(***එම්.එස්.එම්. අයුබ්)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා ජූනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරනු ලැබූ පෙත්සම් 8ක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් අඟහරුවාදා විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීම නිසා ව්‍යවස්ථා අර්බුදය පිළිබඳ ප්‍රශ්නය තිබූ තත්ත්වයට යළි පත්ව තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය පාර්ලිමේන්තුව වසර හතර හමාරක් සම්පූර්ණ වූ පසුගිය මාර්තු 2 වැනිදා එම පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වේ.
‘‘පාර්ලිමේන්තුව විසුරුවා හරින ප්‍රකාශනයෙහි, අභිනව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් තෝරා පත් කර ගන්නා දිනය හෝ ඊට දින නියම කොට තිබිය යුත්තේය. එසේම, එකී ප්‍රකාශනය නිකුත් කළ දින සිට මාස තුනක් ගත වන්නට පෙර දිනයකට අභිනව පාර්ලිමේන්තුවේ පළමුවන රැස්වීම ඒ ප්‍රකාශනයෙන්ම කැඳවිය යුත්තේය.’’
එනම් ජූනි 2 වැනි දිනට පෙර අභිනව පාර්ලිමේන්තුව කැඳවිය යුතුය. එම දිනය මේ වන විටත් පසුවී තිබේ. එසේ නම් ජූනි 2 වැනිදාට පසු දිනෙක අභිනව පාර්ලිමේන්තුව කැඳවීම හෝ රැස්වීම නීත්‍යනුකූල වන්නේද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මැයි මස 14 වැනිදාට නව පාර්ලිමේන්තුව කැඳවීමට නියම කොට තිබිණි. එහෙත් එදින හෝ පරණ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් පසු මාස තුනක් ඉක්ම යාමට පෙර දිනෙක හෝ නව පාර්ලිමේන්තුව රැස් වූයේ නැත. එසේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ලැබී ද? එසේ නම් ඒ කවුරුන් විසින්ද?
නව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා ජනාධිපතිවරයාට ජූනි 2 වැනිදායින් පසු දිනයක් නියම කළ හැකිද? එසේ නම් ඒ කුමන නීතිමය ප්‍රතිපාදන අනුවද? එවැනි ප්‍රතිපාදන ඇති බවක් නොපනේ. ඒ අනුව දැන් කළ යුත්ත ජනාධිපතිවරයා හෝ වෙනත් කිසිදු බලධරයකු දන්නා බවක් නොපෙනේ. එසේ නම් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් නොවේද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය අප්‍රේල් 24 වැනිදා ආණ්ඩුවට හිතවත් ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේලා පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා රැස්වීමක් පැවැත්වූයේය. එහිදී පැරැණි පාර්ලිමේන්තුව කැඳවීම සඳහා වූ විරුද්ධ පක්ෂවල ඉල්ලීම බැහැර කරමින් අදහස් ප්‍රකාශ විය. හැකි දිනෙක තමන් නව පාර්ලිමේන්තුව කැඳවන බව එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
තමන් කුමන හේතුවක් නිසාවත් පැරණි පාර්ලිමේන්තුව නොකැඳවන බව එහිදී ඔහු ප්‍රකාශ කළ හෙයින් ප්‍රායෝගිකව ඔහුට කළ හැකි එකම විකල්පය ද හැකි දිනෙක නව පාර්ලිමේන්තුව කැඳවීම පමණකි. එහෙත් ප්‍රශ්නය වන්නේ ඔහු එසේ කරන්නට යන්නේ කුමන නීතිමය ප්‍රතිපාදන යටතේද යන්නය. ජනාධිපතිවරයා කැමැති දිනෙක පාර්ලිමේන්තුව කැඳවීම නීත්‍යනුකූල වන්නේද?
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට ජනාධිපතිවරයා කටයුතු කොට ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශනයේම මහ මැතිවරණය සඳහාත් නව පාර්ලිමේන්තුව රැස්කිරීම සඳහාත් දින නියම කරනු ලැබිය යුතුය. ඒ අනුව ජනාධිපතිවරයා අප්‍රේල් 25 වැනිදා මැතිවරණය පැවැත්වීමටත්, මැයි මස 14 වැනිදා නව පාර්ලිමේන්තුව රැස් කිරීමටත් නියම කළේය.
