IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


විදුලිය යායුතු මාර්ගය

ශ්‍රී ලංකාවේ විදුලිය උත්පාදනය, බෙදාහැරීම හා අලෙවිය සම්බන්ධයෙන් තරඟකාරීත්වයක් නිර්මාණය කළ යුතු කාලයකි. පාරිභෝගිකයා තෘප්තිමත් කරන සේවා සැපැයුමක් රටට අවශ්‍යය. විදුලිය සඳහා වැඩිම ගාස්තු අයකරන රටවල් කිහිපයක් අතර සිටින ශ්‍රී ලංකාව බලශක්ති පිරිවැය ඉහළ බැවින් විදේශ ආයෝජන පවා නොලැබෙන තැනක පසුවේ.

නොබෝදා සිදුකළ ගාස්තු වැඩිකිරීමේ තීරණය විදුලිය පාරිභෝගිකයන්ට සංකීර්ණ ගැටලු ගණනාවක් ඇතිකර තිබේ. අධික ජීවන වියදමක පසුවන අතර අය කරන ගාස්තු සංශෝධනය ගෘහස්ථ පාරිභෝගිකයන් අසරණකර ඇත. 

කර්මාන්ත, කෘෂි හා සේවා අංශවල නිෂ්පාදන ක්‍රියාවලියට ද බාධා සිදුවී තිබේ. නිෂ්පාදන පිරිවැය වැඩිවන විට වන්දිගෙවන්නේ පාරිභෝගිකයන් බව අමතක කළ යුතු නැති අතර අපනයන නිෂ්පාදන ක්‍රියාවලියට බලපෑම මත විදේශ ආදායම තවත් වටයකින් අඩුවිය හැක. විදුලි බල මණ්ඩලය අධික පාඩු වාර්තා කරන අතර, ගාස්තු සංශෝධනය හැර අනෙක් පියවරක් මෙම මොහොතේ දී නැති බව දැක්වේ. පිරිවැය පියවන, මිල වැඩි කිරීම දිගටම අනුගමනය කළ හැකි උපක්‍රමයක් නොවේ. නිෂ්පාදන වියදම අඩු කරන අතර පාරිභෝගිකයන්ට අඩුම මිලට විදුලිය සපයන විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.

විදුලිය නිෂ්පාදනයේ දී කෙරෙන නවීන පරිවර්තන අධ්‍යයනය අවශ්‍යම කරුණකි. ඒකාධිකාරය අවසන් කළ යුතුය. උත්පාදනය, බෙදාහැරීම හා අලෙවිය තරඟකාරීව කරගෙන යා හැකිය. රජය පමණක් නොව පෞද්ගලික අංශයට ද විවෘත කරන අතර නියාමනය ඉතාම වැදගත්ය. ලෝකයේ සිදුවන විදුලිය තාක්ෂණය දියුණුවන විට එයට අනුගත විය යුතුය. මුල් කාලයේ ජල විදුලිය උත්පාදනය අඩුම වියදමක් සහිත අංශයකි. දැවිතෙල්, ගල් අඟුරු හෝ ගෑස් මගින් විදුලිය උත්පාදනය අධික වියදමක් දරන්නට සිදුවන යල් පැනගිය ක්‍රම බවට පත්ව ඇත. අලුත් තාක්ෂණය හා නවෝත්පාදන ක්‍රම භාවිත කර අඩු මිලකට විදුලිය නිපදවන මධ්‍ය හා දීර්ඝ කාලීන සැලසුම් රටට අවශ්‍යය. 

ශ්‍රී ලංකාවේ විදුලිය උත්පාදනයේ ප්‍රවණතා

ජල විදුලි උත්පාදනය ශ්‍රී ලංකාවේ බලශක්ති අංශයේ සිදු වූ වාසිදායක අංශයකි. මහවැලි සංවර්ධනය වැනි ව්‍යාපෘති විදුලිය නිපදවන අතර කෘෂිකර්මාන්තය අවශ්‍ය ජල පහසුව සපයන බහුකාර්ය යෝජනා ක්‍රමයක් විය. විදුලිය අවශ්‍යතා ඉහළ යෑම සමග උත්පාදනය ක්‍රමානුකූලව නැංවිය යුතුව තිබුණි. වසර තිහක පමණ කාලයක් ත්‍රස්තවා දී ගැටුම්වලට මුහුණ දුන් රටට අලුත් යෝජනාක්‍රම ආරම්භ කිරීම පහසු වූයේ නැත. කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ රජයේ හා පෞද්ගලික අංශයේ දැවිතෙල් බලාගාර, ඉදිකර ජාතික පද්ධතියට විදුලිය සපයමින් සිටී. 

