අසම්මත දේ මොනතරම් සම්මත දේ හැටියට අප දකිනවාද? සියල්ල සම්මත දේ හැටියට පෙනුණත් ඇතුළට කිඳා බැසි විට ඇතැම් දේ අසම්මතයකි. අපූරුවට දඟ කරන මුහුදු රළ පෙළට වඩා වෙරළෙහි දඟකාරකම් බොහෝ තියුණුය. ගැඹුරුය. ඒ ඇතැම් දේ අපට නම් ප‍්‍රශ්නාර්ථයකි. නමුත් හිතනවාට වඩා ඇත්ත බොහෝ දෙයින් වසන් වී ඇත. මේ පටලැවෙන ප‍්‍රශ්නය ගැන අප කතා කරන්නටත් පළමුව මවෙත දුරකතන ඇමතුමක් ලැබිණි.
ඇමතුම විදේශයකිනි.......
”අසංක ආටිගල මහත්තයද කතා කරන්නෙ....?”
”ඔව් කතා කරනවා......”
”මහත්තයා අර අහවල් දවසෙ වෙරළ ලිපියට පින්තූර ගත්තෙ කොහේදිද.... ගාල්ලෙ බීච් එකේද?, මාතර බීච් එකේද...?”
”නෑ... නෑ... ඒ තැන්වල නෙමෙයි...”
”මහත්තයා එක පින්තූරයක අර... අසවල් පාට ඇඳන් ඉන්න ජෝඩුව මතකද?”
”ම්....මට එච්චර මතකයක් නෑ...” මම පිළිතුරු දීමි.
”ඒ පින්තූරෙ ඉන්නෙ මගෙ නංගියි, ළඟ ගෙදර එකෙකුයි... දෙන්නම බැඳලා. ළඟ ගෙදර එකාට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. නංගිට ළමයි දෙන්නෙක් ඉන්නවා. මූණ පේන්නෙම නෑනෙ මහත්තයො. මම ඇඳුම්වලින් මේ කියන්නෙ. මූණ පේන එක පින්තූරයක්වත් නැත්ද? ලොකු උදව්වක් මාර ප‍්‍රශ්නයක් වෙලා අනේ තියෙන්නෙ. ඒක හින්දා මාත් තව සතියෙන් රටින් එනවා”.
”මම ළඟ එක පින්තූරයයි තිබුණෙ. ඒ ඔය පින්තූරෙ ඒක දැක්කනෙ වෙන නෑ.”
”එහෙම පින්තූරවල මුහුණු පෙන්නන්න අපට අයිතියකුත් නෑ”.
දුරකතන හුවමාරුව නිමා විය.
මා ගත් ඡුායාරූප කිහිපය අතර එකක් අසම්මත ආදරයක් බව පෙනේ. සම්මත ආදරයෙන් බැහැර අසම්මත පෙම් ජවනිකාවලට සොබා දහම දුන් මුහුදු වෙරළහි අපූර්ව රැුඟුම් සොයා අපි යළිත් වැල්ලට ගියෙමු.
මේ බීච් එකට කතා කරන්න පුළුවන් නම් මහත්තයො ඕවගෙ කතා කෙළවරක් නැතුව කියාවි. ඕවා හැමදාම තියන දේවල් දිනපතාම හරිම සුලබයි’ මම අතුලට ඉඩ දීමි.
මේ මුහුදු වෙරළේ වැලිකැටයක් ගාණෙ ඕවගෙ ජෝඩු අඩිය ගහල තියනවා. අසරණ අහිංසක පවුල් මෙතන වෙන දේවල් නිසා කැඩිල බිඳිල තියෙනවා. බීච් එකත් අපායක් වගේ තැනක්.....වෙලාවකට.....
ඒ කිව්වේ.... මම ඔහුට රුකුල් දීමි.
මෙතනට හැමදාම එන ජෝඩු ඉන්නවා. අපි ඉතින් වැල්ලෙ ඉන්න නිසා මෙයාලගෙ ස්ටෝරිය හොඳට දන්නවා. බැඳපු හොර ජෝඩු කොච්චර එනවද? ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන්, නෝනා වෙන මහත්තයකුත් එක්ක මෙතන. නැත්නම් ෂෝට් ලීව් දාලා, හාෆ් ඬේ නිවාඩු, සමහර දාට දවසම නිවාඩු දාලා බීච් එකේ....
