(ශ්රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා)
පසුගිය සතියේ වැඩි අවධානයක් හිමිවූ දේශපාලන කාරණය වූයේ බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දීමෙන් අනතුරුව රවී කරුණානායක අමාත්‍යවරයා තම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමයි.
අදාළ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පාර්ශ්ව සමඟ රවී කරුණානායක මහතාගේ ඇති සමීප සම්බන්ධතාව අභියෝගයට ලක් කරමින් ඔහුට එරෙහිව පොදු විපක්ෂය මගින් ඉදිරිපත් කළ විශ්වාසභංගය ඔහුගේ ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව විය. එම ඉල්ලා අස්වීමට පක්ෂව සහ විපක්ෂව කුමන තර්ක ගෙන ආවද මෙය යහපාලන රජය ලැබූ බරපතළ දේශපාලන පරාජයකි.
වර්තමාන රජයට වසර දෙකක් පිරීමටත් මත්තෙන් මෙවන් අභියෝගයකට ඔවුනට මුහුණදීමට සිදුවී ඇත්තේ ඔවුන් කරන ප‍්‍රධාන වැරැදි දෙකක් නිසාය. එයින් පළමු කරුණ වන්නේ 2015 ජනවාරි 08 වෙනිදා ලක්ෂ 62 කට අධික ජනතාව මහින්ද රාජපක්ෂ රජය පෙරළා දමා යහපාලන රජය පිහිටුවීමේ අපේක්ෂාව වර්තමාන පාලනයට තවමත් තේරුම්ගත නොහැකිවීමයි. දෙවැනි කරුණ වන්නේ රජයට එරෙහිව පොදු විපක්ෂය ඇතුළු විවිධ දේශපාලන කණ්ඩායම් ගොනුකරන චෝදනාවලට පිළිතුරු දීමට ඔවුනට ඇති නොහැකියාවයි.
2015-2014 මහින්ද රාජපක්ෂ පාලන සමය යනු ශ‍්‍රී ලංකා දේශපාලන වංශ කථාවේ සුවිශේෂි කාල පරිච්ජේදයකි. දශක තුනක ත‍්‍රස්තවාදයක් යුදමය වශයෙන් පරාජය කිරීමත්, දක්ෂිණ සහ කටුනායක අධිවේගි මාර්ග, මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය වැනි දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් වැනි කරුණු හේතුවෙන් ඔහුට ඇති දැවැන්ත දේශපාලන පෞරුෂයක් මෙන්ම අසීමිත ජනතා ගෞරවයක් ද හිමිවිය.
මහින්ද රාජපක්ෂ යනු දකුණින් දේශපාලනයට අත්පොත් තැබූ අමු සිංහලයෙකි. එසේ වුවද, 2005 දී ඔහු ජනාධිපති ලෙස පත්වන්නේ එල්.ටී.ටී.යේ පිහිටෙනි. රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අතිජාත මිත‍්‍රයකුව සිටි නැසීගිය ශ‍්‍රීපති සූරියආරච්චි දේශපාලන වේදිකාවක කියා සිටියේ මහින්ද රාජපක්ෂ එල්.ටී.ටී. යට දොළ-පිදේනි දෙමින් තම ප‍්‍රතිවාදියා වූ රනිල් වික‍්‍රමසිංහට වැටීමට නියමිත වූ දෙමළ ඡුන්ද වැළැක්වීම මගින් තම ජයග‍්‍රහණය තහවුරු කරගත් බවය.
2005 ජනාධිපතිවරණය ජයගත් පසු රනිල්ට කොටි ලේබලය අලවමින් තම සිංහල-බෞද්ධ ප‍්‍රතිරූපය අනාගත දේශපාලන තුරුම්පුව කරගැනීම මහින්දගේ ඉලක්කය විය. ඒ සඳහා එල්.ටී.ටී. යට මෙන්ම තම ජයග‍්‍රහණයේ දැවැන්තයන් වූ ශ‍්‍රීපති සහ මංගලට ද එරෙහිව තම බලය යෙදවීමට ඔහු පෙළඹිණ. ශ‍්‍රීපති සහ මංගල වෙනම දේශපාලනිකව සන්ධානගත වූ අතර එල්.ටී.ටී. යට එරෙහිව දැවැන්ත යුද්ධයකට මුල පිරීය. එහි ප‍්‍රතිඵලයක් ලෙස දශක තුනක ත‍්‍රස්තවාදය 2009 වසරේ මැයි මාසයේ යුදමය වශයෙන් පරාජය කිරීමට රාජපක්ෂ රජයට හැකිවිය.
