IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


විරෝධතා මුවාවෙන් විනාශයට

රටේ ඉහළ ආදායම් ලබන පිරිසේ බදු ප්‍රමාණය අඩු කරන ලෙස ඉල්ලා මාර්තු පළමුවැනිදා ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය මේ සතියේ සිට නැවත ආරම්භ කරන බව ද අඛණ්ඩ වැඩ වර්ජනයක් ලෙස එය පවත්වාගෙන යන බව ද ඇතැම් වෘත්තීය සමිති නායකයන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 

එම වර්ජනය ආරම්භ කිරීමට පෙර රජය සමහර සේවා සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා නියෝග ප්‍රකාශයට පත් කළේය. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය සේවා පනත යටතේ රජයට කිසියම් සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කළ හැකිය. ඒ ආකාරයට ප්‍රකාශයට පත් කර ඇති සේවා අංශයක හෝ ආයතනයක හෝ වැඩවර්ජනය කිරීම නීති විරෝධී වන අතර වැඩ වර්ජනය කරන ඕනෑම පුද්ගලයකුට දඬුවම් පැමිණ විය හැකිය. 

මාර්තු පළමු වැනි දා වැඩ වර්ජනය කරන බව මුලින් ප්‍රකාශ කර තිබුණ ද අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීමෙන් පසු වැඩවර්ජනය වෙනුවට ලෙඩ නිවාඩු දැමීම, අකුරට වැඩ කිරීම වැනි නම් යොදා ගනිමින් එදින වැඩවර්ජනය කිරීමට බොහෝ වෘත්තීය සමිති ක්‍රියාකර ඇති බව පෙනේ. 

මෙම වැඩ වැරුමේ අරමුණ වන්නේ රජය විසින් අලු‍තින් පනවා ඇති උපයන විට ගෙවන බද්ද අවලංගු කර දැමීමය. රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් ආදායම් ලබන පිරිස්වලින් ආදායමට අනුපාතිකව උපයන විට බද්ද අය කර ගනු ලැබේ. මසකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන ලක්ෂපතියන්ගෙන් එසේත් නැත්නම් වසරකට රුපියල් දස ලක්ෂයකට වැඩි ආදායම් ලබන මිලියනපතියන්ගෙන් මෙම බද්ද අය කර ගනු ලැබේ. 

එම බද්දට විරෝධය පාමින් ඉහළ වෘත්තිකයන්ගේ සංවිධාන මෙන්ම බදු බලනොපාන පිරිස් සාමාජිකත්වය දරන වෘත්තීය සමිති ද වර්ජනයට එකතු වී සිටී. රටක සංවර්ධනය සඳහා රජයේ ආදායම් මාර්ග ලෙස බදු අය කර ගන්නා අතර ඉහළ ආදායම් ලබන අයගෙන් වැඩිපුර බද්දක් අය කර ගැනීම ස්වභාවිකය.

රජයේ ඉහළ වැටුප් ලබන මෙම මිලියනපතියන් රජයේ වියදම්වලින් වැඩි ප්‍රමාණයක් බුක්ති විඳින බව ද අනෙකුත් පිරිස්වලට වඩා සමාජීය වශයෙන් විවිධ සේවා සඳහා ඔවුන්ගෙන් ඇති වන ඉල්ලු‍ම ඉහළ මට්ටමක පවත්නා බව ද පැහැදිලි වේ. උදාහරණයක් ලෙස මෙම පිරිස් පරිභෝජනය කරනු ලබන මෝටර් රථ, වායු සමීකරණ සහ එවැනි අනෙකුත් සුඛෝපභෝගී භාණ්ඩ වෙනුවෙන් රටේ විදේශ විනිමය ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන් කිරීමට සිදු වේ. 

ඉන්ධන පරිභෝජනය සඳහා ද ඒ ආකාරයෙන්ම වියදම් දැරීමට සිදු වේ. බොහෝ විට එම පවුල්වල දරුවන් විදේශවලට යවා අධ්‍යාපනය ලබාදෙන බැවින් රටේ විනිමය ඉපයීම්වලින් විශාල ප්‍රමාණයක් ඒ සඳහා යෙදවීමට ද සිදු වේ. එබැවින් මෙවැනි පිරිස් විසින් වැඩිපුර බදු ප්‍රමාණයක් රජයට ගෙවීම යුක්ති සහගත වේ. 

