IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


විදුලිය අර්බුදයේ ඇත්ත-නැත්ත

ලංවිම යනු හිස සිඳිනු ලැබූ සැවුලකු මෙන් ඉබාගාතේ එහෙ මෙහෙ දුවන පාලනයකින් තොර ආයතනයක් වෙතැයි යන කියමනට අවම මට්ටමෙන් විදුලිය පරිභෝජනය කරන අයකු ඇතුළු ඕනෑම නිරීක්‍ෂකයකු එකඟ වනු ඇත. කලක් අභිමානනීයව පැවති විදුලි අංශය දැන් ඇද වැටී තිබෙන ශෝචනීය පරිහානිය සලකා බැලූ විට මෙම කියමන අතිශය සාධාරණ වේ. මෙය කිසිම අයුරකින් හිටි හැටියේ ඇති වූ ගැටලුවක් නොවේ. කිසිම අයුරකින් කෝවිඩ් වසංගතය ඊට සමාවට කාරණයක් සේ සිතිය නොහැකිය.

ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ තද වියළි කාලගුණයක් පැවතීම විස්තර කොට කිව යුතු අමුතු කතාවක් නොව සාමාන්‍ය තත්ත්වයයි. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ විදුලි බලයට අදාළ ඒකාධිකාරිය උසුලන එකම රාජ්‍ය ආයතනය වූ විදුලිබල මණ්ඩලය මෙම යථාර්ථය නොසලකා හරින බව පෙනේ. කාලයක් තිස්සේ වාර්ෂිකව නිතිපතා මුහුණ දෙන මෙකී යථාර්ථය හඳුනාගෙන එම අපහසුතා සමනය කරන්නට ලංවිම කිසිවක් නොකර සිටියේය.

ඔවුන්ගේ සුපුරුදු පිළිතුර වූයේ, ආනයන කළ තෙල් උපයෝගී කරගෙන බලය උත්පාදනය කිරීමය. ඒ සඳහා වැයවෙන අධික මිල ඔවුහු නොතකා හැරියෝය.

අවස්ථා 15කදී හදිසි විදුලිය කපා හැරීම් කිරීමට ලංවිම බලාපොරොත්තු වූ බවත් ඉන් එක් අවස්ථාවක පමණක් එම ඉල්ලීම අනුමත කළ බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ප්‍රසිද්ධියේ නිවේදනය කළ විට මෙකී මානසිකත්වය හෙළිදරව් වූයේය. මෙසේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ගත් තීන්දුව නිවැරදි බව වාර්තා වූ අතර ඒ හේතුකොට ගෙන මෙරට ජනයා විදුලි කප්පාදුවකට මුහුණ නොපා ගැලවුණේය. ඔවුන් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් ඒ සමඟම දරුණු සැක පහළ වූයේය.

2021 දෙසැම්බර් දක්වා ඉහළ වර්ෂාපතනයක් ලැබුණ අතර පසුගිය වසරේ ඒ සඳහා කිසි කාර්යක් අලුතෙන් කෙරුණේ නැත. විදේශ විනිමය හිඟකම හේතුවෙන් තවදුරටත් විකල්ප බලශක්ති විසඳුම්වලට මේ වසරේ යා නොහැකි විය. මේ වසරේ තෙල්වලින් ධාවනය වන බලාගාර ටික දිනකට වසා දමන්නට ද සිදුවිය. එහෙත් නොකඩවා විදුලි සැපයුම් තහවුරු කර ගැනීමේ දී කිසිවක් කර කියා ගත නොහැකි වූ රජය විදේශ විනිමය හිඟය මධ්‍යයේ කලින් කළ ආකාරයටම ඉන්ධන මිල දී ගැනීම අනුමත කළේය.

 

හෙට දවසේ කුමක් සිදුවේද?

