IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


වෙබ් අඩවි සහ මඩ

රූපවාහිනී නාලිකා, ගුවන් විදුලි නාලිකා හා පුවත්පත් ප‍්‍රකාශන  152ක් පමණ දැනට ලියාපදිංචි කර ඇත. මේවාට අමතරව අද මාධ්‍ය  ක්‍ෂේත‍්‍රයට  වෙබ් අඩවිද එක්වී ඇත. අධ්‍යාපන දේශපාලන සංස්කෘතික ආදි වශයෙන් විවිධ අංශවල තොරතුරු හා සංවාද හැරුණු විට  විනෝදාස්වාදය සඳහාද වෙබ් අඩවි යොදා ගැනේ. රටේ ජනතාවගෙන් සියයට 40ක පමණ ප‍්‍රමාණයක් අන්තර් ජාලය නරඹන බව  වාර්තා වෙයි. ශ්‍රී ලාංකිකයෝ  50,000කට වැඩි පිරිසක් මේ වනවිට වෙබ් අඩවි ආරම්භ කර ඇත. ඇතැම් අය පෞද්ගලික වෙබ් අඩවි ආරම්භ කර තිබෙන අතර එයින් බොහෝ දෙනා යම් පරමාර්ථයක් ඉටුකර ගැනීමේ අරමුණ ඇතිව වෙබ් අඩවි ආරම්භ කර ඇත. මේ වෙබ් අඩවි දැන් සමාජගතවී ඇත්තේ අනෙකුත් මාධ්‍යයන්ට වඩා  වෙනස් ආකාරයටය. තොරතුරු හා දැනුම ලබාගැනීමට අමතරව අසභ්‍ය දර්ශනද මෙම  වෙබ් අඩවිවල කිසිදු හිරිකිතයකින් තොරව ප‍්‍රදර්ශනය වීම බරපතල තත්ත්වයක්වී ඇත. විශේෂයෙන් පාසල් යන වියේ දරුවන්ට මෙම දර්ශන නැරඹීමට ඇති හැකියාව  සමාජ සංස්කෘතික ප‍්‍රශ්නයක්  වී තිබේ. ඉන්ටර්නෙට් කැෆේ දැන් සෑම නගරයක් පාසාම පිහිටුවා ඇත. ඊට අමතරව  තම අතේ පවත්නා ජංගම දුරකථනවලින් ද වෙබ් අඩවි නැරඹීමේ අවස්ථාව සැලසී ඇත. වයස් පරතරයකින් තොරව බොහොමයක් දෙනා වෙබ් අඩවි නැරඹීමට පෙළඹී සිටී. මෙහිදී වයස් පරතරයකින් තොරව යනුවෙන් සඳහන් කලේ පාසල් සිසුන් පිළිබඳවය. ප‍්‍රධාන පෙළේ  පෞද්ගලික පාසලක ගුරුවරයෙක් ප‍්‍රකාශ කළේ හතරවැනි ශ්‍රේණියේ  පන්තියක දරුවකු අන්තර් ජාල පහසුකම් ඇති ජංගම දුරකථනයක් පාවිච්චි කර තිබෙන බවයි. නැරඹීම පිළිබඳව ගැටලූවක් නැත. ගැටලූව කාම උද්ධීපන දර්ශන අතුළත් වෙබ් අඩවි පිළිබඳවය. පෞද්ගලික පන්තිවල  උගන්වන ගුරුවරයෙක් ප‍්‍රකාශ කළේ වෙබ් අඩවියක ඇතුලත් ලිංගික දර්ශන කීපයක මුද්‍රිත පිටපත් පාසල් සිසුවකුගේ පොතක තිබි සොයාගත් බවයි. ප‍්‍රධාන පෙලේ පාසලක ගුරුවරයෙක්ද මේ බව තහවුරු කළේය. අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවිවලට අමතරව මඩ ව්‍යාපාරයන්ද මෙම වෙබ් අඩවි මගින් ප‍්‍රචාරයවීම පසුගිය වසර කීපය පුරාම සිදුවිය. මේ මඩ ප‍්‍රචාර කරන්නේ දේශපාලනඥයන්ට, සිනමා නළු නිළියන්ට, මාධ්‍යවේදින්ට ඇතූළු ජනපි‍්‍රය චරිත සඳහායි. දේශපාලන මඩ ප‍්‍රචාරවල යෙදී සිටි බව කියන  වෙබ් අඩවියක් පසුගියදා තහනම් කෙරුණි. විපක්‍ෂයේ දේශපාලනඥයකු සම්බන්ධ  බව කියන මෙම වෙබ් අඩවි කාර්යාලයේ රජයට මඩ ගැසීම සඳහා වූ දර්ශන ඇතුළත් වීඩියෝ පට ගණනාවක් තිබූ බවද සඳහන් වේ. අසභ්‍ය පිංතුර  බොහෝ විට ප‍්‍රදර්ශනය කෙරෙන  බවට චෝදනා ඇත. විශේෂයෙන් මැතිවරණ සමයේදී දේශපාලනඥයන්ට මඩ ගැසීම සඳහා විවිධාකාර ඡායාරූප සකසා ප‍්‍රදර්ශනය කරන බවට චෝදනා පවතී. මෙවැනි  මඩ ගැසීම් හා අසභ්‍ය දර්ශන සහිත වෙබ්  අඩවි 800ක් පමණ ප‍්‍රමාණයක් මේ දක්වා තහනම් කර ඇති බව සඳහන්වෙයි. එහෙත් මෙසේ තහනම් කරන වෙබ් අඩවි ජාත්‍යන්තර ජාලයන් මගින් නැරඹීමට තරම් තාක්‍ෂණය දියුණුවී ඇත. එබැවින් වෙබ් අඩවි තහනම් කිරීමේ ක‍්‍රමය අසාර්ථකවී ඇත. ඒ සඳහා වූ හොඳම උදාහරණයක් පෙන්වාදිය හැකිය. විදුලි සංදේශ නියාමක කොමිසම මගින් තහනම් කරනු ලැබූ එක්තරා වෙබි අඩවියක් නින්ජා ප්‍රොක්සි නමැති සේවාව  ඔස්සේ අදටත් නැරඹීමට හැකියාව  ලැබී ඇත. ශ්‍රී ලංකාව  ජාල තාක්‍ෂණික සැපයුම්කරුවන්  නොවීම මේ තත්ත්වයට එක් හේතුවක් වී ඇත. ඒ සඳහා වූ චන්ද්‍රිකා තාක්‍ෂණය යොදා ගැනීමට තරම් අපේ රට තාක්‍ෂණය දැනුමෙන් තවමත් පසුගාමී රටක්වී ඇත. අපේ රටේ  අන්තර්ජාල වෙබ් පහසුකම් සැලසෙන සේවා ආයතන ප‍්‍රමාණය 10 ක් පමණ වෙයි. ටෙලිකොම්, මොබිටෙල්, එයාර්ටෙල්, සන්ටෙල්, හච් වැනි  සේවා සපයන ආයතන ද මේ අතර  වෙයි.  ජාත්‍යන්තර වශයෙන් යාහු, ගුගල් නින්ජා ප්‍රොක්සි ආදි වශයෙන් සේවා ආයතන ගණනාවකි. මේවා අතරින් අසභ්‍ය දර්ශන ඇතුළත් හා  පුද්ගලයන්ට මඩ ගසනා වෙබ් අඩවි සම්බන්ධයෙන් පැහැදිලි අවසන් තීන්දුවක් ගැනීමට තරම් නීතිමය තාක්‍ෂණික හා ආර්ථික වශයෙන් මේ රට තවමත් ශක්තිමත් නොවීම  බරපතල ප‍්‍රශ්නයක් වී ඇත. රටේ දේශපාලන සංස්කෘතිය නිර්මාණය වී ඇති ආකාරය මඩ ප‍්‍රචාරය කරන වෙබ් අඩවි නිර්මාණය වීමට තවත්  හේතුවක් වී ඇත. විශේෂයෙන් මැතිවරණයක් ආසන්නයේ වෙබ් අඩවි මගින් දේශපාලන ප‍්‍රතිවාදියාට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා තොරතුරු නිර්මාණය කිරීමට  වෙනමම කණ්ඩායම් පත්වී සිටී. ඒ සඳහා හොඳම උදාහරණය පසුගිය පාර්ලිමේන්තු  මහ මැතිවරණයයි. අසභ්‍ය දර්ශනවලට මන්තී‍්‍ර අපේක්‍ෂකයන්ගේ මුහුණ යොදා අසභ්‍ය ඡායාරූප ප‍්‍රදර්ශනය කෙරුණි. මාධ්‍ය සදාචාරයකින් තොරව කෙරෙන මෙවැනි දේ පුද්ගල චරිතවලට බරපතල හානියක්වී ඇත. මෙවැනි වෙබ් අඩවි සඳහා කිසියම්  නීතිමය බලපෑමක් ඇති කළ යුතුව ඇත.   මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ගිහාන්  ඩයස් මහතා : අනූව දශකය  මුල්කාලයේ දී මොරටුව විශ්වවිද්‍යාලය මගින් වෙබ් අඩවි සකස් කර භාවිත කළා. පළමුවෙන් විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ වෙබ් අඩවි නැරඹීමට  හැකියාව සලසා තිබුණා. වෙබ් අඩවි ආරම්භ කළේ යහපත් චෙතනාවෙන් හා යහපත් අරමුණු ඉටුකර ගැනීමටයි. අද වනවිට මෙම වෙබ්  අඩවි විවිධ ක්‍ෂේත‍්‍ර සඳහා  යොදවා ගන්නවා. මෙහිදී මට ප‍්‍රකාශ කළ හැක්කේ, මෙවලමක් හොඳ පැත්තකටත්  නරක  පැත්තකටත් යොදා ගත හැකි බවයි. යහපත වගේම අයහපත් වෙනවා. අද වෙබ් අඩවි යොදා ගැනීමෙනුත්  සිදුවන්නේ එයයි. ඒ සඳහා අන්තර් ජාලයට දොස් කීම නිෂ්ඵලයි.   