IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


විපක්‍ෂයේ සංගීත පුටුවේ වාඩිවෙන්නෙ කවුද කියලා අපිත් බලාගෙන ඉන්නවා

විධායක ජනාධිපති ධුරයට එරෙහිව ගිනියම් විරෝධයක් දසතින් දලූලා වැඩෙමින් තිබේ. 
ඒ සඳහා සන්ධානයේ හවුල්කාර පක්‍ෂයක්ද එක්වී සිටී. මෙම පරිසරය තුළ ආණ්ඩුව සිටින්නේ තැති ගැන්මෙන්ද? මේ ඒ පිළිබඳව ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්‍ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකි.


0101 ප‍්‍රශ්නය: රටේ මොකද මේ වෙන්නේ?

Basil-Rajapakse---06අද ජනතාව එක පැත්තකට ඒකරාශි වෙමින් ඉන්නවා. ජනාධිපතිතුමා මේ රටට සාමය ගෙනල්ලා රට සංවර්ධනය කරලා ජීවත්වීම පහසු කරලා තියෙනවා. ඒ නිසා රටේ මුළු මහත් ජනතාවම අද ඒ සංවර්ධන ප‍්‍රතිලාභ හා සාමයේ ප‍්‍රතිලාභ මැනවින් භුක්ති විඳිමින් ඉන්නකොට ඒ මල්වට්ටියට අත නොගහපු විපක්‍ෂය අද තනිවෙලා ඉන්නවා. මටනම් පේන්න තියෙන්නේ එහෙම එකක්.

 


0101 ප‍්‍රශ්නය: නමුත් මුළු විපක්‍ෂයම ඒකරාශි වෙලා අද ජනාධිපති මහින්දට එරෙහිව පොදු අපේක්‍ෂකයෙක් හොයනවා?
ඒක සංගීත පුටු තරගයක් වෙලා. කවුද වාඩි වෙන්නේ කියලා කවුරුත් දන්නේ නෑ. ඒක හරියටම සංගීත පුටු තරගයක්ම වෙලා. අපිත් බලාගෙන ඉන්නවා... කවුද වාඩිවෙන්නේ කියලා.

 


0101 ප‍්‍රශ්නය: විපක්‍ෂය අද විවෘතව එක වේදිකාවකට ඇවිත් ඉන්නවා?
මටනම් එහෙම සමගියක් පේන්න නෑ. මම ඒ ගැන හොඳටම දන්න නිසයි කියන්නේ. විපක්‍ෂය ඔහොම අසමගියෙන්, අවිනිශ්චතව කටයුතු කළාම රටට මොකද වෙන්නේ කියලා බලන්න. ලිබියාවේ මොකද වුණේ. ගඩාපි රට කරගනෙ ගියා. රට දියුණු කළා. යම් යම් අඩුපාඩුත් තිබුණා. කොහොම හරි බටහිර ලෝකය මැදිහත් වෙලා ඒ රට පෙරළලා දැම්මා. හැබැයි ඒ අය බැලූවේ නැහැ විකල්පය මොකද්ද කියලා. ඇමරිකාවත් එහෙම හිතන්නේ නැතිව තමයි උදව් කළේ. අන්තිමට මොකද වුණේ. විකල්පයක් නැති නිසා ඒ රට දැන් අරාජික වෙලා. ඒ විතරක් නොවෙයි ඒ රටේ ඉන්න ඇමරිකන් තානාපතිතුමියත් ගඩාපි මරලා දැම්මා වගේම මරලා දාන්න තරමටම ඒ පිරිස සාහසික වුණා.

 


0101 ප‍්‍රශ්නය: ඔබ හිතනවද ලංකාවෙත් ඒ වගේ තත්ත්වයක් ඇතිවෙයි කියලා?
නෑ... කිසිසේත්ම නැහැ. අපේ රටේ ජනතාව ඉතාම බුද්ධිමත්. අපේ රටේ ජනතාව දන්නවා දර්ශයනක් ඇතිව වැඩ පිළිවෙලක් ඇතිව ඒ වගේම හොඳ නායකත්වයකින් අපේ ජනාධිපතිතුමා රට ඉදිරියට ගෙන යනවා කියලා. ඒ යන මාර්ගය වෙනස් කරලා පැහැදිලි දර්ශනයක් නැතිව, නායකත්වයක් නැතිව, වැඩපිළිවෙලක් නැති අවස්ථාවාදී රංචුවකට මේ රට බාර දෙන්න මේ රටේ ජනතාව කොහොමටවත් කැමති නෑ.

