IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ව්‍යවස්ථා වඩුවන්ගේ වගකීම

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන විශේෂඥයන් යැයි කියූ පිරිසක් විසින් සම්පාදිත යෝජනාවලියක් අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ තැබීය. එසේ තබා ව්‍යවස්ථාවක් තබා කෙටුම්පතක් වත් නැතැයි කියයි. එහෙත් මෙහෙයුම් කමිටුවක් හා සහායට උපකමිටු 6ක් පත්කොට මාධ්‍ය අනාවරණය කරන පරිදි ජනතා මුදලින් රුපියල් මිලියන ගණනක් වැය කොට වසර තුන හමාරක් තිස්සේ කළේ කුමක් දැයි ඇසීමට ඔබටත් මටත් අනුල්ලංඝනීය වූ අයිතියක් තිබේ.

එහෙත් 2015 යහපාලන ආණ්ඩුව බිහිවීම අහඹුවක් ලෙසින් සැලකිය යුතු නැත. එය එජාප නායකත්වය හා දමිළ ජාතික සන්ධානය අතර ඇති කරගත් එකඟතාවේ නිර්මාණයකි. ඒ සඳහා බරපැන බටහිර බෙදුම්වාදීන් සැපයූ අතර මෙහෙයුම දියත් කළේ එතෙර මෙතෙර එන්ජීඕ කණ්ඩායම් විසිනි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මේ සඳහා පාවිච්චි කිරීම සැලැස්මේ පළමු කොටස විය. ඒ මගින් මැතිවරණය ජයගැනීම, ජයගත් පසු 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ ඒකීයත්වය ආරක්‍ෂා කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලතල කප්පාදු කොට නිෂ්ක්‍රීය වූ නාමික පදවියෙන් බෞතීස්ම කිරීම, භික්‍ෂු කතිකාව හරහා මහ සඟරුවන දේශපාලනයෙන් ඈත් කර නිහඬකර තැබීම ආදී කොටු කිරීම් ගණනාවකින් මේ මහා මෙහෙයුම සමන්විත විය. ඉන්පසු එළඹෙන පළමු තත්පරයේම ෆෙඩරල් ව්‍යවස්ථාවක් තනා දී කල්පයක් නොව වසර කීපයක බලය වෙනුවෙන් රටම පාවාදීම නව ව්‍යවස්ථාවේ අරමුණ වූවා මිස 1991 ටැන්සානියාවේ සහ 2011 හන්ගේරියාවේ සිදුවූවාක් මෙන් රටේ අභිවෘද්ධිය අරමුණු කරමින් නව ව්‍යවස්ථා සංශෝධනයකට 2015 පත්කළ විජේනායක කමිටුවට අවශ්‍ය නොවීය. ඔවුනට අවශ්‍ය වූයේ 2009 මැයි 19 දින යුද බිය නැති කොට එකතු කළ රට කැබැලි කොට රාජපක්‍ෂ නම ද ඉතිහාසයෙන් මකා දමා ප්‍රභාකරන් ගේ ජීවිතයට ඓතිහාසික වටිනාකමක් දීමේ දෙමළ ඩයස්පෝරාවේ සහ බටහිර බෙදුම්වාදීන් ගේ වුවමනාව ඉටුකර දී වසර කීපයක් බලයේ සිට ද්‍රෝහීන් ලෙසින් ස්වර්ගස්ථ වීමයි. ඒ නිසා නව ව්‍යවස්ථා ව්‍යාපෘතිය පිරිවැය වාසි විග්‍රහයකට යොමු කිරීම වැදගත් වෙයි. 

සියල්ලන්ටම ගැළපෙන දේශජ ව්‍යවස්ථාවක් හදමු.

