(දයාරත්න ඇඹෝගම)
ශබ්ද තරංගයක් මගින් වන අලි පලවා හැරීම සඳහා උපකරණයක් අනුරාධපුර ඉංජිනේරුවරයෙකු විසින් නිපදවා තිබේ.
ඔහු අනුරාධපුර ඔයාමඩුව,බුත්තල පදිංචි කරුවෙකු වන මනතුංග දිප්ති ජිවකාන්ත ද සිල්වා (42) නැමති ගුවන්යානා සහ විදුලි දුම්රිය ඉංජිනේරුවරයෙකි.මේ වන විට සිල්වා මහතා ඩුබායි රටේ සේවයේ නිරතව සිටිති.
සිය නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින් ජිවකාන්ත ද සිල්වා (42) මහතා මෙසේ පැවසීය.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා.සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හැදැරුවාට පස්සේ මම ලංකාවේ රැකියාවල් කිහිපයක් කළා.පසුව ඩුබායි රටට ගියා.ගුවන් යානා නඩත්තු කිරීම සඳහා අවුරුදු තුනක් පෞද්ගලික ආයතනයක ඉගෙන ගෙන ගුවන් යානා නඩත්තු කිරීම සඳහා බලපත්‍රය ලබාගත්තා.ගුවන් යානා නඩත්තු කිරීමේ රැකියාව අවුරැදු තුනක් සිදුකළා.
ඊට පස්සේ ඩුබායි රටේ විදුලි දුම්රිය සේවාව ආරම්භ කළාට පසුව මම විදුලි දුම්රිය ඉංජිනේරුවරයෙක් විදියට 2012 වසරේ සිට මේ දක්වාම ඩුබායි රටේ සේවය කරනවා.
ඒ අතරතුර තමයි මම වනඅලි පලවා හැරීමේ මෙම යන්ත්‍රය නිර්මාණය කළේ.ඒ සඳහා මට පේටන්ට් බලපත්‍රයක් ලැබිලා තියෙනවා.පළමුවෙන්ම මම මෙම යන්ත්‍රය හදන්න පෙර ලෝකයේ ඉන්න වන අලියෝ පිළිබඳව මාස හයක්ම අධ්‍යනය කළා.
අප්‍රිකානු අලි,ඇමරිකාවේ ඉන්න අලි ගැන ඔවුන්ගේ හැසිරීම පිළිබඳව අධ්‍යනය කළා.ඉන් මම වටහාගත් දෙයක් තමයි මොලය තියෙන අලි විශාල පිරිසක් ඉන්නේ ලංකාවේ කියන එක.ලංකාවේ වන අලි විදුලි වැටේ කණුව උඩින් ගලවලා ටක් ගාලා බිම දානවා.
දකුණු ආසියාවේ හොඳම අලියා ඉන්නේ ලංකාවේ.මම අපේ ලංකාවේ අලියෝ බය මොනවටද කියලා ආයේ අධ්‍යනය කළා.ඊට පස්සේ මම අධ්‍යනය කළා ඇයි මේ අලි වැටවල් අසාර්ථක වෙන්න හේතුව කියලා.
මේ සඳහා වියදම වැඩියි,දැණුම නැහැ,නඩත්තු කරන්න බැහැ.ප්‍රශ්න ගොඩාක් තියෙනවා.ඒක තවදුරටත් හරියන්නේ නැති නිසා තමයි මේ වන අලි ප්‍රශ්නයට මුහුණ දෙන්න මේ වාගේ නිර්මාණයක් බිහිකරන්න කටයුතු කළේ.අලි එනකොට මේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම පමණයි කළ යුත්තේ.අලි ගියාම අක්‍රිය කරනවා.වියදම අඩුයි.විදුලි වැට වගේ නිතර විදුලිය භාවිතා කරන්න ඔනේ නැහැ.
අලිගැන අධ්‍යනය කිරීමෙන් පසුව මම දැනගත්තා අලියෝ සමහර දේවල් වලට අකමැති බව.ඒ වාගෙන් අලි ඇත් වෙන්න උත්සහා කරනවා.අලි සමහර ශබ්ද තරංග අහන්න අකමැතියි.ඒ පිළිබඳව අධ්‍යනය කරලා මම හැදුවා උපකරණයක් ඒ කියන්නේ මේ අලි පලවා හැරීමේ උපකරණය.