 


0101 ප‍්‍රශ්නය: 2005 දී හා 2010 දි මහින්ද රාජපක්‍ෂ සමග සිටි බලවේග 2014 වෙනකොට මහින්ද රාජපක්‍ෂට නෑ?
මම දන්නෑ ඔබ ඔය කියන බලවේග මොනවද කියලා.


 

qut-05

0101 ප‍්‍රශ්නය: 2009 දි ජවිපෙ හිටියා. 2010 දි ජාතික හෙළ උරුමය හිටියා?
ඔව්! ඒ අය හිටියා. ඒ වගේම එදා හිටපු නැති කොච්චර අය අද ඉන්නවද? එදා ගත්තොත් මහින්ද රාජපක්‍ෂ තමන්ගේ හැකියාවන් පෙන්වලා තිබුණේ නෑ. එතුමාගේ නායකත්වයේ මහිමය පෙන්වලා තිබුණේ නෑ. දැන් ඒවා ඔක්කොම අබිබවලා ඉස්සරහට ඇවිත් තියෙනවා. අද ඉන්නේ පැහැදිලි වැඩපිළිවෙලක් රටට ඉදිරිපත් කරපු, ඒවා කි‍්‍රයාත්මක කරපු, ඒ වෙනුවෙන් අභිතව හා නිවැරදිව නායකත්වය දුන්න නායකයෙක්. ඒ නිසා එතුමාට අද තනි පුද්ගලයෙක් හැටියට රටට නායකත්වය දෙන්න පුළුවන්. එතුමාගේ දර්ශනය මහ ජනතාවගේ දර්ශනයයි. එතුමා ඉතා සංවේදී නායකයෙක් හැටියට ජනතාව සමග සෘජු සම්බන්ධකම් පවත්වනවා. අපිටත් වඩා... ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකුටත් වඩා එතුමා ජනතාවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක සෘජු සම්බන්ධයක්. ආගමික නායකයන් සමඟ වෘත්තීය සමිති එක්ක වුණත් මාධ්‍යවේදීන් එක්ක වුණත් ගොවියා එක්ක ධීවරයා එක්ක වුණත් මේ ආදී වශයෙන් එතුමා සෑම සමාජ තීරුවක් එක්කම සෘජුව සම්බන්ධ වෙනවා. ඒක ජනතාව පි‍්‍රය කරන චරිතයක්. ඒ නිසා පාට පක්‍ෂ ජාති ආගම් බේද අභිබවලා එතුමා ජනතාවට කිට්ටු වෙලා ඉන්නවා. ඒ නිසාම ජනතාවත් එතුමාට කිට්ටු වෙලා ඉන්නේ. ඒ නිසා අපි හොඳින් තේරුම් ගන්න  ඕනෑ... 2005 තත්ත්වයයි... අද තත්ත්වයයි.

 


0101 ප‍්‍රශ්නය: ඔබ කියන්නේ ඒ බලවේග නොහිටියාට කමක් නෑ කියලයි?
නෑ... නෑ... මම කියන්නේ ඒක නොවෙයි. ඒ අයත් ඉන්න  ඕනෑ. නමුත් මහජනතාවට අවශ්‍ය කෙළින්ම ජනාධිපතිතුමාට සම්බන්ධ වෙන්නයි. ඒ පරතරය දැන් නෑ. සෘජු සම්බන්ධයක් දැන් ගොඩනැගිලා තියෙනවා. මම කියන්නේ ඒ වෙනස හඳුනාගන්න කියලයි. පිටින් ඉන්න අය හැටියට අපි අවබෝධ කර ගන්න  ඕනෑ. මෙහෙම කියන එක අනික් අයට කරන මදි පුංචිකමක් නොවෙයි... ඒ අයව අවතක්සේරු කරනවා නොවෙයි. නමුත් එතුමා ජනතාවට බොහොම සංවේදියි. බරපතළ ඉලක්ක කරා ගමන් කරන රටක නායකයකුට ලෙහෙසියෙන් ජනපි‍්‍රය නායකයෙක් වෙන්න බෑ. නමුත් මෙතුමා ජනපි‍්‍රය නායකයෙක් වෙලා. ඒක දවසින් දවස වැඩි කරගන්න ගමන්ම දැඩි තීන්දු තීරණ අරගනෙ රට කරවනවා. ඒක පහසු දෙයක් නොවෙයි. එතුමා ජයග‍්‍රහණය කරලා තියෙන්නේ ඒ දුෂ්කර අභියෝගයයි.

