IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වැඩි වාසිය කාටද?

04-Page-20-BB

 

ලංකාවේ 08 වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන අගෝස්තු මස 17 වැනි දිනය. දේශපාලන පක්‍ෂ දැන් තියාම 225 න් වැඩි ඉඩක් තමන් වෙනුවෙන් වෙන් කරවා ගැනීම සඳහා වැඩ අල්ලමින් තිබෙන බවක්ද පෙනෙන්නට ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට පෙර මන්ත‍්‍රී ආසන 237 ක් වන මනාප ක‍්‍රමය අහෝසි කළ කේවල-අනුපාත ක‍්‍රම කැටිකොට ගත් විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන ලොකුවට සාකච්ඡා වුවත් එවැන්නක් සම්මත නොවූ බැවින් මීළඟ මහා ඡන්දය පවත්වන්නේ ද දැන් තිබෙන ඡන්ද ක‍්‍රමය අනුවය. ඒ අනුව අගෝස්තු 17 වැනිදාට පවත්වනු ඇත්තේ මන්ත‍්‍රීවරුන් 225 කින් සමන්විත පාර්ලිමේන්තුවකි.

 


ඒ කෙසේ වෙතත් මෙවර ඡන්දය පැති කීපයකින් තීරණාත්මක වනු ඇතැයි සිතිය හැකිය. ඉන් පළමුවැන්න වන්නේ ඉකුත් ජනවාරි 08 වැනි දින පැවැති ජනපතිවරණයේදී ප‍්‍රකාශිත වූ ජනවරම තවමත් එලෙසම පවතිනු ඇත්දැයි මැන ගැනීමට මෙමගින් හැකිවීමය. ඡන්ද ලක්‍ෂ 62 නියෝජනය කරන පාර්ශ්වයේ පිරිස් නිතර කී කතාවක් වූයේ පසුගිය ජනපතිවරණයේදී මෛත‍්‍රීට ලැබුණු මේ ඡන්ද ලක්‍ෂ 62 මීළඟ මහ ඡුන්දයේදී තවත් වැඩි වනු ඇති බවත් මහින්දගේ ඡන්ද ලක්‍ෂ 58න් ලක්‍ෂ විස්සක් තිහක් මේ වනවිටත් හැළී අවසන් බවත්ය.


හිටපු ජනපති මහින්දට ලැබුණු ඡන්ද ලක්‍ෂ 58 නියෝජනය කරන පිරිස් කියන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන් හංසයාට ඡන්දය දුන් ජනතාව මේ වනවිට කලකිරීමට පත්ව සිටින බවත්, එබැවින් එම ජනතාවගේ ඡන්ද ද මෙවර මහා ඡන්දයේදී මහින්දගේ ඡන්ද මල්ලට වැටෙනු ඇති බවත්ය. කාගේ ඡන්ද හැළී ඇතිද? කාගේ ඡන්ද වැඩි වනු ඇත්ද? ලබන අගෝස්තු 17 වැනිදාට මේ සියලූ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙනු ඇත.


මීළඟ කාරණය වන්නේ රජය පිහිටුවීමට කුමන පක්‍ෂයකට වැඩි අවස්ථාවක් තිබේද යන්නය. එජාපය මුල පටන්ම කීවේ එළැඹෙන මහා මැතිවරණයෙන් තම පක්‍ෂයට වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගත හැකි වුවත් තමන් තනි කොළ ආණ්ඩුවක් පිහිටුවන්නේ නැති බවත්, මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කරන බවත්ය. කෙසේ වෙතත් සන්ධානය කියන්නේ තමන් තනි ආණ්ඩුවක් පිහිටුවන බවය.


මැතිවරණයකට පෙර ප‍්‍රධාන පක්‍ෂ දෙක මොන කතා කීවත් වත්මන් ඡුන්ද ක‍්‍රමය යටතේ 1989 සිට 2004 දක්වා පැවැති මහා මැතිවරණ ප‍්‍රතිඵල ආශ‍්‍රයෙන් කිවහැකි කාරණය වන්නේ තනියෙන් ආණ්ඩු පිහිටුවීම සිතන තරම් පහසු නැති බවය. 1994 දී චන්‍ද්‍රිකා රැල්ලක් රට ඇතුළේ තිබියදීත් චන්ද්‍රිකාට පොදු පෙරමුණු රජය ගොඩදා ගැනීමට හැකි වූයේ එක් වැඩි ඡන්දයකිනි.