ඒ සඳහා දිවිහිමියෙන් දායකවූ පාර්ශ්ව ගණනාවක් සිටිය ද, කැපීපෙනන භූමිකාව රඟපාන ලද්දේ පාර්ශ්ව තුනක් විසිනි. එම තුන්කට්ටුව වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, එවකට රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ යුද හමුදාවේ ප‍්‍රධානියා වූ ලූතිනන් ජෙනරල් සරත් ෆොන්සේකාය. එවන් කුරිරු යුද්ධයක් නිමාකර එහි උණුසුම පහව යන්නත් පෙර මෙම තුන්කට්ටුවේ එක් පාර්ශ්වයක් තමන්ට අභියෝග කරයි යැයි ඔහු කවදාවත් හිතන්නට නැත.
එහෙත් ජ.වි.පෙ. ගැටයට හසුවන සරත් ෆොන්සේකා 2010 දී තම නායකයාට අභියෝග කිරීමත් සමග සමස්ත දේශපාලන පරිසරයම උඩු-යටිකුරු විය. කෙසේ හෝ එම ජනාධිපතිවරණයේදී අසුන්දර අත්දැකීම් ගණනාවක් ඉතුරු කරමින් විශාල සිංහල-බෞද්ධ පදනමක් මත මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් ජනාධිපති බවට පත්විය.
2010 ජනාධිපතිවරණයෙන් අනතුරුව රාජපක්ෂ ජනාධිපතිවරයාට හිමිවූ අතිමහත් වූ දේශපාලන බලය හමුවේ ඔහුගේ ඒකාධිපතිත්වය භයානක ලෙස ඉස්මතුවිය. තමන්ගේ හෙවණැල්ල දෙසද සැකයෙන් බැලූ ඔහු, තමන්ට විරුද්ධ දේශපාලන ධාරා සුනුවිසුණු කර දැමීය. රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බල පරාක‍්‍රමයේ රැස්වළලූ තුළ ඔහුගේ දේශපාලන ගැත්තෝ තමන්ට හිතූ සේ හොරකම් කළහ.
2015 ජනාධිපතිවරණයේදී මේ රටේ මහා සංඝරත්නය ප‍්‍රමුඛ, සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු හැට දෙලක්ෂයක් වූ ජනතාව සියලූ අභියෝග නොතකමින් පෙළ ගැසුණේ 2010 න් පසු රාජපක්ෂ රෙජිමය නිර්මාණය කළ මෙම දුෂිත සහා පීඩිත දේශපාලන ධාරාව පලවා හැරීමටයි.
එමනිසා ජනතාව යහපාලනය වෙනුවෙන් තම ඡුන්දය ප‍්‍රකාශ කළේ රටේ පැවති ආර්ථික සංවර්ධනයේ ගැටලූවක් හේතුවෙන් නොව රාජපක්ෂ පාලනයේ පැවති දුෂිත අවපාලනයට එරෙහිව බව රජය මතක තබා ගතයුතුය. ජනතාව එක හඬින් ඉල්ලා සිටියේ මෙම හොරුන්ට නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසය.
රාජපක්ෂ පාලනයට එරෙහිව එල්ල වූ රුපියල් කෝටි ගණන් වූ මුදල් වංචා ගැන, ඩුබායිවල ඉදිවූ හෝටල් ගැන, හෙජින් ගිවිසුම් ගැන පමණක් නොව ඝාතනයට ලක්වූ තාජුඞීන්ලා, ලසන්ත වික‍්‍රමතුංගලා මෙන්ම අතුරුදන් කළ එක්නැළිගොඩලා පිළිබඳ සොයා බලා ඒ වෙනුවෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීම රජය බලයට පත්කළ ජනතාවගේ එකම අපේක්ෂාව විය. එහෙත් අද රටට උරුමව ඇත්තේ එදා අපේක්ෂාකළ රජය නොව, එක්තරා ආකාරයක දේශපාලන අච්චාරුවකි. කබැල්ලෑවාගේ ගෙදරට ඉත්තෑවා රිංගූ විට කබැල්ලෑවාට වන ඉරණම අද එ.ජා.ප. ට සිදුවී ඇත. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව මහින්ද රාජපක්ෂගේ වේදිකාවේ දේශපාලන වෙණ වැයූ බහුතරයක් ද වර්තමාන ආණ්ඩුව නියෝජනය කරති.
