IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


වැඩවර්ජන තර්ජන හැමදාම තිබිය යුතුද

බස්-දුම්රිය-විදුලිය, සෞඛ්‍ය යනාදී ක්​ෂේත්‍රවල වැඩවර්ජන ගණනාවක් පිළිබඳ කතා පසුගිය දිනවලදී පැතිර තිබිණි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද සංකේත වැඩවර්ජනයක් සති කිහිපයකට ඉහතදී අවසන් වී තිබුණේ ඊළඟට දැඩි පියවරක් ගන්නා බවට වූ ප්‍රතිඥාවක් ද සමඟිනි. අලුත් අවුරුදු පේන තෙක් මානයේ මේ බොහෝ වැඩවර්ජන කතා මතුවීමද විශේෂයක් විය. 

බස් සහ දුම්රිය වැඩවර්ජන බොහෝ විට මතුවන්නේ අපොස සා.පෙ. සහ උසස් පෙළ විභාග ආසන්නයේ හෝ අලුත් අවුරුදු වැනි සුවිශේෂ කාලසීමා මුවවිටේදී බව දැන් නොදන්නා අයකු නැත. වැඩවර්ජනයක් සිදුකිරීමට හේතුවන කාරණා බස් සහ දුම්රියවලට කොතරම් තිබුණ ද මේ රටේ අධ්‍යාපනය ලබන සිසු දරුවෝ ඒවායේ වින්දිතයෝ බවට පත්විය යුතුද? එසේම අලුත් අවුරුද්දට ගමේ යන්න සූදානම්ව දුම්රිය පොළවලට බස් නැවතුම්පොළට පැමිණෙන ජනතාවට මහ මඟ රස්තියාදු වීමට ඉඩහැරීම සාධාරණ ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට කිසිවෙක් නැත. එහෙත් තම තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමේ සටන් සාධාරණව මෙහෙයවීමද අවශ්‍ය බවට වෘත්තීය සමිති තුළ හැඟීමක් තිබිය යුතුය. සේවා අපේක්ෂක පොදු මහජනතාවට විවිධ පීඩා ගෙන දෙමින් ඔවුන් හිරිහැරයට සහ අපහසුතාවලට ලක්වන සේ කටයුතු කිරීම සුදුසු නැත. එසේම ඉල්ලීම් සාධාරණ ඒවා වීමද අවශ්‍යය. 

පසුගියදා පැවැත් වූ එක්දින පෞද්ගලික බස් වැඩවර්ජනය මීට එක් උදාහරණයකි. එම වැඩවර්ජනයට හේතුව කරගෙන තිබුණේ රථවාහන දඩ මුදල් වැඩි කිරීමය. ඔවුන්ගේ තර්කය වී තිබුණේ වමෙන් ඉස්සර කිරීම සහ අධික වේගය වෙනුවෙන් පනවා තිබෙන නව දඩ මුදල අසාධාරණ බවය. ඔවුන්ගේ මේ ඉල්ලීමට එකඟ වන එකදු බස් මගියකු හෝ සිටිනු ඇතැයි අපි නම් නොසිතමු. පෞද්ගලික බස් සම්බන්ධ වන රිය අනතුරුවලට ප්‍රධානම හේතු දෙකක් වන අධික වේගය සහ වමෙන් ඉස්සර කිරීම වැනි නොසැලකිලිමත් ලෙස ධාවනය කිරීම සඳහා පනවා ඇති දඩ මුදල් අඩු කරන්නැයි ඉල්ලීම් කිරීම මගීන්ට මරුවා සමඟ වාසය කිරීමට ඉඩ දෙන්නැයි කරන ඉල්ලීමකට දෙවැනි නැත. වාසනාවකට මෙන් එකී පෞද්ගලික බස් වැඩවර්ජනය සාර්ථක වූ බව කියන්නේ එය මෙහෙයවූ බස් සංගමය පමණි. අනෙකුත් ප්‍රධාන සංගම් සියල්ලම එම ඉල්ලීමට එකඟතාවයක් දක්වා තිබුණේ නැත. මේ නිසාම වර්ජනය අසාර්ථක විය. 

