IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


විධායක බලයේ තරම

ඉකුත් ජනවාරි 8 වෙනිදා පැවැති ශ‍්‍රී ලංකාවේ හත් වෙනි ජනාධිපතිවරණයේදී ජයලැබූ මෛත‍්‍රිපාල සිරිසේන මහතා නව වැනි වරට මේ රටේ විධායකය භාරගන්නා ජනාධිපතිවරයා ලෙස නිදහස් චතුරශ‍්‍රයේදී ප‍්‍රතිඥා දී වැඩ ඇරැඹීය.

මේ අනුව වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ප‍්‍රතිපාදන මත රටේ ආරක්ෂාව ඇතුළුව විධායකය සය වසරක් මෙහෙයවීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4(අ) සහ 30 (1),(2) ව්‍යවස්ථා මගින් එතුමාට බලය හිමි වේ. වත්මන් ජනාධිපතිවරයා සිය ධූරය භාරගන්නා අවස්ථාවේදී ප‍්‍රකාශ කළේ තමන් පොරොන්දු වූ පරිදි සිය ධූරකාලය තුල රටේ යහපාලනය ස්ථාපිත කෙරෙන ප‍්‍රතිසංස්කරණ සිදුකර නැවත මෙම ධූරය සදහා කිසිසේත්ම ඉදිරිපත්වීමට බලාපොරොත්තු නොවන බවයි. එසේම එතුමා තම ප‍්‍රථම රාජකාරිය ලෙස අගමැති ධූරයට රනිල් වික‍්‍රමසිංහ මහතා පත් කරමින් ජනතාවට ලබාදුන් පළමු පොරොන්දුව ඉටු කළේය.

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මෙලෙස ජනාධිපතිවරණයකින් විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට අමතරව පරමාධිපත්‍යට අයත් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක‍්‍රියාත්මක කිරීම සඳහා සය වසරකට වරක් තමන් විසින් තෝරා පත් කරගනු ලබන මන්ත‍්‍රීවරුන්ගෙන් 225කින් සමන්විත පාර්ලිමේන්තුව වෙනම ඒකකයක් ලෙස ක‍්‍රියාත්මක වේ. ඒ අනුව වත්මන් හත් වෙනි පාර්ලිමේන්තුවේ කාලසීමාව 2016 වසර දක්වා පැවතිය හැකිය.

1972 ප‍්‍රථම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට කරන ලද දෙවන සංශෝධනය මගින් පළමු විධායක ජනාධිපති ලෙස 1978 ජනවාරි 04 වෙනි දින ජේ.ආර්.ජයවර්ධන මහතා දිවුරුම් දෙමින් එම වසරේ අගෝස්තු මාසයේදී සම්මත කර ගන්නා ලද දෙවන ජනරජ ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපති ක‍්‍රමය සහිත රාජ්‍ය පාලනය හදුන්වා දුන්නේය. තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය ශක්තිමත් කර දේශපාලන ස්ථාවර භාවයකින් යුතුව රට කඩිනම් සීඝ‍්‍ර සංවර්ධනයක් කරා ගෙනයාමේ ප‍්‍රමුඛ අරමුණ ඇතිව මෙය හදුන්වා දුන් බව එවකට පැවති ප‍්‍රචලිත මතය විය.

විධායකයේ බලතල හා කාර්යයන්.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව විධායකයට අයත් කාර්ය හා කර්තව්‍යයන් ජන රජයේ ජනාධිපතිවරයා විසින්, අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය සේවය ම`ගින් ක‍්‍රියාත්මක කරනු ලබන අතර 30වෙනි ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා රජයේ, විධායකය හා ආණ්ඩුවේ ප‍්‍රධානියා සහ සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයාද වේ. මීට අමතරව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහ වෙනත් ලිඛිත නීති ම`ගින් විධායකයට සුවිශේෂි බලතල හා කාර්යයන් රැුසක් පවරා තිබේ. යුද්ධය හා සාමය ප‍්‍රකාශ කිරීම, අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩල පත් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව තීරණය කිරීම, රාජ්‍ය සේවයේ විවිධ පත් කිරීම් සිදු කිරීම, පාර්ලිමේන්තුව කැදවීම, වාර අවසාන කිරීම සහ විසුරුවා හැරීම, ජනාධිපතිවරයා විරුද්ධව නඩු පැවරීමට නොහැකි මුක්තිය, හදිසි අවස්ථා නියෝග පැනවීම, ජන මත විචාරණ පැවැත්වීමට තීරණය කිරීම, පරිපාලන ඇණහිටි පළාත් සභා වල පාලනය පවරා ගැනීම වැනි බලතල හා කාර්යයන් ඒ අතරින් ප‍්‍රමුඛව දැක්විය හැකිය. තවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව සහ වෙනත් ව්‍යවස්ථා අනු ව්‍යවස්ථා ම`ගින් ද සෙසු ලිඛිත නීති ම`ගින් ද විධායකය වෙත තවත් බලතල හා කාර්යයන් පවරා තිබේ.

