IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ව්‍යවස්ථා සභාව අවශ්‍යද?

රජයේ කටයුතු පවත්වාගෙන යෑමේදී ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය, පාරදෘෂ්‍යභාවය, වගවීම සහ වගකීම වැනි මූලධර්ම සුරැකීම සඳහාත්, රට තුළ යහපාලනයක් (good governance) ගොඩනැගීම සඳහාත්, පසුගිය කාලය තුළදී ඉතා දියුණු යැයි සැලකෙන ආකාරයේ වෙනස්කම් කීපයක්ම හඳුන්වා දෙනු ලැබීය. එවැනි එක් වෙනස්කමක් වන්නේ රජයේ සමහර ඉහළ නිලධාරීන් පත් කිරීම සහ ස්වාධීනව පැවතිය යුතු කොමිෂන් සභා සහ මණ්ඩල ආදියට අදාළ පත් කිරීම් සඳහා ව්‍යවස්ථා සභාව පිහිටුවීමයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සභාවේ යම් යම් කටයුතු හේතුවෙන් අධිකරණ, පොලිස් සහ දූෂණ මර්දනය පිළිබඳ ආයතනවලට පත් කිරීමට නොහැකි වීමෙන් රටේ කටයුතු අවුල් සහගත තත්ත්වයකට ලක්ව ඇති බවයි.

පැවැති ක්‍රමයේ දක්නට ලැබුණු යම් යම් දුර්වලතා මග හරවා ගැනීම සඳහාත්, සියලු දෙනාට පිළිගත හැකි සාධාරණ සහ යුක්ති සහගත පාලනයක් ගොඩනැගීම සඳහාත් ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව රට තුළ දිගින් දිගටම විවිධාකාරයේ සාකච්ඡා ඇති විය. ව්‍යවස්ථා සභාව ගොඩනැගුණේ එවැනි සංවාදවල ප්‍රතිඵලයක් ලෙස යැයි සඳහන් කළ හැකිය. ව්‍යවස්ථා සභාව ස්ථාපිත කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන හඳුන්වා දීමෙනි. එසේ වුවද, එය හඳුන්වාදීම සහ අහෝසි කිරීම පිළිබඳව දිගු වාර්තාවක් අපට තිබේ. මැතිවරණ කොමිසම, අධිකරණය, විගණකාධිපතිවරයා වැනි කිසිම බලපෑමකින් තොරව ස්වාධීනව ක්‍රියාත්මක විය යුතු නිලධාරීන් සහ කොමිෂන් සභා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී තිබීම නිසා බලාපොරොත්තු වන ස්වාධීනත්වය ආරක්ෂා නොවන බවටත්, එබැවින් එවැනි පත් කිරීම් සඳහා ජනපතිවරයාගේ ඒකාධිකාරි බලය අහෝසි වන ආකාරයේ ව්‍යුහයක් සකස් කළ යුතු බවටත්, අදහස් ප්‍රකාශ විය.

ඒ අනුව 2001 වසරේදී පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවල එකඟතාවෙන් යුතුව 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් බලාපොරොත්තු වූයේ එවැනි ආයතනයක් ගොඩනැගීමටයි. එවැනි පත් කිරීම් පිළිබඳව සලකා බැලීම සඳහා ව්‍යවස්ථා සභාවක් පිහිටුවීමට 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉඩ ලැබුණද, එහි ගමන පිළිබඳ අපූර්ව කථාවක් ඉන් පසුව ඇති වූ වෙනස්කම් ඔස්සේ අපට නිරීක්ෂණය කිරීමට ඉඩ ලැබෙනු ඇත.

17 වැනි සංශෝධනය යටතේ ව්‍යවස්ථා සභා ක්‍රමය සැලකිය යුතු කාලයක් ක්‍රියාත්මක වුවද, 2010 වර්ෂයේදී හඳුන්වා දුන් 18 වැනි සංශෝධනය මගින් එය අහෝසි කරනු ලැබීය. 2015 වර්ෂයේදී යහපාලන ආණ්ඩුව බිහිවීමෙන් පසු නැවත වරක් ව්‍යවස්ථා සභා සංකල්පය පණ ගැන්වීමට කටයුතු කළ අතර, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් යළිත් ව්‍යවස්ථා සභාව ඇති කිරීමටත්, ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීමටත් කටයුතු කරනු ලැබීය. එහෙත් ගෝඨාභය රජය මගින් ගෙන එන ලද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යාවස්ථා සභාව නැවත වරක් අහෝසි කරනු ලැබීය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යළිත් වරක් ව්‍යවස්ථා සභාව ඇතිකිරීමට කටයුතු කළේය. 

