දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට බැඳුණු ෂේනුකා සහ නිර්මලා ජ්‍යෙෂ්ඨ කොටි නායකයකු වූ මුරලි විසින් රඳවා තබන ලද්දේ දියණියන් තිදෙනකුගේ මවක වූ වැන්දඹු කාන්තාවකගේ නිවසෙහිය. මෙම කාන්තාව ඒ වනවිට එල්ටීටීඊ රූපවාහිනිය හා ඡායාරූප අංශය භාරව සිටි භාරතම් රාජනායගම් ගේ නැන්දනියයි. භාරතම්ගේ පියා රාජනායගම් මාස්ටර් යනු යාපනයේ සිටි ගරු කටයුතු ප‍්‍රගතිශීලී පුරවැසියෙකි. 1986 වසරේ අවස්ථා කිහිපයකදී මා එම නිවසට ගියේ ගුරු වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයකු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීරගේ මස්සිනා වූ එච්.එන්. ප‍්‍රනාන්දු හමුවීමටය. මගේ මිත‍්‍රයකු වූ එච්.එන්. මා විරකේසරී දෙමළ දිනපතා පුතවත්පත් වාර්තාකරුවකුව සිටි මුල්කාලයේ සිට සම්බන්ධතා පැවැත්වූවෙකි. ජයවර්ධන පාලනයේ මර්දනයෙන් බේරීම සඳහා කොළඹින් ගිය එච්.එන්. රාජනායගම් පවුල සමඟ වාසය කළේය. එජාප පාලනයට බියේ කොළඹින් පළාගිය සිංහල ප‍්‍රගතිශීලීන්ට අර්ධ නිදහස් තත්ත්වයක තිබූ යාපනයේ ආරක්ෂාව ලබාගත හැකිවු මෙම කාලය උනන්දුව දනවන්නකි. කනගාටුදායක ලෙස 1987දී මෙම තත්වය වෙනස් වූ අතර කුමාරප්පා, පුලේද්‍රන්, නාලන් සහ අබ්දුල්ලා ඇතුළු කොටි නායකයෝ 12 දෙනකු ඝාතනය කිරීමට පළිගැනීම් වශයෙන් එල්ටීටීඊය විසින් යාපනයේ සිටි සිංහලයන් මරා දමනු ලැබීය. කෙසේ වෙතත් එච්.එන්. සහ දකුණේ වෙනත් ප‍්‍රගතිශීලීන් ඒ වන විට ආපසු ගොස් තිබුනේ ඉන්දු ලංකා ගිවිසුමෙන් ඇතිවූ සාමකාමී තත්වය යටතේය. භාරතන්ගේ පවුල තදින්ම දේශපාලනීකරණය වූවකි. ඔහුගේ සහෝදරියක වූ කුන්තවායි ද එල්ටීටීඊ ”නිදහසේ කිරිල්ලියෝ” සාමාජිකාවකව සිටියාය. ඔහුගේ සොහොයුරු භාරතී දෙමළ ජනමාධ්‍යයේ සිටි ප‍්‍රසිද්ධ මාධ්‍යවේදියෙකි. ෂෙනුකා සහ නිර්මලා නැවතී සිටි භාරතන්ගේ නැන්දනියට දියණියන් තිදෙනකු වූහ. ‘චිත‍්‍රා’ සහ ‘රුබී’ යන නම් වලින් හදුන්වනු ලැබූ ඉන් දෙදෙනෙක් එල්ටීටීඊ කාන්තා අංශය වූ ‘නිදහසේ කිරිල්ලියෝ’ හි සාමාජිකාවෝ වූ අතර යුද පුහුණුවද ලබා සිටියාහ. මේ අතර ෂෙනුකාගේ සහ නිර්මලාගේ පවුල්වල උදවිය පුවතින් කම්පාවට පත්වූහ. එම පවුල් පසුබිමේ සිටි ගැහැණු ළමයින් එල්ටීටීඊ යට සම්බන්ධ වීම අලූත් දෙයක් වූ අතර ඔවුන් ඇසුරු කළ සමාජයට එය හැඟීම් දනවන සිදුවීමකි. බොහෝ දෙනා අනුකම්පා කළ අතර ඇතැමුන් කට කතා පැතිරවූයේ මේ ගැහැණු ළමයින් ‘රහසින් පැනගොස්’ ඇති බවටය. ෂේනුකාගේ පියා මැද පෙරදිග සේවය කරමින් සිටි අතර ඔහුට දැනුම් දුන්නද වහාම නිවාඩු ගෙන ආපසු පැමිණීමට නොහැකි වූයේ සේවා ගිවිසුමේ බැඳීම් හේතුවෙනි.
වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී
ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.
ශ්රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පසුගිය දා
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්
අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විමුක්ති කිරිල්ලියගේ රතුපාට දින පොත