විදුලි සංදේශ නියාමක කොමිසමේ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් යු.එච්.සී. පි‍්‍රයන්ත : අධිකරණය මගින්  හෝ අමාත්‍යාංශයක් මගින් කරන ලද දැනුම් දීමකට අනුව වෙබ් අඩවියක් තහනම් කිරීමේ දී, ඒ සඳහා සේවා සපයන ආයතනයට දැනුම් දීමක් කරනවා. වෙබ් අඩවියක් තහනම් කිරීමට කොමිසමට අවශ්‍ය තාක්‍ෂණික බලයක් නැහැ. ඒ සඳහා  වෙබ් අඩවිය පවත්වා  ගෙන යන සේවා ආයතනයට දැනුම් දී එමගින් වෙබි අඩවිය තහනම් කරවීමට  පියවර ගන්නවා. දැනට වෙබ් අඩවි පවත්වා ගෙන යාමට සේවා සපයන ආයතන දහයක් පමණ තිබෙනවා. මෙන්ම දර්ශනය වන වෙබ් අඩවි ගණනාවක් විදේශවලින් පවත්වා ගෙන යනවා. මේ රටේ මෙහෙයවන වෙබ් අඩවි සංඛ්‍යාව සිමිතයි. ඩොට් කොම් (.com)  වශයෙන් පැවැත්වෙන්නේ විදේශවලින්  සේවා සපයන වෙබ් අඩවි.  ඩොට් එල්.කේ. (.lk)  වශයෙන් සඳහන්  වන්නේ මෙරටෙන් සේවා සපයන වෙබ් අඩවියටයි. බොහෝ විට අධිකරණ නියෝග  මත වෙබ් අඩවි තහනම් කිරීමට මෙසේ සේවා සැපයුම් ආයතනවලට දැනුම් දෙයි. දේශීය වෙබ් අඩවි සේවා සපයන්නන් විසින් එම නියමය මත වෙබ් අඩවි තහනම් කිරීම සඳහා පියවර ගනු ලබයි. එහෙත් විදේශ  රටවලින් කි‍්‍රයාත්මක කරනු ලබන වෙබ් අඩවි සම්බන්ධයෙන් කි‍්‍රයා කිරීමට හැකියාවක් නැත. නිදහස් මාධ්‍ය  ව්‍යාපාරයේ ලේකම් සුනිල්  ජයසේකර මහතා :  වෙබ් අඩවි තහනම් කිරීම දේශපාලන කරුණු මත පලිගැනීමේ චේතනාවෙන් සිදුවනවා  විනා. අසභ්‍ය, ලිංගික දර්ශන ඇතුළත්ව තිබිමේ හේතුව මත තහනම් කිරීමක් සිදුවී නැහැ. වෙබ් අඩවි බැඳී පවතින්නේ අන්තර් ජාලයටයි. ලෝකයේ සියයට 85ක පමණ පිරිසක් අන්තර්ජාල යොදා ගන්නේ විනෝදාස්වාදයටයි. අති බහුතරය එසේ වුවත් තවත් පිරිසක් දැනුම , අධ්‍යාපනය, සෞඛ්‍ය, දේශපාලනය යනාදි  වශයෙන්  වෙනත් කරුණු සඳහා ද වෙබ් අඩවිවලට  ඇතුළු නොවෙත් නොවේ යන්නට සමානයි. විනෝදාස්වාදය සඳහා වෙබ් අඩවිවලට ඇතුල්වන නමුත් දැනුම,  අධ්‍යාපනය, තොරතුරු ප‍්‍රවෘත්ති සමාජ සංවාද යනාදී සියලූ කරුණු හැදෑරීමද මෙමගින් සිදුවෙයි. වෙබ්  අඩවි තහනම් කිරීම පිළිබඳව අද මේ රටේ  නිතර සාකච්ඡුා  කෙරෙනවා. ලෝක තාක්ෂණයට අනුව වෙබි අඩවි තහනම් කිරීමට නොහැකියි. අවහිර කරන්න, බාධා කරන්න පුළුවන්. අපේ රටේ වෙබ් අඩවි තහනම් කෙරෙන්නේ අසභ්‍ය හේතු පදනම් කරගෙන  නොවෙයි. බොහෝ විට දේශපාලන පදනම මතයි. එබැවින් මේ වෙබ් අඩවි තහනම සාධාරණය සිදුවන බවක් කිව නොහැකියි. පෞද්ගලික පලිගැනීම්වලටත්  වෙබ් අඩවි තහනම් කෙරෙනවා නම් එය අනුමත කළ නොහැකියි.