මේ වන විට විධායක ජනාධිපති ක‍්‍රමය හ`දුන්වා දී වසර 36ක් ඉක්මවා ගොස් ඇත. කළින් පැවති ජනාධිපතිවරණ වලට වඩා මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා නියෝජනය කළ පොදු විපක්ෂයේ ප‍්‍රමුඛ මැතිවරණ තේමාව වූයේ විධායක ජනාධිපති ධූරය තුල පවතින අසීමිත බලය ඉවත් කිරීමත්, එකී බලය අයුතු ලෙස යොදාගනිමින් රටට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි වන අයුරින් සිදුවන පාරදෘශ්‍ය නොවූ ¥ෂිත පාලන ක‍්‍රමය අවසන් කිරීමත්, ජනාධිපති ධූරයේ ඒකාධිපති ගමන්මග වෙනස් කොට රට තුළ යහපාලනයක් ඇති කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි තහවුරු කිරීමත් ය.

රටක යහ පාලනය.

යහ පාලනය ලෝකයේ බෝහෝ දියුණු රාජ්‍යන් තුළ ක‍්‍රියාත්මක වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පයක් මිස අන්තර් ජාතික කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන්නක් නොවේ. එහි පවතින ප‍්‍රධාන අංග 4 වන්නේ වගවීම, මහජන සහභාගීත්වය, විනිවිද භාවය හා නිවැරදි තීරණ ගෙන ක‍්‍රියාවට නැංවීමයි. එසේම රටේ අභිවෘද්ධිය පිණිස සැකසුණු යහපත් නීති රීති පද්ධතියක් සමග එකී නීති රීති නිසි ආකාරව සාධාරණව හා යුක්ති සහගතව ක‍්‍රියාත්මක වන නීතියේ පාලනයක් පැවතීම, පාලකයින් රාජ්‍ය දේපල හා සම්පත් වලින් අයුතු ලාභ නොලැබීම, පෞද්ගලික උවමනාවන්ගෙන් තොරවූ මනා විනයක් සහිත පාලනයක් පැවතීම, සැමට සමානත්වයෙන් සැලකීම, අත්තනෝමතික තීරණ නොගෙන හැමවිටම යුක්තිය හා සාධාරණත්වය ඉටු කරන ¥රදර්ශී තීරණ ක‍්‍රියාවට නැංවීම, සියළු ප‍්‍රමාදයන්ට හේතු දැක්වීම, පාලකයින් සතු අභිමතය ක‍්‍රියාත්මක කිරීමේදී සීමාවන් තබා ගැනීම, පාලකයාගේ පැවැත්ම උදෙසාවූ හොරනෑවක් නොවූ රටේ සංවර්ධනයට දායකවන මාධ්‍ය නිදහසක් පැවතීම වැනි කරුණු යහපාලනය පවතින ප‍්‍රජාතාන්ත‍්‍රවාදී රාජ්‍ය පාලනයකදී ප‍්‍රත්‍යක්ෂ කළ යුතුය. 