එම මහා මැතිවරණයේදී චන්‍ද්‍රිකාගේ නායකත්වයෙන් යුතු පොදු ජන එක්සත් පෙරමුණට ලබාගත හැකි වූයේ ආසන 105ක් පමණි. එජාපයට ආසන 94ක් හිමිවිණි. ඉන් අනතුරුව පැවැති 2000, 2001 හා 2004 මහා මැතිවරණවලදී ද එජාපයට හෝ ශ්‍රීලනිපයට තනි ආණ්ඩු පිහිටුවීමට හැකියාව නොලැබුණු අතර ඒ සෑම අවස්ථාවකදීම බිහිවූයේ ද සභාග ආණ්ඩුය. ඒ අනුව 2000 දී පැවැති මහා ඡන්දයේදී පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවුව ද ඔවුන්ට ලබාගත හැකි වූයේ ආසන 107ක් පමණි. එජාපයට ආසන 89ක් හිමි විය. යළි 2001 මහා මැතිවරණයේදී එජාපය බලයට පත්වුවද එම පක්‍ෂය ලබා ගත්තේ ආසන 109ක් පමණි. පොදු ජන එක්සත් පෙරමුණට ආසන 77ක් හිමි විය. 2004 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 105ක් හිමි වූ අතර එජාපයට ආසන 82ක් හිමි විණි. මේ සංඛ්‍යා දත්තවලින් පැහැදිලිව පෙනෙන කාරණයක් වන්නේ 2004 දක්වා පැවති මහා මැතිවරණවලදී බලයට පත්වූ කිසිදු ආණ්ඩුවකට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වී තිබෙන බවත්, එහිලා සුළු හා සුළු ජාතික පක්‍ෂ තීරණාත්මක වැඩ කොටසක් ඉටු කර තිබෙන බවත්ය. එම තත්ත්වය මෙවර මහ ඡුන්දයෙන් අනතුරුව නව රජයක් පිහිටුවීමේදී ද බොහෝ සෙයින් බලපාන්නට ඉඩ තිබේ.


මෙවර මහා ඡන්දයෙන් සුළු පක්‍ෂ මෙන්ම සුළු ජාතික පක්‍ෂ රැසක් එජාපයත් සමග තරග වැදීමට තීරණය කර තිබෙන නිසා ඊළඟ ආණ්ඩුව පිහිටුවීමේදී එජාපයට වැඩි වාසිසහගත තත්ත්වයක් උදාවීමේ වැඩි ඉඩ කඩක් තිබෙන බව පෙනෙන්නට තිබේ. උතුරු නැගෙනහිර බොහොමයක් දෙමළ මුස්ලිම් දේශපාලන පක්‍ෂවල මෙන්ම වතුකරයේ පක්‍ෂ රැසකම සහාය හිමිවන්නේ එජාපයටය. අනෙක් අතට පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීට වැටුණු ඡන්ද ලක්‍ෂ 62 අතර වැඩි ප‍්‍රමාණයක් තිබුණේ යූඇන්පී ඡන්දය. එයින් පෙනී යන්නේ එජාප ඡන්ද දායකයා සක‍්‍රීය වී තිබෙන බවය. එබැවින් මේ මහා ඡන්දයේදී එජාපයට පාර්ලිමේන්තුවේ සැලකිය යුතු ආසන ප‍්‍රමාණයක් දිනා ගැනීමට හැකි වෙතැයි උපකල්පනය කළ හැකිය. අනෙක් අතට දෙමළ සන්ධානය හැරුණු විට සෙසු ප‍්‍රධාන, දෙමළ, මුස්ලිම් පක්‍ෂ කොළ ආණ්ඩුවක් හැදීමට අතදෙනු ඇතැයි ද සිතිය හැකිය.


