IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාවකට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වී තිබිණි. එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මේ තීන්දුව මෙරට උසස් අධ්‍යාපනයේ ඉතා වැදගත් දූරදර්ශී තීන්දුවක් වශයෙන් සැලකිය හැකිය.

මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳ මාතෘකාව හැමදාමත් විවාදසම්පන්නය. උණුසුම්ය. පොදුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ශිෂ්‍ය සංගම් මගින් එය හඳුන්වාදී තිබුණේ ‘උපාධි කඩ’  පිහිටුවීමක් වශයෙනි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඉතාම ජනප්‍රිය සටන් පාඨයක් වුවත් එතැනින් ඔබ්බට ගොස් ලෝකයේ විශ්වවිද්‍යාල පද්ධතිවල නව ප්‍රවණතා පිළිබඳ කිසිදු හැදෑරීමකින් තොරව එහිම එල්බ ගෙන සිටීම අවාසනාවක් විය. එයට ප්‍රධානම හේතුව වූයේ විශ්වවිද්‍යාල සිසුන්ගේ එම සටන් පාඨයේ  ඇතැම්  දේශපාලන නායකයන්ද තදින්ම එල්ලී සිටීමයි. එය එම දේශපාලන පක්ෂවල නායකයෝ මෙරට විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවගේ ලේ උණුසුම් කරන සටන් පාඨයක් බවට පෙරළා ගත්හ. මේ හේතුවෙන් අදටත්  ඇතැම් පිරිස් පෞද්ගලික විශ්වවිද්‍යාල දකින්නේ රටේ නිදහස් අධ්‍යාපනයට එරෙහි කුමන්ත්‍රණයක් වශයෙනි.

මේ සියලු කතාවල ප්‍රතිඵලය වී ඇත්තේ අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළ සුදුසුකම් ලැබුවත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට වරම් නොලබන දක්ෂ සිසුන් රැසක් විදේශීය විශ්වවිද්‍යාල උපාධි ලබා ගැනීම සඳහා විදෙස් ගත වීමයි. ඒ සඳහා ඉතා විශාල මුදලක් වැය කෙරෙන අතර වාර්ෂිකව ඒ වෙනුවෙන් මෙරටින් කෝටි ගාණක මුදලක් එතෙරට ඇදී යයි. මෙරට ඇතැම් අඳබාල දේශපාලකයන්ගේ ඉතාම පටු ‘උපාධි කඩ’ ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ආර්ථිකයට සිදු වන විනාශය සුළුපටු නැත. තමන් සිදු කරන්නේ පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා විදෙස් විශ්වවිද්‍යාල පොහොසත් කිරීමක් බව මේ දේශපාලකයෝ පහසුවෙන්ම අමතක කර දමති.

පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ අදහස ක්‍රියාවට නැංවීමට උත්සාහ දැරීමේදී වඩාත්ම විරෝධයකට ලක්වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ තීන්දු ක්‍රියාත්මක කිරීමට බවද කැපීපෙනෙයි. ඒ සඳහා ශක්තිමත් පදනමක් තිබෙන බව අපිද පිළිගනිමු. ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය සම්බන්ධයෙනි. මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම දූරදර්ශී පියවරක් වශයෙන් සැලකුවත් ඒ සඳහා නියම ප්‍රමිතිය තිබිය යුතු බවට වගබලා ගැනීම රජයේ වගකීම වෙයි. සෙසු පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් වුවද ප්‍රමිතිය අංක එකට තිබිය යුතු  වුවත් වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන්  එය වඩාත් සුපරීක්ෂාකාරී ලෙස ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව කිව යුතුය. පිළිගත් ප්‍රමිතියෙන් තොර පෞද්ගලික විශ්වවිද්‍යාල නම් ‘උපාධි කඩ’ වශයෙන් හැඳින්වූවාට වරදක් නැත. රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් විරුද්ධ විය යුත්තේ එවැනි ‘උපාධි කඩ’වලට මිස නිසි ප්‍රමිතියට අනුකූලව ස්ථාපිත කෙරෙන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට නොවන බව අපගේ අදහසයි.

මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට ගනු ලැබූ අවස්ථා දෙකම අවසන් වූයේ ඒවා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේම කොටස් බවට පත්වීමෙනි. වර්තමානයේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වශයෙන් ආරම්භ කෙරුණු වෛද්‍ය විද්‍යාලය වූ අතර පසුව ස්ථාපිත කෙරුණු සයිටම් වෛද්‍ය  විද්‍යාලයද අවසානයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කෙරිණි.

මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය එකතැන පල් වියයුතු නැත. රාජ්‍ය විශ්වවිද්‍යාල ආරක්ෂා කර ගනිමින් රටේ බුද්ධිමත් සිසු දරුවන්ට එතෙර නොගොස් මෙරට තුළදීම උපාධි ලබා ගැනීමට තිබෙන අයිතිය ආරක්ෂා කරදිය යුතුය. ඒ අදිටනින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ප්‍රවේශයක් ලබාගැනීමේ යෝජනාව ඉතා කාලෝචිත සහ දූර්දර්ශී තීන්දුවක් බව කිව යුතුය. 

(***)



අදහස් (6)

වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි

nirmal Wednesday, 17 April 2024 07:56 AM

හෙදියන්ගේ හෙද උපාධියට විරුද්ධ වුණ, සම සෞඛ්‍ය වේදීන්ගේ උපාධියට විරුද්ධ වුණු වෛද්‍යවරු කොහොමද පුද්ගලික වෛද්‍ය උපාධියට විරුද්ධ වෙන්නේ... ලැජ්ජා නැද්ද? අනික වෛද්‍ය ශිෂ්‍යයෝ විශාල ලෙස බොරු කියමින් සමාජය නොමග යවමින් ඉන්නවා, පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල උසස් පෙළ අසමත් සිසුන්ට උපාධිය දෙනවා කියලා. ඇයි දන්නෙ නැද්ද? ඇමැති පවිත්‍රා සෞඛ්‍ය ඇමැතිවෙලා ඉද්දී ගැසට් එකක් ගැහුවා උසස් පෙළ 2C 1S අවම ප්‍රතිඵළ තියෙන කෙනෙකුට පමණයි. කොහෙන් වෛද්‍ය උපාධිය ගත්තත් ලංකාවේ වෛද්‍යවරයෙක් විදියට සේවය කරන්න පුළුවන් කියලා. ඒක රටේ නීතියක් කියලා දන්නේ නැද්ද? එහෙනම් ඇයි ඔච්චර බොරු කියමින් මඩ ප්‍රචාර යවන්නේ...? වෛද්‍ය ශිෂ්‍යයින්ට සහ අන්තරේට අනුව වෛද්‍ය පීඨයක් තියෙන පුද්ගලික වි.වි, උපාධි කඩ, අනික්වා පුද්ගලික වි වි... මේ බමුණු කුලය සහ අන්තරේ කියන පිලිලය මේ රටෙන් තුරන් කළ යුතුයි. සැමට අධ්‍යාපනය ලැබීමට අයිතිය තිබිය යුතුයි. පුද්ගලික රෝහල්, චැනල් සෙන්ටර් වලම රිංගන අය උපාධිය මුදලට දෙනවාට අකැමැති. වෙන කිසිම රටක මෙහෙම කෝලම් නෑ. අනික මෙයාලා ලංකාවේ නිදහස් සෞඛ්‍යය ගැන ඔච්චර වද වෙන්න ඕනි නෑනේ. බලන්න ඕනෑ සැත්කමක් වගේ කරන්න වෙනකොට ප්‍රයිවට්ම කරන්න තමා කතාව...

