පසෙකින් පෙනෙන්නේ උණවටුන වෙරළ රැක ගැනීමට යැයි පවසමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිකරණ ලද ගල් බැම්මකි. ඊට පසෙකින් ගල් බැම්ම ඉදිකළ දා පටන් ඛාදනය වී විනාශ වූ වෙරළ තීරයයි. බැලූ බැල්මට පෙනෙන්නේ උණවටුන වෙරළ යනු මහ වැඩ බිමක් බවට පත්ව ඇති ආකාරයකි. එහි දැන් පෙර සුන්දරත්වය දක්නට නැත. වැලිවලින් පිරී ගිය උණවටුන වෙරළ තීරයට වෙනත් තැනකින් වැලි ගෙනවිත් දමීමට සකස් කැරුණු නළ මාර්ගයක් ද ඉදිවී ඇත.
අදින් වසර කිහිපයකට පෙර ලොව සුන්දරත ම වෙරළ තීරයක් ලෙස ආකර්ශනය දිනාගත් උණවටුට පැමිණ ගිය සංචාරකයෝ යළි පැමිණ විට සිදුව ඇති විපර්යාසය දැක තුෂ්ණිම්භූතව බලා සිටිති.
දැන් මේ මනරම් පාරාදිසය යකා නැටූ සොහොන් පිටියක් වැනිය. වෙරළ තීරයේ ඉදිකිරීම් හා ඒ සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින කි‍්‍රයාපිළිවෙත සම්න්ධයෙන් නිලධාරීන් මුනිවත රකිති. උණවටුනේ ව්‍යාපාරික ප‍්‍රජාවත් පදිංචිකරුවෝත් පවසන්නේ පසුගිය රජයේ නායකයෝ ඥති සංග‍්‍රහය ස`දහා උණවටුන බිලි දුන් බවයි.
ඔවුන් පවසන පරිදි උණවටුනේ එක් ස්ථානයක තිබූ ඉඩමක් රජයේ දේශපාලන නායකයකුගේ ඥති වෛද්‍යවරයකු විසින් මිලදී ගෙන ඇත. ඔහු මිලදීගත් ඉඩමේ හෝටලයක් සෑදීම අපේක්ෂාව විය. ඒ අසළ වැලි පුරවා වෙරළක් නිර්මාණය කරගැනීම ස`දහා ඔහුගේ දේශපාලන හයියෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කළේය. ඒ ව්‍යාපෘතිය ස`දහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 960කි. ඒ 2012 වර්ෂයේ අග භාගයේ දී ය. ගල් දමා උණවටුනේ මීටර 200ක් දිගට බැම්මක් ඉදිකැරිණි. මේ බැම්ම ඉදිකිරීමේ මූළික සැලැස්ම වූයේ එය මුහුදු ජලයෙන් උඩට නොපැමිණෙන පරිදි සෑදීම වුව ද සාදා නිමකරණ විට මුහුදු ජලයෙන් ඉහළට එසවී තිබිණි.
තමන් දැමූ ගල් බැම්මේ ආදීනව ඇස් පනාපිටම පෙනෙන්නට තිබෙද්දී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යළි 2013 සැප්තැම්බර් මාසයේ දී එහි කොටසක් ගලවා ඉවත් කළේය. ඒ ස`දහා වැයවූ මුදල කොපමණ දැයි එම දෙපාර්තේම්න්තුව පවසන්නේ නැත.
සංචාරක නිකේතනයක හිමිකරුවකු වන රූපසේන කොස්වත්ත මහතා (52) මෙසේ කියයි.
උණවටුනට සංචාරකයන් පැමිණියේ සුන්දර වෙරළ තීරය නිසා. නමුත් දැන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවිධිමත් වැඩපිළිවෙල නිසා ඒ වෙරළ අපිට අහිමිවෙලා ගිහින්. මේ ගැන වහාම බලධාරීන්ගේ අවධානය යොමු නොවුණහොත් උණවටුනේ සංචාරක කර්මාන්තය විනාශ වෙනවා. මේ සංචාරක කර්මාන්තය හා බැඳුනු ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සිය ජීවන වෘත්තිය අහිමි වෙනවා.
