IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වැදගත්කමේ අනුපිළිවෙල පටළවා ගැනීම


කෝවිඩ්-19 වෛරසයේ තවත් ගොදුරක් බවට හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාත් පත්විය. ඔහු සමරමින් ලොව නන් දෙසින් ශෝක පණිවුඩ ගලා ආවේය. ප්‍රකට නීතිවේදිනියක වන ගෞරි තවරාසා මහත්මිය සහ ජනාධිපති නීතිඥ ඩී.එස්. වීජේතුංග මහතා වෛරසය ආසාදනයව මරණයට පත්වීම ගෙවුණු සතියේ මෙරට නීති ක්ෂේත්‍රය කම්පනයට පත්කළ සිදුවීම් දෙකක් විය. වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන්නන් බහුතරය වසය අවුරුදු 60ට වැඩි අය වුවත්, ඔවුන් අතර තරුණ වියේ පසුවන්නෝද  වෙති. 36 වියැති ඉංග්‍රීසි උපකාරක පංති ගුරුවරයෙක් සහ ඔහුගේ 27 වියැති භාර්යාව ඔවුන් අතර වූහ.

මෙතෙක් වාර්තා වූ ලාබාලතම කෝවිඩ් මරණය ද, පසුගියදා වාර්තා වූ අතර, එසේ මරණයට පත්වූයේ කෝවිඩ්-19 ආසාදිත ගර්භණී මාතාවකගේ කුසයේ සිටි පස්මස් වියැති ළදරු කළලයකි.

කෝවිඩ් මරණවලින් බහුතරය වයස අවුරුදු 60කට ඉහළ පුද්ගලයින් යැයි හදුනාගැනීමත් සමගම වාගේ කෝවිඩ්-19 වසංගත තත්ත්වය මර්දනය කිරීම සදහා වන ජාතික මධ්‍යස්ථානය, දිවයින පුරා සිටින වයස්ගත ජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. නමුත්, එම වයස් කාණ්ඩයේ මෙතෙක් එන්නත ලබාගෙන නොමැති අඩුම වශයෙන් 4,60,000 ක පිරිසක් සිටින බව සැළය. මෙම ප්‍රමාණය තවත් වැඩි විය හැකි ය.

වැදගත්කමේ අනුපිළිවෙල අනුව ඉස්සරින්ම කළ යුතුව තිබුණේ එයයි. එහෙත් නොකළේද එයයි. මෙය වැදගත්කමේ අනුපිළිවෙල පටළවා ගැනීමකි.

රජයේ එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනුගමනය කළේ විවේචනාත්මක පිළිවෙතකි. ආරම්භයේදී සැළසුම් කර තිබූ ආකාරයට, එන්නත්කරණ වැඩපිළිවෙලේ දී, වයස අවුරුදු 60 ට ඉහළ වයස් කාණ්ඩයේ පසුවන පුරවැසියන්ට ප්‍රමුඛත්වය ලබා නොදුන්නේ මන්දැයි ඔවුහු විමසා සිටියහ. එහි කමිටු සාමාජිකයෙක් වන වෛද්‍ය හන්සමාල් වීරසූරිය මහතා මෙසේ අදහස් දැක්වූයේ ය.

“රජය ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයක් පනවා තිබෙන බව කීවත් අප නම් නියමාකාරයේ ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයක් පනවා තිබෙන බවක් දැක්කේ නැහැ. 2020 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තිබුණේ නියම ලොක්ඩවුන් කිරීමක්. ඒ නිසාම රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගන්නටත් ඒ හරහා සෞඛ්‍ය බලධාරීන්ට තත්ත්වය කළමණාකරනය කරගන්නටත් හැකි වුනා.”