විදුලිය බලය සම්බන්ධයෙන් රට තුළ පුළුල් අවබෝධයක් නැත. රජය කරගෙන යා යුතු අතර සහන මිලට විදුලිය ජනතාවට සැපැයිය යුතු බවට මතයක් තිබේ. මෙම සහනවලට ගෙවන්නේ ද මහජනතාවගෙන්ම අයකරන බදු බව සඟවන ලද කරුණකි. ජනතා සහන සහ රජයේ අයිතිය පදනම් කරගෙන විරෝධතා ඇති වේ. ගල් අඟුරු බලාගාරය ඉදිරිකිරීමේ දී පවා දේශපාලන, වෘත්තිය සමිති හා පරිසර අංශවල විරෝධයක් පැන නැගිණ. සංවර්ධන අවශ්‍යතා කළමනාකරණය නොවීම මගහැරිය නොහැකි විපාකවලට හේතු වී තිබේ. ප්‍රතිපත්ති තීරණ නොගැනීම හේතුවෙන් පසුගිය දශක දෙක තුළ අඛණ්ඩව විදුලිය සැපයුමට බාධා සිදු වූ අවස්ථා ගණනාවකි. 

විදුලිය නිපදවන ක්‍රම සඳහා අනුමැතිය පමණක් නොව විදුලිය කපාහැරීමේ තීරණ ද ආණ්ඩුවල ජනප්‍රියත්වය අඩුකරන හේතු බව මතක් කළ යුතුය. යමක් කරන්නට උත්සාහ කළහොත් එයට නැගෙන විරෝධයක් පැන නැගේ. පැවැත්ම වෙනුවෙන් තාවකාලික තීන්දු ගන්නා ආණ්ඩුවල තීරණවල ප්‍රතිඵල අද අප හමුවේ ඇත. අකාර්යක්ෂම, අධික පිරිවැය සහිත ක්‍රම වෙනුවට අලුත් ප්‍රභව සඳහා ගමන් කළ යුතු නමුත් එසේ නොකිරීම රට මුහුණ පා ඇති ගැටලුවකි. 

තව දුරටත් පැරණි හණමිටි යුගයේ සිටිය යුතු නැත. විදුලිය බල නිෂ්පාදන ක්‍රියාවලියේ අලුත් ක්‍රම ලෝකයේ භාවිතාවට ගැනේ. බලශක්ති අංශයෙහි නිතිපතා නවතම පර් යේෂණ සිදු කෙරේ. ශ්‍රී ලංකාව වැනි ආර්ථික ප්‍රශ්න ඇති රටකට අලුත්ක්‍රම ගැන තමන්ටම පර් යේෂණ කරන හැකියාවක් නැත. අනෙක් රටවල කරන සොයා ගැනීම්වලින් ප්‍රයෝජනගත යුතු අතර සිදුවන වෙනස්වීම් අධ්‍යයනය කර සුදුසු පියවර යෝජනා කිරීම ක්ෂේත්‍රයේ නිරත විද්වතුන්ට පැවැරෙන වගකීමකි. 

විදුලිය නිපදවීමට ලෝකයේ නවීන නැඹුරුව

පොසිල ඉන්ධන විදුලිය නිපදවීම සීමා කිරීම ජාත්‍යන්තර ප්‍රවණතාව වී ඇත. දැවිතෙල්, ඩීසල් හෝ ගල් අඟුරු මිල ඉහළ මටට්ටමක තිබීම එයට එක හේතුවකි. ගෑස් වලින් විදුලිය නිපදවීම ද පහසු නැත. මේවායෙන් පරිසරයට කරන හානිය ගැන පුළුල් අවධානයක් යොමු වී ඇත. සුළං බලාගාර, සූර්ය බලය හා හයිඩ්‍රජන් තාක්ෂණය අලුත් පැති වශයෙන් ගැනේ. ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු අංශයකි. 