මේ දක්වා රටේ විධායකය භාරව කටයුතු කළ ජනාධිපතිවරුන් සිය රාජ්‍ය පාලනයේදී බලය අයුතු හා අසාධාරණ ලෙස යොදා ගත්තේ යැයි තරමක විවේචන පවතී. එවැනි අවස්ථා කිහිපයක් ලෙස මහමැතිවරණයක් වෙනුවට ජනමත විචාරණ පැවැත්වීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, නඩු නොපැවරීමේ මුක්තියට මුවාවී අයුතු ප‍්‍රයෝජන ලබා ගැනීම, ව්‍යවස්ථාදායක බලය යටත්පත් කර විවිධ ¥ෂණ හා අසාධාරණ ක‍්‍රියාවල නිරත වීම දැක්විය හැකි අතර තවත් එවැනි බොහෝ දෑ රැුසක්ම පවතී. පසුගිය ජනාධිපතිවරණයේදී මෙහි උච්චතම අවස්ථාව දැක ගැනීමට ජනතාවට හැකිවිණි. විශාල වශයෙන් රාජ්‍ය සම්පත් සහ මහජන මුදල් තම මැතිවරණ ව්‍යාපාරයේ  ප‍්‍රවර්ධනයට සහ ප‍්‍රතිපක්‍ෂයේ අපේක්‍ෂකයාට පහර දීමට යොදා ගැනුණි. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට තම දෑත ශක්තිමත් කරන්නට ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල මහජන නියෝජිත තනතුරවලට අධික මිලක් නියම කර ජනතා පරමාධිපත්‍ය මිලයට ගත්තේය. මාධ්‍ය සංදර්ශන ඔස්සේ ජනවිඥානයට පහර දෙමින් එය හෑල්ලූකර ඡුන්දදායකයින් දීනයන් බවට පත්කරන්නට උත්සාහ ගත් අවස්ථා එමටය. බොරුව හා මිත්‍යා දෘෂ්ටික මතවාද ඔස්සේ බලය තහවුරු කරගැනීමට මහජන මුදල් කාබාසිනියා කළේය. අවසානයේදී බුදු බණ පවා ජන්දය ලබාගැනීමට යොදා ගත්තේය.ඒ කිසිවෙකකින්වත් අවසානයේදී අත්වූ ප‍්‍රතිඵලයක් නැත. බුදුදහමට අනුවම අධික තෘෂ්ණාව පරදවා උපේක්‍ෂාසහගත බව ජය ලැබීය. මෙය නම් පරම සත්‍යය බව කවුරුත් පිළිගත යුතුය.

පොදු ජනතා අභිලාෂය.

මෙළෙස අප රටේ ජනාධිපති ධූරය දැරූ තැනැත්තන් පිළිබද විවිධ විවේචන පැවතියත් හැමවිටම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පවතින ප‍්‍රතිපාදන බිද නොදමන සදාචාරවත් සංවරවූ ශිෂ්ට සම්පන්න පාලනයකට රාජ්‍ය නායකයා පෙළඹෙන්නේ නම් එවැනි තත්ත්වයන් රට තුළ උද්ගත වන්නේ නැත.

ආත්මාර්ථකාමී 18 වන සංශෝධනය හැර වත්මන් ආණ්්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අනෙකුත් ප‍්‍රතිපාදන ම`ගින් රටේ පොදු ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරන ඵලදායී යහපාලනයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සලසා ඇත. මෙහි පූර්විකාවේද මුල සිට අග දක්වාම ඇති ව්‍යවස්ථා සියල්ලම කෙරෙහි ඉතාමත් සැලකිල්ලෙන් යුතුව ස්වාධීනව අධ්‍යනය කිරීමේදී එය පැහැදිළිවන බව අවධාරණය කළ යුතුය. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය වන්නේ යහපත් අරමුණු රැසක් මුල් කර ගෙනය.

එහි පූර්විකාව දක්වන්නේ මෙසේය.