රනිල් වික්‍රමසිංහ මහතා මුලදී ව්‍යවස්ථා සභාවක් ඇති කිරීම පිළිබඳව ඒ තරම් කැමැත්තක් නොදැක්වූ බව සඳහන් ලිපියක් සතිඅන්ත පුවත්පතක පළ වී තිබෙනු දුටුවෙමු. ව්‍යවස්ථා සභාව ගෙන ඒමටත්, එය අහෝසි කිරීමට ගත් උත්සාහය පරාජය කිරීමටත්, අඛණ්ඩව කටයුතු කළ දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ප්‍රකාශ කළ යුතුව ඇත. එය අහෝසි කළ සෑම අවස්ථාවකදීම එය නැවත සම්මත කර ගැනීමට ඔහු සෑම උත්සාහයක්ම දැරූ බව ඉතිහාසය නිරීක්ෂණය කරන විට පැහැදිලි වේ.

අද ව්‍යවස්ථා සභාව නැවත පිහිටුවා ගැනීමට හැකිව තිබෙන්නේත්, එය අද ක්‍රියාත්මක වන්නේත් තනිකරම රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම මත පමණක් බව ප්‍රකාශ කළ යුතුව ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අනුපූරක ජනාධිපති ධුරයට පත්විය. එම අවස්ථාවේදී බොහෝ දෙනකු තෙල්, ගෑස් සහ ඖෂධ පෝලිම් නැති කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි නමුදු 21 වැනි සංශෝධනය ගෙනවිත් ව්‍යවස්ථා සභාව නැවත වරක් ස්ථාපිත කරන ලෙස කිසිවකු ඉල්ලා සිටියේ නැත. අඩුම තරමින් එම කාලපරිච්ඡේදය තුළ යහපාලනය, මැතිවරණ ස්වාධීනත්වය, මානව හිමිකම් සුරැකීම ආදිය පිළිබඳව නිරන්තරයෙන්ම හඬ නඟන රාජ්‍ය නොවන සංවිධාන පවා ඒ වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූ බවක් වාර්තා වන්නේ නැත. එසේ වුවද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 21 වැනි සංශෝධනය ගෙනවිත් ව්‍යවස්ථා සභාව ස්ථාපිත කිරීමටත්, ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීමටත් කටයුතු කළේය.

20 වැනි සංශෝධනය මගින් ජනාධිපති ධුරය යළිත් වරක් ශක්තිමත් කර තිබුණි. අධිකරණය සහ අනෙකුත් ස්වාධීන ආයතනවලට පුද්ගලයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට අත්විය. රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති ධුරයට පත් වූ අවස්ථාවේ දේශපාලනික වශයෙන් ශක්තිමත් තත්ත්වයක සිටියේ නැත. ඔහුගේ පක්ෂයට තිබුණේ එක ඡන්දයක් පමණි. එවන් තත්ත්වයක් තුළ කිසිදු පුද්ගලයකු ජනාධිපති ධුරයේ බලතල කපා හැරීමට සූදානම් වනු ඇතැයි සිතිය නොහැක. අනෙක් අතට ව්‍යවස්ථා සභාව නැවත ඇති කරන ලෙස කිසිදු බලපෑමක් දැනෙන තරමකට එම යුගයේදී ඇතිව තිබුණේද නැත. එසේ වුවද, රට තුළ සාධාරණ පාලනයක් පවත්වාගෙන යෑම තහවුරු කිරීම සඳහා 21 වැනි සංශෝධනය ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය.

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමටත්, ව්‍යවස්ථා සභාව යළි ස්ථාපිත කිරීමටත්, සියලුම පක්ෂවල සහාය ලැබුණි. ඒ මගින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම යළිත් තහවුරු කිරීමට අවස්ථාවක් සැලසුණි. එසේ වුවද, ජනාධිපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ වත්මන් ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරීත්වය රටේ පාලනය අවුල් කිරීම සඳහා හේතු වී ඇති බවයි. පත්කිරීම් 04ක් පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය. දූෂණ විරෝධී පනත සම්මත කර ගත් නමුත්, එම කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් කිරීමට මේ දක්වාම ව්‍යවස්ථා සභාවට හැකි වී නැත. අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුවක් සඳහා පත් කිරීමට කර ඇති යෝජනාව ද අභියාචනාධිකරණයේ විනිසුරු සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණයේ සභාපති ධුරයට පත් කිරීමට කර ඇති යෝජනාවට ද අනුමැතිය ලැබී නැති අතර, පොලිස්පතිවරයකු පත් කිරීමට ද නොහැකි වී ඇත.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පවත්නා මෙම පසුබෑම රටේ පාලනය කෙරෙහි ඉතා අහිතකර අන්දමින් බලපවත්නා බවයි. රටේ පාලනය පවත්වාගෙන යෑම සඳහා ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යන අංශවල මනා ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් වේ. මෙම අංශ අතර බලතල බෙදාහැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉතා විධිමත්ව සිදුකර ඇති අතර, මෙම අංශ තුනෙහි බලය පිළිබඳව කිසිම ආයතනයකට අභියෝග කළ හැකි යැයි නොසිතමි. කෙසේ වුවද, අද වනවිට ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බලය හිමිකර දී ඇති ඉහත සඳහන් අංශ තුනේම පැවැත්ම කෙරෙහි බලවත් අභියෝගයක් එල්ල කරන සතර වැනි ආණ්ඩුවක් බවට පත්වන ලකුණු පහළ වී තිබේ.

