IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


වඳින්න ගිය දේවාලය හිස මතටම

 මෙය දැනට වසර 40 කට පමණ පෙර වූ සිදුවීමකි. එකල මා කොළඹ කොටුවේ පිහිටි රාජ්‍ය බැංකු ප්‍රධාන කාර්යාලයක සේවය කරමින් සිටියෙමි. එදින වේලාව සටහන් කරන පොතෙහි පිටවීමේ වේලාව ලහිලහියේ සලකුණු කොට ඒ ඉදිරියෙන් අත්සන තැබූ මම හිස් බෑගයද අතට ගෙන කන්තෝරුවෙන් පිටවීමි.

fg
විජේවර්ධන මාවතේ හනික පියමං කරන ජනතාව අතරට එක් වූ මා දිග සුසුමක් හෙළුවේ කොටුව දුම්රිය ස්ථානයට ගොඩ වූ පසුවය. හරියටම පහට මීගමුව බලා පිටත් වන දුම්රිය ඒ වනවිටත් දෙවැනි වේදිකාවට පැමිණෙමින් තිබිණ. මෙය ජීවිතයත් මරණයත් අතර සටනක් කිරීමට සිදු වන අවස්ථාවකි. ඒ සඳහා මගී ජනතාව සූදානමින් සිටිති. දුම්රිය නැවැත්වීමටත් ප්‍රථම පටු දොරටු තුළින් එකිනෙකා පෙරළාගෙන නගින්නට පොරකන දුම්රිය මගීන් අතරට සිර වූ මා පය බිම තබා දුම්රියට ගොඩ නොවුණු බව නම් සහතිකය. කෙසේ හෝ සුළු මොහොතකින් මා දුම්රියේ මැද හරියට ඇදී ගොස් තිබිණ. දුම්රියෙහි අසුනක් ලබා ගැනීමද වාසනාවකි. එම වාසනාව නිකම්ම කඩා වැටෙන්නේ නැත. එයටද බලවත් සටනක් කළ යුතුය. අප දොරටු තුළින් දුම්රියට ගොඩ වීමටත් ප්‍රථම ඇඟ පත හයිය හත්තිය ඇති සමහරු දුම්රිය කවුළු තුළින් රිංගා ආසන අල්ලා ගෙනද හමාරය. පොරකෑමෙහි සහ කවුළු තුළින් රිංගා යාමෙහි ශක්තියක් නොවූ අබල දුබලයෝ තෙරපි තෙරපී දුම්රියේ මැද සිටගෙන සිටියහ. කෙසේ හෝ ආසනයක් ලැබීමේ පෙර පිනක් මටද පහළ විය.

5
අප සිටි මැදිරියේ තවත් ආසන කීපයක්ම හිස්ව තිබුණි. ඉතා දුර්වල තත්ත්වයේ පසුවන වයසක අයෙකුටවත් එම ආසනයක වාඩි වීම සම්පූර්ණයෙන්ම තහනම්ය. ඒවා වෙන් කළ ආසනයන්ය. එහෙත් ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පූර්ව අනුමැතියක් ලැබී නැත. ඒවා භුක්තියට සවි වී ඇති ආසන යනුවෙන් නම් කිරීම වඩාත් නිවැරැදිය. දුම්රියක ආසනයක් වෙන් කිරීම කජු කන්නා වැනි ඉතා පහසු දෙයකි. දුම්රියට නැගීමට පෙර කවුළුවක් තුළින් බෑගයක් හෝ පාර්සලයක් හෝ එහෙමත් නැත්නම් පත්තරයක් දැමීමෙන් එම ආසනය පහසුවෙන් වෙන් කරගත හැකිය. ඊට පසු හෙමින් සීරුවේ නැඟ එම ආසනයෙහි හරිබරි ගැහී හිඳ ගතහැකිය. කොටුවෙන් නඟින සමහරු මරදානෙන් ගොඩවන තම පෙම්වතියට හෝ තම කල්ලියේ සගයන්ට පවා ආසන වෙන් කරති. මෙසේ වෙන් කළ ආසනයක වැරදීමකින් හෝ වෙනත් අයෙකු හිඳ ගතහොත් ඒ හිඳගත් අයගේ ආත්ම ගෞරවයට දෙවියන්ගේම පිහිටය.