මේ උපකරණයට යොදවලා තියෙනවා ඝෝෂාකාරි හඬක්.ඒ ශබ්දයට වන අලි හරිම අකමැතියි.හැබැයි මේ හඩ නිසා අනෙකුත් සතුන්ට පීඩාවක් සිදුවන්නේ නැහැ.ඒ හඩ ඇසෙන දිසාවක වන අලි රැදි ඉන්නේ නැහැ.මේ උපකරණයේ හඩ මීටර් 100 ක් 150 ක් දුරට අපිට ඇහෙනවා.නමුත් අලියාට මේ හඩ කිලෝ මිටර් එක හමාරක් දෙකක් දුරට ඇහෙනවා.මේ ශබ්දයත් එක්ක අලියා කිලෝ මිටර් හතරක් පහක් දුරටආපස්සට යනවා.
අලියා ආපහු එන්න පුලුවන්.නමුත් අර ශබ්දය නැවත ඇහුනොත් අලියා තමුන්ට මෙම ස්ථානය ගැවසෙන්න සුදුසු ස්ථානයක් නොවෙයි කියලා හිතනවා.ආයේ ආපසු ඒ ප්‍රදේශයට එන්නේ නැහැ.අලි ඒ පළාත අත් හැරලා යනවා.මේ උපකරණය ඔනේ තැනකට අරන් යන්න පුලුවන්.වන ජිවි දෙපාර්තමේන්තුවේ වාහනයකට සවි කරලා ඔනේ කැලැවකට අරන් ගිහින් වන අලි එලවන්න පුලුවන්.
මම උපකරණය ගැන දැනුවත් කරන්න මම ඩුබායි ඉදලා වනජීවි ඇමතිතුමා සම්බන්ධ කරගන්න උත්සහා කළා බැරිවුණා.
ඊට පස්සේ ඇමතිතුමාගේ කාර්යාලයෙන් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සම්බන්ධ කරගන්න පුලුවන් වෙයි කියලා ඒතුමාගේ දුරකතන අංකය දුන්නා.ඒ අනුව ඒතුමා සම්බන්ධකර ගැනිමට හැකියාව ලැබුණා.
මෙම යන්ත්‍රයට අමතරව මම තවත් නිර්මාණ පහක් කරලා තිබෙනවා.ඒ සඳහාත් පේටන්ට බලපත්‍ර පහක් මට ලැබිලා තිබෙනවා.ලංකාවේ විදුලි ප්‍රශ්නයටත් විසදුමක් විදියට මුහුදු ජලයෙන් විදුලිය නිෂ්පානය කරන්න මම උපකරණයක් නිෂ්පාදනය කොට තිබෙනවා.
විශේෂයෙන්ම මුහුදු ජලයෙන් විදුලිය නිෂ්පාදනය කරන යන්ත්‍රය මගින් රටටම විදුලිය නිෂ්පාදනය කරලා අතිරික්තය මාලදිවයිනට,ඉන්දියාවට විකුණන තත්වයකට නිපදවන්න පුලුවන්.
පොලොව යට විදුලි බලාගාරයක් ගහලා තමයි මම විදුලිය නිෂ්පාදනය කරන්නේ.පැයට කිලෝ වෝට් 10.000 ක් විදුලිය නිෂ්පාදනය කරන්න පුලුවන් මට.එහෙත් අපේ රටේ පාලකයන් අපේ හැකියාවන් ගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ.
ඒ නිසා අපට පිටරටට වෙලා ඔවුන්ට සේවය ලබාදෙන්න සිදුවිම කණගාටුවක්.මේ සම්බන්ධයෙන් අපේ නව ජනාධිපතිතුමාත් රජයත් අවධානය යොමු කරලා සිය හැකියාවෙන් සේවය ලබාගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතෙම මෙහිදි පැවසීය.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
2023 සැප්තැම්බර් 5 වැනිදා අඟහරුවාදා බ්‍රිතාන්‍යයේ “චැනල් 4” රූපවාහිනී නාළිකාව ඔවුන්ගේ “ඩිස්පැචස්” වැඩසටහන ඔස්සේ “ශ්‍රී ලංකාවේ පාස්කුදා බෝම්බ ප්‍රහාර”
ඉන්දියාවට අයත් දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් මේ වනවිට
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වන අලි පන්නන්න ශබ්ද තරංග
apksa Thursday, 26 December 2019 01:49 PM
වල්අලින්ගෙන් බේරීමට, මී මැස්සන් බෝකර මීමැසි වැටවල් හදන්න පුරුදු වෙන්න.
AmalThursday, 26 December 2019 03:51 PM
මේ ක්‍රමය දැනටමත් භාවිතාවේ නැතිද ලංකාවේ.