දූෂණ විරෝධී පනත ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව විසින් සම්මත කර බොහෝ කලක් ගත වී ඇතත්, ව්‍යවස්ථා සභාවේ කටයුතු හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ. පොලිස්පතිවරයා පත් කිරීම විධායකයේ වගකීමකි. එහෙත් ව්‍යවස්ථා සභාව එකඟ නොවීම හේතුවෙන් තවමත් පොලිස්පතිවරයකු පත් කිරීමට නොහැකි වී තිබේ. අභියාචනාධිකරණයේ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීමට නිර්දේශ කර ඇත්තේ අගවිනිසුරු විසිනි. එසේ වුවද, එම පත් කිරීම් සිදු කිරීමට නොහැකි වීමෙන් අධිකරණයේ ක්‍රියාකාරීත්වයට ද බාධා පැමිණ තිබේ. මේ ආකාරයට රජයේ බල ව්‍යුහය මෙන්ම බලය බෙදීම තුළ බිහිව ඇති ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතනවල ක්‍රියාකාරීත්වයට බාධා කළ හැකි ආකාරයේ හතරවැනි බලයක් බිහිවෙමින් පවත්නා බව පෙන්වා දිය හැක.

ව්‍යවස්ථා සභාව බිහි කරන ලද්දේ රටේ ප්‍රජාතන්ත්‍රීය පාලනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සහ සැමට යුක්තිය සහ සාධාරණත්වය ඉටුවීම සහතික කිරීම සඳහාත් ය. එසේ වුවද, දේශපාලන බලපෑම් සහ ඒ තුළින්ම බිහිව ඇති කුළල් කා ගැනීම හේතුවෙන් ව්‍යවස්ථා සභාවට සමහර කරුණු සම්බන්ධයෙන් නිගමනවලට එළැඹීමට නොහැකි වී ඇති අතර, තීරණ ගැනීම බොහෝ සේ ප්‍රමාද කර ඇති බව පෙනේ. ජාතික අභිමතාර්ථ වෙනුවට දේශපාලන අභිමතාර්ථ මත කටයුතු කිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සිතමි. ව්‍යවස්ථා සභාව වැනි ආයතන පිහිටුවීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ඉතා මැනවින් තහවුරු කිරීමට ඉඩ ලැබෙන නමුදු දේශපාලන අභිමතාර්ථ අනුව හැමදේම පවත්වාගෙන යෑමට උත්සාහ කරන අයට ඒවා පිළිබඳ වැටහීමක් නැති බව පෙනේ. ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරීත්වය රට තුළ අවුල් සහගත තත්ත්වයක් ඇතිවීමට හේතු තිබේ. එවැනි තත්ත්වයක් තුළ එවැනි ආයතන තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් පවතින්නේ ද යන්න පිළිබඳව මහජනතාව විසින් ප්‍රශ්න කිරීමට පෙර එම ගැටලු විසඳා ගැනීමට ව්‍යවස්ථා සභාව විසින් කටයුතු කළ යුතුව ඇත.

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (2)

ව්‍යවස්ථා සභාව අවශ්‍යද?

Lakmal Thilakarathne Wednesday, 06 December 2023 02:32 PM

හෙඩ් ලයික් එක දැක්ක ගමන් හිතුණා ලිපිය ලියලා ඇත්තේ රනිල්ගේ මහාචාර්ය කුක්කා කියලා.

:       0       3

Deepal Nirosh Thursday, 07 December 2023 03:26 PM

මේ ව්‍යවස්ථාදායක සභාව 2015 දී පිහිටවූයේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් අනුව... එහි සැබෑ අවශ්‍යතාව වූයේ ජනමතයෙන් ඔහුගේද සහාය ඇතිව පත්කළ මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව තිබූ බලතල අනියමින් පාර්ලිමේන්තුව හරහා තම පාලනයට නතු කර ගැනීමයි. එම අවස්ථාවේ ඔහු එය සාර්ථකව අත්හදා බැලුවා. දැන් ඔහු අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත් වූ පසුයි මේ ව්‍යවස්ථාදායක සභාව තමුන්ගේ බලතල රිසිසේ ක්‍රියාත්මක කර ගැනීමට බාධාවක් බව දැනී ඇත්තේ... කන්න ඕනෑ වුණාම කබරගොයා තලගොයා වෙනවා කියන්නේ මේකටයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 223 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 44 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 89 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 183 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 226 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 873 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 499 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site