ආසනයක් ලබා ගැනීමෙන් මා ලද වාසනාවට වැඩි ආයුෂක් නොතිබිණ. අතින් කටින් බඩු මුට්ටු එල්ලා ගත් වයසක කාන්තාවක් මගේ අසුන ළඟටම විත් මා දෙසම බලාගෙන ඉතා අසරණ ලෙස සිට ගත්තාය. ඇයට අසුන පරිත්‍යාග කිරීමට මට සිදු විය. එය සාමාන්‍ය සිදුවීමක් හෙයින් කම්පාවට හෝ කලකිරීමටක හෝ පත් නොවූ මම තෙරපෙන ජනතාව අතර සිර වී සිටියෙමි. වයසක කාන්තාවකට දුම්රියක් තුළ ආසනයක් ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එහෙත් නාඹර තරුණියකට නම් දුම්රිය මැදිරි තුළ ඕනෑවටත් වඩා ආසන තිබේ. තරුණයන් කෙසේ හෝ ආසනවල තදබද වී තරුණියන්ට ඉඩකඩ ලබාදීම සිරිතක් බැවිනි. දුම්රිය මැදිරි තුළ මගී ජනතාව කොතෙකුත් තෙරපී සිටියද, තවත් අප්‍රමාණ දේවල් මෙහි සිදුවෙයි. සතර දෙනෙකුට පමණක් හිඳගෙන යා හැකි ආසනයන්හි තරුණ තරුණියන් දුසිම් ගණනකට වුවද ඉඩ තිබෙයි. දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිපුර දුම්රිය මැදිරි යෙදවීමට උනන්දු නොවන්නේ මෙම හේතුව නිසාම යැයි මට සිතෙයි. ඇඟිල්ලක් නොව නියපොත්තක් ගැසීමටවත් ඉඩ නොමැති දුම්රිය මැදිරි තුළ කාඞ් සෙල්ලමද ජයටම කෙරෙයි. ඔවුනට ඒ සඳහා මේස පුටු අවශ්‍ය නැත. තම අතම මේසය ලෙස පාවිච්චි කිරීමට ඔව්හු පුරුදුව සිටිති. මෙම කාඞ් සෙල්ලමෙන් දුම්රියෙහි ගමන් කරන අනිත් මගීන්ට සිදුවන හිරිහැරය ගැන ඔව්හු කිසිදු තැකීමක් නොකරති. වැඩිහිටියනට පමණක් සීමා වූ චිත්‍රපට දර්ශනද මෙම මැදිරිය තුළ ඕනෑ තරම් නැරඹිය හැකිය.

එකිනෙකා සිප වැළඳ ගනිමින් කෙරෙන පෙම් රැඟුම් වැඩිහිටියනට පිළිකුල් වුවද, යොවුන් වියේ දොරටුවට එබිකම් කරන ගැටවුනට නම් මේවා ඉමිහිරි හා ආස්වාද ජනක බැව් පෙනෙයි. සුපුරුදු පරිදි සෑහෙන ප්‍රමාදයකින් පසු දුම්රිය පිටත් විය. නමින් ශීඝ්‍රගාමි වුවද සෑම සිග්නල් කණුවක් ආසන්නයේම නවත්වන දුම්රිය මරදානට සේන්දු වූවා පමණි. දොරටුව හා කවුළු තුළින් ජන ගඟ දෙගොඩ තලා යන්නට විය. එහි කෙළවරක් නැත. දුම්රිය මැදිරිය දැන් නම් නියම සාඩින් ටින් එකක් වගේය. නිතරම සමතැන් ඉල්ලමින් කෑ ගසන කාන්තාවෝ තෙරපි තෙරපී නඟින පිරිමින් නිසා පසුපසටම තල්ලු වෙති. සම අයිතිවාසිකම් ගැන කථා කරනවා තබා ඔවුනට දැන් කට උත්තරත් නැත්තාසේය. පරිසරයේ උෂ්ණත්වයත්, දුම්රිය තුළ කිටි කිටියේ තෙරපීමත් නිසා නියම වටිනා කමක් ඇතැයි කියන රන් දහඩිය අපතේ ගලා යන්නට විය. දෙපයින් නැගී සිටීමට වරම් නොලද මඟින් වැඩි දෙනෙකු සිටියේ තනි කකුල් වලිනි. තනි කකුලෙන් සිට ගනිමින් මෙතෙක් තබා ඇති ගිනස් වාර්තා ශ්‍රී ලාංකිකයකු විසින් බිඳ දමන ලද්දේ මෙවැනි දුම්රියවල ගමන් කිරීමෙන් ලද පළපුරුද්ද නිසා යැයි මට සිතින. පාපුවරුවේ තත්ත්වය ඊටත් වඩා භයානකය. මැදිරිය තුළ තනි කකුලෙන් සිටගෙන යාමට වරම් ලැබී ඇතත්, පාපුවරුවේ යන මඟීනට ඒ වරම වත් නොමැත. එක පාදයක ඇඟිලි තුඩු කීපයක් තබාගෙන ගමන් ගන්නා මඟීන් කිහිප දෙනෙකු දුම්රිය කවුළුවෙන් එබී බැලීමේදී මට හොඳාකාරවම පෙනුණි. ඔවුන් ජීවිතය දෙසට වඩා සමීපව ඇත්තේ මරණය දෙසට බැව් දකින ඕනෑම කෙනෙකුට වැටහී යනු නොඅනුමානය.


