානු කතෝලික පල්ලියත් ඒ ඒ ආගම්වලට වෙන්වූ කොටස නඩත්තු කරති.
සාමාන්‍යයෙන් දිනකට පහළොස් දෙනෙකු පමණ ආදාහන හා භූමිදාන කරනු ඇත. අඟහරුවාදා සහ සිකුරාදා යන දිනයන්හි අවසන් කටයුතු කිරීම අඩුය. විශේෂයෙන් බෞද්ධයන් එම දිනයන් මගහැර වෙනත් දිනයක් යොදාගැනීම සිරිතය. එහෙත් කිසිවකු ආදාහන හෝ භූමිදාන හෝ නොකරපු දිනයක් බොරැුල්ල කනත්තට නැත. ශ්‍රී ලංකාවේ ඕනෑම ප‍්‍රදේශයක මරණයට පත්වූ ඕනෑම පුද්ගලයකුට මරණ සහතිකය පමණක් සමග ඉදිරිපත් කිරීමෙන් අවසන් කටයුතු බොරැුල්ල සුසාන භූමියේ දී සිදුකරගත හැකිය.
කොළඹ නගරයේ පදිංචි පුද්ගලයෙකු අදාහනය කිරීමේ දී රුපියල් 300ක් ගෙවීමට සිදුවන අතර කොළඹින් බැහැර පදිංචි අයෙකු නම් රුපියල් 1000ක් ගෙවිය යුතුය. කොළඹ නගර සීමාව තුළ වයස අවුරුදු 10ට අඩු අය සඳහා භූමිදානය කිරීමට රුපියල් 200ක්ද කොළඹින් බැහැර වයස අවුරුදු 10ට අඩු අය සඳහා රුපියල් 500ක්ද වසය අවුරුදු 5ට අඩු අය සඳහා රුපියල් 100ක් ගෙවිය යුතුය. කොළඹ මහනගර සභාවේ මහජනාධාර දෙපාර්තමේන්තුවෙන් ආධාර ලබන පවුලක අයෙකු මරණයට පත්වුවහොත් භූමිදාන කටයුතු කොළඹ මහනගර සභාව විසින් ඉටුකරනු ඇත. ඊට අමතරව රුපියල් 400ක මුදලක් ලබාදීමෙන් උපකාර කරනු ඇත.
බොරැුල්ල සුසාන භූමියේ තම මිනීවළ කල් ඇතිව තෝරාගත් පළමු පුද්ගලයා වශයෙන් සඳහන්ව ඇත්තේ ජෝන් විලියම් ඊබට් මහතාය. 1871 දී අඩි 8ක් දිගැති අඩි 8ක් පළලැති භූමියක් වෙන්කරගත් ජෝන් විලියම් ඊබට් මහතා ඉන් වසර 27කට පසු 1898 ජුලි මස 03 වන දින මියගොස් ඇත. පසු කාලයේ මෙසේම තම මිනීවළ කල් ඇතිව වෙන් කරගත්තේ එවකට කොළඹ නගරයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. කැටයම් කරමින් කුඩා නවාතැනක් මෙන් සකස් කරගත් ඔහු දිනපතා එහි පැමිණ මත්පැන් පානය කර ඇත. පසුකාලයේ ඔහුගේ දේහය ද එහි මිහිදන් කර ඇත. මොවුන් මෙසේ මරණයට කල් ඇතිව සූදානම් වූ අය වෙති. මෑත කාලයේ එක්තරා දේශපාලනඥයෙක් ද තම උපන් දිනය සැමරුවේ බොරැුල්ල කනත්තේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමට වර්ග අඩි 4ක භූමි භාගයක් වෙන් කරගෙනය. ඔහු ප‍්‍රියකරන ගායක එච්.ආර්. ජෝතිපාල මහතාගේ ස්මාරකය අසලම භූමි භාගය වෙන්කර ගත්තේය. ප‍්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් එදින පාංශුකූල කටයුතු ද සිදුකෙරිණි. කිසිවෙකුටවත් තම ජීවත්වන කාලය තුළ දී තමන් වෙනුවෙන් දෙන පාංශුකූලය දැකිය නොහැකිය. එහෙත් ගුණ කථන හැරුණු විට සියලූම දේ එහි දී සිදුවිය. ඒ අන් කෙනෙකු නොව එවකට මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාය.
