IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


විදුදය පුදසුන - යතිවර සලකුණ

විද්‍යොදය, වත්මන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ පනස් හත්වන ගුණ සමරුව අදට (17)  යෙදේ. මෙම සටහන ඒ නිමිත්තෙනි.

“ගැඹුරු පාණ්ඩිත්‍යයටත් ඒ නිසා ඇතිවන දැඩි සංවරයටත් තමන් හදාළ විෂයයන් අඩු නැති ව දැනීම නිසා ඇතිවන ඍජු නො සැලෙන ගතියටත් උන්වහන්සේ ජීවමාන ප්‍රතිමූර්තියක් වූහ. සෝරත නාහිමියන්ගෙන් සකස් වුණු පොතපත හා ලියැවුණු නිබන්ධ සමූහය උන්වහන්සේගේ ගැඹුරු පාණ්ඩිත්‍යයට දෙස් දෙයි. භාෂාව හා සාහිත්‍යය පිළිබඳ ඇතැම් ප්‍රශ්න ගැන සෝරත නාහිමියන් ගත් මත දරුණු ලෙස විවේචනයට භාජන වුවත් උන්වහන්සේ ඒ මතවලට බැස ගත්තේ සෑහෙන තරම් ශාස්ත්‍රීය හේතු යුක්තීන් ඇතිව ය. මේ වියත් යතීන්ද්‍රයන් වහන්සේ තමන් මහත් ආයාසයෙන් ලබා ගත් දැනුම ලෝක සත්වයාට හිත වැඩ පිණිස නො මසුරුව බෙදා දුන්හ. මෙවැනි මහ පඬිරුවනකගේ පා සෙවණේ විද්‍යෝදය පිරිවෙණේදීත් පසුව එම විශ්වවිද්‍යාලයේදීත් ශාස්ත්‍ර හැදෑරීමට වර්තමාන පරපුරට අවස්ථාව ලැබීම ද මහත් ශාන්තියකි”

ඉහත සඳහන් අදහස ම විසින් උපුටා ගන්නා ලද්දේ “1963 ජූලි මස 18 වැනිදා බ්‍රහස්පතින්දා ලංකාදීප” පුවත්පත උන්වහන්සේගේ වියෝව වාර්තා කොට තිබූ ප්‍රවෘත්තියකිනි. පාණ්ඩිත්‍යය සමග කෙනෙකුගේ චරිතය සකස් විය යුතු ආකාරයත් එයින් ඇතිවන දැඩි සංවරයත් වැලිවිටියේ සෝරත නායක හිමියන්ගේ චරිතයෙන් එවක ජනතාව දුටු සැටි මෙයින් කියැවෙයි.

 ශ්‍රී ලාංකේය පිරිවෙන් පරිසරයේ ද භාරතයේ, කල්කටාවෙහි ශාස්ත්‍රීය ඇසුර ද නොමඳ ව ලැබූ උන්වහන්සේ විසින් උපයාගත් ප්‍රාචීන අධ්‍යාපනයෙහි ප්‍රතිඵලය වූයේ ශාස්ත්‍රීය වශයෙන් සංස්කරණය කොට විද්‍යාර්ථීන්ගේ පරිශීලනය සඳහා දායාද කරන ලද සම්භාව්‍ය සාහිත්‍ය කෘති සමූහය යි. අමාවතුර, බුත්සරණ, දහම් සරණ, සඟසරණ, සද්ධර්ම රත්නාකරය, දළදා සිරිත වැනි කෘතිවල සංස්කරණ සහ ඇතැම් කෘතිවලට සපයන ලද ගැටපද විවරණ සාහිත්‍ය පරිශීලනය සුඛාවබෝධයෙන් විඳ ගැන්මට මහඟු අත්වැලකි. මයුර, ගිරා, හංස, පරෙවි වැනි සන්දේශ කෘති මැනැවින් හදාරා උන්වහන්සේ විසින් ප්‍රශස්ත සංස්කරණ සකසනු ලැබිණි. සෝරත නාහිමියන්ගේ සංස්කරණවල කූටප්‍රාප්තිය නම් කව්සිළුමිණි කල්පලතා ව්‍යාඛ්‍යාවෙහි නිපැද්මැ යි.

මේ සියලු සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ සුඛාවබෝධයෙන් ස්පර්ශ කරන්නට අර්ථ සපයා ගන්නට අදත් අපට නොමසුරුව අත්වැල අල්ලා දෙනුයේ ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය යි. චිරන්තන සාහිත්‍ය සේවනයෙහි ලැදි කවර තරාතිරමක හෝ විද්‍යාර්ථියකුට මහසයුරක ගමන් කරන නෞකාවකට පහන් ටැඹක් මෙන් ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි ආලෝක ධාරාව පෙන්වන මග සුළුපටු නොවේ.

