නිදහස ලැබූ දා සිට අද දක්වා ගතවූ වසර 73ක කාලය පුරාම ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ සංවර්ධනය වන රටක් ලෙසය. කලකට පෙර අප රට ඌන සංවර්ධිත රටවල් කාණ්ඩයට අයත් වුවත් 1970 දශකයෙන් පසුව ඌන සංවර්ධිත ලේබලය වෙනුවට සංවර්ධනය වන රටවල් කාණ්ඩයට ඇතුළත් විය. ඒ පැවති සංවෘත (වැසුණු) ආර්ථික තත්ත්වයෙන් මිදී විවෘත ආර්ථිකය කරා පිවිසීමත් සමඟය. ඌන සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව පවතිද්දී අපේ ප්‍රධාන විදේශ මුදල් සැපයුම් මූලාශ්‍රය වූයේ විදේශ ආධාරයි.
1977 බලයට පත්වූ රජය මගින් පැරිස් ආධාර කණ්ඩායම නමින් ශ්‍රී ලංකාවට ආධාර කරන රටවල සංසදයක් වාර්ෂිකව රැස් කරමින් ආධාර පැතූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මෙම තත්ත්වය වෙනස් විය. ආධාර වෙනුවට ආයෝජන යන්න දැන් ලොව පිළිගත් ආර්ථික මූලධර්මය වී තිබේ. විදේශවලින් ලැබෙන සහනාධාර වෙනුවට ආයෝජන අවස්ථා තෝරාගෙන ඒ ඒ රටවලට සුදුසු ආයෝජකයන් මගින් සංවර්ධනයේ ප්‍රතිලාභ ලබාදීම එමගින් අරමුණු කෙරිණි. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද මෙම ක්‍රමය දිරිගන්වමින් සිටී.
ලොව බොහෝ දියුණුව කරා යන රටවල් මෙම ක්‍රමය සාර්ථක ලෙස අත්හදා බලා යහපත් ප්‍රතිලාභ ලබා ඇත. වියට්නාමය, බංග්ලාදේශය පමණක් නොව පකිස්තානය ද මෙම ශිල්පයෙන් ප්‍රතිලාභ ලැබූ ආසියාතික රටවල් ගොන්නට වැටේ. එහෙත් ශ්‍රී ලංකාව එදා මේ සියලු රටවලට වඩා ඉදිරියෙන් සිටි නමුත් අද බංග්ලාදේශයෙන් ණය ඉල්ලන තත්ත්වයට පත්ව තිබේ. මෙය සැබැවින්ම ඛේදජනකය. අපේ අසල්වැසි ඉන්දියාවේවත් මෙම තත්ත්වය දක්නට නැත.
ආයෝජන සඳහා රාජ්‍ය සම්පත් කැප කරමින් ආණ්ඩුවේ ණය බර ලිහිල් කර ගන්නා විට ජනතාව ඊට එරෙහි වන්නේ නැත. ඉන්දීය රජය දිගු කලක් අති දැවැන්ත පාඩුවකට පවත්වාගෙන ගිය ඉන්දියන් එයාර් ලයින් ජාතික ගුවන් සේවය එරට ප්‍රමුඛ ව්‍යාපාර සමාගමක් වන ටාටා සමාගමට පසුගියදා පවරා දී ආණ්ඩුව එම ණය බරින් නිදහස් විය. එහෙත් ශ්‍රී ලංකාවේ එය එසේ කළ හැකිද? යන ප්‍රශ්නය බරපතළය. සංකීර්ණය. ශ්‍රී ලංකන් එයාර් සමාගම අදටත් දැවැන්ත ආර්ථිකමය පාඩුවකට පවත්වාගෙන යයි. මධ්‍යම රජය එහි ණය බරින් මිරිකී සිටී. එහෙත් මෙම සමාගම ආයෝජකයකුට පැවරීමට ගියහොත් ඊට දහසක් විරෝධතා එල්ල වන බැවින් ආණ්ඩුව ඊට අතගසන්නට බියෙන් පසුවේ.
මාස දෙක තුනකට පෙර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට පවරා සංවර්ධනය කිරීමට රජය උත්සාහ කළේය. ඒ සඳහා අදානි සමාගම රජයට අමෙරිකානු ඩොලර් මිලියන 550ක් ගෙවීමට එකඟ වී තිබුණි. එහෙත් ඒ ගැන නිල නිවේදනය නිකුත් කළ සැණින් ජාතික සම්පත් විකිණීමේ සටන් පාඨය කරළියට පැමිණියේය. ආයෝජනය හමාර විය. ඉන් අනතුරුව දැනට හිස් මහ මුහුද ලෙස පවත්නා කොටසේ බටහිර ජැටිය නමින් නව ජැටියක් ඉදිකොට සංවර්ධනය කරන්නට අදානි සමාගම එකඟ විය.