පළමුවෙන් ම රටකට අවශ්‍ය වන්නේ කුමන ව්‍යවස්ථාවක් දැයි තීරණය කළ යුත්තේ ඒ රටේ සමස්ත ජනතාව මිස විදේශ බලවේගයක්වත්, එන්ජීඕවක අතළොස්සක් දෙනෙකුවත් නොවන බව කිව යුතුය. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව සැකසීමට පෙර ජනතාව දැනුවත් කොට, සෑම තරාතිරමකම ජනතාවගේ අදහස් විමසා, අධිරාජ්‍යවාදයට සම්බන්ධව තිබූ පෙකෙනිවැල ද කපා, අපේම කියා ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගත්තෙමු. ඒ ක්‍රමවේදයම අනුගමනය කළ ටැන්සානියාව, හන්ගේරියාව, සැම්බියාව වැනි රටවල් ද තම ව්‍යවස්ථා වෙනස් කළේ ජනමතයට අනුකූලවය. හේතුව රටේ මූලික නීතිය වන්නේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන නිසාය.

එහෙත් සංවාදයට බඳුන්ව ඇති යෝජිත ව්‍යවස්ථාව සඳහා කළ ජන සමීක්‍ෂණය හුදෙක් රැවටිල්ලක් පමණක්ම විය. එය අව්ව ඇති වෙලාවේ පිදුරු වේලා ගැනීමේ ක්‍රමයට අනුව, ලහියේ කරන ලද්දක් විය. ඒ සඳහා පත්ව සිටියේ සාමාන්‍ය ජනතාවගේ හෘද ස්පන්දනය නොදත් පොතේ ගුරුන් ය. අදහස් විමසුවේ තෝරාගත් කණ්ඩායම්වලින් ය. මහනාහිමිවරු හා බුද්ධිමත් කණ්ඩායම් මග හැරියහ. අදටත් මේ පිළිබඳ සාමාන්‍ය ජනතාව පමණක් නොව, සරසවි සිසුන්, මධ්‍යම පාන්තික බුද්ධිමතුන් සහ දේශපාලකයන් තුළවත් දැනුවත්භාවයක් නැත. ඒ නිසා රටට යහපතක් ගෙන එන්නේ යැයි කියන මේ යෝජනාවලිය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමට පෙර, ජනතාව හමුවට ඉදිරිපත් කළ යුතුය. හේතුව පාර්ලිමේන්තුවක් ගන්නා තීරණ සත්‍යයෙන් තොර මුදලට, වරප්‍රසාද හා වරදානවලට යට වී සැකසෙන ඒවා බැවිනි. එසේම ලංකා පාර්ලිමේන්තුව නියෝජනය වන්නේ සැබෑ මහජන නියෝජිතයන්ගෙන් නොව, ජනතාව ප්‍රතික්‍ෂේප කළ, මොළය මියගිය, කොට්ට කඳන් වැනි බහුතරයක් වූ දෙපාවුන් ගෙන් ය. ඒ තුළ සිදුවන්නේ කුමක් ද? සිදු කළ යුත්තේ කුමක් ද? කථා කළ යුත්තේ හා නොකළ යුත්තේ කුමක් ද? යන්න ඔවුහු නොදනිති. දන්නේ එකම එක දෙයක් පමණි. එනම් සාක්කුව පුරවා කයට සැප දෙන විධික්‍රමය පමණි.

නව ව්‍යවස්ථාව පිළිබඳ දැනුවත් කිරීමේ ඌනතා නිසා සාමාන්‍ය ජනතාවගේ දැනගැනීම පිණිස මෙකී යෝජනාවලියේ එන සංවේදී යෝජනා කිහිපයක් ගෙන විමසා බලමු. එවිට එහි ඇති සද්භාවය හෝ අසද්භාවය හඳුනාගත හැකි වෙයි.
බුදුදහමට ප්‍රමුඛස්ථානය දිය හැක්කේ අලංකාර වදන් වැල්වලින් නොව බුදු සසුන රැකීමෙනි.