ඔවුන්ගෙන් සැලකියයුතු පිරිසක් දෙපැත්තේ කකුල් දෙක තියාගෙන ඉන්න ? දනියෙල්ලාය. එම නඩයට එ.ජා. පාක්ෂිකයන්ගේ ඡුන්දයෙන් බලයට පැමිණි කීපදෙනකුගේ ද ආශිර්වාදය හිමිවන බව ඉතා පැහැදිලිය. එවන් පරිසරයක රාජපක්ෂවරුන් ආරක්ෂාකිරීම වෙනුවෙන් ඔවුනට කළ හැකි සියල්ල කිරීමට ඔවුහු සැදී පැහැදී සිටිති.
තවමත් ඔවුනගේ දේශපාලන සතුරන් වන්නේ ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ එ.ජා.ප. මැති ඇමතිවරුය. එයට ආසන්නතම නිදසුන වන්නේ රවී කරුණානායක ඇමතිවරයාට එල්ල වූ දෝෂාභියෝගය හමුවේ ඔවුනගේ හැසිරීමයි.
මේ වනවිටත් පොදු විපක්ෂයේ නියෝජිතයන්ට එරෙහිව සකස්කළ දුෂණ සහ වංචා පිළිබඳ ලිපිගොනු 83 ක් නීතිපති දෙපාර්තමේන්තුවේ හිර වී ඇත. එම දුෂණ සෙවීම යටයමින් 2015 සිදුවූවා යැයි පවසන බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීමට විවිධ පාර්ශ්ව දක්වන කාර්යක්ෂමතාව පුදුමසහගතය.
යහපාලනය යටතේ කවුරු වැරැදි කළත් එයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුය. එහෙත් ඒවාහි පිළිවෙළක් තිබිය යුතුය. රවී කරුණානායකලා හදපු ආණ්ඩුව මගින් පිහිටුවන ලද ස්වාධීන කොමිසම් රවී කරුණානායකලාම දංගෙඩියට යවන්නේ නම් එය වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමක් වැනිය.
රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම හෝ ඔහු අමාත්‍යධුරයෙන් පහකිරීම යනු හුදකලා කාරණයක් නොව මෙය අවංකවම යහපාලනය වෙනුවෙන් කැපවී ඇති සියලූ පාර්ශ්වලට එරෙහිව රාජපක්ෂවරුන් ගැසූ කණේ පහරකි. එහෙත් මේක යහපාලන ආණ්ඩුවට තවම තේරෙන්නේ නැත.
රවී කරුණානායක අමාත්‍යවරයා බැඳුම්කර කොමිසමට කැඳවූ විට දෙවරක් ඔහු එය මගහැරීය. එයට හේතු ලෙස ඔහු පවසා තිබුණේ ඒ දිනවල අමාත්‍ය මණ්ඩල රැුස්වීම් පැවති බවය. එය ඉතා ඉහළින් සමහර මාධ්‍ය හුවා දැක්වූවත්, එක්තරා කොමිසමකට කැඳවූ පොදු විපක්ෂයේ නියෝජිතයකු තමන්ට නයෙකු ගැසූ බව පවසමින් කොමිසම මගහැරීම ගැන එම මාධ්‍ය ගොළු විය. කොමිසම විසින් විමසන ලද රවී කරුණානායක අමාත්‍යවරයාගේ නව නිවසේ හිමිකාරීත්වය තම පවුල සතු බවත්, එය මිලටගත් ආකාරයත් ඔහු හෙළිදරවු කර තිබුණි. එසේ නොමැතිව මල්වානේ තිබෙන ගෙදර තමන්ගේ නොවන බව බැසිල් කියනවා වගේ, තමන්ගේ ආච්චි එළියේ ඉඳගෙන ඉන්නවිට නොදන්න කෙනෙක් ගෙනත් දුන්න මැණික් පාර්සලයකින් ලැබුණ මුදල්වලින් ගෙයක් ගත්තා යැයි යෝෂිත කියනවා වගේ රවී සමාජය හිනැස්සුවේ නැති බව බොහෝ මාධ්‍යවලට අමතකය.
අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැඳුම්කර වංචාවට කොමිෂන් ඉල්ලපු බොහෝ දෙනකු හිටපු මහබැංකු අධිපති අජිත් කබ්රාල් ග‍්‍රීසියේ කළ ආයෝජන සහ හෙජින් ගිවිසුම මගින් රටට කළ බව පැවසෙන කෝටි 8,000 කට ආසන්න පාඩුව ගැන සොයා බලන්න කොමිසමක් ඉල්ලන්නේ නැත. මහින්දානන්දගේ අයථා ලෙස රැස්කළේ යැයි කියන ධනස්කන්ධය පිළිබඳ රටට හෙළිකර බොහෝ කල්ගියද ඔහු තාමත් නිදැල්ලේය. රටේ ජනතාව යහපාලනයට අම්මා-මුත්තා නැතිවෙන්න බනින්නේ මේ නිසාය.
2015 ජනාධිපතිවරණයේදී එ.ජා. පෙරමුණ සමඟ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සන්ධානගතවීමත්, හෙළ උරුමය සහ මහා සංඝරත්නයද ඒ සමග අත්වැල් බැඳ ගැනීමත් සමග මහින්ද රාජපක්ෂ මහතාගේ සිංහල-බෞද්ධ ඡුන්ද තුරුම්පුවේ බල පරාක‍්‍රමය වේගයෙන් හීනවිය. ඒ අනුව අදුෂිත සුරයන්ගේ සහ දුෂිත අසුරයන්ගේ දේශපාලන යුද්ධය හමුවේ පරාජය වන රාජපක්ෂවරුන්ගේ මූලික කාර්යභාරය වන්නේ තමන්ට එල්ල වූ දුෂණ චෝදනා ”මිස්ටර් ක්ලීන්ගේ” කැබිනෙට්ටුවට පාරාවළල්ලක් කරවීමය. එයට අවශ්‍ය පසුබිම 2015 පෙබරවාරි මස 27 දින බැඳුම්කර නිකුතුවත් සමඟ පොදුවිපක්ෂයට (සහ ජ.වි.පෙ.ට) නිර්මාණය විය. මෙම බැඳුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතා සිදුවී ඇති බවට පොදු විපක්ෂය චෝදනා කිරීමත් සමග අග‍්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ සොයා බැලීමට ත‍්‍රිපුද්ගල කමිටුවක් 2015 මැයි මාසයේ පත්කරන ලදී. එම කමිටු වාර්තාවේ නිර්දේශද සැලකිල්ලට ගනිමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධියට අදාළව වාර්තාව 2016 ඔක්තොබර් 28 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
රජයේ ඉදිරි මාසික මුදල් අවශ්‍යතාව සපුරාලීම සඳහා භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම සිදුවේ. භාණ්ඩාගාර බැඳුම්කර දිගුකාලීන සුරැකුම්පත් වන අතර එහි මුහුණත වටිනාකම රු. 100කි. මෙම සුරකුම්පත් මිලදී ගැනීම සඳහා 2015 වසරේ සුදුසුකම්ලත් ආයතන 16ක් ලියාපදිංචිකර තිබුණි. මහ බැංකුව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ආරම්භ කරනුයේ 1997 වසරේ දීය. ඒ සඳහා ඍජු ක‍්‍රමය මෙන්ම වෙන්දේසි ක‍්‍රමය ද අනුගමනය කරයි. බැඳුම්කර වෙන්දේසියේදී එහි මුහුණත වටිනාකමට මෙන්ම අධි මිලකට හෝ අව මිලකට ඉල්ලූම් කළ හැකිය.