 


0101 ප‍්‍රශ්නය: නමුත් දැන් මුළු විපක්‍ෂයම කියන්නේ මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කියලයි?
වෙන්නැති ඉතින්...  ඕක අද ඊයේ නොවෙයි හැමදාමත් තිබුණ එකක්

 


0101 ප‍්‍රශ්නය: නමුත් 2005 දීත් 2010 දීත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා මහින්ද රාජපක්‍ෂ පොරොන්දු වුණා?
ඔව් ඉතින්. ඔය සමහරු දින වකවානුත් දාලා ලිඛිතව පොරොන්දු වුණා මතකද? ඒවා. එහෙම අයත් ඉන්නවා. චන්ද්‍රිකා මැතිනිය එහෙම පොරොන්දු වුණානේ. 

 


0101 ප‍්‍රශ්නය: විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න මොකද්ද තියෙන බාධාව?
ඒක එහෙම කිව්වට... කිසි දවසක ඒක අහෝසි කිරීමේ අවශ්‍යතාවය මතු වුණේ නැහැ... අද වෙනකොට මේ විධායක ජනාධිපති ක‍්‍රමයේ යහපතත්, අවශ්‍යතාවයත් ජනාධිපතිතුමා සෘජුවම ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට මේක අහෝසි කරන්න  ඕනැයි කියලා හිතුණත් අකමැත්තෙන් හරි මේක ආරක්‍ෂා කරන්න සිද්ධ වෙලා තියෙනවා. අද මේකේ අවශ්‍යතාවය ජනාධිපතිතුමාටත් වැඩිය රටේ ජනතාව තේරුම් අරගෙන තියෙනවා.

 


0101 ප‍්‍රශ්නය: තනි පුද්ගලයෙක් වටා මේ තරම් අසීමිත බලයක් ගොඩනැගී තිබීම හොඳයි කියලා ඔබ හිතනවද?
ඒක හැම රටකම... සෞභාග්‍ය කරා ගමන් කරනකොට එහෙම දේවල් වුණා. එක්තරා යුගයකදි එය විවේචනය වෙලා ඊළඟ යුගයේදි ඒක අගය කිරීමකට ලක්වෙලා තියෙනවා. නමුත් අපේ ජනාධිපතිතුමා මේ විධායක බලය ඇතුළේ ඉඳගෙන, ජනපි‍්‍රය බවත් රැුකගෙන, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් රැකගෙන හැම ඡන්දයක්ම දිනාගෙන රට වෙනුවෙන් ඒ බලය පාවිච්චි කළ හා කරන නිසා මේකේ අගය දැන් අනික් පැත්තට වැඩ කරලා තියෙන්නේ.

 

 

qut-04

 


0101 ප‍්‍රශ්නය: ඔබේ පිළිතුරෙන් පැහැදිලි වන්නේ මහින්ද රාජපක්‍ෂ කවදාවත් මේක අහෝසි කරන්නනේ නැහැ කියලයි?
නෑ. නෑ. මේක වෙනස් කරනවානම් එය කළ හැකි එකම නායකයත් මහින්ද රාජපක්‍ෂයි. එය කළ හැකි එකම පුද්ගලයාත් එතුමායි.

