IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


විදුලිබල මණ්ඩල පාඩුව ජනතාවගේ කරපිට දැමීම

කැබිනට් මණ්ඩලයේ තීරණය පරිදි ඇඹිලිපිටියේ ඒස් පවර් පෞද්ගලික බලාගාරය මිලදී නොගැනීමෙන් රජයට පාඩු සිදුවීමේ පුවත අප පුවත්පත පසුගිය දිනෙක වාර්තා කළේය.

විදුලිබල මණ්ඩලයේ කළමනාකරණ දුර්වලතා, අකාර්යක්ෂමතා, අක්‍රමිකතා හෝ හිතුවක්කාරකම් නිසා රජයට සිදුවන පාඩුව පාරිභෝගිකයන් වන අපගේ මුදල් පසුම්බියේ මුදල් ක්ෂය  වන තැනටම දිග්ගැස්සී ඇති බව අවසාන වරට විදුලි බිල වැඩි කිරීමේදී පැහැදිලිවම පෙනී ගියේය.

එය එතැනින් නො නැවතී සියයට 66 කින් ගාස්තු ඉහළ නැංවූ පසු විදුලි බිල ලෙස එන සංවේගදායක සංදේශය හෙට අනිද්දා අප අතට පත්වීමට නියමිතය. එම සෝචනීය  සංදේශය තුළ පාරිභෝගික වූ අපටත් රජයටත් වචනයෙන් නොකියා මුදලින් කියන්නා වූ ප්‍රබල පණිවිඩයක්ද ඇත. එම පණිවිඩය නම් මින් මතු ලංකා විදුලිබල මණ්ඩලයේ සෑම ගනුදෙනුවක්  කෙරෙහිම දැඩි විපරමෙන් පසුවිය යුතුය යන්නයි.

එසේ විපරමෙන් නොසිටියහොත් පාඩු වන්නේ රජයටයි. එහි අරුත එම පාඩුව අනෙක් අතට පාරිභෝගිකයා පිට පැටවෙන බවයි. ඇඹිලිපිටියේ ඒස් පවර් සමාගම සම්බන්ධ විදුලිබල මණ්ඩලයේ ගනුදෙනුවලට අදාළ ජාතික විගණන කාර්යාලයේ වාර්තාව ඊට කදිම සාක්ෂියකි.

බැර ඉන්ධන තෙල් වලින් ධාවනය වන ඒස් පවර් තාප බලාගාරය  ආරම්භ වූයේ 2005 වසරේ ය. මෙ.වො. 103ක ධාරිතාවෙන් යුතු මෙම බලාගාරය ඉදි වූයේ ආයෝජන මණ්ඩලයේ  ව්‍යාපෘතියක් ලෙසයි. ඇමරිකානු ඩොලර් මිලියන 60ක වියදමින් ඉදිකළ එහි සියයට 70 ක මූල ධනය යොදවන ලද්දේ ලබාගත් ණය මුදලකිනි. සමාගම යෙදූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 18 කි. රජයෙන් ඍජුව මූල ධනය යෙදවීමක් සිදුවූයේ නැත.

2005 සිට 2015 දක්වා දස වර්ෂයක් පුරා උත්පාදනය වන විදුලි ධාරිතාව මිලට ගැනීම සඳහා ලංවිම එම සමාගම  සමග ගිවිසුම් ගත විය. එම ගිවිසුම් කාලය නිම වූ පසු තාපබලාගාරය මිලදී ගැනීමේ කැබිනට් අනුමැතිය 2016දී ලංවිමට ලැබිණි. එහෙත් තාප බලාගාරය මිලදී ගැනීම වෙනුවට සිදුවූයේ 2016 අප්‍රේල් සිට  2022  සැප්තැම්බර් දක්වා ගිවිසුම දීර්ඝ කිරීමයි. බලාගාරය මිලට ගැනීම සඳහා 2016 රජයේ තක්සේරුව  රුපියල් බිලියන 2.37 වනවිට සමාගමේ තක්සේරුව රුපියල් බිලියන 2.4 ක් වූයේය. ජාතික විගණන කාර්යාලය පවසන්නේ ඒ වන විට එහි සැබෑ වටිනාකම රුපියල් බිලියන 4.17ක් වූ බවයි.

2005 සිට 2015 දක්වා ගනුදෙනුවෙන් සමාගම ලැබූ ශුද්ධ ලාභය (සියලු‍ වියදම් හැර) මූලික ප්‍රාග්ධනය වූ රුපියල් බිලියන 1.67 මෙන් සියයට 511 කි. (රුපියල් බිලියන 8.57 කි) සමාගම පළමු වසර දෙකෙන් පමණක් රුපියල් බිලියන 1.8 ක ශුද්ධ ලාභයක් ලැබුවේ යයි විගණන වාර්තාව කියයි.

