IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


වැලිකඩ වෙඩිල්ලේ දෝංකාරය

තරිදු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

([email protected]/[email protected])

 

වැලිකඩ බන්ධනාගාරයේ දී 2012 නොවැම්බර් නව වැනි දා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (පුනරුත්තාපන) එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහත්වරුන් පසුගිය සතියේ අත්අඩංගුවට ගනු ලැබුවේ රහස් පොලිසිය විසිනි.

ඒ සිද්ධියෙන් වසර පහමාරකට  පමණ පසුවය. මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරනුයේ එම සිදුවීමයි. රහස් පොලිස් පරීක්ෂණ සහ රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළ කරුණු මෙන්ම මේ ගැන සෙවීමට අධිකරණ අමාත්‍යංශයෙන් පත් කළ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාවේ සඳහන් කරුණු අනුව ලිපිය සකස්වේ.

ඒ 2012 වසරයි. දිනය නොවැම්බර් නව වැනි දා ය.  වේලාව පස්වරු 1.30ට පමණ ඇත. ගිනි අවි අතැතිව පොලිස් විශේෂ කාර්ය බළකායේ 790 දෙනෙක් වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වූහ. බන්ධනාගාරයේ දොරටු අසල සිටි නිලධාරීන්ගෙන් මුලින් ඔවුනට අවසර නොලැබුණේ ගිනි අවි අතැතිව වෙනත් ආරක්ෂක අංශයකට බන්ධනාගාරය ඇතුළට යෑමට නොහැකි බව කියමිනි.  නමුත් ඉහළින් ආ නියෝග අනුව ඇතුළට යෑමේ අවස්ථාව ඔවුනට ලැබිණි.

විශේෂ කාර්ය බළකා සාමාජිකයෝ බන්ධනාගාර බුද්ධි අංශ සාමාජිකයන් ද සමඟ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළහ. එක් වාට්ටුවක් පරීක්ෂා කිරීමෙන් පසු ඊළඟට ගියේ චැපැල් වාට්ටුව පරීක්ෂා කිරීම සඳහාය. මරණ දඬුවම නියම වූවෝ මෙන්ම විසි අවුරුදු සිර දඬුවම් ලැබූවෝ ද එහි සිටියහ. හදිසියේ ගිනි අවි රැගෙනවිත් වාට්ටු පරීක්ෂා කරනවාට සිරකරුවෝ විරුද්ධ වූහ.

බහින්බස් වීම දුර දිග ගොස් එය ගැටුමක් දක්වා වර්ධනය වන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත.  විශේෂ කාර්ය බළකාය චැපැල් වාට්ටුවට කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළේය. ප‍්‍රහාරයත් සමඟ සිරකරුවෝ තවත් කිපුණහ.  එම සිදුවීම්වලින් පසු විශේෂ කාර්ය බළකා සාමාජිකයෝ බන්ධනාගාරයෙන් පිටව ගියහ.

විශේෂ කාර්ය බළකාය යනු පොලිසිය යටතේ ඇති ආයතනයකි. පොලිසියේ අර්ධ මිලිටරි අංශය පොලිස් විශේෂ කාර්ය බළකායයි. විශේෂ කාර්ය බළකාය පිටව ගිය ද ඇති වූ ගැටුම නිම වී තිබුණේ නැත. සිරකරුවන් පිරිසක් බන්ධනාගාරයේ තිබූ ආයුධ ගබඩාවක් කඩා ගිනි අවි කිහිපයක් පැහැරගෙන තිබිණි.

ත‍්‍රීරෝද රියකින් පිටතට යෑමට සිරකරුවන් පිරිසක් දැරීය. පිටත රැදී සිටි විශේෂ කාර්ය බළකා ප‍්‍රහාරයෙන් ඔවුහු නව දෙනා මිය ගියහ. මේ කළබලය අස්සේ බන්ධනාගාරයෙන් පැන යෑමට තැත් කළ බව කියන තවත් සිරකරුවන් පිරිසක් විශේෂ කාර්ය බළකා වෙඩි ප‍්‍රහාරයෙන් මරුමුවට පත්වූහ. ගැටුමේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ද තුවාල ලැබීය.