2015 මාර්තු මාසය සඳහා මුදල් අවශ්‍යතාව රු.බි. 261.683 ක් වූ අතර එම මුදලින් රු.බි. 172 ක් භාණ්ඩාගාර බැඳුම්කර මගින් ලබාගැනීමට මහ බැංකුව තීරණය කර තිබුණි. එයින් රු.බි. 1 ක් වසර 30 කින් කල් පිරෙන, 12.5% ක පොලී අනුපාතයක් යටතේ ප‍්‍රාථමික වෙන්දේසිය මගින් ලබා ගැනීමට ද තීරණය වී තිබුණි. (2014 සැප්. නිකුත් කරන ලද වසර 30 කින් කල්පිරෙන බැඳුම්කරයෙහි පොලී අනුපාතය 11.75% ක් විය). ප‍්‍රාථමික වෙන්දේසි මගින් රු.බි. 1ක් ලබාගැනීමට මුලින් තීරණය වී තිබුණ ද වෙන්දේසියට පෙර දින ප‍්‍රාථමික ගැනුම්කරුවන්ට කතාකර රු.බි. 10 ක් මිලදී ගැනීමට කැමැත්ත විමසා තිබුණි.
කෝප් කමිටු වාර්තාව පෙන්වා දෙන පරිදි බැඳුම්කර නිකුතුව රු.බි. 01 කට සීමා කළේ නම් බැඳුම්කරයක ලංසු වටිනාකම රු. 104.507 ක් වන අතර එමගින් රු.මි. 1,403ක් ගතහැකි වූ බව පෙන්වා දෙයි. එහෙත් රු.බි. 10 ක් දක්වා බැඳුම්කර නිකුත්කිරීම නිසා රජයට රු.මි. 889 කට ආසන්න අවාසියක් සිදුවී ඇති බවද එහි සඳහන්ය.
මෙම මූල්‍ය අලාභය ගණනය කර ඇත්තේ රු. බිලියනය ඉක්මවා ඉදිරිපත් වූ ලංසුවල වටිනාකම ඉහතකී රු 104.507 සමග ගළපාය. නිදසුනක් ලෙස එන්ට‍්‍රස්ට් සමාගම බැඳුම්කර 500,000 ක් සඳහා ඉදිරිපත් කර ඇති ලංසු වටිනාකම රු. 103.116 කි. ඒ අනුව රජයට වූ අවාසිය 695,750 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මේ ආකාරයෙන් රු.බි. 10 ක් දක්වා බැඳුම්කර නිකුත්කර රු.බි. 9.658 ක් ලබාගැනීම මගින් ඉහත කී අලාභය සිදුවූ බව පෙන්වාදී ඇත. (මෙයින් සමස්ත බැඳුම්කරවලින් රු.බි. 5 ක් මිලදී ගෙන ඇත්තේ පර්පෙචුවෙල් ටේරෂරිස් සමාගම මගිනි).
මහ බැංකුව තමන් රු.බි. 10 ක් ලබා ගැනීමට තීරණය කර තිබූ බව ඉතා පැහැදිළිව දක්වා ඇති පරිසරයක, රු.බි. 1 ක් ලබාගත්තේ නම් යන උපකල්පනය මත අලාභය ගණනය කිරීම ප‍්‍රශ්නසහගතය. එහෙත් යහපාලන ආණ්ඩුව මෙය කෝප් කමිටුව ඉදිරියේ ප‍්‍රශ්න කිරීම හෝ බැඳුම්කරයේ සැබෑ ස්වරූපය සමාජගත කිරීම පසෙකලා ”පාද සටහන්” දමා කෝප් වාර්තාව සුජාත කිරීමට උත්සහ ගැනීම කරඇත. ඒ තුළද පොදු විපක්ෂය දේශපාලනිකව ජයගෙන ඇත. යහපාලනය යනු මෙම නියාලූ බවනම් 2015 ජනවාරි 8 වැනි දින බොහෝ දෙනෙකුට වැරදීමක් සිදුවී ඇති බව නුදුරු අනාගතයේදී වැටහෙනු ඇත.
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීම
Mangala Wednesday, 16 August 2017 06:37 AM
වදින්න ගිය දේවාලෙ හිසට කඩා වැටිල තියෙන්නේ සාමාන්‍ය මහජනතාවගේ ඔලුවට.