මෙසේ කල් ඇතිව මරණයට සූදානම් වන අයගේ මෘත දේහයන්ට අමතරව වෛද්‍ය විද්‍යාලයෙන් ඉවතලන මෘත ශරීර කොටස් මෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ තැන්පත්ව ඇති නාඳුනන මළ සිරුරු ද බොරැල්ල සුසාන භූමියේ භූමිදාන කරයි. භූමිදාන කටයුතු හැරුණු විට ආදාහන කටයුතු ද මෙහි සිදුකරයි. 1948 ආරම්භ කළ ආදාහනාගාරය තවමත් ක‍්‍රියාත්මකවෙමින් පවතී. වරකට දෙදෙනකු ආදාහන කළ හැකිය. එහෙත් වැඩිවන ජනගහනයට අනුව එක් ආදාහනාගාරයක් ප‍්‍රමාණවත් නොවීය. එය කල් ඇතිව හඳුනාගත් කොළඹ මහනගර සභාව නව ආදාහනාගාරයක් ඉදිකරමින් වරකට සිවුදෙනෙකු ආදාහන කිරීමට අවස්ථාව සලසා දුනි.
මරණයට පත්වූ පුද්ගලයාගේ ශරීරය බෙහෙත් ගල්වා කටයුතු කළ ස්ථානයක් ද බොරැුල්ල ප‍්‍රසිද්ධ සුසාන භූමියේ ඇත. මෙම ස්ථානය එකී කටයුතු කරන අවමංගල්‍යකරුවන්ට ලබාදී ඇති ස්ථානයකි. අද එය ප‍්‍රයෝජනයට නොගෙන වසා දමා ඇත. අවමංගලකරුවෝ අද එම කටයුත්ත තම ව්‍යාපාරික ස්ථානවලම කරගෙන යති. මේ සඳහා බලපත‍්‍රයක් ලබාගත යුතු වුවත් එම අවසරය නොමැතිව ඉටුකරන පිරිස් ද ඇත. මෙය සමාජ සත්කාරක සේවාවක් නොවන අතර අද එය මහා පරිමාණයෙන් ඉටුකරන ව්‍යාපාරයකි. අද එම වෘත්තියට පිවිසි අය ලක්ෂපතියන් කෝටිපතියන් බවට පත්ව ඉහළින් වැජඹෙති. මියගිය පුද්ගලයා මියගොස්ය. එහෙත් එම කටයුත්ත නිමවන විට එය ඉටු කළ පුද්ගලයා බාගෙට මියගොස්ය.
මුල් කාලයේ පවුලේ වළවල් වශයෙන් අඩි 9ක් දිගැති අඩි 4ක් පළලැති භූමි භාගයක් ලබාදුන්න ද දැන් අඩි 2ක් දිගැති අඩි 2ක් පළලැති භූමියකට සීමාවී ඇත. මුල් කාලයේ පවුලේ වළවල් ලෙසින් ලබාගත් අයගේ මළ සිරුරක් වළදැමීමට අවශ්‍ය නම් ඊට අවස්ථාව ඇතිමුත් ඒ සඳහා රුපියල් 2000ක මුදලක් ගෙවීමට සිදුවේ. ශ්‍රී ලංකාවේ ඉහළම ඉඩම් මිල රඳාපවතින්නේ බොරැුල්ල ප‍්‍රසිද්ධ සුසාන භූමියේ බව සඳහන් කළහොත් ඔබ පුුදුමවනු ඇත. පවුලේ වළවල් වෙනුවට භෂ්මාවශේෂ පමණක් තැන්පත් කළ හැකි වර්ග අඩි 4ක භූමි භාගයක් ලබාගත හැකිය. ඊට රුපියල් 17,100ක් ගෙවීමට සිදුවේ. මෙය දෙදෙනෙකුට සිටගෙන සිටීමටවත් ප‍්‍රමාණවත් නොවේ. එපමණට මෙහි ඉඩම් මිල ඉහළය.