එළවළු පිරි බෑගයක් දකුණතින් එල්ලාගෙන, වමතින් පාපුවරුවට ඉහළින් යකඩ කොක්කේ එල්ලීගෙන, එක පාදයක ඇඟිලි කිහිපයක් පමණක් පාපුවරුවේ කෙළවරක තබාගෙන මරණ තුනක් අතර සිරවී ගමන් ගන්නා එක් මැදිවියේ මඟියකු මම දුටුවෙමි. මට ඔහු ගැන ඇති වූයේ බලවත් කනගාටුවකි. එහෙත් මා ඔහුට කෙසේ පිහිට වෙන්නද?. ඔහු කොක්කේ එල්ලීගෙන සිටියේ බලවත් පරිශ්‍රමයක් දරමිනි. එම මගියාට තද වෙමින් සිටි තවත් තරුණයෙකු දෙස මගේ දෑස ඇදී ගියේ නිකමට මෙනි. ඇස ගැසුණු සැණින් මට ඔහු හඳුනා ගත හැකිවිය. ඔහු නොම්මර එකේ පොකැට් කාරයෙකි. මරණ තුනක් අතර සිරවී සිටින මැදිවියේ පුද්ගලයාගේ කමිස සාක්කුවේ දමා ඇති පොකුට්ටුව වෙත ඔහුගේ ගිජු දෙනෙත යොමු වී තිබුණි. අද පඩි දවස නිසා කීයක් හෝ මේ අහිංසකයාගෙ පසුම්බියේ තිබිය යුතුය. මාසයක් නොවිඳිනා දුක් විඳ දුම්රියේ වැඩට ඇවිත්, පමා වෙන හැම දවසකදී ම ලොක්කාගේ රැවුම් ගෙරවුම්වලට හසුව, තමා සතු එකම සම්පත වන ශ්‍රමය විකුණා ලබාගත් පඩි පතින් ඔහු තව සතියක් වත් තම දරු පවුල සමඟ ජීවිතය ගැට ගසා ගත යුතුය. එහෙත් මේ හිඟන්නාගේ පාත්තරේට හෙනහුරෙක් කඩා පාත්වීමට ආසන්න මොහොතකි. අති දක්ෂ පොකැට්කරුට මෙම පසුම්බියට විදීම ඉතාම සුළු දෙයකි. කෙසේ හෝ මා මෙම අසරණයා බේරා ගතයුතුය. ‘අයිසෙ තමුසෙ ළඟ පොකැට් කාරයෙක්. පර්ස් එක බේරා ගන්නව.’ එසේ හඬ නඟා කියන්නට මට සිතුණි.

එහෙත් මම එසේ නොකීවෙමි. පොකැට්කාරයා අමනාප කරගතහොත් දිනපතා ගමන් ගන්නා මගේ ජීවිතයටද අනතුරක් සිදුවිය හැකි බැවිනි. ඔහු කෙළින්ම මට අනතුරක් නොකළද මගේ ජීවිතය වෙනුවෙන් වෙනත් අයෙකුට කොන්ත්‍රාත්තුවක් දෙන්නටද බැරි කමක් නැත. පොකැට්කාරයා වනාහි අහසින් කඩා වැටුණු පුද්ගලයෙකු නොවෙයි. ඔහු ශක්තිමත් සංවිධානයක එක් පුරුකකි. එබැවින් අප වැනි දිනපතා උදේ සවස කොළඹ යන එන අසරණයන් පොකැට්කරුවනට බිය වීම පුදුමයක් නොවේ. බිය නිසාම මම නිහඬව සිටියෙමි. එහෙත් මේ අහිංසකයා කුමන හෝ උපායක් යොදා බේරා ගත යුතුය.