72 පළමු සහ 78 වෙනි ජනරජ ව්‍යවස්ථාවල රටේ ඒකීයත්වය මෙන්ම බුදුදහමට ඇති ප්‍රමුඛස්ථානය එක ලෙසින්ම පිළිගෙන තිබේ. යෝජිත සිව්වන ව්‍යවස්ථාවෙන් පමණක් මේ තත්ත්වය පද පෙරළි හා පටලැවිලි මගින් වෙනස් කිරීමට උත්සාහ ගෙන තිබේ. රටේ ඒකීයත්වය මෙන් ම බුදුදහමේ ප්‍රමුඛතාව පිළිබඳ කිසිවෙකුත් අමුතුවෙන් ප්‍රතිඥා දිය යුතු නැත. හේතුව කිසිවෙකුටත් එය අහෝසි කළ නොහැකි ඉතිහාසගත වූවක් බැවිනි. බුදුදහමට මෙරට ඉතිහාසය තුළ හිමිව ඇත්තේ ඉහළම ස්ථානයකි. පාලකයකූ විය යුත්තේ ද බොදුනුවෙකුම පමණි. “මෙ සිරි ලක්හි නො බොහොසෙත් හු රජ් නො වන් හ” යනුවෙන් ශිලා ලේඛනවල සඳහන් වූයේ මේ සිරිලංකා ද්වීපයේ බෞද්ධයකු හැර අනෙකකු රජකමට නොහොබී යන්නයි. රටේ පාලකයා බෞද්ධයෙකු යැයි පිළිගන්නේ බුදු සසුන මේ බිමට කිඳාබැස ඇති නිසා මෙන්ම එහි ප්‍රමුඛතාව නිසා ය.  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ සිංහල බෞද්ධ අනන්‍යතාවයි. පෙර රජ දවස මේ කුඩා දිවයින සිංහලයන් ගේ දිවයින විය. සිව් කොනෙහි සිටි හෙළයන් ගේ හෙවත් සිංහලයන්ගේ බිම වූ මෙය, සීහළ ද්වීප, සීහලම්, ඊළාම්, සෙයිලාම් වශයෙන් විත්, සුද්දන් ගේ බසින් එය සිලෝන් නම් වූ අතර එහි වැසියන් ගේ ආගම වූයේ බෞද්ධාගමයි.

එසේම යෝජනාවලියට අනුව බුදුදහමට පළමු තැන දෙන්නේ ලංකාණ්ඩුව විසින් නොවේ. එහි සඳහන් වන්නේ “ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය.” (Sri Lanka Shall give to Buddhism the formost place - Article 9) යනුවෙනි. දියාරු වදනක් වන එයින් කරන්නේ ජනතාව මුළා කිරීමකි. ආණ්ඩුවක් විසින් කළ යුතු දෙයක්, අප්‍රාණික වූ මහ පොළොවක් කරන්නේ කෙසේ ද? යන්න මෙහිදී ඇසීමට සිදුවේ. එසේම බුදු දහම සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කළ විකල්ප යෝජනාවලියේ විකල්පවල මාතෘකාව බුද්ධාගම යනුවෙන් යෙදිය යුතුව ඇතත් එය “ආගම” යනුවෙන් සඳහන් කරන්නේ බුදු දහමට විශේෂයක් නොදැක්වීම සඳහාය. එසේම බුද්ධාගම විෂය පාසල් තුළට එන්නේ ආගම නම් මල්ල තුළට දැමූ තවත් එක් සමයක් ලෙසයි. ඒ අනුව සියලු ආගම් සාමාන්‍යකරණය කොට අනාගමික රාජ්‍යය සැබෑවක් කිරීමට, හෙමින් එහෙත් ස්ථාවර ගමනක යෙදෙමින් සිටී. ශ්‍රී ලංකාව එසේ අනාගමික කිරීමට උපදෙස් දෙන නෝර්වේ රාජ්‍යයේ පවා පවතින්නේ එකම එක රාජ්‍ය ආගමයි. එය ඉවැන්ජලිකල් ලුතේරියන් ආගම වන අතර ඒ තුළ දරුවන් තැනිය යුතු බවට ව්‍යවස්ථාවෙන්ම බල කර සිටී. 