 


0101 ප‍්‍රශ්නය: නමුත් මහින්ද රාජපක්‍ෂ ඒක නොකරන එකයි මෙතැන තියෙන ප‍්‍රශ්නය?
එතුමා කරන්නේ රටටයි ජනතාවටයි හොඳ දේ විතරයි. එතුමා කරපු හැම දෙයක්ම රටේ යහපතට හේතු වුණා. අනිත් එක එතුමා හැම දෙයක්ම කළ යුතු වෙලාවේ ඒක කළා මිසක් නොකළ යුතු වෙලාවේ ඒක කරන්න ගියේ නෑ. යුද්ධය වුණත් එහෙමයි. ඒක රටට අවශ්‍ය වෙලාවේ... අවශ්‍ය මොහොතේ කළේ.

 


0101 ප‍්‍රශ්නය: එහෙමනම් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් මේ ඉල්ලන්නේ රටට අනවශ්‍ය මොහොතක අනවශ්‍ය දෙයක්?
එහෙම මම කියන්නේ නැහැ.  ඕනැම දෙයක් ඉල්ලීම නරක දෙයක් නොවෙයි. කී දෙනෙක්  ඕක ඉල්ලනවද?  ඕක අහෝසි කරනවා කියලා ලිඛිතව දීලා ඒ පොරොන්දු ඉටු නොකරපු චන්ද්‍රිකා මැතිනිය පස්සෙන් ඒ ලිඛිත පොරොන්දුව ගත්ත අයම දුවන කාලයක් මේක.

 


0101 ප‍්‍රශ්නය: ජාතික හෙළ උරුමය තවමත් සංධානයේ හවුල්කාර පක්‍ෂයක්ද?
තවමත් නොවෙයි. ඉදිරියටත් ජාතික හෙළ උරුමය අපේ හවුල්කාර පක්‍ෂයක් විදියට සලකනවා.

 


0101 ප‍්‍රශ්නය: නමුත් අතුරලියේ රතන හාමුදුරුවෝ කියනවනේ මහින්ද රාජපක්‍ෂ අනිවාර්යයෙන්ම පරද්දනවා කියලා.
ඔව් ඉතින් එහෙම කියන කට්ටිය ඉන්නවා. එහෙම කියපු අයත් ගොඩක් ඉන්නවා.

 


0101 ප‍්‍රශ්නය: හෙළ උරුමයේ හැසිරීම සන්ධානයේ විනය උල්ලංඝනය කිරීමක් විදියට ඔබ දකින්නේ නැද්ද?
ඔව්! ඒක මම එහෙම දකිනවා. නමුත් ජනාධිපතිතුමා බොහොම සංවරයකින්... ඉවසීමකින් කටයුතු කරන නිසානේ එහෙම දේවල් කියන්න ඉඩ ලැබිලා තියෙන්නේ. මම මේ කාටවත් වැරදි කියනව නොවෙයි. මට මතකයි... සිරිමා මැතිනිය අගමැතිවරිය වශයෙන් ඉන්ක කාලේ ලංකා සම සමාජ පක්‍ෂයේ නායකයා ”අම්බලමකයි අපි නතර වුණේ කියලා” කිව්වැයි කියල ඒ පක්‍ෂයට දීලා තිබුණ ඇමති ධුර තුනෙන් ඒ අයව එළෙව්වා. එහෙම කිව්වෙත් විරුද්ධ පක්‍ෂයේ නායකයා එක්ක ගිහින් නොවෙයි. එයාව වේදිකාවක තියාගෙන නොවෙයි. තමන්ගේ පක්‍ෂය රැස්වීමකදීයි කියලා තිබුණේ. නමුත් ඇමැතිකම්වලින් එලෙව්වා. නමුත් ජනාධිපතිතුමා එහෙම කෙනෙක් නොවෙයි. එතුමා ජනපි‍්‍රය වෙලා තියෙන්නෙත් ඒ හොඳ ගති ගුණ නිසයි.

