IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


වීරත්වය නීතියෙන් යටපත් කළ නොහැකිය

අභිමානවත් 69 වන නිදහස සැමරීම සිදු කරන මොහොතේ සිහිපත් කළ යුතු වීරයන් රාශියකි. එම වීරයන් අතර මෙවර නිදහස් දිනයේ විශේෂයෙන් අවධානය යොමු විය යුතු වීරයන් පිරිසක්ද සිටිති. සිය මාතෘ භූමියේ නිදහස උදෙසා කැපවීම හේතුවෙන් දේශද්‍රෝහීන් ලෙස නම් කරන ලද එහෙත් මෙරට ජනතාවගේ හදවත් තුළ සදානුස්මරණ ඔවුන් 1818 ඉංග්‍රීසින්ට විරුද්ධව නැඟී සිටි අභීත ලංකා පුත්‍රයෝ පිරිසකි.  2-2

ලොවම සසල කළ ඉංග්‍රීසින් ඉදිරියේ නොසැලී සිටි ඔවුන් නම් මොරණවිල කැප්පෙටිපොළ මහ දිසාවේ ප්‍රමුඛ කැරලි නායකයින් 19 දෙනෙකි. ඔවුන් දේශද්‍රෝහීන් කරනු ලැබුවේ මෙරට මහජනතාව නොව පරදේශික ඉංග්‍රීසින් විසිනි.

ඒ 1818 ජනවාරි මස 10 වන දින එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් නිකුත් කරන ලද අංක 851 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟිනි. ඉංග්‍රීසින්ගේ අයුක්ති සහගත පාලනයෙන් නිදහස්ව ස්වකීය මාතෘ භූමිය තුළ නිදහස්ව නිවහල්ව දිවිගෙවන්නට මෙරට ජනතාවට ඇති අයිතිය දිනා ගන්නට ඔවුහු සටන් කළහ.

නමුත් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් 1818 කැරැල්ලට සම්බන්ධ වී මාතෘ භූමිය වෙනුවෙන් සිය ජීවිතය පූජාකළ සහ දණ්ඩනයට පාත්‍රවූ කැරලි නායකයින් 19 දෙනෙකු දේශද්‍රෝහීන් බවට නම්කර තිබුඑම ඓතිහාසික වරද නිවැරදි කරමින් කැප්පෙටිපොළ මහ දිසාව, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, කතරගම මහ ඛෙත්ම රටේරාල, කතරගම කුඩා ඛෙත්ම රටේරාල, පළංගොල්ලේ මොහොට්ටාල, වන්නෙකාලේ මොහොට්ටාල, පොල්ගහගෙදර රෙහෙනරාල, පොසේරවත්තේ විදානෙ, කිවුලේගෙදර මොහොට්ටාල, කළුගමුවේ මොහොට්ටාල, උඩුමාදුර මොහොට්ටාල, කොහුකුඹුරේ වලව්වේ රටේරාල, කොහුකුඹුර වලව්වේ මොහොට්ටාල, බූටෑවේ රටේ රාල, භගිනිගහවෙල රටේරාල, මහබදුල්ලේ ගම්මානේ රටේරාල,බුලූපිටියේ මොහොට්ටාල,පල්ලේ මල්හෙයායේ ගම්තිරාලේ යන නායකයින් රෝම ලන්දේසි නීතිය යටතේම ජාතික වීරයන් ලෙස නම් කරන ලදී.

මෙම ජාතික වීරයන් නැවත නෛතිකව ජාතික වීරයන් බවට පත් කිරීමට අපට ගතවූ කාලය වසර දෙසීයකි. මේ තුළින් කියැවෙන්නේ අප සත්‍ය වශයෙන්ම ජාතික වීරයන් කෙරෙහි දක්වන සැලකිල්ල නොවේද? යන්න සිතා බැලීමට අප මනස වෙහෙසවීමට හොඳම දිනය මෙවර ජාතික නිදහස් දිනයයි.

1815 මාර්තු 2 වැනිදා ස්වදේශීය ප්‍රභූවරුන් හා ඉංග්‍රීසින් අතර ඇතිකරගත් ගිවිසුම් අනුව මෙරට ජනතාවටත් බුදු දහමටත් ඉංග්‍රීසින් විසින් ඉටු කළයුතු කරුණු කාරණා අන්තර්ගතවී තිබු,නමුත් 1815 ඉංග්‍රීසින් විසින් පොරොන්දුවූ දේවල් ඉටු නොකරන බවටත් හා ස්වදේශිකයන් මුළා වූ බවටත් අවබෝධ වීමට එතරම් කලක් ගතවූයේ නැත.

