මේ දිනවල පොදු සමාජය තුළ වඩාත් කතාබහට ලක්වන පාසල් ගුරු භවතුන්ගේ ගැටලු, උද්ඝෝෂණ, ඒවාට ලැබිය යුතු විසඳුම්, මෙම ගැටලු මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ පාසල් පද්ධතියේ අනාගතයට කරන බලපෑම ආදි කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරෙයි.
අප මේ ගත කරන මොහොත ලංකා සමාජය අර්බුදකාරී තත්වයන් රැසකට මුහුණ දී සිටින අවස්ථාවකි. කිසියම් ප්‍රශ්නයක් දෙස අවධානය යොමු කිරීමේ දී සමාජයෙහි පවත්නා දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සමාජ තත්වය කවරේදැයි සැලකිය යුතු වේ. මේ කාලය විවිධ වෘත්තිකයන්ගේ වර්ජන ගණනාවක් ක්‍රියාත්මක වූ වකවානුවකි. ඒවා කෙතරම් දුරට යුක්ති සහගත ද? නැද්ද? යන්න වෙනම කාරණයකි.
මේ සමාජයෙහි පවත්නා තත්වය සැලකිල්ලට ගැනීමේ දී අධ්‍යාපනය ඉන් ප්‍රමුඛ කාරණයකි. අදවන විට බොහෝ දුරට ඇත්තේ විද්‍යුත් මාධ්‍ය විසින් පාලනය කෙරෙන සමාජයකි. සමාජ මාධ්‍යයන්ගේ කේන්ද්‍රානුසාරී බලයට යටත්ව සමාජ ආයතන සමාජ පිළිවෙත් සමාජ සාරධර්ම සියල්ල ඔවුන්ගේ අභිමතයට අනුකූලව හසුරුවන ස්වරූපයක් අද වන විට දක්නට ලැබේ. මෙබඳු සමාජයක ප්‍රචණඩත්වය සාධාරණීයකරණය කරන, ලිංගිකත්වය ඉස්මතු කරන විද්‍යුත් මාධ්‍යවල වර්ධනයක් පෙනෙන්නට ඇත. දිගින් දිගටම වර්ජන ක්‍රියාත්මක කරන වෘත්තිකයන්ගේ ක්‍රියා කලාප සම්බන්ධව අපට කතා කරන්නට සිදුවන්නේ මේ කියන සමාජ පරිසරයේය. පාසල් ගුරු භවතුන් ඒ අතරිනුත් සුවිශේෂී කණ්ඩායමකි.
ලිපිකරුවන් හෝ වෙනත් රජයේ සේවකයන් බොහෝ දෙනකු තම රාජකාරිය තුළ කටයුතු කරන්නේ ලිපි ලේඛන සමගය. වැඩසටහන් හා ව්‍යාපෘති සමගය. එහෙත් ගුරුවරුන් කටයුතු කරන්නේ මිනිස් ජීවිතත් සමගය. එබැවින් ගුරු වෘත්තියෙහි ගුරු කමෙහි අතිශය වැදගත් කමක් අපි දකිමු. එය සෑම රටකම සෑම සංස්කෘතියකින්ම ඇගැයීමට ලක්වූ දෙයකි. පැරැණි සමාජයේ එය විස්තර වූයේ ‘‘කළොත් ගුරු සේවේ සුවඳ පතළ සේ වේ’’ යනුවෙනි. එය පුද්ගලයාගේ මනස සකස් කරන ඔහු සමාජ සත්වයකු බවට පත් කරන ක්‍රියාදාමයක් සහිත කාර්යයකි. එබඳු පිරිසක් මෑත කාලයේ දිගින් දිගටම වර්ජන ක්‍රියාමාර්ගවලට යොමුවීම නිසා එයින් කිසියම් සමාජ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට පරිසරයක් නිර්මාණය වී ඇති බව පෙනේ.