2015 ජනාධිපතිවරණයේදී ප‍්‍රකාශිත ජනමතය අනුව ශ්‍රීලනිපය ප‍්‍රමුඛ සන්ධානයට මෙවර මහා මැතිවරණයේදී තනි ආණ්ඩුවක් පිහිටුවීම සිතන තරම් පහසු නොවනු ඇත. එකක් 2010 මහා මැතිවරණය පවත්වන විට තිබුණා වැනි සුවිශේෂී දේශපාලනික තත්ත්වයක් මේ වන විට රට ඇතුළත නොවීමය. තව එකක් වන්නේ ඉකුත් ජනපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්‍ෂකයා පරාජයට පත්වීමය. එය එක් අතකින් ශ්‍රීලනිපය ලැබූ පරාජයක් හා සමානය. අනෙක් අතට මීට මාස හයකට ඉහතදී පරාජය වූ ශ්‍රීලනිපය ඒ පරාජයේ කැළැල් මකා දමන ආකාරයට කටයුතු කළාද යන්නද ප‍්‍රශ්නාර්ථයකි.


ජනපතිවරණ පරාජයෙන් පසු ශ්‍රීලනිපයේ දිගටම තිබුණේ බල අරගලය. කල්ලිවාදී ප‍්‍රවණතාවන්ය. මහින්දට සන්ධානයෙන් නාමයෝජනා සහ අගමැති අපේක්‍ෂකත්වය ලබාදීම සම්බන්ධව දරුණු කඹ ඇදිලිය.  


අනෙක් අතට ශ්‍රීලනිපය මෙවර මැතිවරණයෙන් ඉහළ ආසන ප‍්‍රමාණයක් දිනා ගන්නට ඔවුන් සමග හවුලේ ආණ්ඩු පිහිටුවීමට කුමන සුළු ජාතික පක්‍ෂ එක්වන්නේද යන්න සම්බන්ධයෙන් තිබෙන්නේද ප‍්‍රශ්නාර්ථයකි. මන්ද, දැනටමත් සුළු හා සුළු ජාතික පක්‍ෂ බොහොමයක් එජාපය සමග එක්ව තරග කිරීමට කැමැත්ත පළකර තිබෙන නිසාය. තවද සන්ධානයෙන් මහින්ද රාජපක්‍ෂ ඡුන්දයට ඉදිරිපත් වන්නේ නම් ශ්‍රීලනිපය ප‍්‍රමුඛ සන්ධානයට දෙමළ, මුස්ලිම් සුළු ජාතික පක්‍ෂවල සහාය කොහෙත්ම හිමිවන්නේද නැත.

m

 



අදහස් (0)

වැඩි වාසිය කාටද?

සංජීව Monday, 13 July 2015 10:51 AM

ඔය හිටපු ආණ්ඩු සේරම කලේ තමන්ගේ ගැන. වෙනසකට ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න. (ර)

:       0       0

සජිත් Friday, 10 July 2015 05:02 PM

අපි බලමුකෝ ජනතා මනාපය කාටද කියලා (නි)

:       0       0

ප්‍රීතිමාල් Saturday, 11 July 2015 06:41 AM

කතාව ඇත්ත.(නදී)

:       0       0

සුසන්ත Thursday, 16 July 2015 10:55 AM

කවුරු මොනවා කිවුවත් මහින්දලා නැවත මේ රට පාලනය කරන්නේ නැතිවෙයි. (නි)

:       0       0

මහින්ද ධර්මරත්න Sunday, 12 July 2015 12:45 AM

කොටියට කඩේ යමුද ? (නදී)

:       0       0

සුනිල් ප්‍රියන්ත Saturday, 18 July 2015 02:48 PM

ජනාධිපතිවෙලා කරන්න බැරි උන දේ දැන් මොනවා කරන්නද ? (නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 14 July 2015 06:34 AM

කවුරු දිනුවත් අගමැති වෙන්නේ මහින්ද. දිනන්න මන්ත්‍රීවරු සල්ලි වලට ගන්නවා. පාර්ලිමේන්තුවේ බලය අල්ලනවා.(හේ)

:       0       0

සම්පත් Monday, 20 July 2015 04:51 AM

බය වෙන්න දෙයක් නේ චමල් රාජපක්ෂ කිව්වා වගේ තාමත් දෙවියෝ අපේ ලංකාව දිහා බලනවා ,අයේ මේ රට කන්න අයට දෙවියෝ ඉඩ දෙන්නේ නේ.(ම)