රටේ ඇති ඓතිහාසික සිද්ධස්ථාන සහ පුරාවිද්‍යාත්මක සාධක අනුව බැලුවත්, මේ රටේ මහා සංස්කෘතියේ කඳ බුදු දහම සහ බුදු සසුනයි. ඒ බව අගරදගුරු තුමන් ද පැහැදිලිව පවසා තිබේ. එහෙත් අද දවසේ බුදු රුවට නිගරු කරයි නම්, බුදු බණ විහිළුවකට ගනීනම්, නිරුපද්‍රිතව පැවැති බුදු පිළිම කඩා ඉවත් කිරීමට හා පන්සල් තැනීම නතර කරන ලෙසට බලපෑම් එයි නම්, ඒ සඳහා අවි ආයුධ එක් රැස්වේ නම්, ආණ්ඩුවේ පැවැත්ම ගැන පමණක් සිතා, බුදු පිළිම කැඩුවේ මානසික රෝගියකු බැවින් බෞද්ධයන්ට සන්සුන් වන ලෙසට නිවේදන නිකුත් කරන්නේ නම්, වෙහෙර බිමෙහි කෝවිල් තැනීමට කළහ කරයි නම්, බුදු සසුන රකින බවට හෝ බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන බවට ලිය වී ඇති හිස් වදන්වලින් ඇති ඵලය කුමක් ද? මෙහිලා අප අවධාරණය කර සිටින්නේ, බුදු දහමට ප්‍රමුඛත්වය දීමේ සැබෑ වුවමනාවක් එජාපයට ඇත් නම් කළ යුත්තේ මේ බිම් කඩ නොබෙදා මහ ආණ්ඩුවේ අධීක්‍ෂණය යටතේ, බලය පමණක් බෙදීමයි. නැතහොත් නව විධිවිධාන කිසිවක් ඇතුළත් නොකර සිටීමයි.

ඒකීය හම පෙරවූ ෆෙඩරල් වෘකයා හඳුනාගනිමු

නව ව්‍යවස්ථා යෝජනාවලිය තුළ ශ්‍රී ලංකාව ඒකීය (unitary) යැයි ද ඒකීය යන්නට දෙමළෙන් කියන 
ඔට්ට්‍රියාච්චි වෙනුවට එක්සත් කියන ඔරුමිත්තනාඩු (orumitthanadu) යන වදන ද යොදන විට දකුණේ සිංහලයන්ට ඒකීය පෙන්වා පෙඩරල් ක්‍රමයකට හෙමින් සීරුවේ මාරුවෙන බවක් ඇඟවෙයි. ඒ නිසා එය නිවැරැදි කිරීම ව්‍යවස්ථා වඩුවන්ගේ වගකීමක් වෙයි. මේ පිළිබඳ ව්‍යවස්ථා වඩුවන් සහ ආණ්ඩුවේ නායකයන් මහ නා හිමිවරුන් බැහැදැක පොත පෙරළමින් පොතේ පිටු ද පෙරළමින් මහන්සි වෙනවාට වඩා, තමන් ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටින්නේ නම් කළ යුත්තේ දැනට පවතින ව්‍යවස්ථාවේ ඇති ශ්‍රී ලංකා ජනරජය ඒකීය වන්නේය (Republic of Sri Lanka is a unitary state) යන වගන්තියට කරදර නොකර විවේක සුවයෙන් සිටීමට ඉඩ සැලැස්වීමයි. ඒ තුළ මධ්‍යම හා පළාත් ආයතන නාස්තියෙන්, දූෂණයෙන් හා වංචාවෙන් තොර පාලනයක් කරනු දැකීම උතුරේත් දකුණේත් පොදු ජනතාවගේ අපේක්‍ෂාවයි. ඒ නිසා ඒකීය යන්නට ඔරුමිත්තනාඩුව පටලවා ගත යුතු නැත. මේවා නැවත ශබ්දනගා උච්චාරණය කළ යුතු ද නැත. ඒනිසා රටට හානිකර ව්‍යවස්ථාවක් සකසා බලය රැකගැනීම සඳහා කටයුතු කළහොත් එහි විපාක පරම්පරා ගණනාවක් විඳීමට සිදුවනු ඇත. 