 

 

qut-03

 


0101 ප‍්‍රශ්නය: අයවැය දෙවැනිවර කියවීමේදී ඡුන්දය දෙන්න ඇමති චම්පික රණවක ආවෙත් නැහැ.
එහෙම ප‍්‍රශ්නයක් මතු වෙනවා. කැබිනට් එකේ ඉඳගෙන අයවැයට ඡුන්දය පාවිච්චි නොකිරීම සුදුසු දෙයක් නොවෙයි. ඒක සාමාන්‍යයෙන් නොකරෙන දෙයක්. නමුත් දැන් ජනාධිපතිතුමාගෙ කැබිනට් මණ්ඩලයත් අමුතුම කැබිනට් මණ්ඩලයක්නේ. එහෙම ඡන්ද නොදී ඉන්නත් නිදහස දීලා තියෙනවා. එහෙම කරන එක හරිද වැරදිද කියලා තීරණය කරන්නත් ඒ අයටම දීලා ජනාධිපතිතුමා බලාගෙන ඉන්නවා.

 


0101 ප‍්‍රශ්නය: ඔබ හිතන විදියට රතන හාමුදුරුවන්ට තියෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ ප‍්‍රශ්නයක්ද? වෙනත් ප‍්‍රශ්නයක්ද?
රතන හාමුදුරුවන් ඉදිරිපත් කරපු 19 වැනි සංශෝධන ලියවිල්ල මටත් දුන්නා. මම ඒක කියෙව්වා. මම හිතන්නේ මම තරම් ඒක වෙන කවුරුවත් කියවලා නැතිව ඇති. වචනයෙන් වචනය මම කියෙව්වා. සරත් සිල්වා මැතිතුමා ඇතුළු කණ්ඩායම සමඟ මම සාකච්ඡා කළා. හැබැයි ඒ ලියැවිල්ලේ කොතැනකවත් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමේ කිසිම යෝජනාවක් නැහැ. ඒකේ එහෙම කිසිම දෙයක් නෑ.

 


0101 ප‍්‍රශ්නය: ඒ නිසා ඔබ සැක කරනවා මෙතැන තියෙන්නේ වෙනත් ප‍්‍රශ්නයක් කියලා?
නැහැ...නැහැ... ඒ ලියැවිල්ලේ මම හුඟාක් අගය කරන දේවල් තියෙනවා. මම ඒවා එකින් එක පෙන්වලා දුන්නා. නිවැරදි කර ගත යුතු තැන් පෙන්වලා දුන්නා. මම හිතන විදියට එතුමාලා විශේෂයෙන්ම සරත් සිල්වා මැතිතුමා ඇතුළු කණ්ඩායම ඒක හොඳට අවබෝධ කර ගත්තා. තව දුරටත් සාකච්ඡුා කරන්න අපි දෙගොල්ලොම එකඟ වුණා. නමුත් අවාසනාවකට ඒක සිද්ධ වුණේ නැහැ. මම යළිත් කියනවා. රතන හාමුදුරුවන්ගේ ලියැවිල්ලේ නම් නැහැ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව කිසිම සඳහනක් නෑ.

 


0101 ප‍්‍රශ්නය: රතන හාමුදුරුවන්ට හෙළ උරුමයට එරෙහිව තීන්දුවක් ගන්න කියලා සන්ධානය ඇතුළෙන් තෙරපුමක් නැද්ද?
එනවා. නැත්තේ නැහැ. ලොකු තෙරපුමක් තියෙනවා. නමුත් හැමෝම හිතනවා ජනාධිපතිතුමා නිවැරදිව කි‍්‍රයා කරනවා කියලා. ඒ නිසාම මම හිතනවා හෙළ උරුමයත් එහෙම කරයි කියලා. මොකද හෙළ උරුමයත් එක්ක කිසිම වෛරයක් නැහැ. රතන හාමුදුරුවන් එක්ක කොහොමටවත් නෑ.

 


0101 ප‍්‍රශ්නය: නමුත් දැන් ඔවුන් ඉන්නේ මහින්ද රාජපක්‍ෂ පරද්දන්නයි?
මම කලිනුත් කිව්වේ. එහෙම කියපු අය ඉන්නවා. අනික විධායක ජනාධිපති ධුරය පුද්ගලයකුට වෙනස් කරන්න බෑ. ජනාධිපතිතුමාට ඒක කොහොමටවත් බැහැ. ඒක කරන්න  ඕනැ ව්‍යවස්ථාදායකයෙන්. පාර්ලිමේන්තුවෙන්. 18 වැනි සංශෝධනය කළේ ජනාධිපතිතුමා නොවෙයි. ඒක කළේ අපියි. පාර්ලිමේන්තුවෙන්. රතන හාමුදුරුවන් ඇතුළු අපියි. විධායක ජනාධිපති ධුරය වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්දය ගන්න  ඕනැ.