මේ පසුබිම මැද එකිනෙකාට දොස්නගා ගනිමින් ඇමැතිවරුන් රඟපාන නාටකය දෙස මුව අයා බලා සිටින ජනතාවට තෙල් ආනයනයට අවශ්‍ය ඩොලර් මුදාහැරීමේ ප්‍රශ්නයක් නැතැයි යනුවෙන් මහ බැංකුව කියනු ඇසේ. එහෙත් විදුලිය කපා හැරීම දිගටම සිදුවිය. තවත් කොතරම් විදුලිය කපා හැරීම් සිදුවේද යන්න දැනට ඇති ප්‍රශ්නයයි. වැඩ නැවතුණු නොරොච්චෝලේ බලාගාරයේ තුන් වැනි ඒකකය 28 වැනිදා නැවත බලගැන්වේ යයි බලාපොරොත්තු වුවද 30 වැනිදා වන විට ක්‍රියාත්මක වූයේ පැවැති ධාරිතාවෙන් භාගයක් පමණකි. එම බලාගාරයේ අතීතය මෙනෙහි කළ විට ඒකක තුනම කොතරම් කාලයක් ක්‍රියාත්මක වේදැයි සහතික කොට කිව නොහැකිය.

රාජ්‍ය ආයතනවලත්, පෞද්ගලික ආයතනවලත් විශාල ජෙනරේටර් තැබීමට නිරර්ථක උත්සාහ දරන ලදී. මෙම විශාල ජෙනරේටර්වලට අවශ්‍ය වන්නේ ද ආනයන කළ ඩීසල්මය. ඉන්ධන ප්‍රවාහනයට කිසිදු සීමාවක් පනවා නැති මෙවැනි තත්ත්වයක, හිඟ ඩීසල් තොග කුමන අංශයෙන් භාවිතයට ගනී ද යන්න බලනු වටී.

හිඟ විදේශ විනිමය කුමන කණ්ඩයකට වෙන් කරන්නේ ද යන්න කවුරුන් විසින් ඉදිරියේ දී තීරණය කරයි ද? විශේෂයෙන් සහල් ඇතුළු ආහාර ආනයනයට රජය මුල් තැන දේ යයි නිසැක වශයෙන්ම කිව හැක්කේ අසාර්ථක වූ මාස් කන්නයේ ඵලදාව හේතුවෙන් සහල් මිල දිනෙන් දින ඉහළ යතැයි පවතින බිය නිසාය. සහල් ආනයනයෙන් සහල් මිල ඉහළ යාම සමනය කර ගන්නට රජය බලාපොරොත්තු වේ. විදේශ විනිමය උපයනු ලබන කර්මාන්තවලට ද ප්‍රමුඛතාව හිමිවිය යුතුය.

මේ වියවුලට ලංවිම වගකිව යුතු බව එහි සභාපතිවරයා මෑතක දී නිල වශයෙන් ප්‍රකාශ කළේය.

තත්ත්වය සමනය කර ගැනීමට අනුගමනය කළ හැකි ක්‍ෂණික පියවර

නැවත විදුලි අර්බුද ගැන කියන්නේ නම් වියදම නොසලකා නොහරින ප්‍රායෝගික විසඳුම්වලට කඩිනමින් යොමු විය යුතුය. පාරිභෝගිකයන් ලවා විදුලිය පිරිමැස්මෙන් පරිහරණය කරවා ඉල්ලුම පාලනය කිරීම කෙරෙහි මෙතෙක් කිසිම අවධානයක් යොමු වී නැත. තමන්ගේ පරිභෝජන රටාව වෙනස් කිරීමට පියවර ගන්නා විශාල විදුලි පාරිභෝජකයන්ට තවදුරටත් දිරි දීමනා දිය හැකිය. ලංවිම ඇතුළු අදාළ බලධාරීන් මෙම විකල්පය කෙරේ නෙත් වසා සිටින අතර ජාතියේ යහ පැවැත්ම ගැන අවංකව සිතන මාධ්‍යයට මේ සඳහා වැදගත් කාර්ය භාරයක් ඉටුකළ හැකිය.