දයාසීලි ලියනගේ



අදහස් (0)

වෙබ් අඩවි සහ මඩ

තරුෂ Monday, 16 July 2012 11:49 AM

ප්‍රොක්සි සේවා හරහා යන්නට යම් තාක්ෂනික දැනුමක් අවශ්‍යයි කුඩා දරුවන් සහ මොලය 10% ට අඩුවෙන් වැඩ කරන වැඩිහිටියන් අසභ්‍ය.com ටයිප් කල ගමන් ඩවුන්ලෝඩ් වීම නිසා අපරාද ‍රැල්ල ඇති වී තිබෙන බව මගේ අදහසයි. මඩ වෙබ් අඩවි තහනම රජයට හොදයි. අසභ්‍ය වෙබ් අඩවි තහනම රටටම හොදයි. වඩා වැදගත් දෙය ‍තෝරා ගන්න වගකිවයුත්තන්ට මොළය පෑදේවායි පතමු!

:       0       0

Sahan Saturday, 21 July 2012 02:11 PM

මට හිට්ලර් වගේ වෙන්න පුළුවන් උනානම් මම මේ වෙබි ඔක්කොම මකල අලුතින් හදන්න කියන මට ඕන විදියට (අ)

:       0       0

කුමාරි Monday, 16 July 2012 07:26 AM

වෙබ් අඩවි ලියපදිංචි ක්‍රමය ඇති කිරීම ඉතා හොදයි. නමුත් එසේ කිරීමෙන් මඩ ප්‍රචාර නැති නොවී සත්‍ය ප්‍රචාර සපයන ආයතන වලට වැඩේ දුන්නොත් තමා ලෙඩේ. ඇතුවත් බැරි, නැතුවත් බැරි වෙබ් ජංජාල.

:       0       0

ඵ්හිපස්සිකෝ Monday, 16 July 2012 11:48 PM

තරුෂ, මේව සමාජ සංවාදයට යොමු කළ යුතු කාරණා.මං ඊළගට ජනාධිපති වෙලා ඵනකන් ඉවසල ඉන්න.පබාට වගේම මටත් රාජයෝගයක් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 93 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 332 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 110 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 101 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 268 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 519 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 87 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 219 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site