එසේ වුව ද මේ අය ඉල්ලා සිටින්නේ බදු ප්‍රමාණය අඩු කර බදු ගෙවීමට ඇතුළත් වන ආදායම් මට්ටම වැඩි කර ඔවුනට සහන සලසා දෙන ලෙසය. රජය මෙම වෘත්තීය සංවිධාන සමඟ පැවැති සාකච්ඡාවල දී පෙන්වා දෙනු ලැබූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ අවස්ථාවේ සාකච්ඡා පැවැත්වෙන බැවින් ඒ සම්බන්ධයෙන් වෙනසක් කිරීමට කිසිදු ඉඩක් නැති බවයි. එහෙත් ඉදිරියේ දී මේ පිළිබඳව එකඟතාවලට පැමිණීම සඳහා ඉඩක් ඇතැයි ද ප්‍රකාශ කර තිබුණි.

රට තුළ මේ ආකාරයට බදු විරෝධතා පැවැත්වෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉතා විශේෂ ප්‍රකාශයක් පසුගිය සතියේ නිකුත් කර තිබුණි. එහි ශ්‍රී ලංකා අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර් සහ ශ්‍රී ලංකා අංශයේ ප්‍රධානී මසහිරෝ නොසකි විසින් නිකුත් කරන ලද එම නිවේදනයේ ණය හිමියන්ගේ විශ්වාසය නැවත දිනා ගැනීමට නම් බදු සංශෝධන අත්‍යවශ්‍ය බව සඳහන් කර තිබුණි. 

දුප්පතුන් සහ පීඩාවට පත් පිරිස් ආරක්ෂා කර ගනිමින් බදු ආදායම ඉහළ නැංවීමට කටයුතු කිරීම මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය කරුණක් බව ද සඳහන් විය. මහජනතාව මේ අවස්ථාවේ දී විඳින අපහසුතා තමන් අවබෝධ කරගෙන සිටින නමුදු රට අද මුහුණ දී තිබෙන තත්ත්වයෙන් අත්මිදීමට නම් ඉහළ ආදායම් ලබන පිරිස් වෙතින් ඉහළ බදු ලබා ගැනීමට සිදු වන බව ද ප්‍රකාශ කර තිබේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම නිවේදනය කියවන ඕනෑම වෘත්තිකයකුට උපයන විට බදු පිළිබඳ නව වෙනස්කම් ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් පමණක් නොවන බව ද එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට නිර්දේශ කර තිබෙන දෙයක් බව ද පැහැදිලි වනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තවමත් ලැබී නොතිබුණ ද ශ්‍රී ලංකාව විසින් ණය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු කොන්දේසි සියල්ලක් පාහේ මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. 

එහි ප්‍රතිඵලයක් ලෙස සමහර ආර්ථික අංශ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව ද පෙනී යයි. ඩොලරයේ වටිනාකම සම්බන්ධයෙන් පසුගිය සතියේ දක්නට ලැබුණු වෙනස්කම් එයට උදාහරණයක් ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම වැඩි වී ඩොලරයේ වටිනාකම අඩු වුණු බවක් දක්නට ලැබුණි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ විවිධ හේතු මත රුපියලේ අගය වැඩි වී ඇති බව ද එය තවදුරටත් ඉහළ යෑම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට විනිමය වෙළඳපොළේ බලපෑම් කිරීමට සිදු වූ බවත්ය. එම සතිය තුළ ඩොලර් මිලියන 300ක් පමණ වෙළඳපොළෙන් මිලදී ගත් බවත් එනිසාම වෙළඳපොළේ ඇති විය හැකි ප්‍රසාරණාත්මක තත්ත්වය අඩු කර ගැනීමට හැකි වූ බවත් එහි සඳහන් කර ඇත. 