මධ්‍යම බලයට අභියෝග කරන පළාත් බලය හෙවත් වලිගය විසින් බල්ලා වැනීම

1978 ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක් මධ්‍ය ආණ්ඩුව වෙත රඳවා තබා ගන්නේ පළාත් ආණ්ඩුකාර තනතුර සහ සමගාමී බලතල ලැයිස්තුවෙන් ය. ආණ්ඩුකාරයා යනු රටේම ජනතාවගෙන් තේරී පත් වූ ජනාධිපතිවරයා ගේ පළාත් නියෝජිතයා ය. යම්හෙයකින් මහ ඇමැති ප්‍රමුඛ පළාත් සභාවක් ජාතික අභිලාෂවලට එරෙහි වෙමින් ස්වාධීනව හෝ හිතුවක්කාරීව කටයුතු කරයි නම් ආණ්ඩුකාරයා ගේ දැනුවත් කිරීම් මත එකී පළාත් සභාව මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූල බලයක් තිබේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති වර්ධරාජා පෙරුමාල්, ඊළම පිහිටුවීමේ ප්‍රයත්නයට ප්‍රතිචාර දැක්වූයේ ඒ අනුවය. එහෙත් යෝජිත ක්‍රමයෙන් ආණ්ඩුකාරයා ක්‍රියා කළ යුත්තේ මහ ඇමැති ප්‍රමුඛ පළාත් අමාත්‍ය මණ්ඩලයේ මතයට අනුවය. 

එසේ ම මධ්‍යම ආණ්ඩුවට විශේෂිත බලතල ලැයිස්තුවක් සහ පළාත් සභාවක හිතුවක්කාරී ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා මහ ආණ්ඩුවට බලය පැවරෙන, එසේම දෙපාර්ශ්වයේ එකඟතා මත ක්‍රියාත්මක කළ හැකි, සමගාමී බලතල ලැයිස්තුවක් ද තිබුණි. ඒනිසා වෙන්ව යාමට තිබූ ඉඩකඩ ඇවිරිණි. එහෙත් යෝජිත කෙටුම්පතේ ආණ්ඩුකාරයා තෝරා ගන්නේ අද මෙන් ජනපති නොව මහඇමති ය. ඒ මගින් පළාත් රාජ්‍ය සේවය මහඇමැතිට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කළ හැක. එසේම සමගාමී බලතල ලැයිස්තුව මුළුමනින්ම ඉවත් කර යෝජිත ඉඩම් සහ පොලිස් බලතල ද පැවරූ විට ඒ පළාතේ කටයුතු මහ ආණ්ඩුවේ බලපෑමෙන් නිදහස් වන තත්ත්වයක් තුළ, සුමන්තිරන් හෝ විග්නේෂ්වරන් වැනි මහ ඇමතියෙකුට කළ නොහැකි කිසිවක් නැත.   