මේ සිදුවීම්වලින් පසු රාත‍්‍රී අටට පමණ ශ්‍රී ලංකා යුද හමුදාවේ 150 දෙනෙක් පමණ බන්ධනාගාරයට ඇතුළු වූහ. ඔවුන් සමඟ යුනිකෝන් රථ දෙකක් ද බන්ධනාගාරය ඇතුළට පැමිණියේය. ත‍්‍රිපුද්ගල කමිටුව හමුවේ ඉතිරිපත් වී ඇති සාක්කි අනුව යුද හමුදාව බන්ධනාගාරය අදාළ පිට්ටනියක ස්ථාන ගතකර ඇත්තේ සවස්වරුවේය.

කෙසේ වෙතත් රාත‍්‍රී 11ට පමණ ඔවුන්ගේ මෙහෙයුමද අවසන් විය. බන්ධනාගාරය යළිත් සාමකාමී තත්ත්වයට පත්වූ අතර සිරකරුවන් පස් දෙනෙකුගේ සිරුරු බන්ධනාගාරය ඇතුළේ තිබී සොයා ගැණිනි. සිරකරුවන් පිරිසක් දණ ගස්වා යුද හමුදාව ඔවුන් පරීක්ෂා කරමින් සිටියේය.

බන්ධනාගාරයේ තිබූ කුඩා ආමරියක් කඩා  සිරකරුවන් ලබා ගත් බව කියන ගිනි අවි යුද හමුදාව සිය බාරයට ගත් අතර එය යළිත්  ආමරිය බාරව සිටි ජේලර්ට නානායක්කාරට ඒවා බාර දුන්නේය. ජේලර් ඒවා භාර ගත්තේ ගිනි අවිවල අංක සටහන් කර ගනිමිනි. 

රහස් පොලිස් පරීක්ෂණවලට සහ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාවට අනුව ඊළඟට බන්ධනාරයට ඇතුළු වී ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකි. ඉන් එක් අයෙක් පොලිස් මත්ද්‍රව්‍ය  නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව බව විමර්ශනවලදී ප‍්‍රකාශ වී තිබේ.

සාමාන්‍ය ඇඳුමෙන් බන්ධනාගාරය තුළට පැමිණි බව කියන ඔවුන්ගෙන් කෙනකු  අත නම් ලැයිස්තුවක් තිබී ඇත.

ඊට පෙර යුද හමුදාවෙන් දණ ගස්වා සිටි පිරිස සිටින තැනට ගිය මොවුන් අතේ තිබූ කොළේ ඇති නම් අඬගසා ඔවුන් වෙන් කර පැත්තකට කැඳවා ගැණිනි.

මේ අතුරින් මුලින්ම වෙන් කර රැගෙන ගියා යැයි කියනුයේ මාලන්ය. දෙවැනියට කපිලය.  කපිලගෙන් පසු එළඹ ඇත්තේ මංජු ශ්‍රී ගේ වාරයයි. 2012 මාර්තු මාසයේ දී කොට්ටේ රජ මහා විහාරයේ වැඩ වාසය කළ බොරලැස්ගමුවේ ගුණරතන හිමි සහ පිටිගල ජිනසිරි හිමි ඝාතනයට ලක් කළැයි සැකපිට මංජු අත්අඩංගුවට පත්විය. 26 හැවිරිදි හර්ෂ මංජු ශ්‍රී මනිකීර්ති , රක්ෂණ සමාගමක නියෝජිතයකු ලෙස කටයුතු කළේය.