 

 

qut-02

 


0101 ප‍්‍රශ්නය: ඉතින් මේ ආණ්ඩුවට ඒක තියෙනවනේ?
ඒක තමයි කියන්නේ. නමුත් ආණ්ඩුවට එහෙම බලයක් දුන්නේ නෑ. මම ඔබට මීට පෙරත් කිව්වා. ජනතාව අපට තුනෙන් දෙකක බලයක් දීලා නෑ.

 


0101 ප‍්‍රශ්නය: එහෙම නොදීපු ජනවරම පාර්ලිමේන්තුව ඇතුළේ විකෘති කරලා තමයි 18 වැනි සංශෝධනය ගෙනාවේ?
නෑ. නෑ. 18 වැනි සංශෝධනයට තුනෙන් දෙකක් හම්බ වුණා. ඒක විකෘතියක් නොවෙයි. ඒකට ඡුන්දය දීපු ශ්‍රී රංගේ මන්ත‍්‍රීතුමා ඊට පස්සෙ කවදාවත් ආණ්ඩුවට ඡුන්දය දුන්නේ නැහැ. 18 වැනි සංශෝධනයයි ආණ්ඩුවයි කියන්නේ දෙකක්. 18 වැනි සංශෝධනයට ඡුන්දය දුන්නේ ආණ්ඩුවේ අය විතරක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂයවත් විරුද්ධ වුණේ නැහැනේ. ඒ අය නැගිටලා ගියා. බලන්නකෝ ලේඛනය අරගෙන. රනිල් වික‍්‍රමසිංහ විරුද්ධව ඡන්දය දුන්නද කියලා බලන්නකො. ඡුන්දය දීමයි විරුද්ධ නොවීමයි සමානයිනේ. රනිල් වික‍්‍රමසිංහ, කරු ජයසූරිය ඔය කවුරුවත් විරුද්ධ වුණේ නෑ.

 


0101 ප‍්‍රශ්නය: මංගල ආණ්ඩුවට ගන්න ඞීල් එක ඇයි ගැස්සුණේ?
ගැස්සිලත් නෑ. ඞීල් එකක් ඇත්තෙත් නෑ. එතුමත් එක්ක අවංකව අපි සාකච්ඡා කළා. එච්චරයි.

 


0101 ප‍්‍රශ්නය: මංගල යළිත් ආණ්ඩුවට එන්න කැමැත්තෙන් ඉන්නවා.
ඕවා පත්තරවල පළවුණාම හුඟාක් දේවල් කෙරෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු.

 


0101 ප‍්‍රශ්නය: ඔහු ඉල්ලපු ඇමතිකම් ඔහුට දෙන්න ආණ්ඩුව අකමැතියි?
එහෙම කියන්න බෑ. එවැනි මට්ටමට සාකච්ඡුාව ගියා කියලා මම හිතන්නේ නැහැ.

 


0101 ප‍්‍රශ්නය: කවර දොළ පිදේනියක් දීලා වුවත් මංගලව ගන්න සූදානමක් තියෙනවද?
මම හිතන්නේ එතුමා දොළ පිදේනිනම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දොළ පිදේනි දෙන්න බලාපොරොත්තුවකුත් නැහැ. අපි මිත‍්‍රයන් හැටියට කතා කරනවා. ඒ හැරෙන්න මංගල ආණ්ඩුවට ඒම නොඒම ගැන දැන්ම හෙළි කරන්න හොඳ නෑ.

 


0101 ප‍්‍රශ්නය: තීරණාත්මක මොහොතකදි මංගල එයි?
ඒක කියන්නත් බෑ. මට කියන්න පුළුවන් වෙන්නේ කෙරිච්ච දේවල් විතරයි. කෙරෙන්න තියෙන දේවල් මට කියන්න බෑනේ.