පරමානු බලය ගැන ද සාකච්ඡා කරන නමුත් ශ්‍රී ලංකාව වැනි රටකට පරමානු විදුලි උත්පාදනයක් සඳහා තවත් කල් තිබේ. සුළං හෝ මහා පරිමාණ සූර්ය විදුලි උත්පාදනය සිදුවන තෙක් අතරමැදි පියවරක් වශයෙන් තවත් ගල් අඟුරු හෝ එල්.එන්.ජී. විදුලිය බලාගාරයක් අවශ්‍ය විය හැකිය. ජල විදුලිය නිපදවා ගලායන ජලය නැවත ඉහළට පොම්පකර යළි යළිත් විදුලිය උත්පාදනය ද අනුගමනය කරන ක්‍රමයකි. 

සූර්ය තාපය විදුලියට හැරවීම ප්‍රධාන කර්මාන්තයක් වී ඇත. රටවල් විශාල ප්‍රමාණයක් සූර්ය විදුලිය පරිහරණය කරයි. චීනය හා ඇමරිකාව ඉදිරියෙන් සිටී. හොඳින් හිරු එළිය ලැබෙන කලාපවල විදුලිය උත්පාදන ව්‍යාපෘති ආරම්භ කරන අතර විදුලි හිඟ රටවලට අලෙවි කිරීම ව්‍යාපාරයක් වී තිබේ. ඔස්ට්‍රේලියාවේ කාන්තාරවල සූර්ය තාප බලයෙන් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් ආරම්භ කරන සිංගප්පූරුව එම විදුලිය මිල දී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇත. 

අප්‍රිකානු රටවල ද ව්‍යාප්තවන ව්‍යවසායකි. යුරෝපා ප්‍රජාව, ඇමරිකාව හා චීනය ඇතුළු රටවල හයිඩ්‍රජන් විදුලිය උත්පාදනය ප්‍රචලිත වෙමින් තිබේ. ඉන්දියාව, චිලී, ඊජිප්තුව, දකුණු අප්‍රිකාව සහ ඕමානය ඉදිරි කාලයේ දී හයිඩ්‍රජන් විදුලියට නැඹුරුවන බව වාර්තා දක්වයි. හයිඩ්‍රජන් භාවිත කරන නිපදවීමෙන්, සාමාන්‍ය විදුලිය උත්පාදන පිරිවැයට වඩා සියයට හැත්තෑ පහකින් පමණ වියදම අඩු බව පුරෝකථනය වී තිබේ. හයිඩ්‍රජන් නිපදවීම, ආරක්ෂා සහිතව ප්‍රවාහනය සහ වෙළඳාම අලුත් ව්‍යාපාර බවට පත්ව ඇත. බර වාහනවලට හයිඩ්‍රජන් බලශක්තිය භාවිත කරන සහ සැහැල්ලු වාහනවලට සූර්ය විදුලිය භාවිත කිරීම ප්‍රවණතාව බව පෙනේ.

සුළං විදුලි බලාගාර තවත් විශේෂ අංශයකි. සියයට අනූවක් පමණ ජල විදුලිය සහිත නෝර්වේ රාජ්‍ය පිරිවැය තවත් අඩුකරන අතර පරිසර සාධක සලකා ඩෙන්මාර්ක්, ජර්මනිය හා නෙදර්ලන්තය යන රටවල කරන සුළං විදුලිය උත්පාදනයෙන් කොටසක් මිල දී ගනී. විදුලිය නිපදවීම හා බෙදාගැනීම ගෝලීයකරණය වී ඇත. හුදෙක් රටවලට සීමා වූ අංශ නොවන බව පැහැදිලි කරගත යුතුය. යුරෝපා රටවල් එක විදුලිය බල ග්‍රිඩ් පද්ධතියකි. අඩු වැඩි කාලවල දී රටවල් අතර විදුලිය හුවමාරු කරගනිමින් සිටී.