පාසල යනු නිකම් විෂය නිර්දේශයක් උගන්වන තැනක් නොවේ. පාසල යනු සංස්කෘතිය පවරා දෙන තැනකි. දැනුම කුසලතා ආකල්ප යන කාරණා තුනම ලබා දෙන්නේ පාසලෙනි. එහි නියමුවෝ ගුරුවරු වෙති. මේ වර්ජනවලින් මතුවන යථාර්ථය නම් ගුරුවරුන් අදවනවිට අතෘප්තිමත්ව සේවය කරන්නේය යන්නයි. වර්ජනය කිරීම පිටුපස ඇති හේතු කවරේද ඒවා කෙතරම් දුරට සදාචාරාත්මකද? ගුරුවරයාට අද ලැබී ඇති තැන කුමක්ද? යන කාරණා මෙහිදී වඩාත් මධ්‍යස්ථව විමසා බැලිය යුතුව ඇත. ගුරුවරයාගේ සමාජ තත්වය අදවන විට ප්‍රබල වෙනස්කම්වලට ලක්ව තිබේ. 60-70-80- දශකවල ගුරු විද්‍යාලවලින් බිහි වූ ගුරුවරුන්ගේත් විද්‍යා පීඨවලින් බිහි වූ ගුරුවරුන්ගේත් විශ්වවිද්‍යාලවලින් උපාධි ලැබ වෘත්තියට පිවිසි ගුරුවරුන්ගේත් සංස්කෘතික වශයෙන් දැවැන්ත පරතරයක් මේ වනවිට නිර්මාණය වී ඇති බව දැකිය හැකිය. ඒ නිසා අදවනවිට ගුරුකම සම්බන්ධ විසමතා රැසක් තිබේ. ඔවුන්ගේ සේවය පිළිබඳව ද විවිධ අඩු ලුහුඬුතා පවතී.
අනෙක් පැත්තෙන් පාසලේ සාම්ප්‍රදායික ගුරුවරයාගේ භූමිකාව අභිබවමින් රට පුරා ව්‍යාපාරික පදනමින් ක්‍රියාත්මක වන ටියුෂන් රැල්ලක් දක්නට ලැබේ. අද ගුරුවරයා සහ ගුරු වෘත්තිය දෙස බැලිය යුත්තේ මේ සියල්ල අනුසාරයෙනි. මේ රැලිවලට හසු නොවුණු වර්තමාන ගුරු භූමිකාවේ සැබෑ තත්වය කුමක්ද? ගුරුවරයා තම වෘත්තිය සම්බන්ධයෙන් තෘප්තිමත් ද? වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විධායක නිලධාරීන්ගේ සිට සුළු සේවකයා දක්වා රජයේ සේවකයන් බහුතරයක් තම වැටුප පිළිබඳ අතෘප්තිමත්ව කැරලි ගසන තත්වයක් පසුගිය කාලය පුරා නිර්මාණය විය. ගුරුවරු ද මේ අතර සිටිති. එබැවින් පාසල් ගුරුවරුන්ගේ වැටුප් විසමතා විසඳාලන ගතික ක්‍රියාවලියක් ඇතිකිරීම ආණ්ඩුවේ වගකීම වී තිබේ. ගුරුවරයා තම රාජකාරියේ දී ඉතා අවංකව වැඩ කරන්නේ ද? නැද්ද? යන්න වෙනම සාකච්ජා කළ යුතු කරුණකි.
ගුරුවරුන්ගේ වර්ජන ව්‍යාපාරය බාහිරින් පමණක් නිරීක්ෂණය කිරීම යුක්ති යුක්ත නොවන බව මගේ හැඟීමයි. පෞද්ගලික ජීවන ගැටලු, ණය බර ආදියෙන් මේ රටේ ගුරුවරු බහුතරයක් පීඩා විඳිති. එය බාහිරට නොපෙනෙන්නකි. බාහිරට බොහෝ විට පෙනෙන්නේ හඬ නගන පුවරු එල්ලාගෙන සිටින ප්‍රචණ්ඩකාරී ලෙස වචන පිට කරන පෙළපාළිවල ගමන් කරන ගුරුවරුය. මෙම දර්ශන බාහිරින් නරඹන විට අපේ මනසේ තැන්පත්ව සිටින ගුරුවරයා සහ ඔහුගේ භූමිකාව පිළිබඳ චකිතයක් පොදු සමාජය තුළ නිර්මාණය වේ. ඔවුන්ට ඒ වෙනුවෙන් සාධාරණ පිළිතුරු තිබිය හැකිය. එහෙත් ඔවුනට ඊට වඩා යහපත් විකල්ප මේ සම්බන්ධයෙන් පැවතීම අත්‍යවශ්‍ය වේ.