ආනයන ඉන්ධනවලින්ම ක්‍රියා කරන ජෙනරේටර් සොයා අමාත්‍යාංශයත් ලංවිමත් වෙහෙසෙද්දී නැවත පරිහරණයට ගන්නා බලශක්ති ව්‍යාපෘති මෙම කාර්යය කිරීමට සූදානම්ව පවතී. එහෙත් ඒවා ලංවිම ඉංජිනේරුවන් විසින් අවහිර කරනු ලබයි. ලංවිම ජ්‍යෙෂ්‍ඨ ඉංජිනේරුවකු ප්‍රසිද්ධියේ පවසා සිටියේ මේ වන විට පියසි මත සවිකර ඇති අවම වශයෙන් මෙ.වො. 20 සූර්ය බල ව්‍යාපෘති හිමියන් ජාතික පද්ධතියට එක් වීම සඳහා විදුලි ඉංජිනේරුවන්ගේ ත්‍යාගශීලි අවසරය ලැබෙන තුරු බලා සිටින බවයි. තවත් මෙ.වො. 60- 80 මේ ආකාරයේ ව්‍යාපෘති එම තත්ත්වයට පත් කිරීමට ගත විය යුතුව තිබුණේ සතියක් පමණි. එහෙත් ඒ සඳහා නියෝග දෙන්නේ කවුරුන්ද?

මෙරටේ පරිහරණය කරනු ලබන බලශක්තියෙන් සියයට 70ක් නැවත පරිහරණය කළ හැකි බලශක්ති බවට පත් කිරීමේ ජනාධිපතිවරයාගේ ඉලක්කයට යාමට ඇති ඉඩ හිතාමතාම නිලධාරින් අවුරාගෙන ඉන්නා බවට චෝදනා නගන ජනාධිපතිවරයාට තමා මේ රට භාරකරුවා බව පෙන්වමින් ඔවුන්ට කස පහර දෙන්නට ධෛර්යය තිබේද?

විසඳුමක් නොදී දොස් කීමේ සෙල්ලම

මේ අතර මෙම අවුලට වගකිව යුතු එන එන ආණ්ඩු නොමග යැවූ විවිධ විශේෂඥයන් නැවත වරක් සුපුරුදු පරිදි කියා සිටින්නේ එකම විසඳුම ගල් අඟුරු බලශක්තිය බවයි. ලංවිම සිය දීර්ඝ කාලීන විදුලි උත්පාදන සැලසුමට ඇතුළත් කොට යෝජනා කර තිබූ ව්‍යාපෘති ඉදිරියට කරගෙන නොයාම ගැන දොස් කිව යුත්තේ එම ආණ්ඩුවලට බව ද ඔවුහු කියති. ඔවුන් විශේෂයෙන් ගෙනහැර පාන්නේ සාම්පූර් බලාගාරයේ උදාහරණයයි. මෙම විශේෂඥයන් මෙන්ම ලංවිම ඉංජිනේරුවන් ද සාම්පූර් බලාගාරය අවලංගු කිරීමට පසුබිම් වූ කරුණු නොසලකා හැරීම කනගාටුවට කරුණකි.

සාම්පූර් ව්‍යාපෘතිය අත්හිටුවීමට හේතු වූයේ එය ව්‍යාජ පරිසර බලපෑම් (EIA) පිළිබඳ වාර්තාවක් පදනම් කොට සැලසුම් කර තිබුණු බැවිනි. එම වාර්තාව පරිසර හිතකාමී පිරිස් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලදී. එය අත්හිටුවන්නට සිදු වූයේ එකී හේතුව නිසා මිස, ලංවිම ඉංජිනේරුවන් පවසන ආකාරයට නැවත පරිහරණයට ගත හැකි බලශක්තිය අංශය නිසා නොවේ. මේ හේතුව මත, නැවත පරිහරණයට ගැනීමේ සියලු බලශක්ති ව්‍යාපෘති අවුරාලීමේ සාමූහික උත්සාහය 2016 පටන් ආරම්භ කළ පියසි මත සූර්ය බල ව්‍යාපෘති හැර අන් සියල්ල සම්බන්ධයෙන් සාර්ථක විය.

කෙසේ වුවද මේ ආකාරයෙන් කාරණා වෙනස් වීම රටේ අස්වැසිල්ලකට හේතුවේ. සාම්පූර් බලාගාරය ඉදි කළේ නම් සිදුවන දෑ සලකා බලමු. එය ක්‍රියාත්මක විය යුතුව තිබුණේ 2021 වසරේය. එසේ වූයේ නම් ශ්‍රී ලංකාවේ උත්පාදන බලශක්තියෙන් ගල් අඟුරු මත යැපීම සියයට 35කින් නතර වන්නේ නැත.