බැම්ම දාපු දවසේ සිට මුහුදු ඛාදනය සිදුවුණා. අපි කියන්නේ නැහැ කලින් මුහුදු කෑවේ නැහැ කියා. ඒක වාරකන් කාලයේ දී කොහොමත් සිදුවන දෙයක්. නමුත් වාරකන් අවසන් වූ වහාම යලි වෙරළ හැදෙනවා. මේ බැම්ම දැම්මට පස්සේ ඒ ස්වභාවික කි‍්‍රයාවලිය සිදුවෙන්නේ නැහැ.
ඩෙන්මාර්ක් සිට පැමිණි එලී මල්ස්කෙයින් මහත්මිය මෙසේ කීවාය.
‘‘ මම මීට අවුරුදු කිහිපයකට පෙර ලංකාවට ආවා. ඒ කාලේ උණවටුන හරිම ලස්සනයි. ඒත් දැන් අදා තිබුණු වෙරළ උණවටුනේ නැහැ. ඒ ගැන තිබෙන්නේ ලොකු කණගාටුවක්. ලස්සන රටක් ඒත් මේ රටේ පරිසරය ගැන කිසිම කෙනෙක් හිතන්නේ නැති බව පෙනෙනවා. ’’
කිසිදු විධිමත් ශක්‍යතා අධ්‍යනයකින් හෝ විද්‍යාත්මක පදනමක් හෝ නොමැතිව වෙරළ ඛාදනය නැවැත්වීමට යැයි පවසමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍ෂණිකව ඉදි කරන ලද අවිධිමත් ගල්වැටිය හේතුවෙන් මෙම අනපේක්‍ෂිත ව්‍යසනය සිදු වූ බව තේරුම්ගත් උණවටුනේ සංචාරක කර්මාන්තයේ නිතරවූ අයත් පදිංචි කරුවෝත් දිගින් දිගටම උද්ඝෝෂණවල නිරතවූහ. දන්නා කියන හැම තැනටම සිදුවූ මේ විනාශය පෙන්වාදුන්හ. එහෙත් දේශපාලන බල පරාක‍්‍රමය හමුවේ කිසිවක් සිදුවූයේ නැත.
අවසානයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළේ මුහුදු ඛාදනය වීමෙන් දැඩි අවදානමකට ලක්වූ හෝටල් කිහිපයක් ඉදිරියෙන් බාධකයක් සකස් කිරීමයි. ඒ ස`දහා 2013 දෙසැම්බර් මාසයේ දී හික්කඩුව හා අම්බලන්ගොඩ කියුබික් මීටර 25,000ක් දැමීමට සැලසුම් කිරීමයි. මේ වැලි දැමීම අවසන් වූ පසු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දී උණවටුනේ ව්‍යාපාරිකයන් සමග පැවති සාකච්ඡුාවක දී එහි නිලධාරීන් කියා සිටියේ වැලි කියුබ් 500ක් එකක් රුපියල් 4500 බැගින් ගෙන එහි දැමූ බවයි. වැලි ගෙන ආවේ එවැනි ප‍්‍රමාණයක් නම් ඒ ස`දහා වැය කළ මුදල රුපියල් 22,50,000 කි. නමුත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණ අනුව පැවසෙන්නේ මේ ස්ථානයට වැලි කියුබ් එකක් රුපියල් 4500.00 බැගින් කියුබ් 1840ක් ස`දහා රුපියල් 82,80,000ක් වැය කැර ඇති බවයි. මෙතැන දී වංචාවක් සිදුව නව රජය විසින් සොයා බැලිය යුතුය.
උණවටුනේ කිමිදුම්කරුවකු වන රොෂාන් ගමගේ මහතා (27) මෙසේ කීවේය.