කොළ පාට සංඥා එළිය ඉදිරියෙන් පෙනෙන නිසා දුම්රිය වේගයෙන් ඉදිරියට ඇදී යයි. මැදිරියේ වහලෙහි දැල් වියන මකු`එවන්ට නම් දුම්රියේ වේගයෙන් බාධාවක් ඇති නොවූ සේය. ඉතා කලාත්මක දැල් කිහිපයක් මේ වන විටත් උන් වියා තිබිණ. මැදිරි පිරිසිදු කිරීමක් සිදු නොවන නිසා තව වසරක් හෝ දෙකක් මේ මකු`එවන්ට යහතින් ජීවත් විය හැකිය. ශත වර්ෂයක් පමණ පැරණි දුම්රිය මැදිරියේ ලෑලි තැනින් තැන ගැලවී ගොසින්ය. වේගයේ වැඩි වීමත් සමඟම මැදිරියේ තැනින් තැන ‘බිරි බිරි’ හඬක්ද ඇසෙයි. මැදිරියම ගැලැවී ඉවතට විසි වේදෝයි බියක් මා තුළ පවතී. සේවා යෝජකයා අපේ ජීවිත රක්ෂණය කර ඇති බැවින්, එම බිය තරමකට හෝ තුනී වී යයි. දැන් දුම්රිය ඇදී යන්නේ එf`ඞ්රමුල්ලත් හොරපේත් අතර වූ මනස්කාන්ත වෙල් යාය මැදිනි. දුම්රිය කවුළු තුළින් ඇදී එන සිහිල් සුළං රැලි නිසා මෙතෙක් ගැලූ දහඩිය ගංඟාව සිඳී යමින් පවතී.


මම නැවතත් පොකැට්කරුවා දෙස බැලීමි. අර අහිංසකයාගේ පසුම්බිය ඔහුගේ අතේ ගෑවී නොගැවී මෙන් තිබේ. රාගම නැවතුමෙහි දුම්රිය නවත්වන තුරු ඔහුට ඉස්පාසුවක් නැත්තාක් මෙනි. පසුම්බියට විද ලබාගන්නා මුදල් ගැන ඔහු ස්වර්ණමය සිහිනයක් දකිමින් සිටි. ඔහුගේ මුහුණෙන් සතුට උතුරා යමින් තිබිණි. මට එක්වරම උපායක් ගැන සිතට ආවේය. එය ගණ දෙවි නුවණ තරම් බලවත් නොවුවද ඊට තරමක් හෝ සමීප වන්නට ඉඩ ඇත. ‘ඒයි නාකියා මැරෙන්නද හදන්නෙ. හරියට ඉලංදාරියෙක් වගේ පුට්බෝඞ් එකේ යන්නෙ... වරෙන් ඇතුළට’ මම හඬ නඟා ඔහුට කීවෙමි. මගේ හඬට මැදිරියේ සියල්ලෝම මැදිවියේ මගියා දෙස උපහාසාත්මකව බලන්නට වූහ. එය ඔහුට ඉවසුම් නොදෙන්නක් විය. ඔහු කේන්තියෙන් පුපුරන්නට විය. ‘කවුද යකෝ මට නාකියා කිව්වෙ. උඹ හරියට ඉලංදාරියෙක් වගෙයි. උඹ මටත් වඩා නාකියෙක් වගෙයි පේන්නෙ. හිටිං මගේ නාකි කං පෙන්නන්ඩ’ මෙහි සඳහන් කළ නොහැකි අන්දමේ අසභ්‍ය වචනද දුසිම් ගණනක් ඔහුගේ මුවින් පිට විය. එතැනින් නොනැවතුණු ඔහු සෙනඟ පීරමින් පුට්බෝඞ් එකෙන් දුම්රිය ඇතුළට රිංගන්නට බලවත් උත්සාහයක් දරනු පෙනුණි. මගේ උපාය ටක්කෙටම හරි ගියේය. දැන් ඔහු පොකැට් කාරයාගේ ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම මිදී ඇත.