ඉංග්‍රීසින්ට විරුද්ධව ස්වදේශිකයන් ආරම්භ කළ පළමු කැරැල්ල 1818 දී ඇති වූ අතර කැරැල්ල දරුණු ස්වරූපයක් ගන්නා විට ඉංග්‍රීසීන් එය මර්දනය කිරීමට මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාව ඇතුළු සේනාවක් පිටත් කරනු ලැබීය. එසේ කැප්පෙටිපොළ දිසාව මෙම කැරැල්ල මර්දනය කිරීමට එවීමට හේතුවූයේ එතුමා විසින් ගොඩනඟා ගෙන තිබූ යුදමය කීර්තිය හේතුවෙන් විය යුතුය.

නමුත් ඉංග්‍රීසි ආණුඩුකාරවරයාගේ බලාපොරොත්තු සුනුවිසුනු කරමින් කැරලි නායකයින්ගේ ඉල්ලීම් තේරුම් ගනිමින් එතුමා සිය සේනාව හා යුද උපකරණ ආපසු යවා කැරලිකරුවන්ට එක් විය. එය ඉංග්‍රීසින් ලැබූ පරාජයක් මෙන්ම කැරලිකරුවන් ලැබූ සුවිශේෂි ජයග්‍රහණයක් වූයේ යුද උපාය පිළිබඳව හසල දැනුමක් කැප්පෙටිපොළ දිසාවේ වෙත තිබූ බැවිනි. කැප්පෙටිපොළ විරුවාණන් සිය උත්තුංග පෞරුෂය විදහාපාමින් තමන් සමඟ පැමි,එකදු ඉංග්‍රීසි ජාතික සෙබළෙකුට හෝ හානියක් නොකොට ඔවුන්ගේ අවි ආයුධත් සමඟ ආපසු පිටත් කර තිබේ.

එසේම ඔහු හා සටනට එන සිංහල නායකයින් සමඟ සුහදව කතාකර යථාර්ථය අවබෝධකර ගැනීමට තරම් නිහතමානි විය. තමන්ට පැවති සියලූ වරප්‍රසාද අතහැර දමා මාතෘ භූමියේ විමුක්තිය උදෙසා කැපවී ක්‍රියාකළේය. ඔහු හා පෙරමුණේ සටන් කළ අනෙකුත් විරුවන් ද කියා පෑවේ මාතෘ භූමියේ විමුක්තිය උදෙසා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව නැඟී සිටීමට තරම් ඔවුන් සතුව පැවති ආත්ම අභිමානයයි.

මෙහිදී අප සිහිපත් කළ යුතු අනෙක් කරුණ වන්නේ උක්ත නායකයින් සමඟ අසාධාරණ ඉංග්‍රීසි පාලනයට විරුද්ධව නැඟී සිටි අනෙකුත් සියලූම ලංකා පුත්‍රයින්ය. ඔවුන් ද නමින් නොපතල නමුත් සිය මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් සිය ජීවිතය පවා පූජාකරමින් සටන් කළෝය.

2016 දෙසැම්බර් 8 වන දින උක්ත නායකයින් 19 දෙනා වෙත පනවා තිබූ දේශද්‍රෝහී චෝදනාව ඉවත්කර ඔවුන් නැවත වීරයන් ලෙස නම් කරන ලදී. මේ සඳහා වසර 200කට ආසන්න කාලයක් ගතවීම මෙන්ම මෙරට නායකයින් රාජ්‍ය නායකත්වයට පත්වී බොහෝ කලක් ගතවීම සැබවින්ම ඛේදවාචකයකි. නමුත් එය ඔවුන්ට කරන ලද අපහාසයක් ලෙස සැලකීම උගහටය.

එසේ වන්නේ ඉංග්‍රීසින් විසින් ඔවුන් දේශද්‍රෝහින් කළ ද අපේජනතාවට ඔවුන් සෑම විටම ජාතික වීරයන් වූ බැවිනි.ඉංග්‍රීසින් විසින් නිකුත්කරන ලද ගැසට් පත්‍රය මෙරට මහජනතාව ඉදිරියේ හුදු නාමික ලියවිල්ලක් පමණක්ම විය. 1818 වර්ෂයේ සිට වර්තමානය දක්වාත් තවත් දිගු කලක් යන තුරුත් ඔවුන් අපේ මාතෘ භූමියේ වීරයන් ලෙසින් සෑම විටම ගරු බුහුමනට ලක්වීම කිසිවෙකුට වැළැක්වීමට හැකියාවක් නොමැති බව ප්‍රත්‍යක‍ෂ කරුණකි.

නමුත් අප අවබෝධ කරගත යුතු කරුණු රාශියක් තිබේ. එනම් ඉංග්‍රීසින් විසින් සිදුකළ බොහෝ වැරදි තවමත් අප නිවැරදි කරගෙන නොමැති බවයි. එම වැරදි නිවැරදි කර ගැනීමට අප රටේ පාලකයින්, පූජ්‍ය පක්ෂය සහ මහජනතාව පෙරමුණ ගතයුතු වේ. මීට සියවස් දෙකකට පෙර අපේ ජනතාව මුහුණ දුන් ගැටලූවලට තවමත් අප මුහුණ දෙන බව විටක සිතේ. එනම් අදටත් ශ්‍රී ලංකාව විදේශිකයින් ඉදිරියේ ද,න් වැටීමයි. ඒ සඳහා නොයෙකුත් හේතු සාධක ඉදිරිපත් විය හැකිය.