සුනාමියෙන් උණවටුන විනාශ වූ වෙලාවේ විදේශ රටකින් මේ උණවටුනේ ගල් බැම්මක් දාන්න ව්‍යාපෘතියක් ඉදිරිපත් වුණා. ඒ වෙලාවේ විදෙස් විශේෂඥයන් පිරිසක් ඇවිත් මෙතැන මුහුදට බැහැලා රළ හැසිරීම ගැන මාස කිහිපයක් අධ්‍යයනය කළා. ඔවුන් සමඟ මමත් බැස්සා. ඒත් ඒ අයගේ තීරණය වුණේ මේ ස්ථානයේ කිසිදු ගල් බැම්මක් ඉදිනොකළ යුතු බව. ඔවුන් ඒ වෙලාවේ අපට කීවා ගල් දැම්මොත් අද මේ තියෙන වෙරළ විනාශ වෙනවා කියා. එය ඇත්තටම දැන් ඒ ආකාරයෙන් ම සිදුවෙලා. අපේ අය කිසිම තැකීමක් නැතිව ගල් බැම්මක් දාලා උණවටුන වැනසුවා. මේවා කරන්න ඉස්සෙල්ලා සොයා බලන්න ඕනෑ. නමුත් එලෙස හෙව්වේ බැලූවේ නැහැ. ’’
මෙම දැවැන්ත මුහුදු කෑමට හේතුව කිසිදු විශේෂඥ උපදෙසක් හෝ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන්ගේ කිසිදු අධීක්ෂණයකින් හෝ මගපෙන්විමකින් තොර අත්තනෝමතිකව අළුතින් ඉදිකල ගල්බැම්ම බව අපිට පැහැදිලියි. උණවටුණ වෙරළ හා සංචාරක ව්‍යාපාරය සුරැුකීමේ සංවිධානයේ සභාපති නීතිඥ රූපසේන කොස්වත්තගේ මහතා ඇති වී ඇති විපත්තිදායක තත්වය පිළිබ`ද එසේ පවසයි. මේවන විට උනවටුණ වෙරළෙන් සියයට හැත්තෑ පහකට අධික වපසරියක් සම්පූර්ණයෙන් විනාශ වී හමාරයි. ධීවරයන්ට ඔවුන්ගේ බෝට්ටු නැංගුරම් පළ අහිමි වී ඇත. මේ වෙරළ ඛාදනය නිසා ඔවුන්ට ඔවුන්ගේ බෝට්ටු දියත් කරන්නත් දියඹින් වෙරළට නැවත ගොඩ කරන්නත් බැහැ. මේක ජාතික අපරාධයක්. මෙයට වහාම පිළියම් යෙදිය යුතුයි.
මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් පවසන්නේ අදාළ දිය කඩනය ඉදිකලේ උණවටුනේ පැවති වෙරළ ඛාදනය නැවත්වීමට බවත් මේවන විට වෙරළ තීරයේ විශාල ප‍්‍රදේශයක් ආරක්ෂා වී ඇති බවත්ය.
ඵසේම දැනට ඛාදනයට ලක්වී ඇති වෙරළ තීරය වැලි පුරවා නැවත යථාතත්වයට පත් කිරීමට සියලූ කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ නිලධරයෝ කියති.