පරිවර්තනයක් සඳහා අලුත් අවස්ථාවක්

රටට ඇති සම්පත් භාවිතාකර විදුලිය උත්පාදනයෙන් අඩු මිලට පාරිභෝගිකයන්ට සපයන අවස්ථාවක් ශ්‍රී ලංකාවට ඇත. හිරු එළිය සහ සුළඟ රටට ඇති සම්පතකි. මන්නාරම හා පුනරින් අවට සුළං හා සූර්ය තාප බලාගාර ඉදිකළ හැක. ගොඩබිම හා නොගැඹුරු මුහුදේ ස්ථාපිත කරන සුළං පෙතිවලින් මෙගාවොට් 30,000ක් පමණ විදුලිය නිපදවිය හැකි බව දැක්වේ. ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි ආශ්‍රිතව, දූපත්වල හා ප්‍රයෝජනයට නොගන්නා ඉඩම්වල සූර්ය තාප මධ්‍යස්ථාන ඉදිකරන පහසුව තිබේ. දේශීය ව්‍යවසායකයන් ජාත්‍යන්තර ආයෝජන සමග සම්බන්ධ කළ යුතුය. 

ඉන්දියාව, චීනය හා නෝර්වේ වැනි රටවල ආයෝජකයන් මෙම ව්‍යාපෘතිවල මුදල් යොදවන්නට සූදානම්ය. රට තුළ දැනට කරන විදුලිය උත්පාදනය මෙගවොට් 4,300 කි. ජල විදුලිය, තාප බලාගාර සහ ගල් අඟුරු බලාගාර එයට ඇතුළත්ය. සුළං බලාගාරවලින් නිපදවිය හැකි විදුලිය බලය පමණක් රටට අවශ්‍ය ප්‍රමාණය මෙන් හය ගුණයකි. සූර්ය තාපයෙන් නිපදවුවහොත් එය තවත් අමතර ප්‍රමාණයකි. තාක්ෂණය සඳහා ආයෝජනය කිරීමෙන් සුළං බලාගාර ආශ්‍රිතව හයිඩ්‍රජන් නිපදවීම ද කළ හැක. ඒවා අපනයනය හෝ විදුලිය නිපදවීමට භාවිත කිරීමට සුදුසුය.

අතිරේක විදුලිය විකිණීම විනිමය ලැබෙන අලුත් ව්‍යවසායයකි. ඔස්ට්‍රේලියාවේ නිපදවන විදුලිය සිංගප්පූරුව මිල දී ගන්නා අතර මුලින් ද සඳහන් කරන ලද පරිදි නෝර්වේ රාජ්‍යය ද ආසන්න රටවලින් විදුලිය මිල දී ගනිමින් සිටී. ශ්‍රී ලංකාවේ නිපදවන විදුලිය ඉන්දියාවට අපනයන කළ හැකිය. ඉන්දියාව විදුලියබල හිඟ රටකි. අනාගතයේ දී එය තවත් උග්‍ර වන බව ප්‍රකාශ වේ. බංගලාදේශය, නේපාලය හා භූතානය රටවල විදුලිය උත්පාදන ව්‍යාපෘති ආරම්භ කරන ඉන්දියාව එම රටවල අතිරේක විදුලිය මිල දී ගනිමින් සිටී. සුළං හෝ සූර්ය බලයෙන් නිපදවන විදුලිය ගබඩාකිරීමේ තාක්ෂණය තවමත් දියුණු නැති බැවින් වහාම ප්‍රයෝජනයට ගත යුතුය. 

විකිණීමෙන් ආදායම ඉපැයිය හැකි අතර හිඟ අවස්ථාවල නැවත මිල දී ගැනීමට හැක. දැනටමත් ශ්‍රී ලංකාවේ ගෘහස්ථ පාරිභෝගිකයෝ දිවා කාලයේ විදුලිය නිපදවා මණ්ඩලයට අලෙවිකරන අතර රාත්‍රියට මණ්ඩලයෙන් විදුලිය මිල දී ගනිමින් සිටී. රටවල් අතර ගනුදෙනුවල දී පවා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කෙරේ.