ශ්‍රී ලංකාව පසුගිය කාලය තුළ දී අනුගමනය කරන ලද දැඩි ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵල ක්‍රමයෙන් ලැබෙමින් තිබෙන බව ඉන් පැහැදිලි වේ. ඉන්ධන නැව්වලට, ගෑස් නැව්වලට, ගල් අඟුරු නැව්වලට වරායට පැමිණෙන විට මුදල් ගෙවීමට නොහැකිව තිබූ තත්ත්වයේ සිට අද සතියකට ඩොලර් මිලියන 300ක් පමණ වෙළෙඳ පොළෙන් මිල දී ගැනීමට හැකිවන තත්ත්වයකට වර්ධනය වී තිබේ. IMF ගිවිසුම අත්සන් කළ විට ඩොලරයේ අගය අඩු වී රුපියලේ අගය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන පිරිස් විසින් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් එවීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිව තිබේ. 

ආර්ථිකය යහපත් වන විට, ඇතිව තිබූ ගැටලු‍ බොහෝමයක් විසඳෙන විට, එම තත්ත්වය කඩාකප්පල් කිරීමේ අරමුණෙන්ම ක්‍රියාත්මක වන පිරිසක් ද සිටින බව පෙනේ. මාර්තු පළමුවන දා වර්ජනය කරන බව පවසා ලෙඩ නිවාඩු, අකුරට වැඩ කිරීම් ආදී වචන යොදා වැඩ නොකර සිට පඩි ලබාගන්නා පිරිස් තවදුරටත් අඛණ්ඩ වර්ජනයකට කටයුතු සූදානම් කරන බව පෙනෙයි. රජය අත්‍යවශ්‍ය සේවා නියෝග ප්‍රකාශයට පත් කළ ද බොහෝ අය සිතා සිටින්නේ ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අනුගමනය කර නැති බවයි.

මීට පෙර ද අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කළ ද එම නියෝග ක්‍රියාත්මක වූයේ නැත. එහෙත් අද තත්ත්වය ඊට වඩා වෙනස්ය. මාර්තු 01 වර්ජනය අවස්ථාවේ අත්‍යවශ්‍ය සේවා නියෝග ක්‍රියාත්මකව පැවතුණි. එබැවින් එදින වර්ජනයට සහභාගි වූ ඕනෑම අයකු උසාවියට ඉදිරිපත් කිරීමට රජයට හැකි වේ. එවැනි වරදකට සිර දඬුවම් හෝ දඩ හෝ ඒ දෙකම පැනවිය හැකිය. දේපළ රාජසන්තක කිරීමට හැකිය. කිසියම් වෘත්තියක යෙදෙන අයගේ නම් එම වෘත්තීය ලේඛනයෙන් ඉවත් කිරීමට ද හැකිය. වෘත්තීය සංගම් විසින් කිසියම් අයකු වර්ජනයට පොළඹවන්නේ නම් එම අය ද ඉහත කී දඬුවම්වලට යටත් වේ.

වරාය වෘත්තීය සමිති නායකයන් ජනමාධ්‍ය හමුවල දී ප්‍රකාශ කළේ නැව් අටකට වරායට ඒමට තමන් ඉඩ නොදුන් බවත් කෝටි ගණනක අලාභයක් වර්ජනය නිසා සිදු වූ බවත්ය. මෙම ප්‍රකාශන අත්‍යවශ්‍ය සේවා නීති කැඩූ බවට ඔවුන්ගෙන්ම ඉදිරිපත් වන සාක්ෂි වේ. රජයට පසුගිය වර්ජනයේ දී අත්‍යවශ්‍ය සේවා නියෝග උල්ලංඝනය කළ බවට ඕනෑම අයකුට විරුද්ධව දැන් උසාවියට වාර්තා කළ හැකි බව වෘත්තීය සංගම් නායකයන් විසින් වසන් කරති.

වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ලෙස විරෝධතාවක, උද්ඝෝෂණයක හෝ වැඩවර්ජනයක යෙදෙන විට මහා පිරිසක් සමඟ ඒවාට සම්බන්ධ වන බැවින් තමන් තනිවන බවක් නොදැනේ. මහ පිරිසක් තමන් සමඟ සිටින බැවින් තමන් අතිශය ශක්තිමත් යැයි ද සිතා ගනී. මහා බලයක් ඇතැයි ද විශ්වාස කරයි. එහෙත් අත්‍යවශ්‍ය සේවා පනත ක්‍රියාත්මක වන විට තත්ත්වය වෙනස් වේ. උසාවියට ඉදිරිපත් කරනුයේ තනි තනිව මිස මහ පිරිස් වශයෙන් නොවේ.

උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු වැරදිකරු වුවහොත් සිර දඬුවමේ සිට දේපළ රාජසන්තක කිරීම දක්වා දඬුවම්වලට තනිව ලක් වීමට සිදුවනු ඇත. රට ඉතා දුෂ්කර අවස්ථාවකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේ දී වෘත්තීය සමිති නායකයන්, නැව් නැවැත් වූ බවට ද පාඩු සිදු කළ බවට ද කරන ප්‍රකාශ ඔවුන් පිළිබඳ රට තුළ ද්වේශයක් ඇති කිරීමට ද මහජනතාව තුළ පිළිකුලක් ඇති කිරීමට ද හේතු වනු ඇත. අත්‍යවශ්‍ය සේවා පනතේ භයානක ප්‍රතිඵල පිළිබඳව තම සාමාජිකයන්ගෙන් වසන් කර ඔවුන් වැඩවර්ජනවලට පෙළඹවීම වෘත්තීය සමිති නායකයන් තම සාමාජිකයන්ගෙන් ප්‍රතික්ෂේප වීමට ද ඔවුන්ගේ වෛරයට ලක් වීමට ද හේතු වනු ඇත.


කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (6)

විරෝධතා මුවාවෙන් විනාශයට

AB Thursday, 09 March 2023 04:28 AM

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම නිවේදනය කියවන ඕනෑම වෘත්තිකයකුට උපයන විට බදු පිළිබඳ නව වෙනස්කම් ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් පමණක් නොවන බවද එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට නිර්දේශ කර තිබෙන දෙයක් බවද පැහැදිලි වේ. මෙවැනි සිදුවීම් මීට පෙරද ලංකාවට IMF ආයතනය මගින් නිර්දේශ කර තිබෙන්නට ඇත. 2015 රජය බදුක්‍රමය ක්‍රියාත්මක වනතුරු පෙර කිසිඳු රජයක් සමාජයේ කිසිඳු පැතිකඩක් අධ්‍යයනය කර බදු ක්‍රමයක් මුලසිටම ක්‍රියාත්මක කළේ නම් ලංකාවට මෙවැනි තත්වයකට මුහුණ දීමට සිදුවන්නේ නැත. ලංකාවේ සියල්ල සිදුවන්නේ දේශපාලන අවශ්‍ය තත්වයන් සහ මැතිවරණ ඉලක්ක කරගනිමින් බලය ලබාගැනීමේ අරමුණින් නිසා මේ වනවිට සමස්ත රටම යම් හිරවීමකට ලක්ව තිබේ. විපක්ෂ කණ්ඩායම් පාර්ලිමේන්තුව තුළදීද ක්‍රියාකරනුයේ රටේ පුරවැසියන්ගේ ගැටළු සහ ලංකා ඉතිහාසයේ මතුව තිබෙන්නා වූ ආර්ථික අර්බුදය විසඳීම සඳහා සහයෝගයෙන් ද නොවේ. එවැනි වාතාවරණයක් තුළ විපක්ෂය රට වෙනුවෙන් සිදුවිය යුතු වගකීම සහ වගවීම පාර්ලිමේන්තුවේ ඉටු කරන්නේද කියා ජනතාවට ගැටළුවක් මතුව තිබේ.