අවුරුදු 35-40-50 ජෝඩු කොළඹ ඉස්කෝලවල ප‍්‍රාථමික පන්ති වලට, පෙර පාසල් වලට ළමයි ඇරළවන්න එන අම්මල ඉන්නවනෙ. තරුණ පෙනුම නිසා කාට හරි පිරිමියකුට රැුවටෙනවා. එක්කො ත‍්‍රීවිල් කාරයෙක්, නැත්නම් ඩ‍්‍රැයිවර් කෙනෙක්. එහෙම නැත්නම් ළමයා එක්කන් එන බස් එකේ හරි වෑන් එකේ හරි එන කෙනෙක්. පොඩි උන්ට තේරෙන්නෙත් නෑනෙ. දන්නෙම නැතිව නෝනා ලව් සීන් එකක. පළවැනි සතිය දෙක එස්.එම්.එස්. වලින් නැත්නම් හොරෙන් කෝල් එකක....ඊළඟට, රත්තරන් අපි හෙට දවල් ටිකක් නිදහසේ කතා කරමු. ඔයා හැමදාම ඉස්කෝලෙ ඇරෙනකම් ඔතන ඉන්න එකේ බබාව ඉස්කෝලෙට දාලා බීච් එකට යමුද....
ම්.......
නෝනා බීච් එකට එනවා. තමන්ගෙ මහත්තයට හොරෙන් වෙන මහත්තයෙක් එක්ක. සමහර විට දෙන්නම බැඳල දරුවො ඉන්න අය’
සමාජයේ මහා සෝදා පාළුවක කතාන්දරයකි.
මෙතනට ආපු දෙන්නෙක් හැසිරෙන විදිහ ඉතින් ඔයත් ඇස් දෙකටම දැකල තියෙනවනෙ සමහරු ඇඳුම් නැතුව. සමහරු ඇඳුම්වල බොත්තම් එක දෙක ගලවගෙන කලිසම්වල සිප් එක විතරක් ඇරගෙන. ඔය එහෙමත් දෙන්නෙක් තමයි අත අල්ලන් ගිහින් කුලූඳුල් විඳිහට ආදරය විඳින්නෙ........’
මේ ජෝඩු ඔතනින් නතර වෙන අය නෙවෙයි වෙන්න ඇතිනෙ’ මම පැවසීමි.
ළමයි ඉන්න අසම්මත ජෝඩු බලන්න මේ පත්තරේ කියවන අයම මීගමුව, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත ටිකේ යන්න ඕනැ තරම් ඉන්නවා. කවුද ප‍්‍රශ්න කරන්න යන්නේ. මේ ඉන්නෙ ඔයාගෙ මහත්තයද? මේ ඉන්නෙ ඔයා බැඳපු නෝනද කියලා. වැල්ල කියන්නෙ හරිම නිදහස් තැනක් මහත්තයො...
ඕවගෙ අය අහුවෙලා නැද්ද? මම යළිත් විමසුවෙමි.
තියනවා.... තියනවා..... තව දෙයක්. විවාහ වුණ ජෝඩු පළවැනි දවසෙ වැල්ලට. දෙවැනි දවසෙ කාමරේට තොල් පාට කරලා, ඩෙනිම් ඇඳගෙන උදේ ලස්සනට එන නෝනලා සමහර දාට කෙලින්ම කවුරු හරි එක්ක බීච් එකේ. සමහර අය බැඳපු නැති කොල්ලො. උදේ වරුව බීච් එකේ. හවස වරුව කාමරේක. ඊට පස්සෙ හැන්දෑවට මොකුත් වෙච්ච නොවිච්ච ගාණට එළවළු මල්ලකුත් අරගෙන, ළමයින්ට රටකජු ගොට්ටකුත් අරන් ගෙදර යන්නෙ.
