IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


විනිවිද පෙනෙන්නේ වීදුරු පමණක් නොවේ

විනිවිද පෙනෙන්නේ වීදුරුය. සතකු විනිවිද පෙනෙන්නේනම් එය පුදුමයකි. නමුත් ලෝකයේ එලෙස විනිවිද පෙනෙන අරුම පුදුම සත්තු රැසක් සිටිති. විනිවිද පෙනෙන මේ ගෙඹි විශේෂය ලෝකයට හඳුන්වාදී ඇත්තේ ජපාන විද්‍යාඥයන් කණ්ඩායමක් විසින්. ගෙම්බාගේ බිත්තර ශරීර අභ්‍යන්තරයේ පිහිටා ඇති ආකාරය පවා පැහැදිලිව දක්නට හැකිවීම විශේෂත්වයක් විනිවිද පෙනෙන මේ මිරිදිය පොකිරිස්සා සොයා ගන්නා ලද්දේ උතුරු ඇමරිකාවේ ගල්ගුහාවකින්මේ ගෙඹි විශේෂය ජීවත්වන්නේ වෙනිසියුලාවේය. වීදුරු ගෙම්බා හෙවත් ග්ලාස් ෆ්රොග් ලෙස හඳුන්වන මොවුන්ගේ උදර ප‍්‍රදේශය  විනිවිද පෙනෙන ආකාරයෙන් පිහිටා තිබේ.  ආලෝකයට ඉතාමත් සංවේදී මේ මත්ස්‍යයාගේ හිස කොටස විනිවිද පෙනෙන ආකාරයෙන් පිහිටා තිබේ. ගැඹුරු මුහුදේ ජීවත් වන මොවුන් බැරල් අයි යනුවෙන් හඳුනවයි. වීදුරු බෝලයක් මෙන් ගැඹුරු මුහුදේ දක්නට ලැබෙන මේ දැල්ලන් විශේෂය වීදුරු දැල්ලා යනුවෙන් හඳුන්වයි. මේ සමනළයාගේ පියාපත්වල ඇතැම් කොටස් විනිවිද පෙනෙන ආකාරය මේ ඡායාරූපයෙන්ම පැහැදිලිවේ. ක්‍රොකඩ‍්‍රයිල් ෆිෂ් හෙවත් කිඹුල් මාළුවා යනුවෙන් හඳුන්වන මේ සත්ත්වයාගේ රුධිරය පවා අවර්ණ බවයි විද්‍යාඥයන් පවසන්නේ . දකුණු අර්ධගෝලයේ ශීත මුහුදේ දැකිය හැකි සත්ත්ව විශේෂයකි. උතුරු අත්ලාන්තික් සාගර පත්ලේ කළ පර්යේෂණ වලදී මේ වීදුරු ඉස්සා සොයාගෙන තිබේ. විනිවිද පෙනෙන බෝලයක් ද රැගෙන පිහිනා අයන ආකාරයක් පෙනෙන මේ ජීවියා ඉතාමත් කුඩා කූණිස්සෙකි.සෙන්ටි මීටර 10 ක් පමණ දිගැති මේ ජෙල් ෆිෂ් ද විනිවිද පෙනෙන සත්ත්වයකු ලෙස ප‍්‍රකටයි. වීදුරු වලින් සැකසුණු පියාඹන පීරිසියක් සේ දිස්වන මේ අපූරු සත්ත්වයා ඉතාමත්ම කුඩා ජෙල් ෆිෂ් විශේෂයක්. ගැඹුරු මුහුදු පත්ලේ ජීවත් වන මේ පැතලි මාලූවා තම ශරීරයේ අස්ථි සැකැස්ම සම්පූර්ණයෙන්ම දැකිය හැකි තරම් විනිවිද පෙනෙන අපූරු මත්ස්‍යයෙකි. විනිවිද පෙනෙන මේ මත්ස්‍යයා අඳුරු සාගර පත්ලේදී සතුරන්ගෙන් සැ`ගව සිටින්නේ සිරුරේ මේ අපූරු ස්වභාවය උදව් කරගනිමිනිවිනිවිද පෙනෙන මේ මත්ස්‍යයා සොබා දහමේ නිර්මාණයක් නොව මිනිසා විසින් ජාන වෙනස් කම්වලට භාජනය කර කෘතිමව අභිජනනය කරනලද මත්ස්‍යයෙකි.මේ ඉස්සාද ගැඹුරු මුහුදු පත්ලෙන් හමුවූ තවත් විනිවිද පෙනෙන සත්ත්ව විශේෂයකි.



අදහස් (0)

විනිවිද පෙනෙන්නේ වීදුරු පමණක් නොවේ

අසංග Monday, 02 January 2012 03:34 PM

මාරම දේවල්නේ

:       0       1

සුසාන් Saturday, 16 June 2012 03:48 PM

නියමයි..

:       0       1

ලක්මාලි Wednesday, 17 April 2013 03:19 PM

දුර්ලභ ඡායාරූප ටිකක්. ස්තූතියි! (නි)

:       0       1

විරාජ් මධුසංක Monday, 09 January 2012 07:42 PM

ඇත්තටම ලෝකේ මොන තරම් ලස්සන දේවල් තියෙනව?

:       0       1

එස්.පී.ඩබ්ලිව්. රංජනී Wednesday, 11 January 2012 01:53 PM

ඇත්තටම ලෝකෙ ලස්සනයි. අපි එය රැකගත යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 296 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 140 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 67 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 362 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 526 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 893 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 473 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 704 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1976 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site