:       6       27

ජානකWednesday, 17 April 2024 10:21 PM

සහතික ඇත්ත. මම දකින විදියට ලොකෙම කුහකම පිරිස ලංකාවේ දොස්තරලා සහ සිසුන්...

:       0       8

gamini Wednesday, 17 April 2024 07:56 AM

පුද්ගලික වෛද්‍ය විද්‍යාල දැම්මා කියලා රජයේ වෛද්‍ය විද්‍යාල වහන්නේ නැහැ. බලෙන් එක්කන් ඇවිත් ගෙවන්න කියන්නේත් නෑ. සුදුසුකම් තියෙන සල්ලි තියෙන කෙනෙක් අවිත් ඉගෙන ගනියි. ඕනෑ නම් අරගෙන රට යයි. මෙයාලාට මොකද මෙච්චර අමාරුවක්. ආර්තිකය කඩන් වැටෙනකොටම පැදුරටත් නොකියා රට පැනපු අය දැන් පුදුම අමාරුවක් රට වැසියා ගැන ඇතිවෙලා. මේගොල්ලෝම නේද පහුගිය කාලේ දොස්තරලා යනවා... හෙට ඉඳන් කඩන් වැටෙනවා කිය කියා දැඟලුවේ...!

:       6       19

swene Friday, 19 April 2024 05:42 AM

GMOA ප්‍රමුඛව වෛද්‍ය සිසුන් පෞද්ගලික වෛද්‍ය උපාධි ධාරින් හැඳින්වූයේ ලෙඩුන් මරණ අය හැටියට. රටේ ජනතාවගේ බදු මුදලින් කෝටි ගණනක් රජයේ විශ්ව විද්‍යාලවල එක වෛද්‍ය සිසුවෙක් වෙනුවෙන් වියදම් කරනවා. අන්තිමට ඔවුන්ගෙන් බොහෝමයක් පිටරට යනවා. පිටරටින් අධ්‍යාපන ලැබූ අය මෙරට සේවය කිරීමේදී GMOA එකතුවෙලා ඔවුන් සේවයේ පහළම තැනට දමා සලකනවා. මානව හිමිකම් අබයකට මායිම් කරන්නේ නැහැ. ඒ වුණාට විදේශීය උපාධිධාරින්ට රජය කරන වියදම අවමයි. ඒ ගැන හරි හිතලා ඔවුන්ව නිසි ඇගයුමකට ලක් කරන්නේ නැහැ. අන්තිම කැත වැඩ GMOA සහ සෞඛ්‍ය පරිපාලනය කරනවා. හිටපු GMOA ලොක්කා පොහොර ප්‍රතිපත්තියටත් අත ගහලා රට වල පල්ලට යැව්වා.

:       0       8

kalindu Friday, 19 April 2024 03:11 PM

පොහොර විතරක් නෙවේ. GMOA එක අත දාපු ඔක්කොම ඔහොමයි. රටෙ වැටුප් ප්‍රතිපත්තිය හදන්න පාදෙණිය ප්‍රමුඛ GMOA එක අත දැම්මා. මුලු රටේම වැටුප් පරිමාණ වල ප්‍රශ්න. සුව සැරිය ගේන එකට ඔය වගේම විරුද්ධ වුණා. හැබැයි සුවසැරිය දැන් ලෝකෙම මුලින්ම ඉන්න සේවාවක්. පොහොර ප්‍රතිපත්තියට අත දැම්මා. රටම ඉවරයි. දොස්තරකමින් එහා කිසිම දෙයක් දන්නෙත් නෑ. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නෑ...

:       0       10

Asitha Thursday, 25 April 2024 09:06 AM

වැඩියෙන් පුද්ගලික විශ්ව විද්‍යාල තියෙන බටහිර රටවලින් එන දැනුමින් තමයි මුන් ඉගෙන ගන්නේ. මෙහේ කුහක කමින් නටනවා

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 81 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 43 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 25 0

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 37 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1332 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 1439 4

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 793 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 614 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1063 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site