සැකකරුවන් විහාරස්ථානයට ගියේ එහි තිබූ කඩුවක් සොරා ගැනීමට බව පසුව වාර්තා වූ අතර මංජු ළඟ තිබී එවැනි කඩුවක් හමු වූයේ නැත. මෙම සිදුවීම ගැන ඉදිරි දිනකදී අධිකරණය හමුවේ පාපොච්චාරණයක් කිරීමට මංජු බලාගෙන සිටි බව වාර්තා විය. එසේ නම් මංජුගේ නම අඬ ගසා වෙනම රැගෙන ගියේ එම පාපොච්චාරණය නැවැත්වීමට දැයි සැක සහිතය. කටුගෙයි සොරකම සිදුවී තිබුණේ ද මේ අවධියේදීය.

ඉන් පසු බන්ධනාගාර නිලධාරියකුද පෙරටුකරගෙන ඔවුන්වයි ඕ වාට්ටුවලට ගොස් තිබේ. එම වාට්ටුව ඉබි යතුරු දමා වසා දමා තිබුයෙන් වෙඩි තබා ඉබි යතුරු කැඩූ බව සාක්කිකරුවන් ප‍්‍රකාශ කර ඇත.

ලැයිස්තුවේ ඇති නම් අනුව ඉන් කිහිප දෙනකු පිටතට ගෙන ඇත්තේ ඉන් පසුවය. මේ ආකාරයට නම් අඬ ගසා එළියට ඇදගෙන ගිය පිරිස අට දෙනෙකි.

මාලන් හෙවත් කංකානම්ලාගේ මලින්ද නිලේන්ද්‍ර පැල්පොල, නිර්මල අතපත්තු, ගුණ්ඩු මාමා හෙවත් විජය රෝහණ, චින්තාමනී මොහොට්ටිගේ තුෂාර චන්දන හෙවත් කලූ තුෂාර, පොන්න කපිල හෙවත් අන්දුපුලිගේ ජෝතිපාල, මංජු ශ්‍රී හෙවත් හර්ෂ ශ්‍රී මහකීර්ති පෙරේරා, මාලි ප‍්‍රසන්න හෙවත් රයිගමගේ සුසන්ත පෙරේරා සහ කොණ්ඩ අමිල හෙවත් මලලගේ මලිත් සමීර පෙරේරා ඔවුහුය.                                                                                                                                                                                                                                                                                           මේ පිරිස අතරේ සිටින මොහොමඞ් විජය රෝහණට 1997 වසරේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති හැඳුනුම්පත අනුව ඔහු ජනහඬ පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස කටයුතු කර තිබේ. ඔහුගේ මව ප‍්‍රකාශ කර තිබූ කතාව මෙසේය.

‘මගේ පුතා පත්තරේ ඉන්දි පත්තරේ දාපු දෙයක් නිසා ඒ තරහට කුඩු දාලා ඇල්ලූවා. මගේ ගෙදර පිටිපස්සේ කොල්ලෙකුට  මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් ගහලා මැරුවා. ඒ නඩුව එයාට විරුද්ධව ඔප්පු වෙනවා මගේ සාක්කියෙන්. මම උසාවි ගිහින් දැක්ක සාක්කි දුන්නා. සාක්කිය දීලා ආවට පස්සෙයි මගේ පුතාව මහෙම මරලා දැම්මේ. මගේ සාක්කිය නවත්වන ලෙස මීට පෙර පුතාට තර්ජනය කර තිබුණා.‘

කොණ්ඩා අමිල ඝාතනය වූ තවත් රැඳවියෙකි. කොණ්ඩා අමිල අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් මත්ද්‍රව්‍ය චෝදනා මතය. ඔහු බන්ධනාගාර ගතව සිටිය දී කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් ගැන වෙනම නඩුවක් ද ගොනු කර තිබී ඇති අතර බන්ධනාගාරයේ අධිකාරී එමිල් රංජන් සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔහුගේ මව බී ටී ඩී ජයවීර මහත්මිය එච්ආර්සී/1841/2012 යටතේ මැගසින් බන්ධනාගාර අධිකාරීට විරුද්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණීල්ලක් ද ගොනු කර තිබී ඇත.