‘‘නිදහස් ලෙස තේරී පත්වූ ශ‍්‍රී ලංකාවාසී ජනතාවගේ නියෝජිතයන් වන අපි ජනතාව කෙරෙහි අපගේ ඇති බැදීම් නිහතමානයෙන් පිළිගනිමින්, පුද්ගල අභිමානය සහ නිදහස සහතික කෙරෙන ආකාරයෙන් ද සාධාරණ සමාජ, ආර්ථික සහ සංස්කෘතික පදනමක් ඉදිවන ආකාරයෙන් ද රටේ සම`ගිය පුනර්ස්ථාපනය වන ආකාරයෙන් ද සෙසු ජාතීන් සම`ග සුහදතාව වර්ධනය වන ආකාරයෙන් ද ස්වකීය අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද යළි දිනාගෙන ආරක්ෂා කර ගැනීම පිණිස ඒ ජනතාව කළ වීරෝදාර සහ අප‍්‍රතිහත අරගලය කෘතඥතා පූර්වකව සිහිපත් කරමින්, එකී වරම ප‍්‍රකාර ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය ලෙස මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මෙයින් සම්මත කොට පනවම්හ.

මෙලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්මත කර ගැනීමට තම නියෝජිතයන් ම`ගින් බලය ලබා දුන් රටේ ජනතාව කෙරෙහි පිහිටා ඇති පරමාධිපත්‍ය බලය කිසි ලෙසකින් අත්හල නොහැකිය. 3 වෙනි ව්‍යවස්ථාව ම`ගින් එය සහතික කරයි. මෙම ව්‍යවස්ථාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක දී ජනමත විචාරණයකින් හැර අන් කිසිදු ලෙසකින් සංශෝධනය කළ නොහැකිවන පරිදි 83 ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇත.

ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක‍්‍රියාත්මක කරන ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට පවරා ඇති අතර ජනමත විචාරණයකදී ජනතාවට එය ඍජුව ක‍්‍රියාත්මක කරයි. විධායක බලය ජනාධිපතිවරයාට පවරා ඇත. අධිකරණ බලය ද වෙනමම ක‍්‍රියාත්මක කිරීමටද මූලික අයිතිවාසිකම් සහ ඡුන්ද අයිතිය භුක්ති වි`දීමද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ම`ගින් සහතික කරයි.

මෙයින් සැබවින්ම ගම්‍ය වන්නේ විධායක ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායකයට ද අධිකරණයට ද එකිිනෙකට වෙන්ව ස්වාධීන ආයතන ලෙස හෝ ව්‍යවස්ථාවෙන් නියම කර ඇති අවස්ථා වලදී එක්ව රටේ ජනතාවගේ යහපතට කටයුතු කළ හැකි බවයි. එහෙත් එක් ආයතනයක් අභිබවා තවත් ආයතනයකට ක‍්‍රියා කිරීමේ හැකියාවක් නොලැබෙන පාලනයකට පමණක් ව්‍යවස්ථාව තුළින් ජනතාවට අනුමැතිය ලබා දී තිබෙන බව මනාව පැහැදිළිවේ.

මෙලෙස සංවරණය හා තුලනය නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පය මූලබීජය කොටගෙන ලෝකයේ බලතල බෙදීමේ න්‍යාය ක‍්‍රියාත්මක වන අතර මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද අනුමත කොට ඇත්තේ ද එකී පදනම මතය. මේ කිසිදු ආයතනයකට ජනතාවගේ අභිප‍්‍රායන්ට එරෙහිවන ලෙස අනෙකුත් බලාධිකාරී ආයතන අභිබවා ක‍්‍රියාකිරීමේ හැකියාවක් හෝ සදාචාරයක් හෝ යුතුකමක් හෝ නැත. එවැනි අවස්ථාවක් උදාවුවහොත් ඒවා පාලනය කිරීමට අවශ්‍ය බලය මේ න්‍යාය තුළ පවතින අතර වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළද ඒ ස`දහා ප‍්‍රතිපාදන සලසා තිබේ. 

ආණ්ඩුක‍්‍රමයේ යහපත් ලක්‍ෂණ

වත්මන් ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ පරමාධිපත්‍ය ක‍්‍රියාත්මක කරනු ලබන විධායකය හා ව්‍යවස්ථාදායකය එකට එක්වී කටයුතු කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස අගමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ ක‍්‍රියාකාරීත්වය හැ`දින්විය හැකිය. රටේ යහපතට හා ජනතා සුබසිද්ධිය උදෙසා  ඕනෑම යහපත් කටයුත්තක් ඉටු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ සක‍්‍රීය දායකත්වය මත මෙම ආයතන දෙක හරහා ප‍්‍රබල හා වැදගත් අවස්ථා උදාකරගත හැකිය. බලයට කෑදරවූ තෘෂ්ණාධික සැගවුණු ව්‍යංග ප‍්‍රතිලාභ අපේක්ෂාවන්ගෙන් තොරව ඉදිරිපත් කරනු ලබන  ඕනෑම අණපනතක් සම්මත කරගැනීමට ව්‍යවස්ථාදායකය නියෝජනය කරන සෙසු සියළු පක්ෂවල දායකත්වය ලබා ගැනීම අපහසු නොවේ.

