IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වන්නියලෑ ඇත්තන්ගේ තුවක්කුව පත්තුවූ දා

දඹානේ ආදිවාසීන් ගවයන් හා කුකුළන් ඇතිකරනු ලබන්නේ හුරතලයටය. මස් කර ආහාරයට ගැනීම හෝ මසට විකිණීම ඔව්හු කිසිසේත්ම නොකරති. එහෙත් මෑතක සිට ඇතැම් ආදිවාසීහු එළකිරි පානයට හා කුකුල් බිත්තර කෑමට පුරුදුව සිටිති. මුවා, හාවා, ගෝනා වැනි වන සතුන් දඩයම් කිරීම ඔවුන්ගේ පාරම්පරික අයිතියකි. එහෙත් ඒ සඳහා ආචාර ධර්ම පද්ධතියක් ඇත. ඒ අනුව ගැබ්බර සතකු, තණ කන සතකු, කිරිබොන සතකු හා ආබාධිත සතකු දඩයම් කිරීම තහනම්ය. දඩයම් කළ හැක්කේ පවුලේ සාමාජිකයන්ගේ ආහාර අවශ්‍යතාවට ප‍්‍රමාණවත් වන සේය. විකිණීම තහනම්ය. සතා දිවීමට සලස්වා දඩයම් කිරීමට මොවුන් හුරුකරන්නේ කුඩා කල සිටමය. පුංචිම පුංචි කාලයේ ”ගල් රැක්ක” හෙවත්  කැටපෝලය පුංචි දෑතට එක්වන්නේ සෙල්ලමට මෙනි. කුරුල්ලන් පියඹන විට කැටපෝලයෙන් විද බිම හෙළීම (කැකුලන්) වැදි දරුවන්ට දෙන ප‍්‍රථම අභ්‍යාසය වෙයි. මෙම කුරුල්ලන් ආහාර පිණිස ගැනීමද සාමාන්‍ය දෙයකි. දුන්නට හුරුවන්නේ ඉන් පසුවය. කොබ්බෑ හෝ ගැටවලා ලීයෙන් දුන්න හදති. අරළුගසේ පට්ට හෝ ගැටවලා ගසේ පට්ට දුන්නේ ලනුවයි. ඊතලය යකඩයෙන් හදා ගන්නා අතර එහි මිට සඳහා උපයෝගී කරගන්නේ ”වෙලං” කෝටුවකි. දඩයම් කළේ දුන්න හා ඊතලයෙනි. දුනු ඊතල සංස්කෘතියට වෙනස්වූ වෙඩි තබා සතුන් ඝාතනය කිරීම වැද්දන්ට පුරුදු කළේ 1937 න් පසු වන රාජකාරියේ ගිය මිනින්දෝරුවන්, ග‍්‍රාම සංවර්ධන නිලධාරීන් හා කෝරලේ මහත්තුරුන් විසිනි. අලි එළවීමට දෙන අලි වෙඩිවල වෙඩි බෙහෙත් බටයට දමා කොටාගන්නා මෙම තුවක්කු හැඳින්වූයේ බෙහෙත් කොටන තුවක්කු නමිනි. තුවක්කුවක් අරන් කැලේ ගිය වන්නියලෑ ඇත්තන් ඇබැද්දියකට මුහුණ පෑවේය. ඔහු එම සිදුවීම අදත් සිහිගන්වන්නේ අකමැත්තෙනි. එතකොට අප්පල ඇත්තො (තිසාහාමි) සිටියා. අප්පල ඇත්තො තමයි නායකයා. මමයි මගේ මල්ලි (කෙන්දාගේ) පුතකු නිසායි කැලේ ගියා. මට එතකොට තුවක්කුව හුරු නැහැ. අපි විනෝදෙට වගේ එදා කැලේ (කොටි) ව්‍යාග‍්‍රයෝ ඉන්න පැත්තටම යන්නයි ගියේ. එතකොට තිසාගේ වයස අවුරුදු 15ක් විතර ඇති. තිසා පලූ කන්න හරිම ආසයි. මම පලූ ගහට නගින කොට තිසාත් නැග්ගා. අපි බොහෝ වේලාවක් පලූ ගහේ හිටියා. ඊට පස්සේ ඝන කැලේ ඇවිදගෙන ගියා. සමහර තැන්වලදී අපි දෙන්නට දෙන්නා පේන්නෙ නැති තරමට කැලෑව වැවිලා තිබුණා. අපි දෙන්නම දැක්කා කැලේ මැද රවුම් ගලක් තියෙනවා වගේ. ඒ ගලට නැගල ටික වෙලාවක් ඉදිමු කියලා තිසා යෝජනා කළා. හොඳයි හොඳයි කියමින් මමත් ඔහු පිටුපසින් ගමන් කළා. ළඟටම යනකොට මෙන්න ගල හෙලවෙනවා. දෙයියනේ දැවැන්ත අලියෙක්. අපිට හැරෙන්නවත් වෙලාවක් නැහැ. අලියෙක් අලියෙක් කියලා තිසා කෑගැහුවා. මම   තුවක්කුව අතට අරන් පත්තු කළා. ”තිසා” බුදු අම්මෝ කියාගෙන බිම වැටුණා. වෙඩි හඬට  බයේ අලියා පැනල දිව්වා. මං ”තිසා” නැගිට්ටවන්න උත්සාහ කළා. ඔහුගේ ඔළුවෙන් ලේ ගලමින් තිබුණා. මට     අමාරු  නැහැ    තිසා    කිව්වා. ”වාසනාවට” තිසාගේ ඔළුවේ ඉස් මුදුනේ තැවරීගෙන වෙඩිල්ල ගිහින් තියෙන්නේ. සීරීම් තුවාල ඇතිවෙලා. ලේ ගලන්නේ එම තුවාලවලින්. මම ”තිසා” ඔසවා කරට ගත්තා. හති දම දමා පැලට ආවා. අප්පිල ඇත්තට විස්තරේ කිව්වම අප්පිල ඇත්තෝ කලබල උනේ නැහැ. කැලෑ බේත් හදලා තුවාලවලට දැම්මා. ටික දවසකින් තුවාල සුව උණා. ”තිසා” දැන් (40) වැනි වියේ පසුවෙයි. මෙ මාරක අත්දැකීම ගැන විස්තර කියූ ඔහු පැවසුවේ ඊට පස්සේ ඉඳලා කව්රු හරි එක්ක කැලේ යනවා නම් කාටත් පස්සේ ගමන් කරන්නේ තමා බවයි. ”නැත්නම් තනිවම ගිහින් දඩයමක් කරගෙන මි පැණි ටිකක් හොයාගෙන එනවා....” යි ඔහු පැවසුවේ සිනාසෙමිනි. වැදි රැහේ ජීවිතය-1 වැදි රැහේ ජීවිතය-2



අදහස් (0)

වන්නියලෑ ඇත්තන්ගේ තුවක්කුව පත්තුවූ දා

ලියොන් ගුණවර්ධන Friday, 12 December 2014 04:23 AM

ඉහත ලිපිය කියවූ පසු මට සිතුණේ උසස් සංස්කෘතියක් ඇති අපේ වැදි ජනයා වෙඩි තබා සතුන් ඝාතනයට පුරුදු වූ නිසා ඔවුන් අනතුරු වලට භාජනය වුවා පමණක් නොව වන සතුන්ද බියපත් කළබවයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1035 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4538 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 409 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1678 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site