නෙළාගත් වම්බටු අස්වැන්න විශාල ප්‍රමාණයක් කෘෂිකර්ම බලධාරීන් ඉදිරියෙ ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් ගලේවෙල බම්බාව ගම්මානයෙන් ඉකුත් දා වාර්තා විය. අස්වැන්න යනු ගොවියකුට තම දරුවකු බඳුය. ඒ අස්වැන්න ගිනි තබා විනාශ කිරීමට සිතක් පහළ කර ගැනීම ඉතා අසීරුවන්නට ඇත. එහෙත් තමන් ඉදිරිපිට නිර්මාණය වී ඇති විනාශකාරී ඉරණමට එරෙහිව වෙනත් විකල්පයක් නොමැති හෙයින් බම්බාව ගොවි ගම්මානයේ ගොවියන්ට එසේ කිරීමට සිදුවී තිබේ. එහෙයින් මෙම ප්‍රශ්නය සුළුවට ගතයුතු නැත.
බම්බාව ගම්මානයේ මහා පරිමාණ වම්බටු ගොවියකු වන එල්.පී. අජිත් ප්‍රියලාල් මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ අස්වැන්න මේ දිනවල ලැබෙන බවත් දින හයකට කිලෝ දොළෙස් දහසක් පමණ අස්වැන්න පණුවන් විනාශ කර ඇති හෙයින් ඒවා ඉවත් කිරීමට සිදුවී ඇති බවය. දින හයකට වරක් කිලෝ දාහතර දහසක අස්වැන්නක් නෙළා ගන්නා බවත් එයින් කිලෝ දෙදහසක් පමණ තෝරා අලෙවි කර ගැනීමට හැකිවූ බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබිණි. එක මුරයකට තමන්ට සිදුවන පාඩුව රුපියල් ලක්ෂ 12 ත් 18 ත් අතර පමණ වන බවද ඔහු පවසා ඇත.
මේ වූකලී එම ගොවි මහතාට පමණක් උරුම වූ ඛේදනීය ඉරණමක් නොවේ.
කෘමිනාශක වර්ග වෙළෙඳ පොළේ අලෙවි කිරීමට නොමැතිවීම, රසායනික පොහොර වෙළෙඳ පොළේ මිලදී ගැනීමට නොමැතිවීම මෙන්ම වගාවලට කාබනික පොහොර ක්‍රමවේදය යටතේ කෘමි උවදුර පාලනය කර ගැනීමට කිසිදු හඳුන්වාදීමක් නොමැති කමත් නිසා බම්බාව ගොවි ගම්මානයේ ගොවියන්ට පොදුවේ මෙම ඉරණමට යටත්වීමට සිදුවී තිබේ.
රසායනික පොහොර තහනම් කරමින් කාබනික පොහොරට යොමු වීමේ අනගිතම පියවරක් රජය ගත්තේය. එය වූ කලී චිරාත් කාලයක් පුරා ඉල්ලා සිටි දෙයකි. එහෙත් එම පියවරට අවතීර්ණ වීමේදී දියුණු විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය. වගාවලට කාබනික පොහොර ක්‍රමවේදය යටතේ කෘමි උවදුර පාලනය කර ගැනීමට කිසිදු හඳුන්වාදීමක් කර නොමැති යැයි බම්බාවේ ගොවියන්ගේ පැමිණිල්ලෙන් කියැවෙන්නේ එයය.