:       1       47

AB Thursday, 09 March 2023 04:35 AM

රටේ ජනාධිපතිවරයා විපක්ෂයට අවස්ථාවන් ගණනාවකදී රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට සියලු පක්ෂ එක්ව කටයුතු කිරීම ඉල්ලා සිටියි. මෙවැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තවමත් ලැබී නොතිබුණු අවස්ථාවක රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රටේ සියලු දේශපාලන පක්ෂ එක මතයක සිටින බව IMF, WORLD BANK සහ ලංකාවට ආධාර ලබාදෙන රටවලට විශ්වාසයක් ලබාදිය යුතුව තිබේ. එසේ නොවහොත් IMF ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව විසින් ලංකාවේ තීරණාත්මක අවස්ථාවක පාර්ලිමේන්තු විපක්ෂය, කණ්ඩායම් සහ විපක්ෂ නායකයින්ගේ වගවීම සහ වගකීම ඉටු නොකිරීම පිළිබඳව දැඩි කණස්සල්ල පමණක් නොව ජාතික අර්බුදයක් හමුවේ විපක්ෂයේ හැසිරීම රටේ පුරවැසියන් ඉදිරියේ මෙන්ම ජාත්‍යන්තරය ඉදිරියේද ප්‍රශ්න කෙරෙනු ඇත. ජනතා ගැටළු හමුවේ මහජන ඡන්දයෙන් පත්වූ විපක්ෂයේ හැසිරීම ඉදිරි මැතිවරණයේදී ජනතා විසින් තීන්දු කෙරෙනු ඇත..

:       1       40

මැක්ස් Thursday, 09 March 2023 06:29 PM

බීරි අලින්ට වීණා වාදනය කරලා වැඩක් නෑ මහාචාර්යතුමා. සාමාන්‍ය පඩිකාරයින්ට බදු ප්‍රශ්නයක් නෑ. ඒත් ඔවුන් ලොකු මිනිස්සු වෙනුවෙන් වර්ජනය කරලා කඩේ යනවා. ඔවුන්ගේ දේශපාලන හාම්පුතුන් කියන විදිහට... මෙහෙම ගොබ්බ රැලක් ලොවෙත් නැත.

:       2       52

Miraj Saturday, 11 March 2023 06:27 AM

මේ රජය යටතේ ඉඳලා තියෙන්නේ ඔක්කොම ලක්ශ 1.5ට වැඩි පඩි ගත්තු උන්ද සේරම...? ඔවුන් කියන්නේ රාජ්‍ය සේවකයින්ට ජීවත් වෙන්න අමාරුයි කියලා ටැක්ස් නිසා. 1.5ත්-2ත් අතර අයට එන්නේ 3500ක ටැක්ස් එකක්. 2ත්-2.5ත් අතර අයට 10,000ක ටැක්ස් එකක්. කොරෝනා කාලේ මිනිස්සු ගැන හිතලා ටැක්ස් අඩු කළාට ඊට කලිනුත් ටැක්ස් ගත්තානේ. වෙන රටවල් වල ටැක්ස් ගැන දන්නවා නම් ඔහොම විගඩම් නටන්නේ නෑ. කොහොමත් මේ කාලකන්නි වෘත්තිය සමිති තියාගෙන නම් ජීවිතේට රටක් හදන්න වෙන්නේ නෑ...

:       1       6

Sudath Saturday, 11 March 2023 08:24 PM

මහාචාර්යතුමා ආණ්ඩුවට ඔච්චර කඩේ යනවාට මොනවද හම්බ වෙන්නේ...?

:       4       10

Hasthi Sunday, 12 March 2023 02:04 PM

මෙතන කවුරුත් බදු ගෙවන්න විරුද්ධ නැහැ. නමුත් දියුණු යුරෝපා රටවල් සමග ලංකාවේ බදු ක්‍රමය සැසඳීම විහිළුවක්, ඒ රටවල විශාල බදු ක්‍රම අනෙක් අය කළත් ඒවා කරන්නේ අතිරේක ආදායමට, එහෙම නොකා මූලික පරිභෝජන ද්‍රව්‍යවලට එම රටවල බදු අය කරන්නේම නැති තරම්, ඒ රටවල මිනිස්සුන්ට බදුගෙවලා රට රටවල සවාරි ගහන්නත් සල්ලි තියෙනවා... ලංකාවේ මිනිස්සුන්ට බදු ගෙව්වාට පස්සේ ජීවත් වෙන්නවත් සල්ලි නෑ...

:       4       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1153 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 7537 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 456 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 847 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 863 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 454 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site