එහෙත් අප සලකා බැලිය යුතු කරුණක් වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති එම සුවිශේෂි වූ අවස්ථාවන් මෙතෙක් රටට ඵලදායී ප‍්‍රයෝජනයක් ලබා ගැනීමට පාලකයින් සමත්ව ඇත්ද යන්නයි. රටේ දේශපාලන ඉතිහාසය තුළ උතුරු නැගෙනහිර ත‍්‍රස්තවාදය අවසන් කිරීමේ අවස්ථාවට හැර මේ දක්වා රටේ අභිවෘද්ධියට හෝ ජනතා සුභසාධනය උදෙසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙම ප‍්‍රබල අවස්ථාව නිසි ලෙස යොදාගත් බවක් පෙනෙන්නට නැත. 

ඇතැම් දේශපාලන නායකයින් තම දේශපාලන න්‍යාය පත‍්‍ර සහ පුද්ගලික අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම සදහා එකිනෙකාට පරයමින් කරන තරගකාරි ව්‍යසනයන් නිසා රටේ ජනතාව වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ විධායකයට සහ ව්‍යවස්ථාදායකයට ලබාදී ඇති ජනවරම තුළ පිළිඹිබුවන බලය නිසි ලෙස තේරුම් ගෙන ක‍්‍රියාවට නැංවීමට අපොහොසත් වී ඇත. ඒ ස`දහා ඔවුහු පරිණත ද නැත. බල තෘෂ්ණාව නම් කළුවළාවෙන් වැසී අන්ධකාරයේ ගිලී සිටිති. දේශපාලනය ඔවුන්ගෙත්් තම දරුවන්ගේත් පවුල් සනුහරේත් එකම ජීවනෝපායන මාර්ගය හෙවත් ඉහළම රැුකියාව බවට පත්කර ගැනීම මත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යහපත් අරමුණු ක‍්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවක් ඔවුන්ට නැත. කිසිදා නොමැරෙන මිනිසුන් ලෙස ආත්මාර්ථකාමී පටු දේශපාලන අරමුණු ඔස්සේ තම පැවැත්ම තිරසාර කරගැනීම එකම අපේක්‍ෂාවයි.

විධායකය විසින් ව්‍යවස්ථාදායකයේ බලය ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වන ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අත්තනෝමතිකව අර්ථ දක්වමින් අයුතු බලපෑම් කිරීම පසුගිය ඉතිහාසය තුළ අපට දකින්නට ලැබූ සිද්ධීන් සපථ කරයි. විධායකයේ ග‍්‍රහණයට හසුව අධිකරණය ද එවැනි ක‍්‍රියා අනුමත කළ අවස්ථා බොහෝය. 2002දී පත් වූ 5වෙනි පාර්ලිමේන්තුව හැර මේ දක්වා පසුගිය තිස් හය වසර තුළ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ බලය එකම පක්ෂයකට හෝ සන්ධානයකට හිමි වීම හේතුවෙන් මේ ආයතන දෙක අතර සංවරණයක් හා තුලනයක් පවත්වාගෙන යාමට අසමත් විය. එනයින්ම බලය බෙදීමේ මූලික න්‍යාය බිද වැටී ඇත. එහි හානිය නිරතුරුවම ප‍්‍රබලව භුක්ති විදීමට සිදුවී ඇත්තේ රටේ ජනතාවට ය. මේ තත්ත්වය නිමාවූ පසුගිය රාජ්‍ය පාලනයේදී තීව්රව පැවැති බව නොරහසකි.