එවිට බලශක්ති උත්පාදනයෙන් ගල් අඟුරු මත යැපීම සියයට 50ක් දක්වා ඉහළ යන අතර එක් ඒකකයක් සඳහා රු. 30 (අද පවතින මිල අනුව) බැගින් දරන්නට සිදුවේ. අනාගතයේ දී එම වියදම කොතරම් ඉහළ යා දෝයි කිව නොහැකිය. ජනාධිපතිවරයාගේ නැවත පරිහරණයට ගැනීමේ බලශක්ති ඉලක්කය තවදුරටත් පහළ දැමීමට ලංවිම බලපෑම් කළේය. පසුගිය ආණ්ඩුවේ ඉලක්කය වූ සියයට 50 තරමටම ඔවුන් එම ඉලක්කය පහත දමන්නට ඉඩ තිබිණි. බලශක්ති සංයෝජනය පෙන්නුම් කෙරෙන වගුවෙන් පෙනී යන්නේ සියයට 70 නැවත පරිහරණය කළ හැකි බලශක්ති ඉලක්කයට යෑම කෙසේ වෙතත් ෆොසිල ඉන්ධන දහනයෙන් ලබන බලශක්තිය සියයට 72 දක්වා ඉහළ ප්‍රතිශතයකට පවතින බවයි.

මාධ්‍යවේදීන්, නොමග යවන සුළු ව්‍යාපාර වෙතින් ව්‍යාජ තොරතුරු ග්‍රහණය කර පළ කිරීමට පෙර සැබෑ තත්ත්වය දැනගැනීමට උනන්දු විය යුතුය.

ලංවිම ඉංජිනේරුවන්ගේ විරෝධතා මධ්‍යයේ ක්‍රියාත්මක කරනු ලැබූ මෙ.වො. 470ක පියසි මත සූර්ය බලශක්ති ව්‍යාපෘති ස්ථාපනය සිදු නොවී නම් ශ්‍රී ලංකාවට දිවා කාලයේ විදුලි කපා හැරීමකට ද මුහුණ දෙන්නට සිදුවන බව ප්‍රසිද්ධියේ කියන්නට තරම් එක් ජ්‍යෙෂ්ඨ ලංවිම ඉංජිනේරුවෙක් අවංක වූයේය.

කියා සිටි පරිදි නුදුරු කාලයේ දීම නොරොච්චෝලේ බලාගාරයෙන් ඒකකයක් රු. 10ටත් අඩුවෙන් විදුලිය නිපදවන බව විශ්වාස කරන්නට අපි පෙළඹුණෙමු. ලංවිම, මහජන උපයෝගිතා කොමිෂන් සභාවට 2017 දී දෙසැම්බරයේ ඉදිරිපත් කළ තොරතුරු අනුව ද ඒකකයක මිල වූයේ (ප්‍රාග්ධන වියදම් ඇතුළත් නොකොට) රු. 14.52කි. පසුව විස්තර කළ පරිදි මෙම වියදම රු. 24 දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ. මෑතක දී ගල් අඟුරු මිල ඉහළ යාමත් රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහත වැටීමත් සමඟ මෙම තත්ත්වය උදා වී තිබේ.

 

අවම වශයෙන් ඊළඟ අවුරුද්දටවත් සූදානම් වෙමු

උත්පාදනය සඳහා අධික මිලක් ගෙවා හෝ මේ වසරේ විදුලිය කිසිසේත් බලාපොරොත්තු නොවිය හැකි අතර, මේ අංශය පාලනය උදෙසා අල්පමාත්‍රයෙන් සාමාන්‍ය දැනුමක් යොදවා ඊළඟ අවුරුද්දේ දැරිය හැකි මිලකට විදුලි සැපයුම ස්ථාවරව තබා ගැනීමට හැකි පිළිවෙළක් ගැන කල්පනා කළ යුතුය.