එහෙත් මැතිවරණය කල් ගියේත්, නියමිත දිනට හෝ ව්‍යවස්ථාවේ සඳහන් අවසන් දිනට පෙර හෝ නව පාර්ලිමේන්තුව රැස් කිරීමට නොහැකි වූයේත් මැතිවරණ කොමිසම ගත් තීරණ නිසාය. නාමයෝජනා භාර ගැනීම අවසන් වූ මාර්තු 19 වැනිදා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණය දින නියමයක් නැතිව කල් දැමීය. ඒ මාර්තු 11 වැනිදා සිට දිනපතාම කොවිඩ් - 19 රෝගීන් වාර්තා වන්නට වීම නිසාය.
ඒ අනුව තමන් නියමාකාරයෙන් කටයුතු කොට ඇතැයි ජනාධිපතිවරයාට කිව හැකිව තිබෙනවා සේම තමන්ට ද වෙන කළ හැකි දෙයක් තිබුණේ නැතැයි මැතිවරණ කොමිසමටද කිව හැකිය.
ඒ අනුව මෙම කාරණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී හෝ අක්‍රීය වී හෝ තිබුණද කිසිවකුටත් දොස් පැවරිය නොහැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය අඟහරුවාදා ප්‍රතික්ෂේප කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා භාර ගෙන තිබුණේ නම්, වත්මන් අවුල ලිහා ගන්නේ කෙසේ දැයි අධිකරණයෙන් හෝ විසඳුමක් අපේක්ෂා කළ හැකිව තිබිණි.
අධිකරණයට ද මෙම පෙත්සම් ප්‍රතික්ෂේප කරන්නට නීතිමය පදනමක් තිබෙන්නට ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හා ජූනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව විරුද්ධ පක්ෂවලට සම්බන්ධ පිරිස් ගොනු කරනු ලැබ තිබූ පෙත්සම්වලින් ඉදිරිපත් කෙරුණු තර්ක එතරම් ප්‍රබල බවක් එම පෙත්සම් විභාගයට ගන්නේද යන්න පිළිබඳව අධිකරණය කරුණු සලකා බැලීමේදී පෙනෙන්නට තිබුණේ නැත.
ජනාධිපතිවරයා දින නියම කළ පරිදි ජූනි 2 වැනිදාට පෙර නව පාර්ලිමේන්තුව රැස් කළ නොහැකි ලෙස මැතිවරණ කොමිසම මහ මැතිවරණය ජූනි 20 වැනිදාට යොදා ගැනීමත් සමඟ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මාර්තු 2 වැනිදා නිකුත් කළ ප්‍රකාශය බල රහිත වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණයේදී තර්ක කළේය.
මුලදී එය ප්‍රබල තර්කයක් ලෙස පෙනී ගිය ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් නීතියක හෝ කිසිදු වගන්තියකින් එම තර්කය තහවුරු කරන්නට ඔහු අසමත් වීම නිසා එය හුදු තර්කයක් පමණක්ම විය. ‘‘පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශනය නිකුත් කළ දින සිට මාස තුනක් ගත වන්නට පෙර දිනයකට අභිනව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම ඒ ප්‍රකාශනයෙන්ම කැඳවිය යුත්තේය’’ යන ව්‍යවස්ථාමය වගන්තිය ඔහුගේ තර්කයට පදනම් වී තිබේ.
එම වගන්තිය විග්‍රහ කරමින් විපක්ෂය තර්ක කළේ, ඉන් කියවෙන්නේ පාර්ලිමේන්තුවක් නැතිව මාස තුනකට වඩා වැඩි කාලයක් තිබිය නොහැකි බවත්, එසේ පාර්ලිමේන්තුවක් නැතිව මාස තුනකට වැඩි කාලයක් ගතවේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශය අවලංගු වන බවත්ය.
එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනත් නීතියක හෝ කිසිදු වගන්තියකින් මෙම තර්කය තහවුරු නොවීම නිසා මෙය විපක්ෂයේ අර්ථ නිරූපණයක් ලෙස පමණක් අධිකරණය සැලකුවේ නම් ඊට දොස් කිව නොහැකිය. අනෙක් අතට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ගතවන්නට පෙර නව පාර්ලිමේන්තුව කැඳවිය යුතු යැයි කීමෙන් පාර්ලිමේන්තුවක් නැතිව මාස තුනකට වඩා වැඩි කාලයක් රට පවත්වාගෙන යා නොහැකි යැයි කියාම මෙම වගන්තිය කෙටුම්පත් කළ හා එය සම්මත කළ පිරිස අදහස් කළ බව කියන්නේ කෙසේද?
මෙය අනෙක් අතටද තර්ක කළ හැකිය. පාර්ලිමේන්තුවක් නැතිව මාස තුනකට වඩා වුවද රට පවත්වාගෙන යා හැකි යැයි මෙම වගන්තියෙන් අදහස් වේ නම් එසේ රට කොතරම් කාලයක් පවත්වාගෙන යා හැකිද? පාර්ලිමේන්තුවක් නැතිව ජනාධිපතිවරයාට වසර ගණනාවක් වුවද රට පාලනය කළ හැකිද? එය ආඥාදායකත්වයකට මඟ නොපාදනු ඇතිද?
ව්‍යවස්ථාවේ පාලනයෙන් මිදුණු වත්මන් තත්ත්වය මගහරවා ගැනීමට ජනාධිපතිවරයාට පියවර දෙකක් ගත හැකිව තිබිණි. එකක් නම් මාර්තු 31 වැනිදා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටි පරිදි ජූනි 2 වැනිදාට පෙර නව පාර්ලිමේන්තුව කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමය.
එහෙත් එම අදහස ප්‍රතික්ෂේප කරමින් මැයි 28 වැනිදාට පෙර මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ඇති වේ යැයි කිව නොහැකි බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අප්‍රේල් 4 වැනිදා මැතිවරණ කොමිසමට ලියා දැන්වීය.
ව්‍යවස්ථාවේ පාලනයෙන් මිදුණු තත්ත්වය මගහරවා ගැනීමට ගත හැකිව තිබූ අනෙක් පියවර නම් විරුද්ධ පක්ෂවල මතය අනුව පැරැණි පාර්ලිමේන්තුව යළි කැඳවා අවශ්‍ය නම් පසුව එය යළිත් විසුරුවා හැරීමයි. පැරණි පාර්ලිමේන්තුව මියගිය ආයතනයකැයි ආණ්ඩු පක්ෂය ඉදිරිපත්කරන තර්කය වලංගු නැත. මන්දයත් පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම ප්‍රතිපාදන ඇති හෙයිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වේ. ‘‘පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් පසුව කවර අවස්ථාවක වුවද පාර්ලිමේන්තුව නියමිත දිනට කලින් රැස්වීම අවශ්‍ය වන ස්වභාවයක හදිසි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමකට පත් වුවහොත් විසුරුවාහැර ඇති පාර්ලිමේන්තුව ප්‍රකාශනයක් මගින්, ඒ ප්‍රකාශනයේ දින සිට තුන් දවසකට කලින් දිනයක් නොවිය යුතු දිනයකදී රැස්වන ලෙස කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය.’’
වත්මන් කොරෝනා වයිරස් තර්ජනය මෙහි සඳහන් හදිසි තත්ත්වයක් සේ සලකා පැරණි පාර්ලිමේන්තුව කැඳවිය හැකිය යන්න විරුද්ධ පක්ෂවල තර්කයයි.
එහෙත් ආණ්ඩුව පවසන්නේ පාර්ලිමේන්තුවක් නැතිවම ආණ්ඩුව කොවිඩ් 19 තර්ජනය පාලනය කර ඇති හෙයින් එම කරුණ මත පාර්ලිමේන්තුව යළි රැස් කිරීමේ අවශ්‍යතාවක් මතුව නැතැයි කියාය. එය ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි. ඇත්ත වශයෙන්ම කොරෝනා වයිරස් තර්ජනයට මුහුණ දීමේදී ආණ්ඩුවේ ඇතැම් කටයුතු ප්‍රශ්නකාරී වුවද, පසුගිය මාසයකට වැඩි කාලය තුළ කිසිසේත් අනපේක්ෂිත ස්ථානයකින් එකදු රෝගියකු හෝ වාර්තා වූයේ නැත.