රටේ මහජන මුදල් සම්භාරයක් වැය කරමින් මැතිවරණ දෙකක දී වෙන් වෙන්ව ජන වරම් දෙකකින් පත් කරනු ලබූ විධායකය හා ව්‍යවස්ථාදායකය අවසානායේදී එක් පුද්ගලයෙකු විසින් පාලනය කරන ආයතනයක් බවට පත් කරගැනීම තුළ රටේ ජනතාවට ව්‍යසන ගණනාවකට මුහුණ දී ඇත. රටට දැරිය නොහැකි අමාත්‍ය මණ්ඩලයක් නඩත්තු කිරීම, සුදුසුකම් පසෙකලා දේශපාලන හා පවුලේ හිතවතුන්ට රාජ්‍ය සේවයේ මෙන්ම විදේශ සේවයේ ප‍්‍රධාන තනතුරු පිරිනැමීම, දේශපාලන හිතවතුන් පිනවන උපදේශක පත්කිරීම්, පාර්ලිමේන්තුවට වග නොකියන අවිධිමත් මූල්‍ය ප‍්‍රතිපත්තීන් තුළ වර්ධනය වන දුෂණ හා අක‍්‍රමිකතා, නීතිය හා සාමය විධිමත් ලෙස පවත්වාගෙන යාමට අවකාශය නොලැබීමෙන් නීතියේ පාලනය බිද වැටීම, විරුද්ධ මත නිහඩ කිරීමට හඹායන රාජ්‍ය ත‍්‍රස්තවාදය, තම බලය සදාකාලිකව ස්ථාපිත කරන 18 වැනි සංශෝධනය, වැනි අත්තනෝමතික ක‍්‍රියාවන් මේ අතර ප‍්‍රධාන තැනක් ගනී.

උදාහරණයක් ලෙස ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය පත් කර ගැනීම අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිදු කළ යුතු බව 41(1* අනු ව්‍යවස්ථාව දක්වයි. එහිදී විධායකයේ පාලනයට යටත් නොවී රටේ පොදු යහපත ගැන සලකා අමාත්‍ය මණඩලයේ හෝ ව්‍යවස්ථාදායකයේ එත`ගතාව ලබා නොදෙන්නේ නම් රටට අහිතකර වැය බරක් වන උපදේශකවරුන් ද බදවා ගැනීමටත් ඔවුන්ට අධික වැටුප් දීමනා හා වරප‍්‍රසාද ලබාදීමටත් හැකි නොවනු ඇත. ඊට පටහැනිව ජනාධිපතිවරයා ව්‍යවස්ථාපිත ප‍්‍රතිපාදනයන්ට පිටුපා කටයුතු කරයි නම් දෝෂාභියෝගයක් තුළින් ඒවා පරාජය කරන්නට මෙන්ම ඔහු ධූරයෙන් ඉවත් කිරීමට ද හැකි වන්නේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පවතින සංවරණය හා තුලනය සුරැුකෙන්නේ එහි යහපත් ප‍්‍රතිපාදනයන් මෙලෙස ක‍්‍රියාවට නැංවීමෙන් පමණි.

කෙසේ වෙතත් මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් පොදු විපක්‍ෂය ඉදිරිපත් කළ මෛත‍්‍රී පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ක‍්‍රියාවට නැංවීමට උත්සාහ කරන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙම සුවිශේෂි අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් බව පෙනේ. එතුමා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව අගමැති වශයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා පත් කළේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර පක්‍ෂ නියෝජනය වන පරිදි සර්ව පාක්‍ෂික අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගනිමින් පොදු ජනතා අපේක්‍ෂා ඉටුකිරීමට වන සූදානම යහපාලනයේ ප‍්‍රථම පියවර ලෙස අගය කළ යුතුය.

ජනාධිපති ලාභදායී ධූර හෝ තනතුරු නොදැරිය යුතු බව.