”අනේ... අදනම් හරි මහන්සියි. ඔෆිස් එකේ පුදුම විදිහට වැඩ.... අනුන්ගෙ ඒවත් අපි කරන්න එපායැ” ගෙදර ගියාම කියන්නෙ එහෙමයි.
මෙයාල ඔෆිස් එකේ කෙසේ වෙතත් වැල්ලට වෙලානම් අනුන්ගෙ වැඩ කරනවා.
එක කතාවක් කියන්නම් අතුල කතාවකට සැරසෙයි. එක නෝනා කෙනෙක් අනියම් සැමියකු එක්ක සම්බන්ධයි කියලා ඇත්ත සැමියට ආරංචි වුණා. නෝනට ළමයෙක් ඉන්නවා. පොඩි එකා දෙක වසරේ. නෝනට අවුරුදු 30ක් ඇති. ඔය ජෝඩුව සතියට දවසක් දෙකක් මේ වෙරළට බහිනවා. මේ සිද්ධිය නෝනගෙ ඔෆිස් එකේ අය හොඳට හොයල බැලූවා.
පවු අසරණ ළමයා කියලා එක්කෙනෙක් නෝනාගෙ මහත්තයට ඔත්තුව දුන්නා.
”මහත්තයා.... අද බීච් එකට යන්න. අන්න දැන් ඉන්නවා”
මහත්තයා වැඩ කළෙත් කොළඹ ඔෆිස් එකක. නෝනා යාළු වෙලා හිටියේ අවුරුදු 35ක විතර බැඳපු නැති කොල්ලෙක් එක්ක.
එදා මහත්තයා පොලිසියත් එක්ක වැල්ලට ආවේ....
එයාට දැකපු ගමන් ඇඬුණා.
ටිකක් සංවේදී මහත්තයෙක්.....
”මම කිසි අඩුවක් කළේ නෑ මහත්තයො මේ ගෑනිට...”
අන්තිමේ තුන් දෙනාම ගෙනිච්චෙ පොලිසියට.
පොලිස් ස්ථානාධිපතිතුමා නෝනට කතා කළා.
”තමුන් මොකද කියන්නෙ....”
”සර්... මම මේ තරුණයා එක්ක යනවා. මට මෙයා එපා”.
ඕ.අයි.සී. මහත්තයා ළඟදිම නෝනා තරුණයගෙ අතේ එල්ලූණා පොඩි දරුවත් බලාගෙන.
නෝනව බාර ගන්න තරුණයා කැමති වුණා.
අපේ රටේ සිදුවූ තවත් එක සිදුවීමකි.
පවු අහිංසක පොඩි දරුවා...
ඒ ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ මහත්තයො. දරුවව බලාගන්න තාත්තා බාර ගත්තා. දරුවයි, සැමියයි බලාගෙන ඉඳිද්දිම නෝනයි, තරුණයයි අලූතින් ජීවිතේ පටන් ගන්න පොලිසියෙන් එළියට බැහැල ගියා.....
අසම්මත විදිහට වැල්ලෙ ලව් කරන්න එන බැඳපු ජෝඩු හැමෝම මෙහෙම අය නෙමෙයි. වැඩි දෙනා නොදැනෙන, නොහැගෙන විදිහට ඔය ලව් එක ගෙනියනවා. අසම්මත පේ‍්‍රමයත් ලස්සනට ගෙනියනවා. සම්මත පේ‍්‍රමයත් ලස්සනට ගෙනියනවා.
බැඳපු මහත්තයා දන්නෙ නෑ... නෝනගෙ වැඩ කිඩ. නෝන දන්නෙ නෑ සමහරවිට මහත්තයගෙ වැඩ කිඩ.
හැබැයි මේ සේරම සෙල්ලම් වැල්ලෙදි අල්ලන්න බැරි වුණාට සමහරු ජංගම දුරකතනයෙන් අල්ල ගන්නවා.
අවුල තියෙන්නෙ ඒක නෙවෙයි. ඇත්තටම ලව් නැති ඒවත් ජංගම දුරකතන නිසා ෆුල් අවුල් වෙනවා.