විදේශවල සිට පැමිණෙන්නන් වයිරස් ආසාදිතයන් දැයි පරීක්ෂා කළ යුතු යැයි තමන් පෙබරවාරි මාසයේදී පැවසුවද, එම කටයුතු ආරම්භ වූයේ මාර්තු මැද භාගයේදී යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා තිබිණි. පළමු කොවිඩ් 19 රෝගියා මාර්තු 11 වැනිදා වාර්තා වී ඉන්පසු දිනපතාම රෝගීන් වාර්තා වන්නට පටන් ගත්තද, එම පළමු සතියේ ආණ්ඩුව මහ මැතිවරණය පැවැත්වීමට වැඩි බරක් යොදා කටයුතු කළ බවක් ද පෙනෙන්නට තිබිණි. වෙනත් රටවල සිට පැමිණෙන්නන් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කළ ද, චීනයෙන් පැමිණෙන්නන් එසේ යොමු නොකෙරෙන බවට ඒ දිනවල චෝදනා එල්ල විය.
කොවිඩ් 19 රෝගයෙන් මිය යන්නන්ගේ මළ සිරුරු ඉවත් කිරීමේ ආණ්ඩුවේ නිර්දේශය ද මතභේදකාරී විය. මේ සියල්ල තිබියදී වුවද ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරස් පාලනය අසාර්ථක යැයි කිව හැක්කේ දේශපාලන කුහකයකුට පමණි.
පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව, පවතින තත්ත්වය තුළ ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගත නොහැකි හෙයින් පැරැණි පාර්ලිමේන්තුව කැඳවිය යුතුය යන්න විපක්ෂයේ තවත් තර්කයකි. මීට අදාළ ව්‍යවස්ථාමය වගන්තිය මෙසේය.
‘‘යම්කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත් වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වේ යැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත්, වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය.
විපක්ෂය තර්ක කරන්නේ මෙම වගන්තිය අනුව ජනාධිපතිවරයාට මුදල් ලබා ගත හැකි වන්නේ ‘‘අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත් වන තෙක්’’ වන කාලය සඳහා බවයි. ආණ්ඩු පක්ෂය පවසන්නේ මෙයින් කියැවෙන්නේ මුදල් අවශ්‍යතාව මතුවූ දා සිට නව පාර්ලිමේන්තුව රැස්වී මාස තුනක් පිරෙන දා දක්වා කාලය සඳහා ජනාධිපතිවරයාට මුදල් ලබා ගත හැකි බවය.
මෙවැනි මුදල් අවශ්‍යතාවක් ඇති වන්නේ නම් එය නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමට පෙරම ඇති වන බව තේරුම් ගැනීම දුෂ්කර නැත. මෙහිදී විපක්ෂය නිවැරැදි නම් මුදල් අවශ්‍යතාව මතුවූ දා සිට නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම දක්වා වූ කාලයේ අවශ්‍යතා සපුරා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවේ. ඒ අනුව ද පැරණි පාර්ලිමේන්තුව කැඳවීම අත්‍යවශ්‍ය නොවන බව පෙනේ.
එහෙත් වත්මන් ව්‍යවස්ථාමය අවුල විසඳීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඔහුට ඒ සඳහා පැරණි පාර්ලිමේන්තුව රැස් කළ හැකිව තිබිණි.
එය අනිවාර්ය නොවූවද පාර්ලිමේන්තුවේ පාලනයෙන් තොරව ජනාධිපතිවරයකු දීර්ඝ කාලයක් මෙම වගන්තිය යටතේ මුදල් වියදම් කිරීම යෝග්‍යවන්නේද නැත.
ශ්රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි තිරසාර විසඳුම් කවරාකාරද යන්න පිළිබඳ සංවාදය සමාජයෙහි නිරන්තර සාකච්ඡාවට ලක්වන්නකි. මේ කාරණා කෙ
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විපක්ෂය දුටු ව්‍යවස්ථාවේ වයිරස්
DD Sunday, 07 June 2020 10:27 PM
කොවිඩ්-19 ව්‍යවස්ථාවට එකතු කල යුතයි දැන්
Wca Monday, 08 June 2020 09:16 AM
මෙකෙදි මැතිවරණ කොමිසම වැඩෙ හරියට ක්‍රියාත්මක කලෙ නැත.