අලි මදිවට හරක් 

ගැමියන් ගේ මේ කියමන මතකයට නැගුණේ තියෙන 225ක ගෙන් සමන්විත නිකමුන්ගේ සහ දූෂිතයින්ගේ බරට අමතරව තවත් 55ක ගෙන් සමන්විත දෙවන මණ්ඩලයක් පිළිබඳ යෝජනා කෙරෙන විටය. බැලූ බැල්මට දෙවන මණ්ඩලයක අවශ්‍යතාව දේශපාලන විද්‍යානුකූලව පිළිගත හැකි වුවත් එවැන්නක ඵලදායිතාව ගණනය කළ යුතුය. 1948 සෝල්බරි ව්‍යවස්ථාවෙන් අප මත පැටවූ බොහෝ අංගයන් බැහැර කළේ ඒවායෙහි ඇති අතාර්කික හා ජනතාව මත පැටවූ අනවශ්‍ය බර නිසා ය. එසේම ආර්ථික සංවර්ධනයක් නැති ස්වයංපෝෂණයක් නැති ලංකාව කරටිය කා දමන සේනා දළඹුවන් වැනි පාර්ලිමේන්තුවක් සහ කඳ කා දමන කඳ පණුවන් වැනි පළාත් සභා මන්ත්‍රීවරුනුත්, මුල කා දමන වේයන් වැනි වූ ප්‍රාදේශීය සභා සහ අනෙකුත් දේශපාලන ව්‍යුහයකුත් හරි හරියට රට කන හැටි දුටුවම, තවත් 55 කුත් කන්ඩ ගියොත් රටක් ජාතියක් ඉතිරි වන්නේ නැත. මෙසේ කීමට සිදුවන්නේ රටට ජාතියට වැඩ කිරීමට බැඳී සිටින මතු කියවූ ජාතික හා ප්‍රාදේශීය මට්ටම්වල දේශපාලකයන් හා ඔවුන් පත් කර ගත් ඉහළ සිට පහළම මට්ටමේ ඉන්න ගමේ නිලධාරියා පවා තම යුතුකම ඉටු නොකරන විට තව තවත් ව්‍යුහය ඇති කිරීමේ ඇති ඵලය කුමක් ද යන්න ගැන හිතන විටය.  

දෙවන මන්ත්‍රණ සභාවක කාර්යය විය යුත්තේ ප්‍රථම මණ්ඩලයේ හිතුවක්කාරී සහ අවිචාරශීලී සහ ක්‍ෂණිකව ගනු ලබන තීන්දු තීරණ නිසා සමාජ ආර්ථික සංවර්ධනයට සිදුවන්නා වූ අලාභය අවම කිරීම වුවත්, යෝජිත දෙවන මණ්ඩලයේ බලතල හා කාර්ය අනුව පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු පරමාධිපත්‍යය හෙවත් ජනතා පරමාධිපත්‍යය පළාතක අභිමතයට යටපත් කිරීමයි. දෙවන මණ්ඩලයක් අවශ්‍ය නම් 72 එය අහෝසි කරන්නේ නැත. දෙවන මණ්ඩලයක අවශ්‍යතාව දැඩිව දැනෙන්නේ ෆෙඩරල් (සන්ධීය) ආණ්ඩුකට ය. ලංකාව ඒකීය නම් ෆෙඩරල් අංග අමුණන්නේ කුමකට දැයි අසන අතරම එවැනි සුදු අලියන් නඩත්තු කරන්නේ කවුදැයි අසන ජනතාව සාධාරණ නොවේද? 

යෝජනාවලියට අනුව පාර්ලිමේන්තුවේ කිසිදු පනතක් පළාත් සභාව විශේෂයෙන්ම වැඩි නියෝජිත පිරිසක් හිමිවන උතුරු පළාත් සභාවේ අනුමැතියෙන් තොරව සම්මත කර ගත නොහැකි වේ. එසේ ම සාමාන්‍ය නීතියක් පවා නැවත සලකා බලන ලෙස පාර්ලිමේන්තුවට හරවා යැවීමට පළාත් සභාවකට හැකි වේ. එසේම ආණ්ඩුවේ නීතියක් මණ්ඩල දෙකෙහිම සම්මත නොවුණහොත් එය වලංගු ද නොවේ. අප වැනි අසංවර්ධිත රටකට අවශ්‍ය වන්නේ බුද්ධිමතුන් ගේ නියෝජන ආයතන තුළින් ගන්නා තීන්දු තීරණ කඩිනමින් ක්‍රියාවට නැගීම මිස ප්‍රමාදයන් නොවේ. 

