මේ රට යනු සිදු නොවිය යුතු බොහෝ දේ සිදුවෙමින් පවතින රටක් බවට පත්ව තිබේ. එය එක් අතකින් ආර්ථික අර්බුදයේ එක් අතුරු පලයක් විය හැකිය. ආර්ථික අර්බුදය මිනිස් අධ්‍යාත්මය සසල කරවමින් තිබේ. එම පරිසරය තුළ කිසිදු ක්ෂේත්‍රයකට තමන්ගේ ගරුත්වය ආරක්ෂා කර ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් අමුතු කම්පනයක් ඇතිකර ගත යුතු ද නැත.
අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ එක් ප්‍රවෘත්තියක සිරස්තලය වූයේ ‘නීතිඥයෝ පිරිසක් දෙනෝදාහක් ඉදිරියේ අම්බානකට නෙළලා’ යන්නය.
විශ්වාස කිරීමට අසීරු වුවද මෙම ප්‍රවෘත්තියට පාදකවී තිබෙන්නේ නිට්ටඹුව පොලිසියට නවක තරුණ නීතිඥයකු කළ පැමිණිල්ලකි. එම පැමිණිල්ලෙන් කියැවෙන්නේ නිට්ටඹුව මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන නීතිඥවරයකු අධිකරණයේ සිට කළගෙඩිහේනට කැඳවාගෙන ගොස් නීතිඥවරයකු, නීතිඥවරියන් ඇතුළු පස් දෙනකු විසින් දෙනෝදාහක් බලා සිටිය දී තමන්ට පහර දුන් බවය.
මෙම පැමිණිලිකාර නීතිඥයා කලක සිට ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක යටතේ සේවය කර ඇතැයි ද ඔවුන් දෙදෙනා පසුව වෙන්ව රාජකාරි කරමින් සිටිය දී දින කිහිපයක සිට ඔවුන් දෙදෙනා අතර පෞද්ගලික ආරවුලක් මත බහින්බස් වීමක් සිදුවී ඇතැයි ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. එදිනම දහවල් නීතිඥවරියන් දෙදෙනකු හා එක් නීතිඥවරියකගේ සැමියා කනිෂ්ඨ නීතිඥවරයාගේ නිවසට ගොස් ඔහුගේ පියාට ද තර්ජනය කර ඇති බව ද පැවසේ.
එදිනම සවස කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයේ රාජකාරි කරමින් සිටියදී වෙනත් අධිකරණයක සේවය කරන නීතිඥයකු පැමිණ ඔහුගේ කාරයේ කනිෂ්ඨ නීතිඥයා දමාගෙන ගොස් තිබේ. ඔහු යෑමට නොහැකි බව කියද්දී කැඳවාගෙන ගිය නීතිඥවරයා පහර කෑමට ලක් වූ කනිෂ්ඨ නීතිඥවරයාගේ පළමු ගුරුවරයා බව ද හෙළිවී තිබේ. කනිෂ්ඨ නීතිඥයා නිල කබාය පිටින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සමඟ කළගෙඩිහේන ප්‍රදේශයට ගමන් කර ඇතැයි ද අදාළ නීතිඥවරියගේ නිවස ආසන්නයේදී තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් හා එක්ව අතින් පයින් පහර දී තිබෙන බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
එම මෝටර් රථයෙන් පැමිණි පිරිස අතර ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය ඇතුළු නීතිඥවරියන් කීප දෙනකු ද එක් නීතිඥවරියකගේ සැමියා ද සිට ඇතැයි ද ඔවුන් පහර දෙන විට පහර නොදෙන ලෙසට බැගෑපත්ව කළ ආයාචනා ගණන් නොගත් බවද කනිෂ්ඨ නීතිඥවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය. ඔහු ජ්‍යෙෂ්ඨ නීතිඥවරියගේ නිවසට කැඳවාගෙන ගොස් සමාව ගන්නා ලෙස බලකර ඇතැයි ද බියට පත්ව සිටි ඔහු සමාව ගැනීමෙන් පසු තව දුරටත් පහර කෑමට ලක් වූ බවද පැමිණිලි කර ඇත. ජ්‍යෙෂ්ඨ නිතීඥවරියගේ පුතකු ද තමන්ට පහර දුන් බව ද ආපසු එමින් සිටිය දී නීතිඥවරියකගේ සැමියා යළිත් වතාවක් පහර දුන් බවද පැමිණිල්ලේ සඳහන්ය. කනිෂ්ඨ නීතිඥයා වතුපිටිවල රෝහලට ඇතුල්වී ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් සිද්ධිය පොලිසියට පැමිණිලි කර තිබේ.
බොහෝ ආසන්න මෑත කාලයේ දී සිංහල භාෂාවට අලුත් නාම පදයක් එක්විය. එම නාම පදය නම් ‘සිඟිති පාතාලය’ යන්නය. එම නාම පදය නිර්මාණය වූයේ අහේතුකව නොව සහේතුකවය. දැනට අප තුළ ඇති භීතිය වන්නේ සිඟිති පාතාලය මෙන්ම ‘‘නීතිඥ පාතාලය’’ යනුවෙන් ද නාම පදයක් එක්විය හැකි ද යන්නය.
නීතිඥයෝ යනු නීතිය පිළිබඳ දත් පිරිසක් වෙති. එහෙත් චණ්ඩි රැඟුම් ප්‍රදර්ශනය කර ඇති නීතිඥයන්, නීතිඥවරියන් මෙම සමාජය හමුවේ තබා ඇති ආදර්ශය කුමක්ද? ‘වැටත් නියරත් ගොයම් කානම් කාට කියම්ද ඒ දුක’ අපට අවසාන වශයෙන් ඇසීමට තිබෙන්නේ එම ප්‍රශ්නය වේ.
(***)
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වෘත්තියේ ගෞරවය රකින්න බැරි වෘත්තිකයන් සිටිය යුතුද?
Deepal Nirosh Thursday, 01 February 2024 08:49 PM
මේ නෝනා මහත්වරුන්ට මොන වෘත්තීය ගෞරවයක්ද? පසුම්බිය තර කර ගැනීම පමණයි අවශ්‍යතාව... පහුගිය කාලේ රටේ විරෝධතා පෙළින් පෙළ පැවතෙද්දී අත් අඩංගුවට ගත් සාමකාමී විරෝධතාකරුවන් වෙනුවෙන් නොමිලයේ පෙනි හිටියා, ඇප ලැබෙනකොට අධිකරණය ඉදිරිපිට පෙළ ගැහිලා තාලෙට අප්පි තාං තාං තාං... සන්දර්ශන කෙළවරක් නැහැ. ඒත් අද? ඇටිකෙහෙල් කෑ උගුඩුවෝත් වතුර තිබහක් දැනුණොත් කෑ ගහනවාලු...!