සමාගම මේ සා විශාල ලාභයක් ලැබුවේ කෙසේද යන්න කෙරෙහි පාරිභෝගිකයන් වූ අපගේ අවධානය දැඩි ලෙස යොමු විය යුතුය. ගිවිසුම අනුව විදුලිය මිලදී ගැනීමේදී සියලු‍ම වියදම් පියවා ගත හැකි ගාස්තුවක් ලංවිම විසින් සමාගම වෙත ගිවිසුමෙන් පිරිනමා ඇත. ණය වාරිකය, ණය වියදම්,  ප්‍රාග්ධන වියදම්, රක්ෂණ වියදම්, පරිපාලන වියදම්, ස්ථාවර ගාස්තු නඩත්තු හා මෙහෙයුම් වියදම්, සියලු‍ පිරිවැය ලංවිම විදුලිය  මිලදී ගැනීමේදී ගෙවූ මුදලින් සමාගමට පියවා ගත හැකි විය. ඊට අමතරව  ඒස් පවර් ආයතනය විසින් ගෙවිය යුතු බදුද ගෙවීම ලංවිමට භාරවිය.  පෞද්ගලික සමාගමක් ගෙවිය යුතු බද්ද රජය විසින් ගෙවන්නට සිදුවීම අපූර්ව කාර්යයක් බව පාරිභෝගිකයකුට නොසිතේද?

කෙසේවුවද ගනුදෙනුව අවසානයේ බලාගාරය හිමි සමාගම මූල ධනය මෙන් සියයට 500 ගුණයක ලාභයක් ලබද්දී පාඩුව සිදුව ඇත්තේ රජයට හෙවත් අපටය. විදුලි ගාස්තුව ලෙස අප ඉදිරි කාලයේ දී ගෙවිය යුතු මිලට රජය ලැබූ පාඩු ඇතුළත් නොවේ යැයි කාට නම් සහතිකයක් දිය හැකිද?

රජයට සිදුවන පාඩුවේ හිලව්වට ලාබ ලබා ඇත්තේ කවුරුන් දැයි  මෙම විගණන වාර්තාවෙන් පැහැදිලිව හෙළි කර තිබේ. විදුලිබල මණ්ඩලය, රජයේ ප්‍රතිපත්තිවලට කැබිනට් තීරණවලට හා පොදුජන සුබසිද්ධියට අනුකූල නොවන අයුරින් ක්‍රියා කිරීම පිළිබඳ අවස්ථා ගණනාවක දී දෝෂදර්ශනයට ලක්වූ රාජ්‍ය ආයතනයකි.

රජයේ ප්‍රතිපත්තිවලට කැබිනට් මණ්ඩල තීරණවලට අනුකූලව ලංවිම කටයුතු නොකරන කල්හි, එවැනි  අවස්ථාවල රජයට හෙවත් පාරිභෝගිකයාට සිදුවන පාඩුව වෙනුවෙන් වගකියන්නෝ කවරහු ද? ඊට වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුමය.

(***)



අදහස් (3)

විදුලිබල මණ්ඩල පාඩුව ජනතාවගේ කරපිට දැමීම

de silva Thursday, 02 March 2023 07:10 PM

කිසිම නිලධාරියකු නීතිය හමුවට ගෙන එන්නේ නැහැ... ඕනෙ ඔට්ටුවක්... මොන ආණ්ඩුව ආවත් මේවා කෙරෙන්නේ නැහැ... හැමෝම කොමිස් ගහලා...

:       0       6

NAK Monday, 06 March 2023 09:31 AM

ඇමතිතුමාට විදුලිබිල වැඩි න‍ොකර මණ්ඩලය‍ේ පාඩු නවත්වා ගැනීමට න‍ොදන්න‍ේ නම් ඔහු තනතුරනේ ඉවත්ව දන්නා ‍ක‍ෙනෙක්ට ඉඩදීය යුතුයි...

:       0       1

cc Tuesday, 07 March 2023 01:02 PM

වසර 75 ක් රට පාලනය කළ හොර දූෂිතයින් සිටින තාක් මේ රටට සෙතක් නම් වන්නේ නැත. මොවුන් සාධාරණ සමාජයක් වෙනුවට හැදුවේ අතළොස්සක් වන හොරුන්ට හොර ව්‍යාපාරිකයන්ට. හොර රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාව ලද විට ගසා කෑ හැකි ආර්ථිකයකි... රටකි... මෙය වෙනස් කිරීමට සියළු ජනතාව පක්ෂ පාට භේදයකින් තොරව පෙළගැසිය යුතු කාලය එළඹ ඇත...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1153 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 7530 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 456 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 847 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 863 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 454 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site