පෞද්ගලික බස් රියැදුරන්ගේ ක්‍රියා පටිපාටිය මේ රටේ බොහෝ දෙනකුගේ දැඩි විවේචනයට හසුව තිබෙන බව නොදන්නේ එම රියැදුරන් පමණක්ම විය යුතුය. බොහෝමයක් දෙනාට අනුව පෞද්ගලික බස් රියැදුරෝ මාර්ග නීතිය තම අතට ගත්තෝ වෙති. සෙසු සියලු වාහන ධාවනය කළ යුතු වන්නේ පෞද්ගලික බස් රියැදුරන්ගේ අණසක යටතේ තරමට ඔවුහු මාර්ග පුරා තම ආධිපත්‍යය පතුරුවති. බස් රථ ඇතුළේ ගමන් ගන්නා මගීන්ට ද ඇතැම් විට සිදුවන්නේ සකල ලෝකවාසී සියලු දෙවි දේවතාවුන් සිහිපත් කරමින් ගමනේ යෙදීමටය. මේ ආකාරයට බස් රථ හසුරුවන රියැදුරන් පාලනයට දැඩි නීති පැනවීම අවශ්‍ය බව අපගේ පිළිගැනීමය. නීති පිළිපැදීමට අකැමැති නම් නීති කඩන විට ඊට සරිලන දැඩි දඬුවම් තිබීම අවශ්‍යය. එයින් අකාලයේ වැනසෙන මිනිස් ජීවිත සහ දේපොළ රැකගැනීමට අවස්ථාවක් ලැබෙන බැවිනි. 

කලබලකාරී දඩබ්බර රියැදුරන් මෙල්ල කිරීමට දැඩි නීති අවශ්‍ය වන්නා සේම විනීත රියැදුරන් දිරිමත් කිරීමට වැඩපිළිවෙළක් තිබීමද අවශ්‍ය බවත් පෙන්වා දීමට කැමැත්තෙමු. හොඳ නීතිගරුක රියැදුරන් සංඛ්‍යාව ඉහළට ගැනීමට නම් එවැනි රුකුල් දීම තිබිය යුතුය. පෞද්ගලික බස් රියැදුරන් පාලනයට තීරණ ගන්නා බලධාරීන්ගේ සැලකිල්ල ඒ දෙසට යොමුවීමද අවශ්‍යය. 

දුම්රිය වැඩවර්ජනයක සාර්ථක අසාර්ථකභාවය රඳා පවතින්නේ දුම්රිය රියැදුරන්ගේ සහ නියාමකවරුන්ගේ සහභාගීත්වය මතය. මේ නිසා දුම්රිය සේවයේ වෙනත් අංශවලට වඩා රියැදුරන් සහ නියාමකවරුන් වැඩවර්ජනයට සූදානම් බවට අනතුරු අඟවද්දී ඕනෑම රජයක් ඒ ගැන වඩාත් විමසිලිමත් වීම සාධාරණය. එහෙත් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් හිටිවනම දුම්රිය ගමන් බිමන් නතර කර දැමීම පිළිගත නොහැක. වසර දහයකටත් එහා දිවෙන වැටුප් විෂමතා ගැටලු අද දවසේ වැඩවර්ජනවලට හේතුවීම අපේ රටේ පරිපාලනයේ සහ කළමනාකාරීත්වයේ විශාල හිඩැසක් පෙන්වා දීමකි. මේ වැටුප් විෂමතා ගැටලු සාධාරණ කාලයක් තුළදී විසඳීමට කිසිදු ආණ්ඩුවක් උත්සාහ ගෙන නැත. දුම්රිය සේවයේ පමණක් නොව වෙනත් රාජ්‍ය අංශවල ද තත්ත්වය එසේමය. බලයට පත්වන ආණ්ඩු තම තමන්ගේ මැති ඇමැතිවරුන්ට සියලු වරදාන, වරප්‍රසාද ලබාදීමට දක්වන පුදුම උනන්දුවෙන් සීයට දහයක් හෝ රාජ්‍ය අංශයේ වැටුප් සම්බන්ධ ගැටලු විසඳීමට වෙන් කරන්නේ නම් තත්ත්වය මීට වඩා යහපත් වනු ඇත. මෙවැනි ආකාරයේ වැඩවර්ජන තර්ජනවලට ජනතාවට මුහුණදීමට සිදුනොවනු ඇත. 

රටකට ඔරොත්තු නොදෙන තරම් වැඩවර්ජන තර්ජන එල්ලවීම ඒ රටේ පැවැත්මට කිසිසේත් යහපත් නොවේ. ආණ්ඩුව ද තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට කාලය යොදවන අතරේ රාජ්‍ය අංශ කළමනාකරණය පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට ද කාලය වෙන්කර ගැනීම මේ ප්‍රශ්න විසඳා ගැනීමේ එක් මාර්ගයකි. නැතහොත් ඉදිරි කාලයේ දී මේ වැඩවර්ජන තර්ජන ලෙඩේ මීටත් වඩා ඔඩු දිවීමට ඉඩ තිබේ.



අදහස් (0)

වැඩවර්ජන තර්ජන හැමදාම තිබිය යුතුද

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 90 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 65 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 497 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 247 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 140 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 180 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 79 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 420 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site