සුදුසු ස්ථාන අධ්‍යයනය කර උත්පාදන ව්‍යාපෘති සකස් කරන්නට පෞද්ගලික අංශය සූදානම්ය. ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය දැනටමත් සූර්ය විදුලිය උත්පාදන ව්‍යාපෘතියක් අරඹා ඇත. කුඩා ප්‍රමාණයේ සුළං විදුලිය උත්පාදන කුලුනු ගණනාවක් පෞද්ගලික ව්‍යවසාය වශයෙන් ක්‍රියාත්මකය. මේවා පුළුල් කිරීමෙන් පසු රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විදුලිය නිපදවීමට හැකියාවක් තිබේ. රජය පෞද්ගලික අංශය හා රටවල් අතර කරන ගනුදෙනු සලකා ශක්තිමත් යාන්ත්‍රණයක් හා නියාමනයක් අවශ්‍යය. විශේෂඥ පිරිස් සම්බන්ධ කරගත යුතුය. බලශක්ති අංශයේ ව්‍යාපාර, ආයෝජන සඳහා පහසුකම් සැපැයිය යුතුය. ආයෝජන සඳහා බලපත්‍ර නිකුත් කරන, පරිසර ප්‍රශ්න සොයා බලන හා ගිවිසුම් අත්සන් කරන ඉක්මන් හා පරද්‍රෘෂ්‍ය ක්‍රමවේද සකස් කිරීමට පියවරගත යුතුව තිබේ.

උත්පාදනය බෙදාහැරීම සහ අලෙවිය

විදුලිය බලය නිපදවීම හා බෙදාහැරීම ආණ්ඩු පමණක් කළ යුතු ව්‍යාපාර යන සංකල්පය අහෝසි වී ඇත. සමහර රටවල විදුලිය උත්පාදනය කිරීම ප්‍රාදේශීය සභාවල කාර්යයකි. තවත් රටවල් ඒවා තරඟකාරී නිෂ්පාදන ක්‍රමවලට සම්බන්ධ කර ඇති අතර පෞද්ගලික අංශය ධනය ආයෝජනය කර නිපදවීමෙහි යෙදී සිටිති. ප්‍රතිපත්ති සකස් කරන අතර නියාමනය රජයක වගකීම බවට පත්ව ඇත. දීර්ඝ කාලයක් අසංවිධිත තත්ත්ව යටතේ පැවැති ශ්‍රී ලංකාවේ විදුලිය බල ක්ෂේත්‍රය රටට විශාල පීඩනයක් ඇති කර තිබේ. වසර 2040 වන විට රටට අවශ්‍ය විදුලිය නිපදවන සැලැස්මක් ඇති නමුත් ආයෝජනයට මුදල් නැත.

රටට අවශ්‍ය තරමට විදුලිය නිපදවන අතර අතිරික්ත ප්‍රමාණය විකිණීමෙන් විනිමය සොයාගත හැකිවේ. විදුලිය, ගෑස් හෝ ඉන්ධන ප්‍රවාහනය සඳහා නළ මාර්ග ඉදිකිරීම අතීතයේ මෙන් දුෂ්කර නැත. මෙම ක්ෂේත්‍රවල තරඟකාරි සමාගම් සේවා සපයන්නන්ට සූදානම්ය. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින සමීප භූමි කලාපය අනුව බලශක්ති හුවමාරුව හොඳ ආයෝජනයකි. සාක් රටවල් අතර බලශක්ති හුවමාරුව සම්බන්ධ ප්‍රඥප්තියක් ද අත්සන් කර ඇති අතර එයින් ප්‍රයෝජන ගත හැකිය. ප්‍රතිපත්ති සකස්කර අවස්ථා විවෘත කිරීම අවශ්‍යය.

ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ආදායම් උපයන අලුත් ක්‍රමවලට නැඹුරුවිය යුතු අතර බලශක්ති ක්ෂේත්‍රය රටට උපයෝගීකරගත හැකි සම්පතකි. විදුලිය වැනි අංශයක් දියුණු කළහොත් එය මෙරට විදේශ විනිමය පළමු අංශය බවට පත්කරන හැකියාවක් ඇත. ආණ්ඩුව කළ යුතු වන්නේ සුදුසු ආයෝජනවලට අවස්ථාව සැපයීම බව දැක්විය යුතුය. 