රටේ ජනාධිපති ධූරයට තේරී පත් වන තැනැත්තා 32(1* ව්‍යවස්ථාවට අනුකූලව ප‍්‍රතිඥාව හෝ දිවුරුම් දී අත්සන් තබා ධූරය භාරගත යුතුය. එලෙස ධූරය භාරගත් විට වෙනත් කිසිදු ලාභදායී ධූරයක් හෝ තනතුරක් නොදැරිය යුතු බවට නියමයක් 32(2* ව්‍යවස්ථාව ම`ගින් පනවා තිබේ. එමගින් අපේක්ෂා කරන්නේ වෙනත් කිසිදු බැදීමකින් තොරව රටේ යහපාලනයක් පවත්වාගෙන යාමයි. එහෙත් මේ දක්වා ඉතිහාසයේ ජනාධිපතිධූර දැරූවන් සිය දේශපාලන පක්ෂවල සභාපති හෝ නායක තනතුරු දරමින් ක‍්‍රියා කල අතර එය අදටත් එසේම පවතී. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා හැරුණු විට සෙසු සෑම ජනාධිපතිවරයෙක්ම බොහෝ වැදගත් අමාත්‍ය ධුර ද පක්‍ෂ තනතුරු ද දරමින් මෙම ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදනයන් නිහඩකර ඇත.

මෙම හේතුව නිසාම ජනාධිපතිවරණයකදී තමන්ට ලැබෙන ජනතා වරම අනුව ව්‍යවස්ථාපිත ජනාධිපති ධූරයේ වගකීම අවංකවම පොදුවේ රටට සහ සමස්ත ජනතාව වෙනුවෙන් ඉටු කරනවා වෙනුවට, සිය පක්ෂය මෙහෙයවමින්් එහි නියෝජිතයින් ව්‍යවස්ථාදායකයට පත් කර ගැනීමට ද, පළාත් සභාවන්ට පත් කරගැනීමට ද, පළාත් පාලන ආයතනවලට පත් කර ගැනීමට ද සමූපකාර සමිතියට හා වෙනත් කුමන වර්ගයේ පොදු සමිති සමාගමකට වුවද පත් කර ගැනීමට ජනවරම් ලබා ගැනීමට තම කාලය, ශ‍්‍රමය මෙන්ම රාජ්‍ය සම්පත් අයථා ලෙස යෙදවීමට පෙළඹී සිටිති. ඒ සදහා තමන්ට පහසුවෙන් ජයගැනීම උදෙසා ඇතැම් මැතිවරණ කොටස් වශයෙන් පැවැත්වීමට ද පෙළඹී සිටිති. මේ වන විට එම තත්ත්වය සීඝ‍්‍රයෙන් වර්ධනය වී තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා දක්වා පක්‍ෂ මාරුවට ඉහළ මූල්‍ය වටිනාකමක් නියම කරමින් ජනතා පරමාධිපත්‍ය වෙන්දේසියේ තබා ඇත. මෙවැනි පටු අරමුණු උදෙසා තම පාලනය පවත්වාගෙන යාම නිසා ව්‍යවස්ථාපිත යහපත් අරමුණු සම්පූර්ණයෙන්ම බිද වැටී ඇත.

සැබවින්ම ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍යය ක‍්‍රියාත්මක කරන ආයතන දෙකක් ලෙස විධායකය හා ව්‍යවස්ථාදායකය වෙන් වෙන්ව හෝ එක්ව ක‍්‍රියාකළ හැකිය. එහෙත් ඒවා එක් ආයතනයක් බවට පත් කරගනිමින් එකී ආයතන අතර පැවැතිය යුතු සංවරණය හා තුලනය අහිමි කිරීම නිසාත් එම අසාධු එකමුතුවෙන් අයුතු බලපෑම් සිදුකර අධිකරණ බලයට බාධාකර නීතියේ ආධිපත්‍යය බිදදැමීම නිසාත් රටේ ප‍්‍රජාතත්ත‍්‍රවාදය සහමුලින්ම බිදවැටී ජනතාවට අහිතකර ව්‍යසන රැුසකට මුහුණ දීමට සිදුව තිබේ.