ශ්‍රී ලාංකිකයන් හැරුණු විට විද්ශිකයන් සඳහා ද වෙන්වූ භූමි භාගයක් ද බොරැුල්ල සුසාන භූමියේ ඇත. ජපාන, ප‍්‍රංශය ආදී රටවල් ඊට අයත් වේ. මළවුන්ගේ මාසය ලෙස සැලකෙන නොවැම්බර් මාසයේ දී කතෝලික බැතිමත්හු තම මියගිය ඥාතීන් සිහිකිරීම වස් ඉටිපන්දම් දල්වා හෝ පුෂ්පෝපහාර පුදකරමින් හෝ ආගමික වතාවත්වල යෙදෙති. බෞද්ධයෝ ද වෙසක් දින හෝ විපතට පත්වූ දින මියගිය ඥාතීන් සිහිකිරීමට පැමිණෙන අවස්ථා ඇත. ඒ අතර සමහර වළවල් කලෙකින් ශුද්ධ පවිත‍්‍රකර නොමැතිව අතහැර දමා ඇති අන්දමට වල්බිහිවෙලා ඇති බවක් මෙන් එහි සිටුවා ඇති ඵලක ද නටබුන් මෙන් ගරාවැටී ඇති අතර පාසිවලින් වැසීගොස් ඇති බවක් පෙනේ. එහි ඇති ඡායාරූප මෙන්ම කොටා ඇති අකුරුවලින් කියවෙන්නේ කුමක්ද යන්න පවා දැනගැනීමට නොහැකි පරිදි දුර්වර්ණ වී ඇත.
රූපය දිරයි - නාමය නොදිරයි, ඔබ සදාකල්හි අප සමග රැුඳේවා පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකකි, අනිච්චාවත සංඛාරා, සමාදානයේ සැතපේවා ආදී අරුත්බර රුවන් වැකි කොතකුත් සොහොන් කොත්වල ලියැවී ඇත. එහෙත් කාලයාගේ ඇවෑමෙන් සිහිගැන්වීම් ද මුල් කාලයේ මෙන් උනන්දුවක් පසු කාලයේ ඇතිවන්නේ නැත. එය සොහොන් කොත් ගරාවැටීමට හේතු වේ. එසේ ගරාවැටුණු සොහොන් කොත් බොහොමයක් බොරැුල්ල කනත්ත තුළ දැකිය හැක. ස්මාරක මෙන්ම සොහොන් කොත් කඩාදැමීමට තරම් අකාරුණික වූ ම්ලේච්ඡු සැහැසි වූ පුද්ගලයෝ ද සිටිති. විශාල ජනකායක් මධ්‍යයේ සිදුවන අවංමල්‍ය උත්සව අවස්ථාවන්හි දී සොහොන් කොත්වලට නරක කල දසාවක් ලබයි. ඒවා කැඩෙයි. බිඳවැටෙයි. මරණයට ගෞරව කරමින් මළවුන්ට අගෞරව කරයි.
එවැනි සිදුවීම් කිහිපයක්ම පසුගිය කාලයේ අපට අසන්නට ලැබිණ, දකින්නට ලැබිණ. එය සදාචාර සම්පන්න සමාජයකට නොහොබි. එබැවින් එවැනි සිදුවීම් නොවන්නට කවුරු කවුරුත් වගබලා ගැනීම බෙහෙවින් වැදගත්ය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැඩියෙන්ම අඬපු වැඩියෙන්ම බණ කියපු වැඩියෙන්ම ගුණ වයපු තැන?
ඉන්දික Tuesday, 24 November 2015 09:52 AM
මේ ලෝකේ හැම මැරිච්ච කෙනෙක්ටම සොහොන් කොත් බැන්දනම් අද මුළු ලෝකම තට්ටු දහස් ගණනක සුසාන භූමියක්. කිසි කෙනෙක්ට ජීවත් වෙන්න ඉඩක් නැතුව ගිහින්. මරණය යනු ජීවිතයේ ප්‍රතිචක්තිකරණයයි. මරණයේ අවශ්‍යතාව නව ජීවයකට ඉඩදීමයි, ඉතින් මැරුණට පස්සේ සොහොන් කොත් මොකටද? ධර්මය නොතේරුම් ගත් පිරිස තමා සොහොන් කොත් පවත්වාගන්න උත්සහ කරන්නේ. (ම)
චන්න බුවනක Thursday, 26 November 2015 06:08 PM
ඉන්න කාලේ යහපත්ව ජීවත්ව උන්නානම් මොන සුසානයත් එකයි.(රේ)
සුනිල් Thursday, 26 November 2015 04:29 AM
කොලඹ ඉන්න වැඩිම සර්පයෝ ඉන්නෙත් ඔය කියන කනත්තේ කියලයි මන් අහල තියෙන්නේ.(හේ)
ගෝමස් Wednesday, 25 November 2015 08:21 AM
කාලෙකින් දැක්ක හොඳම ප්‍රතිචාරය ඉන්දික දාල තියෙනවා . ඒ වගේම හොඳ ලිපියක් - ස්තුතියි. (බ)