එම ආයෝජන ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් මිලියන 700කි. එලෙස අලුතින් බටහිර ජැටිය ඉදිකිරීමට සියල්ල සැලසුම් වෙද්දී මෙයට පෙර සංවර්ධනයට තැත් කළ නැගෙනහිර ජැටිය තවමත් පෙර පැවති තත්ත්වයෙන්ම පවතී. ඒ අතරතුර ඉන්දීය ආයෝජක අදානි මහතා ශ්‍රී ලංකාවට පැමිණ වරාය බටහිර ජැටිය ව්‍යාපෘතිය ගැනත් උතුරේ සුළං බලාගාරයක් ඇරඹීම ගැනත් සාකච්ඡා කළේය. වාර්තා වන ආකාරයට ඔහු දැන් එරට සිටින දෙවැනි කෝටිපතියාය. මෙම ව්‍යාපාරිකයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් පළවන සැර දේශපාලන අදහස් උදහස් ඔස්සේ අදාළ විදේශ ආයෝජන ජාතික සම්පත් විකිණීම යන තැනට ලඝු කිරීම යුක්තිසහගතද යන්න විමසා බලනු වටී.
ශ්‍රී ලංකාවට වඩා මහා ධන සම්පත් ඇති ප්‍රංශ රජය ඔවුන්ගේ ප්‍රධාන ජාතික සංකේතයක් බඳු සුප්‍රකට අයිෆල් කුලුන වඩාත් ආකර්ෂණීය සංචාරක කේන්ද්‍රයක් බවට පත් කිරීමට එරටට චීන ආයෝජකයන් කැඳවීය. අයිෆල් කුලුන හා ඒ ආශ්‍රිත කලාපය ඵලදායී සංචාරක ඉසව්වක් බවට පත් කිරීමේ වගකීම එම චීන ආයෝජකයන්ට පවරා දිගුකාලීන බදු පදනමක් යටතේ අයිෆල් කුලුන ඝෝෂියේට් නමැති සමාගමට පැවරීය. අයිෆල් කුලුන අයත් ප්‍රංශ රජයට එම සමාගමේ කොටස් අයත් වන්නේ සියයට 1ක් පමණි.
එහෙත් ප්‍රංශයේ වෙනත් සමාගමක් තවත් කොටස් ප්‍රමාණයක හිමිකම ලබා ඇත. මෙය එරටට කදිම ආයෝජනයක් වූ අතර දැන් අයිෆල් කුලුන කලාපය චීන ආයෝජකයන් විසින් සංවර්ධනය අරඹා ඇත. ඊයේ පෙරේදා අප අසල්වැසි බංග්ලාදේශයේද තවත් ප්‍රකට විදේශ ආයෝජන ව්‍යාපෘතියක් විවෘත විය. එය එරට සුප්‍රකට ෆයිරා ගංගාව හරහා ඉදිකළ කිලෝමීටර් 1 ½ක් දිගැති දැවැන්ත කේබල් පාලමකි. ඔපෙක් සංවිධානය හා චීනය එහි ආයෝජන හා ඉදිකිරීම් බාරව ක්‍රියා කරයි. ආයෝජනයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 165ක් තරම් දැවැන්ත මුදලකි. මේ පවත්නා ලෝක තත්ත්වයයි.
ඉන්දියානු ගුවන් සේවයට එරට සමාගමක් කළ ආයෝජනය, ප්‍රංශයේ අයිෆල් කුලුනට චීන සමාගමක් කළ ආයෝජනය, බංග්ලාදේශයේ ෆයිරා ව්‍යාපෘතිය වැනි ලොව සුප්‍රකට දැවැන්ත ආයෝජන සිදුවෙද්දී ඒ රටවල ජනතාව ඒවාට සහාය දුන්නේ පවත්නා කොවිඩ් වසංගතය හමුවේ ඒ ආණ්ඩුවලට ආර්ථික ආගාධයෙන් ගොඩ ඒම පිණිසය. එහෙත් මෙරට එබඳු තත්ත්වයක් තිබේද? ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකන් ගුවන් සේවය, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් අද ආණ්ඩුවේ අයවැයට මහා බරක් වී ඇත.
මේ හැර ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලයද සුබසාධන හා සහනාධාර නිසා අමාරුවේ වැටී සිටී. මෙම ආයතන නව ආයෝජන ඔස්සේ ගොඩගන්නා තුරු මෙරට ජාතික ආර්ථිකයට අනාගතයක් නැත. ඒ නිසා ජනතාව මෙන්ම වෘත්තීය සංගම්ද මේ යථාර්ථය තේරුම්ගත යුතුය. අරගල කරන්නටද අපට රටක් තිබිය යුතුය. ඒ සඳහා විවෘත මනසින් පවත්නා අර්බුදය තේරුම් බේරුම් කර ගැනීම යුගයේ අවශ්‍යතාවකි. එසේම රජයද ජාතික මර්මස්ථාන ගෙඩිය පිටින්ම අත්සතු නොකිරීමටද වගබලා ගැනීමද වැදගත්ය. විශ්වාසදායී නිසැක ආයෝජන ලබාගන්නා විට ඒ ගැන සමාජය කල් තබා හොඳින් දැනුවත් කළහොත් බොහෝ අර්බුද සමනය කරගත හැක යන්න අපගේ විශ්වාසයයි.
(***)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදේශ ආයෝජන නැතිව අපට තනිව නැගිටිය හැකිද?
jaya Sunday, 31 October 2021 11:46 AM
ඛනිජ තෙල් එකයි, විදුලි මණ්ඩලයයි අමාරුවේ වැටිලා ඉන්නේ සහනාධාර දිලා නෙවෙයි. එක්කෙනෙක්ට කරන්න පුළුවන් වැඩේට 4, 5 ක් වැඩට අරන් තියෙන හින්දා..