ඒ ස`දහා ඔවුන් එක් ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කළහ. ඒ වැලි දමා මේ මුහුදු කෑ ප‍්‍රදේශයේ යළි වෙරළක් සෑදීමයි. ඒ ස`දහා බොස්කාලින් ඉන්ටර්නැෂනල් සමාගමට රුපියල් ලක්ෂ 7000ක මුදලක් ලබා දීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය. කාර්යය බාරගත් බොස්කාලින් සමාගමේ විශේෂඥයෝ ස්ථානීය පරීක්ෂාවකින් පසු කියා සිටියේ මේ ආකාරයෙන් වැලි පිරෙව්ව ද එය අසාර්ථක වන බවයි. එවැනි අසාර්ථක ව්‍යාපෘතියක් කිරීමෙන් තම සමාගමේ කීර්ති නාමයට හානිවන බව පැවසූ එම සමාගම අදාල ව්‍යාපෘතිය ප‍්‍රතික්ෂේප කළේය. ඒ බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඔවුන් ලිඛිතව දැනුම් දී ඇත. එවැනි සමාගමක් පවා මේ ව්‍යාපෘතිය අසාර්ථක වන බව පවසද්දී ඉන් නොනැවතුණු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව තම මතය වෙනස් නොකර දැන් තවත් සමාගමකට ඒ කාර්යයම භාර දෙයි. ඒ ස`දහා අදාල සමාගම අපේක්ෂා කරණ මුදල රුපියල් ලක්ෂ 8000කි. ඒ කොන්ත‍්‍රාත්තුව ස`දහා ඉදිරිපත් වී ඇත්තේ ඞී.අයි.ජී. නමැති ආයතනයකි.
ඒ අතර මුලින්ම ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිකරණ ලද ගල් වැටිය මුළු මනින්ම ගලවා ඉවත්කිරීම හෝ එහි සියයට 80 ක් ගලවා ඉවත්කළ යුතු බවයි. දෙවැනි කරුණ ඔවුන් දක්වා ඇත්තේ මේ ගල් වැටිය ඉවත්කරන අතරම වැලි පොම්පකර ඛාදනය වූ වෙරළ යලි සකස් කළ යුතු බවයි. මේ දෙකම නොකරන්නේ නම් උණවටුන වෙරළ ආරක්ෂා කළ නොහැකි බව ද එම වාර්තාවේ දැක්වෙයි.
මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය ඉංජිනේරු චානක විනෝද් මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ දැනට වැලි පොම්පකිරීම ස`දහා අවශ්‍ය බට සකස්කැර ඇති බවයි. සති දෙකකින් පමණ වැලි පොම්පකිරීමේ කටයුතු ආරම්භ වන බව ද ඒ මහතා කියා සිටියේය.
රුපියල් ලක්ෂ 50ක් වැයකරමින් ලබාගත් විශේෂඥ උපදෙස් අනුව ගල්වැටිය සපම්ූර්ණයෙන් ම ගලවා දැමීමට නිර්දේශ කර තිබීම ගැන විමසූ විට ඒ මහතා කියා සිටියේ ගල් වැටියේ මුහුදු කෙළවරේ සිට මීටර 100ක් මීටර තුනක් දක්වා ගැඹුරට ගල් ඉවත්කරණ බවයි. ඒ ස`දහා ටෙන්ඩර් කැ`දවා ඇති බවත් රුපියල් ලක්ෂ 370ක් ඒ ස`දහා වැයවන බවත් ඉංජිනේරුවරයා කියා සිටියේය.
මෙවර සිදුවන්නේ ද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂඥ උපදෙස් නොතකා යළි තම හිතුමතයට කටයුතු කිරීමයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වින කැටුන උණවටුන
සිරිල් Thursday, 05 March 2015 09:18 PM
අනේ අපි පුංචි කාලේ නාපු වැල්ලේ කෝවිලේ මුහුදට මොකද වුනේ? (අ)
අමරවීර- බෙන්තොට Thursday, 05 March 2015 12:13 PM
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ. (නි)
ගාල්ලගේ Tuesday, 10 March 2015 08:18 AM
අපේ තරුණ ගැටව් කාලේ කෙළිදෙලින් ගතකල සුන්දර උණවටුන වෙරල අසුන්දර කළ ඒ දේශපාලු ඥාතියා කව්ද? වහා හෙළිකරනු. නිසි දඬුවම් දෙනු. නැත්නම් යහ පාලනයෙන් වැඩක් නැහැ (නදී)
අරුණ සිල්වා Sunday, 08 March 2015 03:41 AM
පොඩි ගල් වැටියක් නිසා උණවටුනට මෙහෙම උන නම්, පොර්ට් සිටිය නිසා මොනවා වෙන්න බැරිද ? (ර)