දේශපාලකයන්ට බලය නොබෙදා ජනතාවට බලය බෙදමු

දැනට සිදුව ඇත්තේ බලය දේශපාලකයන් භුක්ති විඳිමින් ජනතාවට කොකා පෙන්වීමය. දකුණේ මෙන්ම උතුරේ සිදුවන්නේ ද එයයි. මහ ඇමැතින්, ආණ්ඩුකාරවරුන්, පළාත් ඇමැතිවරුන්, කාර්ය මණ්ඩල, වායුසමනය කළ හා සුගන්ධවත් කළ කාර්යාල, මහා මන්දිර වන් ගොඩනැගිලි, යාන වාහන, විදුලි සහ දුරකථන බිල් සඳහා වැය වෙන මුදල ජනතා අධීක්‍ෂණයක් සහිත පරිපාලනය හරහා ජනතා සේවයට යෙදිය හැකි ය. සෑම ව්‍යාපෘතියකම අධීක්‍ෂකයා සමාජයේ තෝරාගත් බුද්ධිමත් මහතුන්ට පැවරිය යුතුය. 

එසේම බලය බෙදීම සමජාතීය සමාජයකට තරම් බහුවාර්ගික හා බහුසංස්කෘතික සමාජවල දී සුමට නැත. එය ආවේගශීලීව හෝ බලයේ සිටීම සඳහාම කළ හැක්කක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජවාදී රටවල් පවා වාර්ගිකත්වය පාදක කොට බලය බෙදුවේ තෝන් ලණුව මහ ආණ්ඩුව අතෙහි තබාගෙන ය. අමෙරිකාව වැනි රටවල මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්ත පාලනය කිරීමට නෛතික බලතල සහ මිලිටරිමය බලතල රඳවාගෙන ඇත. උගත්කම පාණ්ඩිත්‍යය පෙන්වා එසේම පළාත් සභා විසින් සම්පාදිත නීති රීති (ප්‍රඥප්ති) පිළිබඳ ව්‍යවස්ථානුකූල භාවය තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නොහැකිය. එය කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයටය. එය සැකසෙන්නේ විනිසුරුවන්ගෙන් නොවේ.

අවසාන වශයෙන් කිව යුත්තේ බලය බෙදීම හෙවත් වෙනම පාලනය දේශපාලකයන්ගේ මිස උතුරේ හෝ දකුණේ ජනතාව ගේ අවශ්‍යතාව නොවේ. පළාත් සභාවල වියදම සහ ඊට සාපේක්‍ෂක එහි ඵලදායිත්වය පිළිබඳ ගණනය කරන විට, පළාත් සභා ක්‍රමය සමස්ත ජාතියටම ඉසිලිය නොහැකි බරක් වී තිබේ. ඒනිසා ලංකාව මුහුණ දී ඇති බෙදුම්වාදයටත්, ව්‍යවස්ථා අර්බුදයටත්, මුල්‍ය නාස්තියටත්, එකම විසඳුම පළාත් සභා අහෝසි කොට, ඒ සඳහා දැරීමට සිදුව ඇති අසීමිත වියදම, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මෙන්ම මහනගර සභා, නගර සභා, සුළු නගර සභා සහ ගම්සභා ක්‍රමය ඔස්සේ ජනතා සුබසාධනය සඳහා යෙදවීම යි. 



අදහස් (0)

ව්‍යවස්ථා වඩුවන්ගේ වගකීම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අනුරගේ ගමන්මග
2024 සැප්තැම්බර් මස 23 61 0

දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩා සහ ඔහුගේ බිරිඳවන සීලවතීගේ දෙවැනි දරුවා ලෙස 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා ගලේවෙල මකුල්ගස්වෙල මාතෘ නිවාසයේදී ඔහු උපත ලැබ


ජනපතිවරණ ජනමත කැඩපත
2024 සැප්තැම්බර් මස 23 64 0

2024 ජනාධිපතිවරණය ඉතාමත්ම උණුසුම් මෙන්ම තරගකාරීත්වය අතින් ඉහළම ජනාධිපතිවරණයක් වශයෙන් හඳුනාගත හැකිය. මෙකී ජනාධිපතිවරණයට පසුබිම සැකසෙන්නේ රට ආර්ථික වශ


ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 677 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1176 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 1104 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 221 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21206 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20530 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 111 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site