ඒ හින්දා කවුරු කවුරු වුණත් හිතල බලල දුරදිග කල්පනා කරලා වැඩ කරන එක නම් ඇඟට ගුණයි.
”මුහුදෙ නැව් ගියාට පාර හිටින්නෙ නෑනෙ....” කතාවට එහෙමනෙ’
‘හැබැයි නෝනෝ.... එහෙමම හිත්නන එපා.’
‘ඔහොම හිතපු ගොඩ දෙනෙක් වැල්ලෙදිම අවුල් වුණා. අපි ඒවා ඇස්වලට දැක්කා, සමහරු ගෙවල් වලදි අවුල් වුණා....’
ඔබ විවාහ ජීවිතයකට එළැඹෙන්නේ සොඳුරු පවුල් ජීවිතයක් වෙනුවෙනි. ඔබ එදා පටන් කටයුතු කළ යුත්තේ වගකීම් සමුදායක් හිස දරන දයාබර සැමියකු, දයාබර බිරිඳක, මවක, පියකු ලෙසිනි. දරුවන්ගේ හෙට දවස වෙනුවෙනි. ඒ ගමනට ඔබ සමග විවාහ ගිවිස ගත් ආදරණීය සැමියා, ආදරණීය බිරිඳ හැර තුන්වැන්නකු කුමට....? ඔබ තුන්වැන්නකුට ආදරය කරන්නේ නම් ඔබේ අපේක්ෂාව ආදරයද? කාමයද? විනෝදයද?
සිතන්න ඔබට බාරය ඒ සිතීම ප‍්‍රශ්න වැළක මුල් කෙළවර සිටගෙනයි.
ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග
අලුත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ
ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක
ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්රජාතන්ත්රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
පෙරේරා Tuesday, 28 January 2014 12:01 PM
මේ නළු නිලියෝ දෙශාපාලනයට ආපු හින්දා කියා.(නදී)
ජයන්ත Saturday, 01 February 2014 10:45 AM
මම ඉන්නේ ඇමෙරිකාවේ මෙහෙවත් ඔය තරම් වැඩ නැහැ බලධාරියෝ නිදිද ඔය තරම් වැල්ලේ සෙල්ලන් දානකන් (දී)
නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 28 January 2014 04:35 PM
අනේ මන්ද...ඕක ලංකාවේ නම් සාමාන්‍ය දෙයක්. ලංකාවට ගියාම යාළුවො කියන කතා ඇහුවම මෙහෙ අපි මොනාද කරන්නේ කියල හිතෙනවා. සමහර දේවල් විශ්වාස කරන්නත් අමාරුයි...එත් ඇත්තයි. (නදී)
ගිහාන් Friday, 31 January 2014 06:51 PM
ලංකාවේ මෙහෙමත් අය ඉන්නවනේ (අ)
සන් Monday, 10 February 2014 09:52 AM
එක පවුලකින් සෑහීමකට පත් වෙන්න බැරි ඇයි. තමන්ගේ සැමියට,බිරිදට දෙවියන්ට වගේ සළකන්න ඉගෙනගන්න. දරුවො තමයි අපේ සම්පත්.(දිල්)
රීටා Tuesday, 28 January 2014 03:22 AM
කැනඩාවට එන්න කලින් ඒ කාලේ ලංකාවේ කොටු පැනපු හැටි මට මතක් උනා.(නදී)
අනු Thursday, 06 February 2014 10:33 AM
ලංකාවේ මෙහෙම උනාට අනෙක් රටවලින් ඔය වගේ හොර සෙල්ලම් නැහැ. සුද්දෝ උනත් කාව හරි එපා උනොත් කියලා වෙන්වෙනවා.(නදී)
කීර්තිසේන Friday, 31 January 2014 11:19 PM
මිනිස්සු පවු මොකද එ මිනිස්සුන්ගේ හැගීම් වලට වෙන් වූ ප්‍රදේශයක් ලංකාවේ කොහේ හෝ තියෙනවාද (දී)
කිර්ති Saturday, 01 February 2014 12:28 AM
මේවා අපේ නොදන්නා කම නිසා සිද්ද වෙන විනාශ (දී)