IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වතුපිටිවල රෝහලට ඉඩම් දුන්න දානපතිගේ පිළිරුව ඇඳිරි නීතිය වෙලාවේ ගලවපු බලවතා කවුද?


15_SLTK_P

15_SLTK_P_7

 

ලංකාවේ සම්භාවනීය පවුල් පෙළපත් අතර ඔබේසේකර පරම්පරාව එකකි. එක්තරා යුගයක ඔවුහු ලාංකීය දේශපාලනය ද ඔවුහු හැසිර වූහ. වංශවත් පවුල් අතර පැවති අවාහ විවාහ නිසා ඔබේසේකර පරම්පරාව අනෙක් සම්භාවනීය පවුල්වලද ඥාතීන් බවට පත්වූහ. බණ්ඩාරනායක හා ඔබේසේකරලා මේ ඉපැරණි ඥාතිත්වයේ කිට්ටුවන්තයෝ වන්නාහ.

බණ්ඩාරනායකලා පාරම්පරික වංශවතුන්ට අමතරව මෙරට දේශපාලනයෙහි දැවැන්ත පුරුක් වෙති. 


පාරම්පරික ඥාතීන් වූ බණ්ඩාරනායක සහ ඔබේසේකර පරම්පරා අතර වත්මන් සම්බන්ධය මේ ලිපියේ තරමක් ඉස්මතු වනු ඇත. ඊට වඩා ඔබේසේකර පරම්පරාවට අයත් මිල කළ නොහැකි ප‍්‍රතිමාවක් අත්තනගල්ල ආසනයේ වතුපිටිවල රෝහල අසලදී නැති විය. චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති සමයේ සිදු වූ මේ ඛේදවාචකය තවමත් ඔබේසේකර පරම්පරාවේ ළය දවමින් තිබෙයි. ඔවුහු තවමත් මේ ප‍්‍රතිමාව සොයති. නැති වුණේ කුමක්ද? නැති කිරීමේ අරමුණ කුමක්ද? ප‍්‍රභූ පවුලක ශෝකාන්තයක් ලියමු.


කොළඹ 07 ඔබේසේකර වලව්වේ වෙසෙන ෂොන්ටාල් හිරන්ති ද සේරම් මහත්මිය අපේ කතා බහට එකතු වෙයි. ඇය අත්තනගල්ල හිටපු මන්ත‍්‍රි මුදල් නියෝජ්‍ය ඇමැති හිටපු සෙනෙට් මන්තී‍්‍ර ජේම්ස් පීටර් ඔබේසේකර මහතාගේ සහ මීරිගම හිටපු මන්ත‍්‍රි, සෞඛ්‍ය ඇමතිනී ශිවා ඔබේසේකර මහත්මියගේ දියණිය වෙයි. එමෙන්ම ලක්පහන ආයතනයේ අධ්‍යක්‍ෂිකාව ද වෙයි.


ඉතිහාසයට කිඳා බැස්සොත් බණ්ඩාරනායක පවුල හා සියනෑව අතර නෑකම අවුරුදු හත් අට සීයකි. ඔබේසේකර පවුලද සියනෑවට පැරැුන්ණෝ වෙති. ඔවුන් සියනෑවට ආවේ ගාල්ල කතළුවෙනි. ඒ අනුව ඔබේසේකරලාගේ උපන් ගම් කතළුවට අයත්ය. 


ඔබේසේකර සහ බණ්ඩාරනායක පරම්පරා දෙක එකට මුසු වෙන්නේ සියවස් ගණනාවකට පෙරය. ගාල්ල කතළුවේ විසූ ඞී.බී.එෆ් ඔබේසේකර මහතා, සුසැනා ඩයස් බණ්ඩාරනායක මහත්මිය සමඟ විවාහ වීමෙන් පසු යුගදිවිය ඇරඹුණේ සියනෑවේ නොව කතළුවේය. සාමාන්‍යයෙන් බණ්ඩාරනායක පරම්පරාව සියනෑවේ අත්තනගල්ල මුල් ගම් බිම් වෙයි.