මේ සියලූ දෙනා එක්කෝ ප‍්‍රසිද්ධ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටියෝය. නැතිනම් මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවෝය. එසේත් නැතිනම් බන්ධනාගාරයේ ප‍්‍රධානින් සමඟ ගැටුම් ඇතිකරගත් පුද්ගලයෝය.

බන්ධනාගාරයේ ගැටුම්කාරී වාතාවරණය යුද හමුදාවේ මැදිහත් වීමෙන් නිමා වූ පසු  බන්ධනාගාරයට ගිය තිදෙනාගේ මෙහෙයවීමෙන් නම් කතාකර එළියට ගත් රැඳවියන්ගේ මළ සිරුර තැන තැන වැටී තිබිය දී පසු දින සොයා ගැණිනි. ඒ බොහෝ සිරුරු අසල ගිනි අවි ද තිබිණි. ඒ මැවූ අපරාධ ස්ථානයයි.

මැවූ අපරාධ ස්ථානය සුණු විසුණු වූයේ මේ පිරිස මරා දමා තිබිය දී රාත‍්‍රී කාලයේ ලබා ගත් ඡායාරූප කිහිපයක් සොයා ගැනීමත් සමඟය. එම ඡායාරූපවල ඔවුන් අසල ගිනි අවි නැත. එසේ නම් එම ගිනි අවි මෙම රැඳවියන් කැරැල්ලේදී මිය ගිය බව පෙන්වීමට පසුව දැමූ ඒවා විය යුතුය. ඒ සැකය වඩාත් තහවුරු කරන සාක්කි රහස් පොලිසිය  මෙන්ම විමර්ශන කළ ත‍්‍රිපුද්ගල කමිටුව ද සොයාගෙන තිබිණි. 

යුද හමුදාව සොයා ගත් ගිනි අවි ඇතුළු උපකරණ යුද හමුදා පනාගොඩ යුද හමුදා කඳවුරේ සැරයන් පී බී එස් තෙන්නකෝන් මහතා විසින් බන්ධනාගාර අවි අංශය භාර නිලධාරී ජී එල් ඩබ්ලිව් නානායක්කාර මහතා වෙත භාර දී ඇත. ඒ ලේඛන සහිතවය. නානායක්කාර මහතා ලේඛන ගතව ඒවා ලබා ගැනීමට කටයුතු කළේ සැරයන් තෙන්නකෝන්ගේද එකඟත්වයෙනි.  (එම ලේඛනයේ පිටපතක් ඡායාරූපවල ඇත.)

ටී 58 අවි තුනක්, ටී 56 මාක් 11 අවි 03ක්, ටී 58 මැගසින් 07ක්, ටී 56 මැගසින් 08ක් ඇතුළු ආයුධ එලෙස නියමාකාරයට බාර දී බොහෝ වේලාවකට පසුව  එවකට මැගසින් බන්ධනාගාර අධිකාරිවරයා පැමිණ යුද හමුදාවෙන් බාර දුන් ගිනිඅවිවලින් කිහිපයක් ඉල්ලා තිබේ. ගිනි අවි භාර නිලධාරියා ඒවා දීමට අදිමදි කරද්දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස එවකට කටයුතු කළ කොඩිප්පිලි මහතා එම ගිනි අවි ලබා දෙන ලෙස දැනුම් දී ඇතැයි ත‍්‍රිපුද්ගල කමිටුවට මෙන්ම රහස් පොලිසියට ද සාක්කි ලැබී තිබේ. ඒ අනුව අවි භාර නිලධාරියා එම ගිනි අවි ලබා දී ඇත්තේ ඒවායේ අංක සටහන් කර ගැනීමෙන් පසුවය. 