 


0101 ප‍්‍රශ්නය: ජවිපෙන් මන්ත‍්‍රීවරයෙක් එන්න ඉන්නවා කියලත් ආරංචියි?
එන එක නොවෙයි ප‍්‍රශ්නය. තියා ගන්නේ කොහේද?

 


0101 ප‍්‍රශ්නය: ඇමතිවරුන් කී දෙනෙක් යන්න ඉන්නවද?
ඒක ඉතින් අහන්න  ඕනෑ යන්න ඉන්න ඇමතිවරුන්ගෙන්.

 


0101 ප‍්‍රශ්නය: ඔබට සැක ඇමතිවරු කී දෙනෙක් විතර ඉන්නවද?
එහෙම එකක් නෑ. විපක්‍ෂය කියන ආරංචි විතරයි මට තියෙන්නේ. එක වෙලාවකට 60යි කියනවා. 67යි කියනවා. ඊට පස්සේ කියනවා 35 යි කියලා.

 


0101 ප‍්‍රශ්නය: ඇමැති මර්වින්ගේ තත්ත්වය කොහොමද?
එතුමා ඇත්තටම මගේ දිස්ති‍්‍රක්කයේ ඇමතිවරයෙක්. මම එතුමා ගැන හොඳට හොයලා බලනවා.

 


0101 ප‍්‍රශ්නය: ඇමති මර්වින්ගේ පුතා ඉන්නේ රිමාන්ඞ් බාරයේ?
ඔව්! නමුත් ඒක දේශපාලන ප‍්‍රශ්නයක් නොවෙයි. එතුමාගේ පුතාගේ අසනීප තත්ත්වය ගැන මම බොහොම වේදනාවෙන් ඉන්නේ. ඒ පුතාට ශල්‍යකර්මයක් කරලා කියලත් දැනගන්න ලැබුණා

 

 

qut01

 


0101 ප‍්‍රශ්නය: ඔබ ගියාද මාලක සිල්වා බලන්න.
නෑ. මම එහෙම රිමාන්ඞ් භාරයේ ඉන්න කෙනෙක්ව බලන්න යන්නේ නෑ. පවුලෙම කෙනෙක් වුණොත් විතරයි යන්නේ. නමුත් එහෙම ගිහින් තියෙන්නෙත් එක පාරයි. මට මතක හැටියට.


 

prasanna-sanjeewa



අදහස් (0)

විපක්‍ෂයේ සංගීත පුටුවේ වාඩිවෙන්නෙ කවුද කියලා අපිත් බලාගෙන ඉන්නවා

සේනක Saturday, 22 November 2014 02:47 PM

කව්ද කියන්නේ 10% කියලා. (ස)

:       0       0

සේනක Saturday, 22 November 2014 02:53 PM

ජයවේවා ! (ස)

:       0       0

මිලින්ද Sunday, 23 November 2014 03:43 PM

අපි හිතුවෙවත් නැති කෙනෙක් අන්තිමට ආවා (දී)

:       0       0

චානක. Thursday, 20 November 2014 08:50 PM

වාඩිවෙන එක්කෙනා නම් දන්නේ නැහැ. නමුත් වාඩිවෙලා ඉන්න කෙනාට නම් අයින් වෙන්න වෙනවාමයි කියා ඔක්කොමලා දන්නවා (නදී)

:       0       0

පියල් Sunday, 23 November 2014 09:40 PM

හැමදාම මිනිසුන්ව රවටන්න බැහැ (නි)

:       0       0

කළු ආරච්චිගේ ප්‍රිය නන්දන Sunday, 23 November 2014 09:40 PM

ජාත්‍යන්තර කුමන්ත්‍රන. රටපවා දීමේ කුමන්ත්‍රන. කිය කීයා හැමදාම මහා ජනතාව රවට්ට රවට්ටා බොරු කීය කීයා බලේ ඉන්න තමා හැම දාම උත්සාහය. හැමදාම මිනිස්සුන්ව රවට්ටන්න බැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4934 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 671 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1246 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 111 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 198 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1072 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site