මේ රටේ ගුරුවරුන් මේ අන්දමට දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් සටන්කාමී අන්දමින් ක්‍රියා කරන්නට පෙළඹුණොත් එය ඔවුනගේ ආවේණික ලක්ෂණයක් තරමටම සමාජ ගතවනු ඇත. එය ගුරු භූමිකාවට බලපාන බරපතළ අහිතකර තත්වයකි. වැටුප් ගැටලු දිනා නොගත යුතුය යන අදහස එයින් කියැවෙන්නේ නැත. එහෙත් එක රැයකින් රටේ පාසල් පද්ධතිය බිඳ වැටෙන්නට හැර ගුරුවරයා මේ අන්දමට ක්‍රියා කරන්නට ගියොත් එයින් පාසල් සංස්කෘතියට එල්ලවන්නේ බරපතළ අභියෝගයකි. අනෙක් පැත්තෙන් සමාජ ප්‍රතිවිරෝධතාවකට පාර කැපීමකි. ගුරුවරයා දිගින් දිගටම මෙලෙස ක්‍රියා කරන්නට ගියොත් ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර පවත්නා සම්බන්ධය සහ ගුරු ගෞරවය විනාශවී යා හැකිය.
ශිෂ්‍යයාට පළමු කොටම වැදගත් වන්නේ විෂය කරුණුවලට වඩා ගුරුවරයායි. ගුරුවරයා ශිෂ්‍යයාට දක්වන ප්‍රතිචාර කෙරෙහි ඔහුගේ ප්‍රබල විමසීමකට ලක්වේ. ගුරුවරයා සටන්කාමී නම් ඔහු දේශපාලන කතිකා නිර්මාණය කරමින් ඒවා ගැන කතා කරමින් සිටින්නෙක් නම් පාසල පාළුවට යන තත්වයක් නිර්මාණය වන්නේ නම් එයින් ශිෂ්‍යයා සහ ගුරුවරයා අතර පවත්නා සබඳතාව පළුදු වේ.
ශිෂ්‍යයෝ මේ වනවිට අධ්‍යාපනයේ තියුණු තරගයට මුහුණ දෙමින් සිටිති. බහුතරයක් ටියුෂන් අධ්‍යාපනය සඳහා යොමුවන්නේ පාසලෙන් ලැබෙන අධ්‍යාපනය ප්‍රමාණවත් නොවේය යන නිගමනයේ සිට ය. එබඳු තත්වයක් රටේ නිර්මාණය වී තිබියදී මේ ආකාරයට පාසල් පද්ධතියත් අකර්මණ්‍ය වුවහොත් පාසල පිළිබඳ ඇති විශ්වාසය බිදවැටීමට හේතු වේ. එය ජාතික වශයෙන් බලපාන බරපතළ ගැටලුවකි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉතා මෑතක දී මා කළ සමාජ විද්‍යාත්මක පර් යේෂණයකට අනුව දරුවන් 50 ට අඩු පාසල් 75ක් 80 ක් අතර ගණනක් දිස්ත්‍රික්කය තුළ පවත්වාගෙන යයි. ඒවා මීට වසර කිහිපයකට පෙර 100-200 ත් අතර දරුවන් සංඛ්‍යාවක් අධ්‍යාපනය ලැබූ පාසල් ය. තව දුරටත් එම පාසල් පවත්වාගෙන යාමේ අර්බුදයක් මතුව තිබේ. පාසල් පද්ධතිය එබඳු තැනක තිබිය දී ගුරුවරුනුත් දිගින් දිගටම මේ ආකාරයෙන් පාරට බසින්නට ගත්තොත් දරුණු අන්දමින් සමාජ සංස්කෘතියට එම තත්වය බලපානු ඇත.
අනෙක් පැත්තෙන් අද වන විට රටේ අධ්‍යාපනය එක්තරා පිරිසකට පමණක් සීමා වීමේ තත්වයක් දැකිය හැකිය. එයට හේතු වී ඇත්තේ ටියුෂන් ව්‍යාපාරය යි. කුසලතා ආකල්ප කෙරෙහි අවධානය යොමු නොකොට දැනුම කේන්ද්‍රගතවන අන්දමින් විභාගයට පමණක් සූදානම් කිරීම ටියුෂන් ව්‍යාපාරවල අරමුණ වී තිබේ. එය විභාගයට අවශ්‍ය දේ මුදලට විකිණීමකි. ශිෂ්‍යත්වයේ සිට උසස් පෙළ දක්වාම ඒ සඳහා අධ්‍යාපන වෙළෙඳපොළක් රට පුරා නිර්මාණය වී තිබේ. ඒත් ඒ වෙළෙඳපොළ ධනය ඇති එක්තරා පිරිසකට සීමා වී තිබේ. පාසලෙන් ලැබෙන අධ්‍යාපන දැනුම ප්‍රමාණවත් නොවේ යැයි මවුපියන් තීරණය කර දරුවන් ටියුෂන් වෙත යොමු කරන්නේ නම් පාසල් පද්ධතියේ අර්බුදයක් ඇතිබව එයින් හෙළි වේ. එබඳු අර්බුදයක් නිර්මාණය වී තිබෙන අවස්ථාවක ගුරුවරුන් දිගින් දිගටම මෙබදු සටන් පාඨ සහිත උද්ඝෝෂණවලට යොමුවීම පොදුවේ මේ රටේ අධ්‍යාපනයට දරුණු ලෙස බලපාන්නකි. එය බිහිසුණු තත්වයකි.