දෙගොල්ලගේ ඥාතිකම් එසේ ඇරඹුණත් ඔබේසේකර පරම්පරාව සියනෑවේ පදිංචියට යාමක් වුණේ නැත. එක්දාස් අටසීය - නවසීය අතර කාලේ ඔබේසේකර පරම්පරාව සියනෑවේ පදිංචියට යාම සිදු විණ. එයට හේතුව වූයේ එවකට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ ලංකාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියා වූ ජේ.පී. ඔබේසේකර (ජේම්ස් පීටර් ඔබේසේකර* මහතා බණ්ඩාරනායක පවුලේ කෙනෙක් විවාහ කර ගැනීමය. ඇය කොර්නේලියා හෙන්රියෙටා ඩයස් බණ්ඩාරනායක මහත්මියයි. මේ දෙදෙනා විවාහ වී පදිංචි වූයේ නිට්ටඹුව බටදොළ වලව්වේය. මෙම විවාහය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානව හිතවාදී එක් වීමක් විය. රන් රස සේ ගැලපුණක් විය. ධනවත්, ප‍්‍රභූ පවුලක් වුවද දුප්පතාගේ දුකද හදවතට දැනුණු පවුලකි. මේ කාලය වන විට ඔබේසේකර පරම්පරාව සතුව අක්කර 21,000ක් පමණ ඉඩම් තිබිණි. යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරේ සිට දකුණේ කතළුව දක්වා නන්දෙස ඉඩම් තිබිණි. සුඛෝපභෝගී ජීවිතයකට භාග්‍යය තිබුණත් මහා මෙරක් සේ දන් දීමට ඔබේසේකර පවුල පසුබට නොවිණි. 


සියනෑවේ විසූ කොර්නේලියා හෙන්රියෙටා බණ්ඩාරනායක මහත්මිය විවාහයෙන් පසු බණ්ඩාරනායක කෑල්ල ගැලවී ‘කොර්නේලියා හෙන්රියෙටා ඔබේසේකර නමින් ප‍්‍රකට වූවාය. ඇය වනාහි දොන් ක‍්‍රිස්ටෝෆර් හෙන්රිකස් ඩයස් බණ්ඩාරනායක (1845-1887) මහතාගේ දියණියයි. එකල ක‍්‍රිස්ටෝපර් බණ්ඩාරනායක මහතා ලංකා ආණ්ඩුකාර තැනගේ වාසල මහ මුදලි සහ නැගෙනහිර සියනෑ කෝරළයේ මහ මුදලි තනතුර හෙබවීය. ක‍්‍රිස්ටෝෆර් බණ්ඩාරනායකට දරුවන් පස් දෙනෙකි. ඒ අතරට සිටියේ එකම පිරිමි දරුවෙකි. ඔහු සොලමන් ඩයස් බණ්ඩාරනායක හෙවත් හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේ පියාය. ඒ අනුව සොලමන් ඩයස් යනු කොර්නේලියා හෙන්රියෙටාගේ අයියාය. එසේ ගත් විට බණ්ඩාරනායක හා ඔබේසේකර පවුල සමීප නෑකමක් මෙතැනදී ඇරඹෙයි.


හෙන්රියෙටා මහත්මියගේ සැමියා වූ ජේම්ස් පීටර් මහතා අශ්වයකු පිටින් වැටී හදිසියේ මිය ගියේය. මිය යන විට ඔවුන්ට දරුවන් හතර දෙනෙක් වූහ. තරුණ වියදීම හෙන්රියෙටා වැන්දඹුවක් වූවත් ඇය අසීමිත ධෛර්යයෙන් ජීවත් වූවාය. තමන් සතු ඉඩම්වලින් ව්‍යාපාර දියුණු කර ගත්තාය. ලැබෙන ආදායම් වලින් අත දිග හැර දනට පිනටද දුන්නාය.


තම පියා වූ ක‍්‍රිස්ටෝෆර් ඩයස් බණ්ඩාරනායක වෙනුවෙනුත්, සැමියා වූ ජේ.පී. ඔබේසේකර වෙනුවෙනුත් තමන් සතු ඉඩ කඩම් පවා දන් දුන්නාය. පරිත්‍යාග කළාය.
 