දඹුල්ල මූලස්ථාන කෘෂිකර්ම උපදේශක ඒ.එම්. සුනිල් බණ්ඩාර මහතා අප පුවත් පතට ප්‍රකාශ කර තිබුණේ අතීතයේ වගාවන් කළ ආකාරයටම කාබනික පොහොර නිපදවා ගැනීම කළ යුතු බවත් කාලයක් ගත වෙද්දී මෙම ගැටලුවලට විසඳුම් ලැබෙන බවත්ය. එමෙන්ම කඩිනමින් ගොවීන්ගේ ප්‍රශ්න ගැටලු හඳුනා ගනිමින් ඒවා ඉහළ නිලධාරීන්ට දැනුම් දෙන බවත්ය. එක් මුරයකදී ගොවියකුට රුපියල් ලක්ෂ 12 ක් ලක්ෂ 18 ක් අතර පාඩුවක් සිදුවන පසුබිමක කාලයක් ගත වෙද්දී මෙම ගැටලුවලට විසඳුම ලැබෙනු ඇතැයි යනුවෙන් සිදුකරන අනාගත වාක්‍යවලින් ගොවීන් තමන්ගේ සිත් සනසවා ගනු ඇතැයි සිතිය නොහැකිය.
බම්බාව ප්‍රදේශයේ අක්කර ගණනාවක් පුරා වම්බටු වගාව සිදුවේ. එහිදී දිනපතා හැට දෙනෙකුට පමණ රැකියා ලැබී ඇත. එහෙත් ගොවිතැන පාඩුවන විට ඔවුන් වම්බටු වගාවෙන් ඉවත්වී ඇතැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය. වම්බටු අස්වැන්න නරක් වීම පවුල්වල පැවැත්මට තර්ජනයක් වන බරපතළ ප්‍රශ්නයක් ලෙස හඳුනා ගත යුතුවන්නේ එහෙයිනි.
බම්බාවේ ගොවීන් පවසන්නේ මෙරට නිෂ්පාදනය කරන බීජ නොමැතිව විදේශ රටවලින් විශාල මිල මුදල් ගෙවා බීජ ගෙන්වා අලෙවි කළද එම බීජවලට සරිලන තෙල් බෙහෙත් පොහොර නොමැති වීම නිසා වගා කිරීමට නොහැකි බවය. රජය මුලින්ම කළ යුත්තේ රසායනික පොහොර හා තෙල් බෙහෙත් අලෙවිය තහනම් කිරීම නොව මෙරට බීජ නිෂ්පාදනය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවය. එසේ නොමැතිව දෙමුහුන් පිටරට බීජ මෙරටට ගෙන්වා කාබනික පොහොර කොපමණ යෙදුවද ඉන් ප්‍රයෝජනයක් නොමැති බවද එම ගොවියෝ කියති.
එළඹ ඇත්තේ සංක්‍රාන්තික සමයකි. කෘෂි රසායනික පොහොරවල සිට කාබනික පොහොර භාවිතයට යොමුවීමේ සංක්‍රාන්තික සමය තුළදී බොහෝ ප්‍රශ්න ගැටලු මතුවිය හැකිය. කෘෂිකාර්මික නිලධාරීන්ගේ වගකීම වන්නේ මෙම කාරණා සම්බන්ධයෙන් ගොවි ජනතාව මනා ලෙස දැනුවත් කිරීමය. එමෙන්ම ස්වභාවිකව සිදුවන විපත්වලදී එම ගොවි ජනතාවට සාධාරණය ඉටු විය යුතුය. මූලස්ථාන කෘෂිකර්ම උපදේශක ඒ.එම්. සුනිල් බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබුණේ වගාවල පළිබෝධ හානිවලට රජය හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ වන්දි නොගෙවන බවය. ඒ සඳහා වැඩපිළිවෙළක් නොමැති බවය. රක්ෂණ ක්‍රමවේදවලට යා යුතු බවය. ගොවි ජනතාවට බලපාන නොවිසඳුණු ප්‍රශ්න බොහෝ බව එමගින් පැහැදිලිය.
(***)
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහසට පසු යුගය තුළ ශ්රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වම්බටු අස්වනු වැනසීමේ හේතු බලධාරීන් සොයන්නේ නැද්ද?
බද්රානි Friday, 09 July 2021 09:30 PM
හදිස්සියකට පරිභෝජනයට ඉතුරු වන්නේ නැහැ... මේ රටේ කාලකන්නින්ගේ පවටම... ඒ වැඩිකමටම වෙන්න ඇති මේ විදිහට පණුවන් ගහන්නේ...!!!