මිනිසුන්ගේ වැරදි ප‍්‍රධානතම අනතුරයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යනු රටක ජනතාවගේ අපේක්ෂාවන් හා රටක සාරධර්ම පිළිබිඹු කරන ඉතා වැදගත් ලේඛනයකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ක‍්‍රියාවට නංවනු ලබන මහජන නියෝජිතයින් යහපත් වන තරමටම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද යහපත් හා පූජණීය ලේඛනයක් වන බව පෙනේ. ශ‍්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත් යුගයේදී ඉන්දියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීති ලේඛකයකු වූ එම්.පී. ජේන් සිය ‘‘නිව් කන්ස්ටිටියුෂන්‘‘ නම් ග්‍රන්ථයෙහි දක්වා මෙසේ දක්වා ඇත.

‘‘ඉතාමත් යෝග්‍ය අන්දමට කෙටුම්පත් කළ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවක් වූවත් නිවැරදි නොවූ ආකල්පයක් මත ක‍්‍රියාවට නැ`ගුවහොත් එය අකර්මන්‍ය විය හැකිය. අඩු ලූහුඩුකම් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වූවත් නිවැරදි ආකල්පයක් මත ක‍්‍රියාවට නැ`ගුවහොත් එයින් මනා පාලන තන්ත‍්‍රයක් පැණන`ගින හෙයින් ප‍්‍රායෝගික වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ක‍්‍රියාත්මක කරන ආකල්පය මත බොහෝ දෑ රැුදී පවතී. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක වූ ආවේණික දෝෂ නොව මිනිසුන්ගේ වැරදි ආසියාවේ නව ප‍්‍රජාතාන්ත‍්‍රික රටවල් මුහුණ පාන ප‍්‍රධානතම අනතුරයි.’’

ඔහුගේ මේ ප‍්‍රකාශය ශ‍්‍රී ලංකාවට ඉඳුරාම අදාළ වන බවට ඉතිහාසය සාක්‍ෂි දරනු ඇත. 36 වසරක් පැවති විධායක ජනාධිපති ක‍්‍රමය අද වන විට ප‍්‍රතික්ෂේප කරන තත්ත්වයට පැමිණ තිබේ. එකී පසුබිම තුළ සැබවින්ම ප‍්‍රත්‍යක්ෂ වන්නේ වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ (18 සංශෝධනය හැර) පවතින විධායක ක‍්‍රමයේ පවතින අඩුලූහුඩුකම් නොව එය අපේ මිනිසුන්ගේ එනම් මෙතෙක් රට පාලනය කළ පාලකයින්ගේ වැරදි මිස අන් කිසිවක් නොවේ.

එබැවින්, මෙවර ජනාධිපතිවරණයේදී භීෂණයෙන් තොර මෛත‍්‍රී සහගත යහපාලනයක් වෙනුවෙන් ඉදිරිපත් කළ ප‍්‍රතිපත්තිය අනුමත කරමින් තෝරා පත්කරගත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගෙන් රටට ආදරය කරන පොදු මහජනතාව බලාපොරොත්තු වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම කෙසේ වෙතත්, බලතෘෂ්ණාධික 18 වෙනි සංශෝධනය වහාම අහෝසිකර ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන සෙසු ආයතන දෙකට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ම`ගින් පවරා දී ඇති බලතල ජාතික ප‍්‍රතිපත්තියක් ඔස්සේ රටේත් ජනතාවගේත් අභිවෘද්ධිය උදෙසා කිසිදු බාධාවකින් තොරව නිදහසේ ක‍්‍රියාවේ යොදවන්නට ඉඩ ලබා දෙන විධායකයේ ගෞරවණීය හැසිරීමක් පමණකි.

ඊට ඉඩ ලැබුණහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ සදහන් පරිදිම පසුගිය ජනාධිපතිවරණයේදී රටේ බහුතර ජනතාව කළ වීරෝදාර සහ අප‍්‍රතිහත අරගලය කෘතඥතා පූර්වකව සිහිපත් කරමින්, එකී වරම ප‍්‍රකාරව ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය තවදුරටත් සුරක්‍ෂිත කර සැබෑ ලෙසින්ම ජනතා සේවයක් ඉටුකළ හැකිය.

  



අදහස් (0)

විධායක බලයේ තරම

මහගම ප්‍රේමසිරි Monday, 19 January 2015 03:58 AM

ස්තුතියි ලංකාදිිප (නදී)

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4685 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 614 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1197 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 105 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 192 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 253 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39009 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25548 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1060 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site