මේ තත්වය තේරුම් ගෙන ගුරුවරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මැදිහත්ව සාධාරණව විමසා බලා ඒ සඳහා විසඳුම් ලබාදීම රජයේ වගකීමකි. අනෙක් පැත්තෙන් සටන් පාඨ කියමින් දිගින් දිගටම වීථි බසිමින් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට ගෞරවාන්විත ලෙස එම ඉල්ලීම් දිනා ගැනීමට ගුරුවරයා ප්‍රයත්න දැරීම ඉතාම අවශ්‍ය ය. එසේ නොමැතිව වෘත්තීය සමිතිවලට කිහිප දෙනකුගේ වුවමනාවට රටේ සමස්ත අධ්‍යාපන පද්ධතිය මෙහෙයවීමට ඉඩ නොතැබිය යුතුය.
(*** සටහන – ගාමිණී කන්දේපොළ)
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව
ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක
දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රිව 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දිය
රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්වය පිළිබඳව සලකා බලන බවත් මාධ්‍යවලින් දැක්වේ. කුමන තත්වයක් යටතේදී හෝ එය සා
වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.
හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
වර්තමාන දිසාපාමොක් භූමිකාව
wimal Thursday, 04 July 2024 09:16 AM
වත්මන් දෙමාපියන් බොහෝ දෙනෙක් මේ අධ්‍යාපනයේ ප්‍රතිධානයන්.මේ අධ්‍යාපනයේ අර්බුධයක් කීමෙන් ගැටලුව සරල වේ.මේ අධ්‍යාපනය සැළසුම් කර සම්මත කරගෙන තිබෙන දේ වෙනයි,ක්‍රියාත්මක වෙන්නේ එකේ පන්තියට ඇතුළත් කළ බුද්ධිමත් දරුවා හිස් පුස් ස්වයංතීරණයක් ගත නොහැකි දරුවෙකු ලෙස එළියට දැමීමේ ක්‍රියාවලියයි.යම් දරුවෙකුට මම මේ කියූ පරිදි ටිකක් හෝ සවයං තීරනයක් ගත හැකි පරිදි ඉතුරු උනොත් ඒ පෙර පිනකට මයි.සම්පූරන පද්ධතියම ව්‍යාපාරයක් බවට පත්කර අවසානයි.මේ දෙමාපියන්ගේ මොළ සකස්වී තිබෙන්නේ ඒ ක්‍රමයටම නිසා වැඩියමක් අවබෝධ වෙන්නේ නැහැ.ටිකක් සිතා බලන්න මොන්ටිසෝරියෙදී සිටි දරුවා, ඔහු සතුව පෙනුනු දක්ෂතා කෝ දැන් අවුරුදු දොලහකට පසු???
WIMAL Thursday, 04 July 2024 09:16 AM
මෙතුමා කියකියන “වෘතීය සමිති.. කිහිපදෙනෙක්ගේ මෙහෙයවීම කියන එක වැරදී .ඇයි ගුරුබවතුන්ට ඒවා තහනම්ද? කිහිපදෙනාද ? සාමූහික ප්‍රයත්නයක්ද කියල පෙනුනත් අරවිදියට පෙන්වන්න හදන බව පෙනේ.වෘත්තීය සමිති නායකය්න් නසා දැමුවත් තව නායකයින් බිහිවන බව සත්‍යයක්. කෙසේ වෙතත් මුලු ගසම නරක් වී කුණුවී තිබෙන බව පිළිගත යුතුය. එයට අතු කප්පාදු කර වැඩක් වෙන්නේ නැත.