15_S

 

15_S01මේ කාලය වන විට ලංකාවේ තදබල ලෙස මැලේරියා වසංගතය පැතිර යමින් තිබිණි. ඒ වෙනුවෙන් හෙන්රියෙටා මැතිනිය සායන සාදවා පරිත්‍යාග කළාය. ගම්පහ ආයුර්වේද රෝහලක්ද කරවා පරිත්‍යාග කළාය. ඒවාට අමතරව වාරණ සහ අත්තනගල්ල රාජමහා විහාර ප‍්‍රතිසංස්කරණ සඳහාද බොහෝ උදවු උපකාර කළාය. වේයන්ගොඩ ශාන්ත මේරි විදුහල, වේයන්ගොඩ ශාන්ත මේරි පල්ලිය පවා ඇගේ ඉඩම්වල ඇගේ ධනපරිත්‍යාගයෙන් ඉදි වූ ඒවාය.
මේ කාලය වන විට කොර්නේලියා හෙන්රියෙටා ඔබේසේකර මහත්මියට සිතේ අලූත් අදහසක් ඉපැදිණි. 


‘‘මගේ පියාණන් වෙනුවෙන් රෝහලක් කරවා පරිත්‍යාග කළ යුතුයි...’’


ඇය තම අදහස දවසින් දවස ක‍්‍රියාවට නැගුවාය. තමන් සතු අක්කර පහක ඉඩමක අංගසම්පූර්ණ රෝහලක් ඉදි කළාය.


අද සියනෑවේ කාගේත් දුකට පිහිටවෙන වතුපිටිවල මහා රෝහල යනු මෙයයි. වතුපිටිවල රෝහල දැන් සියවසක් ගෙවමින් සිටියි. එදා රෝහල කරවූ හෙන්රියෙටා තමන්ගේ පියා වූ කි‍්‍රස්ටෝෆර් හෙන්රිකස් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමාගේ පිළිරුවක්ද රෝහලේ ස්ථාපනය කළාය. ඇයගේ එකම පරමාර්ථය වූයේ පියාට කරන උත්තම ගෞරවයක් හැටියට රෝහල කරවා පරිත්‍යාග කිරීමයි. රෝහලට ඇතුළුවන තැන තැන්පත් කරවීමට සිය පියාගේ පිළිරුවක් එංගලන්තයේදී සෑදුවාය. එය අගනා ලෝකඩ වලින් නිපදවූවකි. රෝහල කරවීමෙන් පසු ප‍්‍රතිකාර සඳහා කවුරුත් ආව ගියේ මහමුදලි තුමා සිහිපත් කොට පින් දෙමිනි. ඊටත් වඩා ඒ වන විට කොළඹx නුවර පාරේ තිබුණු එකම රෝහලද මෙය විය. තම පියා වෙනුවෙන් රෝහල කරවූ බැවින් වෙනත් අයගේ නම් රෝහලට නොයොදන්නැයි හෙන්රියේටා සිය ඔප්පුව මගින් රජයෙන් ආයාචනයක්ද කර තිබිණි. 


හෙන්රියෙටාගේ මරණින් පසු ඔබේසේකර පරම්පරාව මේ අය වතුපිටිවල රෝහලෙහි දියුණුවට බොහෝ දෑ සිදු කළහ.


මහමුදලි ජේ.පී. ඔබේසේකර මහතා රෝහලට ඉඩම් ගොඩනැගිලි පරිත්‍යාග කරවා දියුණුව පුළුල් මඟකට ගත්තේය. එතැනින් පසු කතාව ෂොන්ටාල් සේරම් මහත්මියගෙන් අසමු. 

 

3333


‘‘මහමුදලි ජේ.පී. ඔබේසේකර කියන්නේ මගේ සීයා. එතුමා රෝහල දියුණු අඩියකට ගෙනාවා. ජේ.පී. ඔබේසේකර තමයි ලංකාවේ අන්තිම මහ මුදලිතුමා. එතුමාට මහ මුදලිකම ලැබුණේ සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාගෙන්. සීයාට පසුව මගේ පියා (දේශමාන්‍ය සෙනෙට් මන්තී‍්‍ර ජේ.ජී. ඔබේසේකර* සහ මව (ශිවා ඔබේසේකර) දෙදෙනා රෝහලට තවත් අක්කර 10ක් පරිත්‍යාග කළා. මගේ මව (ශිවා ඔබේසේකර) 1965 - 1977 කාලෙ පාර්ලිමේන්තුව නියෝජනය කළා. ඇය සෞඛ්‍ය ඇමතිව සිටිද්දී වතුපිටිවල රෝහල මූලික රෝහලක් දක්වා අධි ශ්‍රේණි කළා. ඔබේසේකර පරම්පරාව වතුපිටිවල රෝහල බලාගත්තෙ එහෙමයි. එහෙම කරපු අපට තමයි මෙහෙම සැලකුවේ.