අපේ ආර්ථීක ශක්තිය දුර්වල බව අපේ හැකියාවන් අවම බව අපට වඩා විදේශිකයින් දියුණු ජීවිත ගත කරන බව වැනි ශෝකාලාප නිරත්නරයෙන් අසන්නට ලැඛෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න මතුකළ යුතු පැනයකි. අප අන්‍යයන් හා සන්සන්දනය කිරීම තුළින උකටලී වීම හැර අන් කුමක් සිදුවේද? අප කළ යුත්තේ විදේශයන් අධ්‍යයනය කිරීමයි

එම රටවල තාක්ෂණය අධ්‍යයනය කිරීමයි. ඒ හරහා අපේ දුර්වලතාවන් බිඳ දැමීම නොවේද? ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ මාතෘභූමිය වෙනුවෙන් සැබැවින්ම කැපවුණ නායකයින් වේ. මේ ලංකාද්වීපය සිය සෞභාග්‍ය උදෙසා නායකයින් සොයන අවධියයි. එම නායකත්වය නිවසක නායකත්වය, ගමක,නගරයක නායකත්වයක් ලෙස සෑම තරාතිරමක නායකත්වයන් වෙත ආරෝපණය විය යුතු වේ.

ශ්‍රී ලංකාවට නායකයින් අවශ්‍ය කර තිඛෙන මොහොතක සෑම පුරවැසියකුම තමන්ගේ හා තම සමාජ කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කළ යුතු වේ. හුදු නාම මාත්‍රික ලියවිල්ලක් බවට පත් ඉංග්‍රීසි ගැසට් පත්‍රය අපට කියා දුන්නේ එම නායකත්වයේ අභිමානයයි. සැබෑ නායකයින් සැමදා විරුවන් වේ. ඔවුන් කළ මහා කැපකිරීම්වල ප්‍රතිලාභයන් මේ ධර තලයේ සෑම අයෙකුගේම හිත සුව පිණිස වේ. එබැවින් කාලයේ වැලි තලාවෙන් වැසී නොයන නිවැරදි නායකයින් දේශයට පහළ වීමට අවකාශය සලසා දීමට ඔබ අප කැප වීම යුගයේ අවශ්‍යතාව බවට පත්ව ඇත.



අදහස් (0)

වීරත්වය නීතියෙන් යටපත් කළ නොහැකිය

සමන් Saturday, 11 February 2017 04:48 AM

කවදාහරි මහින්ද රාජපක්ෂ ගැන තේරුම් යන්නෙත් මේ විදිහටයි...එතකොට අපිත් මැරිලා (නි)

:       0       0

ෂෙල්ටන් Monday, 06 February 2017 07:06 AM

සුද්ද අපෙන් නිදහස් වෙලා ...එ්ත් අපි තාමත් දේසපාලුවන්ගෙන් නිදහස් වෙලා නැහැ. (බ)

:       0       0

සංජු‍ Sunday, 05 February 2017 11:32 PM

ඉංග්‍රීසින් අපේ රට තාම පාලනය කළා නම් මේ හොර දේශපාලකයෝ නැතුව රට හොඳට දියුණු වෙලා. මේ නිදහස කිව්වට අපේ රටේ ඇති නිදහසක් නැහැනේ. ඔක්කොම ටික හොරාකන නීතියක් දුප්පතාට පමණක් තියෙන රටක කොහෙද නිදහස තියෙන්නේ. (නි)

:       0       0

ප්‍රදීප් ලියනගේ Tuesday, 07 February 2017 03:08 AM

අධිරාජ්‍යවාදීන්ගෙන් නාමිකව නිදහස ලැබුවට මේ රට තවමත් පාලනය කරන්නේ අධිරාජ්‍යවාදී අතකොලුය. අපගේ නායකයන් මේ අධිරාජ්‍යවාදී මානසිකත්වයෙන් නොමිදෙන තාක්කල් අප හරිහැටි නිදහස් ජාතියක් නොවන බවයි මගේ හැඟීම. (නි)

:       0       0

අබය Monday, 06 February 2017 03:09 AM

නිදහසේ පළමු වෙඩිමුරය දල්වා පරදේශක්කාරයින්හට එරෙහිව සේනාව දියත් කළ කැප්පෙටිපොල මොනරවිල සෙන්පතිතුමාට ජාතියේ උපහාරය......! (නි)

:       0       0

මධුෂිකා Monday, 06 February 2017 03:36 AM

අතීතයේ අබිමය හොදින් දැක්වෙන ලිපියක්.ගොඩක් වටිනවා.වත්මන ගෙන අපි හිතන්න ඕන කාලය හරි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 736 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 117 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1053 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 133 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 227 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 448 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 726 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site