පසුගිය දශක දෙකක පමණ කාලයේ ලංවිම පාඩුව රුපියල් ට්‍රිලියනය දක්වා වැඩි වී තිබේ. 2011-2016 කාලය තුළ පමණක් ලංවිම ලැබූ පාඩුව රු. බිලියන 595ක් බව 2022 ජනවාරි 20 දින පුවත්පතක වාර්තා විය. මෙම පාඩුව පාරිභෝගිකයන් ගෙවන මාසික බිල් පත්‍රයේ පිළිබිඹු නොවෙතත් උසුලාගෙන යන්නේ පාරිභෝගිකයන්මය. මෑතක දී පැවැත් වූ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක දී මෙම යථාර්ථය ප්‍රසිද්ධියේ කියා සිටින්නට තරම් ලංවිම සභාපතිවරයා කාරුණික වූයේය.

අතලොස්සක් වූ ඉංජිනේරුවන් හා ඔවුන්ගේ උපදේශකයන් විදුලිය අවහිර කරන්නට කරන විවෘත තර්ජන හේතුවෙන් මේ පිළිවෙත දිගටම පවත්වාගෙන යන්නට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අයිතියක් නැත.

විශේෂයෙන් නැවත පරිහරණය කරන බලශක්ති මූලාශ්‍ර ඇතුළු සියලු විකල්ප අවුරාලමින් මේ පසුබිම යටතේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය දිනපතා තෙල් භාවිතය, සදාකාලිකව පවත්වා ගන්නට උත්සාහ දරමින් සිටී. මෙතරම් පාඩු විඳින්නට සිදුව ඇත්තේ ප්‍රධාන වශයෙන් තෙල් ඉන්ධනවලින් බලශක්ති උත්පාදනය කිරීම නිසාය.

ඒ අතරතුර ගෙවන ගාස්තුව සියයට 5කින් අඩු කිරීමට දායක වන අංකුර අවධියේ පැවති නැවත පරිහරණය කරන බලශක්ති කර්මාන්තය විනාශ කර දමන්නට සාමූහික උත්සායක යෙදුණේ තෙල් ඉන්ධන පදනම් කරගත් අධික වියදම් යන බලශක්ති භාවිතය ඉවත්කර වියදම් අවම කර ගැනීමේ කිසිදු උත්සාහයක් නොදරමිනි.

වසරින් වසර තව තවත් ගල් අඟුරු බලශක්ති භාවිතය වැඩි කළේ මිල අඩු විදුලි බලය සම්පාදනය කරන බවට බොල් තර්ක ඉදිරිපත් කරමිනි. අවසානයේ මේ තර්කවල ව්‍යාජ බව හඳුනාගත් ජනාධිපතිවරයා ඒවා තදින්ම ප්‍රතික්ෂේප කොට 2030 දී ශ්‍රී ලංකාව සියයට 70 කින් නැවත පරිහරණය කරන බලශක්තීන්ට යොමුවිය යුතුය යන ඉලක්කය කෙරේ සැලකිලිමත් වූයේය. එය 2050 දී කාබන් නිකුතුව (ශුන්‍ය) බින්දුව කරා ගෙන ඒමේ ගෝලීය ඉලක්කය කරා කැපවීමේ පළමු පියවරයි.

එහෙත් වර්තමාන මූල්‍ය හා බලශක්ති අර්බුදය හට ගෙන ඇත්තේ දුර දැක්මකින් තොරව ෆොසිල ඉන්ධනවලට අතාර්කික ලෙස වාල්වීම නිසාය. විවිධ ලංවිම විදුලි ඉංජිනේරුවන්ටත් ඉහළ තැන්වල වැජඹෙන උපදේශකයන්ටත් මෙකී සත්‍ය වැටහීමට තරම් අවම නුවණක් නොතිබීම අවාසනාවකි.