‘ඒ කිව්වේ..?’ මා ඇගේ කතාව අතරට යොමුවීමි.

‘කොර්නේලියා හෙන්රියෙටා ඔබේසේකර මැතිනිය පියා වෙනුවෙන් (ක‍්‍රිස්ටෝෆර් බණ්ඩාරනායක) හදපු ලෝහ ප‍්‍රතිමාව ඇදිරිනීතියත් තියෙද්දී හොරකම් කළේ. සාමාන්‍ය මිනිහෙක්ට මේවගෙ දෙයක් කරන්න පුළුවන්ද?

ඇය මගෙන් විමසයි.. 
‘ඔබ කියන්නෙ රාජ්‍ය බලය යෙදවුණා කියලද?’ මම විමසීමි.
‘ඔව්, අනිවාර්යයෙන්ම රාජ්‍ය බලය යෙදවූවා. ඒක ස්ථිරයි. 1999 දෙසැම්බර් 22 රෑ තමයි සිද්ධිය වුණේ. ඇඳිරිනීතිය තිබුණු දවසක්. එස්.යූ.වී රථයක් සහ සුදු වෑන් එකක් ඇවිත් ප‍්‍රතිමාව ගෝනියක දාගෙන ඇදගෙන ගිහින් තියෙනවා. 


‘හොඳයි.. ඔබ කියන හැටියට එදා රට පාලනය තිබුණෙ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය යටතේ. එතුමිය රටේ ජනාධිපතිනිය. ඔබ කියන හැටියට එතුමියට චෝදනාවක් එනවා.’ 


මේ කාලය වෙද්දී බණ්ඩාරනායකලා සහ ඔබේසේකරලා අතර ප‍්‍රශ්නයක් තිබුණද? මම අතුරු ප‍්‍රශ්නයක් යොමු කළෙමි.


‘නෑ අපි අතර එහෙම ලොකු ප‍්‍රශ්නත් නෑ. ලොකු හිත හොඳකමකුත් නෑ. කොහොමත් රෝහල පරිත්‍යාග කරද්දිම වෙන අයගෙ නම් ගම් දාන්න බෑ කියල වගේ නීති ඔප්පුවෙ තිබුණනෙ. මේ ඉතිහාසය වෙනස් කිරීමේ බලාපොරොත්තුව සමහර අයට තිබුණා. එතනදී අපේ ප‍්‍රතිමා ඉස්සරහ තියාගෙන ඔය වැඬේ කරන්න බෑනෙ. කතාවක් තියෙනවනෙ වම් අත දීපු දේ දකුණු අත දැනගන්න  ඕනැ නෑ කියලා. අපේ පරම්පරාව දුප්පත් ජනතාව වෙනුවෙන් දීපු දේවල් මේ මේ ඒවා කියලා කියන්න  ඕනෑ නෑ. (අක්කර 21,000ක් ඉඩම්වලින් දැන් තියෙන්නෙ අක්කර 50යි* නමුත් හෙන්රියේටා ඔබේසේකර මැතිනිය පරිත්‍යාග කරපු දේවල් වලින් සමරු ඵලක දැම්මේ-සිහිවටන පිහිටවූයේ ස්ථාන දෙකක විතරයි. එකක් සෙන්ට් මේරිස් පල්ලිය. අනික් තැන වතුපිටිවල රෝහල. මේ දෙකේම සමරු සිහිවටන දෙක චන්ද්‍රිකාගෙ කාලෙ ඉවත් කළා. ඒ ඇයි කියන්න අදටත් මට තේරෙන්නේ නෑ. මේක තරහවක්ද? පළිගැනීමක්ද? මොකක්ද? 


‘එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහත්තයා නැතිවෙද්දී එයාගෙ දරුවො පුංචියි. අපේ තාත්තා තමයි මේ දරුවන් අවු 18 වෙනකල් බලාගත්තෙ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දේශපාලනයට එන වෙලාවෙ අපේ තාත්තා අත්තනගල්ලෙ මන්ත‍්‍රී. බණ්ඩාරනායක මහත්තයාට පස්සෙ අත්තනගල්ල මන්ත‍්‍රී වුණේ මගේ තාත්තා. නමුත් මැතිනිට ආසනේ දීලා තාත්තා දේශපාලනයෙන් පැත්තකට වුණා. එහෙම සලකපු ඔබේසේකර අයට වුණු දේ! මිල කළ නොහැකි ප‍්‍රතිමාව අතුරුදන් වුණ මගේ මව (ශිවා ඔබේසේකර මැතිනිය) තුන්වරක් රහස් පොලිසියට මේ ගැන කිව්වා. මේක සොයන්න කියලා. අදටත් කිසිම තොරතුරක් නෑ.