Mee massaFriday, 27 December 2019 05:42 AM
මේ ක්‍රමය ලංකාවේ නියමු ව්‍යාපෘතියක් විදියට කළා. අසාර්ථකයි. ලංකාවේ මී මැස්සන්ගේ ශරීර ප්‍රමාණයත් ඊට එක් හේතුවක්.. තාවකාලික පලවා හැරීමකට වඩා කළයුතු වන්නේ අලින්ගේ ගමන් මාර්ග සඳහා ප්‍රමාණවත් භූමි ප්‍රදේශ වෙන් කිරීමයි. අලියෙක් නිශ්චිත ඉඩක් ඉන්න සතෙක් නෙමෙයි. තල් ගස්, හණ ගස්, දෙහි ආදිය යොදා ගෙන කළ ජීව වැට ක්‍රමයත් අසාර්ථකයි. තරමක් හෝ දැනට සාර්ථක වී තියෙන්නේ විදුලි වැටයි. එය නියමාකාරයෙන් සිදුකරනවා නම් ප්‍රශ්නයක් නෑ. මෙම නිෂ්පාදනය අගය කළ යුතුමයි. එහෙත් රජයේ අනුග්‍රහයක් හෝ සහයක් ගැන සිතීම නම් නිශ්ඵල දෙයක්...
joe fernando Thursday, 26 December 2019 05:30 PM
කෘමි නාශක පාවිච්චි කරනවානම් මී මැස්සෝ ඉන්නේ නැහැ
Sarath Silva Friday, 27 December 2019 02:01 AM
මේ මහතාගේ වටිනා නව නිෂ්පාදන ගැන කරුණාවෙන් සලකා බලන්න.
නෙවිල් Friday, 27 December 2019 03:10 AM
අපි මේ නව නිෂ්පාදන හදවතින්ම අගය කරනකවා. එත් මේ අහිසංක සත්තු ඈතට පලවා හැරලා උන්ගේ බඩගින්න නිවන්නෙ කොහොමද.?
Ajith Friday, 27 December 2019 04:18 AM
ඔහොම ගිහින් මුහුදට තමයි වන අලි එලවන්න වෙන්නේ.
janahitha Saturday, 28 December 2019 03:53 AM
මෙය රාත්‍රීකාලයේ මනම්පිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ සවිකරන්න පුළුවන්... මේ අලිමන්කඩේ වාර්ෂිකව අලි සිය ගාණක් මැරෙනවා දුම්රියේ හැපිලා... හේතුව නම් බීමත් රියදුරන් වේගයෙන් ධාවනය කිරීමයි. රජයේ වියදමින් මෙය කළයුතු වෙනවා.
sisira Saturday, 28 December 2019 09:14 AM
නොවැම්බර් 16 දායින් පසුව අලි ටික නැත්තටම නැතිවුණා.
නන්නාදුනන හාදයා Saturday, 28 December 2019 07:27 PM
අලියෙක් හොයාගෙන ගිහින් මොකක්ද ගෝරියක්...
Kumar Saturday, 28 December 2019 04:08 PM
අලි කියන්නේ හොඳට මොලේ තිබෙන සත්වයෙක්... ටික දිනකින් පැමිණ ඔය ශබ්දය නිකුත් කරන යන්ත්‍රය විනාශ කරලා දමයි. ඒ වැඩේ බිහිරි අලියෙකුට පවරයි. අලි කොහොම වෙතත් ඒ අවට ඉන්න කවුරුහරි එ්ක අරගෙන යයි.
leel gunawardena Tuesday, 31 December 2019 08:43 PM
සිසිර බැංකු කඩපු අලිටික නැත්තටම නැති උනා. ඒ අය කකුල් දෙකේ අලි. අපි කතා කරන්නේ කකුල් හතරේ අලි ගැනයි මොකක්ද ? අප්පා ඔයා.
mahinda Wednesday, 01 January 2020 01:37 AM
නව සොයාගැනීම් සියල්ල අමතක කර පැරණ කොමිස් මඩ වලේ නාන කට්ටිය තමයි රජය සේවෙත් දේසපලනෙත් ඉන්නේ .එකනේ රට වල පල්ලට යන්නේ
KumarWednesday, 01 January 2020 04:01 PM
සෑම අලුත් නිපැයුමක්ම සාර්ථක වෙන්නේ නැහැ. එම නිපැයුම එම කාර්යයට යොදවා කලකට පසු එම නිපැයුමේ හොඳ නරක කිව හැක. හොඳම නිදසුන ඇමෙරිකාවේ නිෂ්පාදිත නව මගීන් ගෙනයන ගුවන් යානය. යානා දෙකක් වැටී තුන්සීයකට වැඩි දෙනෙකුගේ ජීවිත අහිමි වුණා.
Jagath Wednesday, 01 January 2020 11:44 PM
අලි වටිනවා තමයි ඒත් මිනිස් ජීවිත ඊට වඩා වටින්නේ නැද්ද?