මේ නිසා මේ අංශයේ පාලනය කිරීමේ යථාර්ථය තේරුම් ගත් දුර දක්නා සැලැස්මක් අනුව සකස් කිරීමේ අවශ්‍යතාව පැනනගී. ලංවිම සහ බලශක්ති අමාත්‍යාංශය වසර ගණනාවක් පුරා මෙම කාර්යභාරය ඉටු කිරීමේ දී අසමත්ව තිබේ. මෙකී අවුල නිර්මාණය කළ විශේෂඥයන්ටම මෙම අංශයේ පාලනය සියතට ගැනීමේ අවශ්‍යතාව ඇතිවී තිබේ. බලශක්ති අංශය විදුලි බලයට පමණක් සීමා නොවන බවත් ඊට සාකල්‍යවාදී දැක්මක් සහ ලෝ පුරා මතුවන ප්‍රවණතා හඳුනා ගැනීමටත් ඒ සමග ශ්‍රී ලංකාවේ බහුලව පවත්නා නැවත පරිහරණය කළ හැකි බලශක්ති මූලාශ්‍ර හඳුනා ගැනීමටත් දැන් කාලය පැමිණ තිබේ. භෞතික හා මානව යන බලශක්ති මූලාශ්‍ර දෙකම ඊට අයත් වේ.

එහෙත් විදුලි අංශයේ කෙටි කාලීනව පවත්නා විකල්ප හා කඩිනමින් දියයුතු විසඳුම් හඳුනාගෙන මෑතක දී නැවත පරිහරණය කරන බලශක්ති වර්ධකයන්ගේ සංගමය මෑතක දී හෙළි කළ තොරතුරු කිහිපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. මේ සමග ඇති වගු සටහන් ඔවුන්ගේ කතාව කෙටියෙන් පවසන අතර ඒවා විස්තර කිරීම අවශ්‍ය නොවේ.

 

• වර්තමානයේ පවතින බලශක්ති ඉල්ලුම සපුරාලන්නට ලංවිම සතුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා බලාගාර තිබේ.

• එහෙත් ඔවුනට තෙල් හෝ ගල් අඟුරු මිල දී ගන්නට ඩොලර් නැත.

• ඊට විසඳුම අපේම වූ නැවත පරිහරණය කළ හැකි බලශක්ති ප්‍රයෝජනයට ගැනීමයි.

• ශ්‍රී ලංකාවේ බහුල ලෙස සූර්ය බලය සුළං හා ජල බලය හා ජීව ස්කන්ධ පවතී.

• එම බලාගාර උදෙසා ඩොලර් අවශ්‍ය නොවේ.

 

ඉදිරි මග

• විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය කැබිනට් තීරණයක් මගින් ගාස්තු තීරණය කිරීමේ කමිටුවක් මෙ.වො. 10 දක්වා වූ සාම්ප්‍රදායික නොවන නැවත පරිහරණය කළ හැකි බලශක්ති (NCRE) ව්‍යාපෘති ශක්තිමත් කිරීම සඳහා පත්කර තිබේ.

• වර්තමාන රජයේ ප්‍රතිපත්ති අනුව ශ්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරි පනත යටතේ පැවරෙන බලය පිළිබිඹු වන තර්කානුකූල ගාස්තු ක්‍රමයක් ගොඩගැනීමට කමිටුව බලාපොරොත්තු වේ.

• මෙම තර්කානුකූල හා උපයෝගී කර ගත හැකි ගාස්තු ප්‍රසිද්ධියට පත් කළ විට තවත් සූර්ය බල, සුළං හා ජීව ස්කන්ධ බලාගාර ඊළඟ අවුරුදු දෙක තුළ පද්ධතියට එකතු කළ හැකි වේ.

• ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට අදාළ පනත යටතේ නව ව්‍යාපෘති අනුමත කිරීම සඳහා පහසුකම් සපයන මාර්ගෝපදේශ සහිත ගැසට් නිවේදන නිකුත් කර ඇත.

 

මීළඟ වසර දෙක ඇතුළත සාම්ප්‍රදායික නොවන නැවත පරිහරණය කළ හැකි බලශක්ති ඔස්සේ මෙ.වො. 1000 ක් පද්ධතියට එක් කිරීම උදෙසා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට විදුලිබල හා බල ශක්ති අමාත්‍යාංශය නැවත පරිහරණය කළ හැකි බලශක්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය ලංවිම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ මහජන උපයෝගිතා කොමිසම අත්වැල් බැඳගත යුතුය.

 

(***)
2022/2/15 දා Daily FT හි පළවූ
Sri Lanka Electricity Sector
The Headless Chicken
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ

 



අදහස් (0)

විදුලිය අර්බුදයේ ඇත්ත-නැත්ත

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3070 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12234 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 564 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 939 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1017 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 495 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site