:       0       0

කරුණාරත්න Friday, 10 July 2015 07:22 PM

දැන් ජනතාව රවටන්න බැහැ. ඔවුන් ඉතා බුද්ධිමත් (නි)

:       0       0

ආසිරි නුවන් කුමාර Sunday, 12 July 2015 01:38 AM

මහින්ද, රනිල් ද්විත්වය ලංකාවට කරපු දේවල් මොනවද කියා සිතා බලන්න (නදී)

:       0       0

රෝහන Saturday, 11 July 2015 09:03 AM

කට වාසී වුණත් වැඩක් නැහැ. මහින්ද සල්ලිවලින් පාර්ලිමේන්තු බලය අල්ලනවා. ජනතාවගේ විනාසයට රජ පවුල බලයට එනවා. (අ)

:       0       0

සමන්ත Saturday, 11 July 2015 09:09 AM

සියලු ජාතික බලවේග එක්වී රටේ පොදු හතුරා වන මහින්දව හඳුනා ගන්න ඕන , එහම නොව්නොත් ඔහු මේ රට දියුණු කරනවා සිකුරුයි. එම නිසා කොටියාටද ගරු කරමින්, බඩ ගැන සිතන ආණ්ඩුවක් හදන්න පෙළ ගැසෙමු ! බත් පතට ජයවේවා! (අ)

:       0       0

යහපාල Tuesday, 21 July 2015 09:07 AM

මෙන්න ප්‍රතිපලය එජනිස 104 එජාප 95 ජවිපෙ 6 ටිඑන්ඒ 10 අනෙකුත් 10. (ර)

:       0       0

නිශාන්ත Tuesday, 14 July 2015 12:56 PM

අලුත් ආණ්ඩුවක් පතමු! නැඟී සිටිය හැක එක්සත් වී බෙදී ගියොත් රට යයි සුන් වී.... (නි)

:       0       0

රාජා Monday, 13 July 2015 12:47 AM

මඩ එපා ඇත්ත පිළිගන්න. දින 160 මොකද උනේ ? (නදී)

:       0       0

මානි Monday, 13 July 2015 02:55 PM

රට නීතිගරුක සමාජයක් කර යන ගමනට කැමති නැති , තාම වහල් බැවින් මිදී නැති අය සිටිනු බව පෙනේ. අනේ මගේ රට කවද දියුණු වේවිද? (අ)

:       0       0

අජිත් Tuesday, 21 July 2015 01:14 PM

මහින්ද මතිදුට ජය වේවා. (අ)

:       0       0

ඉෂාන් Monday, 20 July 2015 10:38 AM

හැමවෙලාවේදීම උගත් අය පාර්ලිමේන්තුවට යවන්න. දැන්වත් රට ගැන හිතන්න. (ර)

:       0       0

උපේන්ද්‍ර Monday, 13 July 2015 04:06 PM

සිංහලයනි පිල් බෙදෙන්නේ නැතිව ජාතිය වෙනුවෙන් කතිරය ගසන්න. හැමවෙලාවේදීම සිංහලයින්ව උගත් අය පාර්ලිමේන්තුවට යවන්න. සිංහල වලට සලකන පක්ෂයට ඡන්දෙ දෙන්න. (බ)

:       0       0

රෝහණ Saturday, 11 July 2015 04:00 AM

කව්රු දිනුවත් අගමැති වෙන්නේ මහින්ද. දිනන්න මන්ත්‍රීවරු සල්ලි වලට ගන්නවා. පාර්ලිමේන්තුවේ බලය අල්ලනවා. ඊට පසු ජනාදිපතිතුමා එලවනවා. රට කනවා ලස්සනට පොළොන්නරු යුගය දෙවන වරටත් බිඳ වැටේ (නදී)

:       0       0

තිලක් Sunday, 12 July 2015 03:27 PM

මහින්දට ජයවේවා. කව්රු මොනවා කිවත් මහින්ද රටට කොච්චර දේවල් කරාද වෙන අය මොනවද කළේ ? (නදී)

:       0       0

චින්තක Monday, 13 July 2015 10:45 AM

මහීන්ද මැතිදුන්ට විශිෂ්ට ජයක් අත්වෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4055 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 487 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1102 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 96 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 185 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 243 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site