ෂොන්ටාල් හිරන්ති ද සේරම් මැතිනිය නැවත මේ පිළිරුව සොයන සෙයකි.


‘මගේ එක ඉල්ලීමක් තියනවා. මේක නිකම්ම නිකං ප‍්‍රතිමාවකට එහා ගිය මිලක් කියන්න බැරි සමරු ප‍්‍රතිමාවක්. මේ වගෙ ප‍්‍රතිමා ලෝකෙ දෙකක් නෑ. එකයි තියෙන්නෙ. කෞතුක වස්තුවක්. මේ ගැන යම් තොරතුරක් දන්නා අයෙක් ඉන්නවා නම් කියන්න.’

 

15_SLTK_P_701
 


ඇය ගෞරවනීය, අහිංසක ඉල්ලීමක් කරයි. ප‍්‍රතිමාව නැති වී දශක එක හමාරකි. ප‍්‍රතිමාව ගැන තොරතුරු දන්නා අය මිහිපිට සිටිය හැකිය. දන්නා කෙනෙකුගේ තොරතුරු ඇයට වටී. ඉරිදා ලංකාදීපය හරහා තොරතුරු ලබා දීමට හැකියි. 

 

asanka-atigala



අදහස් (0)

වතුපිටිවල රෝහලට ඉඩම් දුන්න දානපතිගේ පිළිරුව ඇඳිරි නීතිය වෙලාවේ ගලවපු බලවතා කවුද?

රෝහණ‍ Friday, 21 November 2014 03:12 AM

බොහෝ දේ දැනගත්තා, ගොඩක් ස්තුතියි, ඉතිහාසය ගැන දැනුවත් කිරීම ගැන. (නි)

:       0       1

රිෂාන් Thursday, 20 November 2014 07:34 AM

වටින ලිපියක්. (ර)

:       0       0

අතුකෝරල Friday, 21 November 2014 06:33 AM

වැදගත් ලිපියක් ගොඩක් ස්තුතියි (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 20 November 2014 09:10 PM

හෝම් වර්සස් හෝම් මැච් ගහනකොට අපි කොහොමද හුරේ දාන්නේ.? නිකන් බලා ඉම්මු (නදී)

:       0       0

නිරුප පෙරේරා Tuesday, 25 November 2014 10:53 AM

නෑය... වේය ... මීයා..මේ තුනෙන් පරිස්සන් වෙන්න ඕනි .(හේ)

:       0       0

ලිහිණි Saturday, 22 November 2014 07:32 PM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

රත්නායක Wednesday, 26 November 2014 05:08 AM

පොදු විපක්ෂ කවලම් අලියාගේ වල්ගේ එල්ලිලා ඉන්න අර පරණ අත්තනගල්ලේ මැඩම්ගෙන් ඔය ප්‍රශ්නේ කවුරුහරි මාධ්‍යවේදියෙක් ඇහැව්වොත් හොඳයි නේද?? (ස)

:       0       0

ලියොන් ගුනවර්දන Monday, 24 November 2014 03:37 AM

මුළු රට වැසියන්ගේම කෞතුක වස්තුවක් වූ විසිපස් වසකට පෙර ප්‍රතිමා අභිරහස් ලෙස සොරාගත් මෙම ප්‍රතිමා 2ක සොයාදීමට අපේ රහස් පොලිසීය අසමත් වුනා නම් මෙය වහාම ඉන්ටෙර්පෝල් එකට භාර දිය යුතුය. (නදී)

:       0       0

සුමන මානන්දුව. Thursday, 20 November 2014 05:36 AM

වර්තමාන පාලකයන් මහජනතාවගේ මුදලින් හදන දේවලට ඒ අයගේ නම දානවා.(වැසිකිලිවලට හැර).(හේ)

:       0       0

විරාජ් Wednesday, 19 November 2014 08:39 PM

ඉතාම රසවත් ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1071 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4559 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 412 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1680 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site