IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වන සංරක්ෂණ වනසන දේශපාලකයන් පිටුදකිමු

“පාලකයා යනු රටේ අයිතිකරුවා නොව රටේ බාරකරුවා බව” ඉතිහාසයේ සිටම හිස් මුදුනින් පිළිගන්නා අනුබුදු මිහිඳු මහ  රහතන් වහන්සේ ජාතියට ම මුසු කළ උතුම් දහම් පණිවිඩයකි. එහෙත් වර්තමානය වනවිට එම උතුම් පණිවිඩ අරුත් සුන් බවට පත් කර තිබේ. ඒ දේශපාලකයන් විසින් ම ය.

දේශපාලකයා දැන් සිතන්නේ තමන් රටේ බාරකරුවා නොව පොල්මඃකාර උරුමක්කරුවා ලෙස ය. තමන්ට පමණක් තමන්ගෙන් පසු තමන්ගේ දූ දරුවන්ට ද මුණුබුරු මිණිබිරියන්ට ද උරුම විය යුතු පවුලේ බුදලයක් ලෙස ය.

 අප පුවත්පත ඉකුත්දා වර්තා කළ ප්‍රවෘත්තියකින් ඒ බව  මනාව සනාථ වේ. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ දේශපාලනඥයන්  පිරිසක් සීගිරිය වන සංරක්ෂිතයේ වරින් වර පුද්ගලයන් බලෙන් පදිංචි කරවීමෙන් එම රක්ෂිතයට හානි සිදුවෙමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ දී තොරතුරු අනාවරණය වූ බව ය.

සිංහල භාෂාවෙහි ‘‘නරුමයා’’ යනුවෙන් යොදන්නේ ‘‘යමක මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නා පුද්ගලයාට ය.’’ සීගිරිය වන සංරක්ෂිතයෙහි බලහත්කාරයෙන් මිනිස්සු පදිංචි කරවන්නේ එහි මිල දන්නා නිසා ය. සංරක්ෂිතයක විශේෂයෙන්ම සීගිරිය වන සංරක්ෂිතයෙහි වටිනාකම දන්නේ නම් එම සංරක්ෂිතය විනාශ වී යන ආකාරයට බලහත්කාරයෙන් මිනිසුන් පදිංචි කරවීමට කිසිවකු ඉදිරිපත් නොවනු ඇත.

‘‘දේශපාලනඥයා ඊළඟ මැතිවරණය ඉලක්ක කරන්නේ නමුදු රාජ්‍ය තාන්ත්‍රිකයා ඊළඟ  පරම්පරාව ඉලක්ක කර ගනී.’’ යන වාක්‍ය අපට අප රටේ දේශපාලනඥයන් හඳුනාගැනීමට කදිමට ගළපා ගත හැකි වාක්‍යයකි. අවාසනාවකට හෝ අප රටේ වැඩි වශයෙන් බිහිවී සිටින්නෝ රාජ්‍ය තාන්ත්‍රිකයන් නොව දේශපාලනඥයෝ ය. ඔවුන් සම්බන්ධයෙන් දුගඳ හමන මෙබඳු පුවත් වැඩි වශයෙන් වාර්තා වෙමින් තිබෙන්නේ එහෙයිනි.

මේ රටේ වන රක්ෂිත ප්‍රමාණය සියයට 29.5කි. එය ප්‍රමාණවත් නොවේ. එහෙයින්ම එය සියයට 32 දක්වා වැඩි කිරීමට කටයුතු සම්පාදනය කරන ලෙස පරිසරය, ස්වාභාවිත සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන් ය. තත්වය එසේ තිබිය දී දේශපාලනඥයෝ රක්ෂිතවල මිනිසුන් බලහත්කාරයෙන් පදිංචි කරවති.

දේශපාලනඥයාට වඩාත් වැදගත් වන්නේ මනාප විනා අන් යමක් නො වේ.  ඒ වෙනුවෙන් ඕනෑම නොහොබිනාකමක් කිරීමට ඔවුහු පෙළඹෙති. උපන් බිමේ බිම් අඟලක් නොමැති පුරවැසි ජනයාට බිම් අඟලක්  ලබාදීම කිසිසේත්ම වැරැදි නොවේ. එහෙත් ඒ සඳහා සුදුසු භූමි තෝරාගත යුතු ය.

යම් ප්‍රදේශයක් සංරක්ෂණ භූමියක් ලෙස ගැසට් කරනු ලබන්නේ විද්‍යාත්මක ක්‍රමවේදවලට යටත්වය. නොඑසේ නම් බොහෝ බැරෑරුම් පරිසර ප්‍රශ්න මතුවීම වැළැක්විය නොහැකි ය. එයට හොඳම උදාහරණය  අලි-මිනිස් ගැටුම ය.

රටේ බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව ඇති අලි-මිනිස් ගැටුම නිර්මාණය වී තිබෙන්නේ අහේතුකව නොව සහේතුකව ය. ‘වන අලි ගම්වදිති’ යැයි කීවට සැබෑවටම සිදුවී තිබෙන්නේ මිනිසා අලින්ගේ වාස භූමි ජනාවාස බවට පත් කර ගැනීම ය. ඒ වෙනුවෙන් ජීවිතවලින් වන්දි ගෙවීමට මිනිසාට මෙන්ම අලියාට ද සිදුවී තිබේ.

වනගහණය, ජනගහනයේ පැවැත්මට අතිශයින්ම උපකාරි මෙන්ම අත්‍යවශ්‍ය වූවකි. එහෙත් මනාපය දෙස බලාගෙන සිටින නරුම දේශපාලනඥයෝ ඒ බවක් නොසිතති.  එමෙන්ම නොදනිති.

කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත්තා සේ ම මෙම දේශපාලනඥයන්ගෙන් ද රට  බේරාගත යුතු ය.

(***)



අදහස් (0)

වන සංරක්ෂණ වනසන දේශපාලකයන් පිටුදකිමු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1041 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4540 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 411 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site