අද්‍යතනය හා සැසඳීමේ දී අප නාහිමියන් ජීවත් වූ සමය මුද්‍රණ කර්මාන්තය, ප්‍රවාහන සේවය, සන්නිවේදන ක්‍ෂේත්‍රය ආදියෙහි අවම පහසුකම් පැවැති යුගයෙකි. ඒ සියලු බාධා මැඩගෙන උන්වහන්සේ ශාස්ත්‍රීය සේවනයෙහි යෙදෙමින් ද විද්‍යෝදය - වත්මන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගොඩනගමින් ද කරන ලද මහත් සේවා දායකත්වය අපට සිහි කරවන්නේ අතීත තොටගමු ශාස්ත්‍රීය පරම්පරාව නියෝජනය කරන ලද ශ්‍රී රාහුල හිමියන්ගේ සේවාදායකත්වය යි.

වැලිවිටියේ ශ්‍රී සෝරත ස්වාමීන් වහන්සේගේ විද්‍යොදය සේවාප්‍රදානය සාකච්ඡා කළ යුතු විලාසය මෙසේ නොවන බව ඉඳුරා දනිතත් යම් මතු දිනෙක එය ඉතා ගැඹුරින් සාකච්ඡා කළ යුතු ය යන තිර අදිටනින් යුතු ව මීදෙනියේ විමලානන්ද හිමියන් විසින් අපගේ නායක ස්වාමීන්වහන්සේ පිළිබඳ  පබඳින ලද සමරු කවකින් මේ සරල සටහන නිමා කරනු කැමැත්තෙමි.


මී  තල මුදුන් මල් කළ කවි කුල         කැටියේ
ලෝ තුළ පතල වුණු යසසින්      නොකිලිටියේ
රා හු  ල නමින් තොටගමුවේ වැඩ         සිටියේ
මේ හෙළ මහා පඬි රුවන ද            වැලිවිටියේ

 

***
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
සිංහල සහ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ වැඩ බලන අංශ ප්‍රධාන ආචාර්ය
කුසුමලතා ලංකාමුල්ල

 



අදහස් (4)

විදුදය පුදසුන - යතිවර සලකුණ

ලසන්ත Saturday, 18 July 2020 01:23 PM

මේ මාහිමියන් වහන්සේගේ අපවත්වීම වෙනුවෙන් සියළු පාසැල්වලට දිනක නිවාඩුවක් දුන්නා.

:       0       1

Bamunuarachchi Sunday, 19 July 2020 12:56 PM

විද්යෝදය පිරිවෙණේ නිර්මාතෘවරයා අතිපූජ්‍ය සෝරත හිමිපාණන් වහන්සේ බව අවිවාදයෙන්ම පිළිගනිමි. එහෙත් විද්යෝදය විශ්ව විද්‍යාලයේ නිර්මාතෘවරයා S.W.R.D. බණ්ඩාරනායක මහත්මයා නේද? එතුමා එසේ නොකරන්න අදටත් පවතින්නේ විද්යෝදය පිරිවෙණ නේද? එය සඳහන් කිරීමට තරම් මොවුන් කුහක වන්නේ ඇයි?

:       16       2

samantha Tuesday, 21 July 2020 05:45 PM

වැලිවිටියේ සෝරත හිමිට කරන ගෞරවය වන්නේ උන්වහන්සේ බලාපොරොත්තු වූ පරිදි විශ්වවිද්‍යාලය හරහා රටට සේවය කිරීමයි. දේශපාලකයන් පසුපස නොගොස් ඔවුන් තමන් පසු පස ගෙන්වා ගැනීම උන්වහන්සේගේ ක්‍රමවේදය විය. නමුත් අනෙකා කපාගෙන සභාපතිකම් උපකුලපති කම් අධ්‍යක්ෂක කම් ලබා ගැනීමට කටයුතු කිරීම අද විශ්වවිද්‍යාලයේ පරමාදර්ශය වී තිබේ.

:       0       1

Sepala Wednesday, 22 July 2020 04:15 AM

බමුණු, දේශපාලකයෝන්ට ගොට්ට අල්ලනේ නැතිව ඉන්න අමාරුද.?

:       0       14

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 67 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1396 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 649 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 200 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4637 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12972 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site