පසුදින දහවල් වන විට මරා දමා තිබූ රැඳවියන් අසල තිබී ඇත්තේ එම ගිනි අවිය. ඒ අනුව රහස් පොලිසිය මෙන්ම ත‍්‍රිපුද්ගල කමිටුවද සැක හැර දැනගෙන තිබුණේ මෙම රැඳවියන් පිරිස මරා දැමීමෙන් පසු කැරැල්ලේ දී මැරුණු බව පෙන්වීමට සිද්ධියෙන් බොහෝ වේලාවකට පසු ඔවුන් අසලට ගිනි අවි ගෙනැවිත් දමා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ත‍්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ අනුව පොලිස්පතිවරයා විසින් පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලදුව විමර්ශන ආරම්භ විය. විමර්ශනයේ දී විශාල පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත්හ. වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම් ධාමයෙන් පසු බන්ධනාගාරයට ඇතුළට ගොස් තෝරාගත් සිරකරුවන් අට දෙනකු මරා දැමීමේ චෝදනාවට සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ නිල නිවසේ සිටියදීය. ඒ පසුගිය 28 වැනි දා ය.

රංගජීව මෙන්ම එවකට මැගසින් බන්ධනාගාර අධිකාරී ලෙස සේවය කළ එමිල් රංජන් ළමා හේවා මහතා අත්අඩංගුවට ගන්නේ බන්ධනාගාර නිල නිවස්නයේ සිටියදීය. අත්අඩංගුවට පත් වන විට එමිල් රංජන් මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයකු (පුනරුත්තාපන) දේවය කරමින් සිටියේය.

මේ දෙදෙනාම රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් පසු තමන්ට අසනීප බව පැවසූයෙන් ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට රහස් පොලිසිය පියවර ගත්තේය. පසුව මහේස්ත‍්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ගිය මහේස්ත‍්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය. පොලිස් අධිකාරී නුවන් අසංක, පොලිස් පරීක්ෂක සාගල කරසිංහ, කාන්තා උප පොලිස් පරීක්ෂිකා අචලා, පොලිස් සැරයන් නන්දපාල යන නිලධාරීහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියහ.

බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරයේ එවකට සේවය කළ ඉහළම නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් පරීක්ෂණ පවත්වයි. කෙසේ වෙතත් මේ වන විට ඔහු විදේශ ගත වී සිටින බවට ද තොරතුරු ඇතැයි පොලිස් ආරංචි කියයි.

ආරක්ෂක අංශයක් භාරයේ සිටින පිරිස් මිය යෑම රජයේ වගකීමක් ලෙස සැලකේ. සිරකරුවන්ද මනුෂ්‍යයෝය යන්න බන්ධනාගාරයේ තාප්පවල සටහන් කළාට වැඩක් නැත. ඔය සිරකරුවන් අතර පොලිසියෙන් බොරුවට අත්අඩංගුවට ගත්තෝ  ඕනෑ තරම් සිටිය හැකිය.

ඩීඑන්ඒ නොතිබුණේ නම් ඇතැම් විට කොටදෙනියාවේ පාසල් සිසුවා සේයා දැරිය ඝාතනය සම්බන්ධයෙන් සිරබත් කමින් සිටින්නට පිළිවෙන. ඩීඑන්ඒ නොතිබුණේ නම් අම්මා මැරී යැයි අත්අඩංගුවට ගත් කහවත්තේ සිසුවාට ද සිරබත් කන්නට සිදු වන්නේය.

කහවත්තේ පාසල් සිසුවාට නිදහස් වූයේ වසරක් පමණ බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවකු ලෙස සිටීමෙන් පසුවය. එසේ නම් මරා දැමූවන් අතර මෙවැනි බොරු චෝදනාවන්ට අත්අඩංගුවට ගත්තවුන් නැතැයි කෙසේ කියම්ද? සිරකරුවන් ඝාතනයෙන් ලංකාවට වූ අපකීර්තිය වෙනුවෙන් සිද්ධිය නිර්මාණය කළවුන් පෙනී නොසිටිනු ඇත. 