එකඟතාව හා දේශපාලන ස්ථාවරත්වය

විදුලිය වැනි ක්ෂේත්‍රයක ආයෝජනය දැවැන්ත එකකි. දේශපාලන අවදානමක් ඇති අවස්ථාවක මෙවැනි ක්ෂේත්‍රවල ආයෝජනයට දක්වන උනන්දුව පහත වැටේ. ආයෝජන සුරක්ෂිතාව ගැන විශ්වාසයක් ඇති කළහොත් දෙස් විදෙස් සමාගම් මුදල් යොදවනු ඇත. පක්ෂ බේද පසෙක තබා ජනතාවගේ පැත්ත ගැන කල්පනා කිරීම දේශපාලනඥයන්ගේ වගකීමකි. විදුලිය බලය නිපදවන වියදම අඩුකළහොත් අඩු මිලට විදුලිය සැපැයිය හැකිය. ගාස්තු වැඩිවීම ගැන මැසිවිලි නගන ජනතාවට ආශීර්වාදයකි. විහාරස්ථානවලට පවා නොමිලේ විදුලිය ලබාදෙන තරමට ගාස්තු ක්‍රම සංශෝධනය කළ හැක. අලුත් අංශ දියුණුවන විට රටට රැකී රක්ෂා අවස්ථා ලැබෙන අතර ඉතාමත් අවශ්‍ය කෙරෙන බදු අය කරගත හැකිවීමෙන් ජාතික ආදායම වැඩිකරගත හැකිය. 

ණය ගැනීම වෙනුවට අවධානය යොමු කළ හැකි ක්ෂේත්‍රයකි.සංවර්ධන අභිලාශයන් හා ආයෝජන සම්බන්ධව එකඟත්වයක් ඇති කර ගැනීම රටට අවශ්‍යම කරුණකි. ව්‍යවස්ථාව ගැන වාද විවාද කරන අපට ආර්ථිකය ගොඩනගන ආකාරය ගැන සමගියක් නැත. බෙදී ආරවුල් ඇති කරගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. රට මුහුණ පා ඇති අර්බුදය ගැන අවධානය යොමුකරන විරුද්ධ පක්ෂ දේශපාලනඥයන් හා වෘත්තීය සමිති අවහිරකාරකයන් වශයෙන් නොව පාර්ශවකරුවන් බවට පත්විය යුතුය. දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති නාස්තිය, දූෂණය හෝ අපරාධ ඉදිරියේ නැගී සිටිය යුතු අතර අධික මිලකට විදුලිය නිපදවා ජනතාවට අධික ගාස්තු අය කිරීම අපරාධයක් බව පෙන්වා දිය යුතුය. 

වෙනස්කම් තුළින් ඇතිකරන අවස්ථා රටට සහ ජනතාවට බව කල්පනා කිරීම ඉතාම වැදගත්ය. විදුලිය බලය තව දුරටත් ඒකාධිකාරයක් නොවේ. එය තරඟකාරීත්වයට නතු කළ යුතු අංශයකි. දුරකථන සමාගම් ගණනාවකට ඉඩ දී සන්නිවේදන විප්ලවක් කරන්නට සමත් වූ ශ්‍රී ලංකාව විදුලිය බල අංශයේ ද විප්ලවයක් කරා යා යුතුය. සෑම ගෘහ ඒකකයක්ම විදුලිය නිපදවන තමන්ගේම බලශක්තියක් සහිත පුරවැසියන් බවට පත් කිරීම අපගේ වගකීමකි. අද තීරණ ගැනීමෙන් අනාගතයේ විදුලිය බල අවශ්‍යතා සම්පූර්ණ වන අතර එය ශ්‍රී ලංකාවේ පැවැත්ම වෙනස් කරනු ඇත. 

මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට යොමු කරන්නේ නම් කෘතඥවෙමි.

 


මිලින්ද මොරගොඩ



අදහස් (0)

විදුලිය යායුතු මාර්ගය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1492 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 9410 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 488 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 865 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 905 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 467 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site