මට ඇති වූයේ කිව නොහැකි තරමේ සතුටකි. එහෙත් එම සතුට මා සිතෙහි පැවැතියේ ඉතා සුළු වේලාවක් පමණි. මට බැණ වැදුණු මගියා සෙනඟ පීරමින් මහත් ආයාසයක් ගෙන එන්නේ මා වෙතට බැව් පෙනුණි. තවත් මොහොතකින් ඔහු මගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය. ‘උඹ නේද මට නාකියා කිව්වෙ. උඹ මටත් වඩා නාකියෙක්.’ එසේ කියූ ඔහු අතේ එල්ලාගෙන තිබූ එළවළු බෑගය බිමින් තබා මට ගහගෙන ගහගෙන ගියේය. ‘මොකද ඉලංදාරිය ගල් ගිල්ල වගේ ඉන්නෙ කතා කොරපිය යකෝ.’ ඔහු බෙරිහන් දෙයි. මැදිරියේ සිටින සියල්ලෝම සිනාසෙමින් මා දෙස බලා සිටිති. මගේ ආත්ම ගෞරවය ශරීරයෙන් ගැලැවී දුම්රිය කවුළුවෙන් පිටතට ගසාගෙන යන්නා සේ මට දැනෙයි. ‘ඕක බක පණ්ඩිතයා. ඔහොම ගහල මදි’ කියමින් තවත් වැරෙන් මගේ ගෙල දෙසට පහරක් වැදුණේය. එය වෙනස් කටහඬක් නිසා ඔහු කවුදැයි අමාරුවෙන් හිස ඔසවා බැලීමි. ඒ අර පොකැට් කාරයාය. ඔහු දැන් අර මගියා ගේ සහයට පැමිණ සිටියි. කපන්න බැරි අත ඔහු සිඹිනවා නොව ලෙව කනවා වගේය. වඳින්න ගිය දේවාලය මගේ හිසත් පොඩි පට්ටම් කරමින් බිමටම වැටී තිබේ. මගේ ගෙල හරහා වැදුණු පොකැට් කාරයාගේ පහරින් මට දැනුණේ දැඩි වේදනාවකි. අතේ ඇති බෑගය බිම තබා දෙක තුනක් දෙන්නටද මට බැරි කමක් නැත. ඒත් මා ඉවසිය යුතුය. ප්‍රශ්නය ඇද ගත්තේ මා නිසා නිහඬව සිටීම මිස වෙනත් කල යුතු දෙයක් නොවින. ‘මූට හොඳම වැඬේ. දෙන්ඩ හිතයි තවත් එකක්’ පොකැට් කාරයා කොක් හඬලමින් මගියාට තව තවත් තද වෙයි.


රාගම දුම්රිය ස්ථානයෙහි දුම්රිය නවත්වනවාත් සමඟම පොකැට් කාරයා අතුරුදහන් විය. සෑහෙන පිරිසක් රාගමින් බැස්ස නිසා මැදිරියේ තදබදයක් නැත. වාඩි වීමට අසුන් කිහිපයක්ද වූයෙන් මම වාඩි වීමි. මට ප්‍රහාරයක් එල්ල කළ මගියාද මා අසලින්ම හිඳ ගත්තේය. ගත වූයේ මොහොතක්. උඩ සාක්කුව අතින් අල්ලා ගත් මගියා ‘මගේ පර්ස් එකට ගහල. මගේ පර්ස් එකට ගහල’ යයි කියමින් බෙරිහන් දෙන්නට විය. ‘මොකද මොකද’ කියමින් මගීහු ඔහු වට කර ගත්හ. ඒ වනවිටත් දුම්රිය ඉදිරියට ඇදෙමින් තිබුණි. ‘පොකැට්කාරයෙක් රාගමින් බැහැල දුවල ගියා.’ දිනපතා දුම්රියේ යන මගියෙකු එසේ කීවේය. මගියා සාක්කුව අල්ලාගෙන හඬයි. මම ඔහු ළඟට කිට්ටු වීමි. ‘මේ මම ඔයාට බැන්නෙ පුට්බෝඞ් එකෙන් ඇතුළට ගන්ඩ. මම දැක්ක පොකැට් කාරයෙක් ඔයාට තද වෙමින් ඉන්නව.’ මම කීවෙමි. ‘අනේ ඇත්තද මට සමාවෙන්ඩ මහත්තයො’ ඔහු එසේ කියද්දීම දුම්රිය පේරලන්ද දුම්රිය ස්ථානයෙහි නැවැත්විණ. ‘මට දුක ඔයා මට ගැහුවට නෙමෙයි. ඔයාගෙ පර්ස් එක බේර ගන්ඩ බැරුව ගිය එකටයි.’ කියමින් මම දුම්රියෙන් බැස ගතිමි. දුම්රිය කවුළුවෙන් අත වනා ඔහු මගෙන් සමු ගත්තේය. ඉන්පසු ලේන්සුවක් අතට ගෙන කදුළු පිස දමනු මට යාන්තමට මෙන් පෙනුණි.

m

 



අදහස් (0)

වඳින්න ගිය දේවාලය හිස මතටම

අජිත් Wednesday, 18 May 2016 01:53 PM

ඒ කතාව බොහොම රසවත්, පාඩමට ගතයුතුදේ බොහොමයි.(අ)

:       0       0

රොෂාන්ත Wednesday, 18 May 2016 04:58 AM

අයියෝ සල්ලි!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2441 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 331 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 961 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 84 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 232 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site