අදහස් (21)

වැලිකඩ වෙඩිල්ලේ දෝංකාරය

sanath Thursday, 05 April 2018 01:11 PM

මේ කතාවනම් ජනතාව දන්නේ නැහැ. ජනතාව දන්නා එකම එක දෙයක් තියනවා. ඒක තමයි රංගජීව කියන්නේ රටේ හිටපු දක්ෂතම මත් ද්‍රව්‍ය වටලපු නිලධාරියා, ඒ වගේ වැටලීමකදී ඔහුට වෙඩි වැදිලත් තියනවා. ඒ වගේම ඔහුගේ වැටලීම් වලින් අල්ලපු කුඩ්ඩෝ දාලා ඉන්නේ අද ඔය රංගජීව දාල තියන හිරෙමයි.

:       1486       1587

ජයරත්න Thursday, 05 April 2018 03:31 PM

ජනතාව දන්නේ නැහැ කියන්නේ ඇයි? ඔය අතන මෙතන ඇහෙන ඒවාට වඩා මොනතරම් තොරතුරු සහිතව ගවේෂණාත්මකව මේ ලිපිය ලියලා තියෙනවද? අපිට ඒ කාලේ ටෙලිවිෂන්වල බොරු පෙන්නපු හැටි දැන් පැහැදිලි වෙනවා.

:       867       918

KumarThursday, 05 April 2018 05:17 PM

බන්ධනාගාරය තුල ඉන්න අයටත් ජීවත් වෙන්න අයිතියක් තියනවා.

:       76       133

කුමාර් (ගල්ෆ්)Friday, 06 April 2018 07:51 PM

ඔව්... ඔව්, මහරජාගේ පවුලේ අයගේ අවසර ඇතිව !!!

:       473       408

janatha anura Saturday, 07 April 2018 09:13 AM

අම්මපා ඇත්ත.... මරපු මිනී ගණන අනුව ඒ අයගේ මේ වෙඩි පහරින් බේරිලා ඉන්න තාක්කල් එහෙම හිතෙනවා. ඔවුන්ට තෙරුවන් සරණ පතමු.

:       50       9

samayan Saturday, 07 April 2018 09:15 AM

හිරේ යන්න එහෙම වෙලා ඇති....

:       0       15

samFriday, 06 April 2018 05:10 AM

සනත්, මේ කතාව ඔබ දන්නේ නැහැ කියනවා මිසක් ජනතාව දන්නේ නැහැ කියන්න එපා. මේ සිද්ධිය සිදු වුන දිනවලදීම මේ ඉහත සඳහන් විස්තරය නොයෙකුත් මාධ්‍ය වලින් කියවුනා. ඔබ ඒවා නොදන්නවා වුනාට ජනතාව දන්නවා .

:       259       358

සොමිඳුFriday, 06 April 2018 08:58 AM

ඔබ නොදන්නවා ඇති. රංගජීව කියන්නේ කුඩු අල්ලපු නිලධාරියෙක් තමයි. අල්ලපු ටික විතරනේ මිනිස්සු දන්නේ. අල්ලන්නේ නැතිව යව්ව ඒවා ගැන මිනිස්සු දන්නේ නැහැනේ.

:       160       253

ruwanSunday, 08 April 2018 05:40 AM

ජනතාව දන්න ඔබ නොදන්න තවත් දේවල් එමටයි රංගජීව ප්‍රකෝටි පතියෙක්, සල්ලි ලෑබුනේ කොහොමද?

:       25       131

Vipula Friday, 06 April 2018 03:27 AM

අපරාදයක් කරපු නිසා තමන්ගේම පුතාට, මරණ දණ්ඩනය දීලා රටට ජාතියට ආදර්ශයක් දීපු රජවරු හිටපු ජාතියක් සිංහල ජාතිය කියන්නේ, නමුත් දැන් දැන් දකින අහන දේවල් වලින් රට වැටිලා තියන පහත් තත්වය ගැන හරිම කණගාටුයි

:       0       66

sampath Friday, 06 April 2018 09:46 AM

මොන රජ්ජුරුවෝද පුතා මැරුවේ? එළාර නම් එහෙම කළා.. එයා ලාංකිකයෙක්... එ්ත් සිංහලයෙක් නෙවෙයි.