“මැයි මාසයේ ක්‍රියාත්මක කරපු ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයෙන් එවැනි හොඳ ප්‍රතිඵල ලැබුණේ නැහැ, මොකද ඒක දැඩිව ක්‍රියාත්මක කෙරුනේ නැති නිසා. දැන් අපි සිව්වැනි රැල්ලටත් ඇවිල්ලා තියෙනවා. තිබෙන්නේ අතිශය අමාරු තත්ත්වයක්.එ හෙම වුනත්, මේක අනිත් පැත්තට හරවන්න පුලුවන්ය කියා අපි තවමත් විශ්වාස කරනවා”

“සංචරණ සීමා කිරීමෙන් පසුව, අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ කිරීමෙන් පවත්නා තත්ත්වය වඩා හොදින් අවබෝධ කරගෙන, ඒ අවබෝධයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හෝ නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට හෝ අවැසි පියවර ගත යුතුයි. කෙසේවුවත් සංචරණ සීමා කිරීමට අමතරව, රජය මේ දැන් ක්‍රියාත්මක වන ලොක්ඩවුන් ක්‍රියාමාර්ගය වත් දැඩිව ක්‍රියාත්මක කිරීමටත් පියවර ගත යුතුයි. රෝගීන්ව යොමු කිරීම හරහා එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වෛද්‍යවරුන්ට හැකියාව තිබෙනවා. නමුත් රජය ඉතා දැඩිව නීති පනවා ඒවා ක්‍රියාත්ම ක කිරීමත්, පොලිසිය සහ හමුදාව එක්ව සංචරණයන් සියයට 80්‍ර හෝ 90්‍ර මට්ටමකින් සීමා කිරීමට පියවර ගැනීමත් විය යුතුයි.”

“අපි තවමත් ප්‍රමාද නැහැ.මේ තියෙන තත්ත්වය හසුරුවා ගැනීමේ සමත් ශක්තිමත් මූලෝපායක් එක්ක අපි බලධාරීන් සියලුදෙනා එකතුවෙලා වැඩකළොත් මේක පරාජය කරන්න පුලුවන්. අපට සාර්ථක වන්නට පුලුවන් සියලු පාර්ශවයන්ගේ දායකත්වය මෙයට ලැබුනොතින් පමණයි” යයි වෛද්‍ය හන්සමාල් වීරසූරිය මහතා පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාද අදහස් දැක්වූයේ ය.

“නියමාකාරයෙන් ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයන් පැනවුවහොත්, රටේ ආර්ථිකයට පමණයි බලපෑම් එල්ල වන්නේ. ඒත් අද, රටේ ආර්ථිකය පමණක් නොවෙයි රටේ මානව සම්පතත් ඉන්නේ අනතුරක. මෙහෙම අනතුරු දෙකක් ඇතිවෙලා තියෙන්නේ හරි වෙලාවට හරි විදිහට ලොක්ඩවුන් ක්‍රියාමාර්ග පැනවූයේ නැති නිසා.”

“අද වුනත් පනවපු ලොක්ඩවුන් ක්‍රියාමාර්ගය හරියට පනවලා නැහැ. ජනතාව ඉන්නේ පාරේ. දැඩිව ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයක් පනවන්නය කියා සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටියත් එය නියමාකාරයෙන් සිදුවූයේ නැහැ. අවසානයේ මහනායක හිමිවරුන් ඉල්ලා සිටි නිසා රජය ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කළා. ඒ ඔවුන් මහානායක හිමිවරුන්ගේ අවවාදයට අනුව කටයුතු කළ බව පෙන්වන්නට. ඒත් ජනතාව ඉන්නේ පාරේ.”

“එන්නත්කරණ වැඩසටහන කඩිනම් කරන්නටත්, ඇඳන් සංඛ්‍යාව ඉහළ දමන්නටත් සහ ඔක්සිජන් සැපයුම සංවර්ධනය කරන්නටත් රජය පියවර ගෙන තිබුණත් ඒ උපාය අසාර්ථක උපායක් හැටියටයි අපි දකින්නේ. එන්නත් ලබාගත් පුද්ගලයින් පවා මරණයට පත්වූ අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම, දැනට ආසාදිතයන් වාර්තාවෙන ප්‍රමාණය සැළකිල්ලට ගැනීමේ දී, වසංගත තත්ත්වය පාලනය කර තිබෙන බවක් නම් කිසිසේත්ම පෙනෙන්නේ නැහැ” යයි ද රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් පැවසීය.

දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක් මැදිහත්ව මෙරටට ලබාදීමට සූදානම් කර තිබූ ස්වසන ආධාරක (රෙසිපිරේටර්) යන්ත්‍ර 200 ක්, ලබාගත නොහැකි වූ තත්ත්වක රජය සිටි බව ගෙවුණු සතියේ මෙම තීරුවෙන් අනාවරණය කැරිණ. එයට හේතුව වූයේ මෙම සංවිධානය ඇතුලු සංවිධාන 6ක් ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කර තිබූ තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුළත්ව තිබීමය. මේ සම්බන්ධයෙන් ගෙවුණු සතියේ සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් කළ අනාවරණය මෙසේ ය.

පළාත්වලින් වාර්තාවන කෝවිඩ්-19 ආසාදිත මරණ ප්‍රමාණය අවම කරගැනීම සදහා ස්වසන ආධාරක යන්ත්‍ර 200 ක් ආනයනය කරන්නැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියේ ද, යන්තම් ගෙවුණු සතියේය. මේ අරබයා, රටේ නිලධාරී පැළැන්තිය කටයුතු කළේ පහත ආකාරයටය.

රටේ, විශේෂයෙන්ම දුෂ්කර පළාත්වල පිහිටි රෝහල්වල, ස්වසන ආධාරක යන්ත්‍රවල සහ වෙන්ටිලේටර් යන්ත්‍රවල හ`ිගයක් පවතී. ඇතැම් ප්‍රධාන පෙලේ ශික්ෂණ රෝහල්වලද, තත්ත්වය එවැනිය. වෛරසය ආසාදනයවීම නිසා දෛනිකව රෝහල්වලට ඇතුළත්වන්නන්ගේ ප්‍රමාණය තවදුරටත් ඉහළ ගියහොත් ශ්‍රී ලංකාවේ රෝහල් සියල්ලම පාහේ ඒවායේ උපරිම ධාරිතාවයට ළගාවීම නොවැළැක්විය හැක්කකි.

ප්‍රමුඛ පෙලේ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක සාමාජිකයන් යුරෝපාකරයේ රටක සහාය ඇතිව ශ්‍රී ලංකාව වෙත ස්වසන ආධාරක යන්ත්‍ර 200ක් ප්‍රදානය කිරීමට කටයුතු සංවිධානය කරන්නේ මෙවන් පසුබිමකය. මෙම එක් යන්ත්‍රයක මිල ඩොලර් 13,000ක් වන අතර යන්ත්‍ර 200 ට මුලු පරිවැය ඩොලර් මිලියන 2.6 කට ආසන්නය. එම ස්වසන ආධාරක යන්ත්‍ර ලබාගැනීමට සහාය දැක්වූ රටම, හදිසි අවස්ථාවක සිදුකරන ආධාරයක් ලෙස සළකා ඒවා ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරදීමටත් කැමැත්තෙන් සිට ඇත.

දැන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත සහ කෝවිඩ් වසංගත තත්ත්වය පාලන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අවධානය මෙයට යොමුව ඇත. මේ සම්බන්ධයෙන් වහාම අවැසි පියවර ගන්නැයි ඇය එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ලියා දන්වා තිබේ.

වසංගතයේ පැතිරීම තවමත් අවසන්ව නොමැති බව ගෙවුණු සතියේ සිදුවීම්වලින් මනාව පැහැදිලි වේ. එය, දැනටමත් කඩා වැටෙමින් තිබෙන ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට කිසිසේත්ම සුභ පණිවුඩයක් නොවේ. බරපතලම කාරණය වන්නේ, දෛනිකව වාර්තා කෙරෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාව, සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අරබයා මහත් වියවුල් සහගත තත්ත්වයක් ඇතිව තිබීමය.

වැඩි පිරිසකට එම අගයන් ගැන විශ්වාසයක් නැත. මෙය රජයට තවත් අවාසි ගෙනදෙනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

 

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි

පරිවර්තනය  - කොවිද ගුණසේකර

 



අදහස් (0)

වැදගත්කමේ අනුපිළිවෙල පටළවා ගැනීම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 665 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 322 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 117 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4221 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12646 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 679 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site