:       85       149

M. A. A. R. Fernando Saturday, 07 April 2018 02:53 AM

අවනීතිය රජවුණු අන්ධකාර කාලයක් !!!

:       114       412

swadeena Saturday, 07 April 2018 09:10 AM

මේ කට්ටියගෙන් අහන්න කැමතියි ඇඹිලිපිටියේ, හැව්ලොක්ස්හි කාන්තාවන් මියගිය හැටි, නයිවලදී මියගිය තරුණයාද, එම තරුණියද මරාදැමුනු වෙඩිල්ලේ දෝංකාරයද විමසිය යුතුය.

:       60       6

jabos alahapperuma Saturday, 07 April 2018 09:11 AM

88, 89 කාලයේ කිසිම වරදක් නොකර මියගිය කාන්තාවන්, තරුණයින් ගැනද මේ වෙඩිල්ලේ දෝංකාරයට මෙන් සමානව කටයුතු කළ යුතුයි.

:       272       179

samSaturday, 07 April 2018 11:56 AM

ඔබ කියන්නේ විජය කුමාරතුංග, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි කිසිම වරදක් නොකලවුන් ගැනද? එහෙම නැත්නම් රිචඩ් ද සොයිසා වැනි කිසිම වරදක් නොකළ අය ගැනද?

:       0       49

janatha anura Saturday, 07 April 2018 05:50 PM

ඔබ හරි සියලු දෙන ගැනම එකම පන්තියේ සිටි අපගේ හිතවත් මිතුර දයා පතිරණ (පියසිරි), අපගේ ගුරුවරයාණන් වූ මහාචාර්ය පටුවන විතාන ඇඹිලිපිටියේ අහිංසක ළමෝ 33 දෙනාද මෙයට අයත් ඔබ තුමා දෙපැත්තෙන්ම ජීවිත බේරා ගත්තු නිසා අද මෙතනට අවශ්‍ය නොවේ

:       0       77

lakshman Saturday, 07 April 2018 05:52 PM

ඔහේ පලයන් මෙන්න යු අන් පියත් ඔලුව උස්සල දෙසබියෝගයෙන් පස්සේ උන්නැහේල අලුගසා දමල වගේ

:       53       4

V.warnakulasuriya Saturday, 07 April 2018 07:36 PM

මෙම සිද්ධිය සම්බන්ධව ඉතා පැහැදිළි විස්තරයක් පළ වී ඇත. ලිපියක පැහැදිළි බව වැදගත් කොට සැළකිය යුත්තකි.

:       38       174

rocky Sunday, 08 April 2018 01:56 AM

සිංහයා ලකුණ දරන ඔරිජිනල් බෞද්ධයන් සිටින ලෝකෙන්ම උතුම් රටක මෙවැනි දේවල් සිදුවිය හැකිද?

:       248       25

bandula vithaana Wednesday, 11 April 2018 10:59 AM

සිංහයා කියන්නේ තිරිසනෙක්. සතුන් අතර ඉන්න කම්මැලිම සතා. උගේ ගෑනු සතා තමයි ඌට කෑම ටික වුනත් ගෙනත් දෙන්නේ... අපේ රටේ ඉන්න ඔරිජිනල් බුද්ධාගම් කාරයොත් එහෙමයි... සිංහයා ලේබල් එක හැබැයි බල්ලා මාර්ක්. ලැජ්ජයි.

:       1       108

sidath gunasekara Tuesday, 10 April 2018 12:15 PM

මේ කමිටුව ඉදිරියේ සාක්ෂි දුන්නේ කවුදැයි සදහනක් නෑ. සාක්ෂි සපයා ඇත්තේ මෙම රජයේ නිලධාරීන් සමඟ වෛරයෙන් සිටින, මත්කුඩු ජාවාරම් කර හසුවූ අයයි.

:       65       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 357 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 30 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 155 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 192 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 136 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 199 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38777 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site