IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


විල්පත්තුවේ ඇත්දළ ජාවාරම

1    

ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන අතරින් සුවිශේස වනෝද්‍යානයක් ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය හැඳින්විය හැක. පුත්තලම, අනුරාධපුර, මන්නාරම දිස්ත‍්‍රික්ක තුනකින් වටවී පවතින මෙහි හෙක්ටයාර් 131667ක වපසරියකින් සමන්විතය. ඉතාමත් සුන්දර වන පෙතක් වන මෙහි ශ‍්‍රී ලංකාවට ආවේණික සහ ආවේණික නොවන වන සතුන්ගෙන් ගහනව සිටින අතර අතීතයේ සිටම මෙහි දිවි ගෙවන වන සතුන්ට අත්ව ඇති ඉරණමද ඛේදනීය පුවතක්ව තිබේ.
මේ සුන්දර  වන පෙත දිස්ත‍්‍රික්ක තුනකින් වටව පැවතීමත් එහි පැවැත්මට මේ වන විට අත්ව ඇත්තේ  බරපතළ ඉරණමකි. හිත්පිත් නැති දඩයක්කරුවන්ගේ රුදුරු ගිනි බටයට ගෝනුන්, මුවන්, වල් ඌරන් හා වෙනත් වන සතුන් දෛනිකව සිය ගණනක් බිලි වන්නේ  ඉතාමත් අවාසනාවන්ත අයුරිනි.
එහෙත් ඉතාම ඛේදනීය කරුණනම් ඉහතින් දැක්වූ වන සතුන්ට අමතරව මේ රමණීය භූමිය වර්ණවත් කරන ඇතුන්, දිවියන් හා වලසුන් යන සතුන් ද දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වීමය.


විල්පත්තුව වනෝද්‍යානයේ සිටින ඇතුන් ප‍්‍රමාණය දස දෙනකුට ආසන්නය. මේ ඇතුන්  වනෝද්‍යානයේ සැරිසරමින් ඔවුන්ගේ තේජස දෙස් විදෙස් සංචාරකයන්ට විදහාපාමින් සංචාරක ආකර්ශනය වැඩි කර ගැනීමට සමත්ව තිබේ. එසේ සැරිසරන ඇතුන්ගේ දළ සදහා ලොබ බැඳ ගන්නා කුරිරු දඩයම්කරුවන් මෙම ඇතුන් වෙඩි තබා මරා දළ කපාගෙන ගිය අවස්ථා අතීතයේ ද අසන්නට ලැබේ. නමුත් මෑත ඉතිහාසයේ සිදු වූ සිත්කම්පා කරවන සිදුවීම සිදුව ඇත්තේ මීට මසකට පෙරය.

2


විල්පත්තුව වනෝද්‍යානයේ පිහිටා ඇති වසර 2000ට ආසන්න කාලයකට හිමිකම් කියන ඉපැරණි භික්ෂූ ආරණ්‍යයක්  ලෙස සැළකෙන  ගල්ගේ විහාර නටඹුන් ආසන්නයේ කොණ්ඩ කට්ටිමඩුව ප‍්‍රදේශයේ සිටි ඇත් රංචුවේ නායකයා යැයි වනජීවි නිලධාරීන් පවසන අලංකාර දළ යුගළකට හිමිකම් පෑ දැවැන්ත හස්ති රාජයාව වෙඩි තබා මරා දමා තිබුණේ විල්පත්තුවම සසල කරමිනි. මෙම හස්ති රාජයා දිගු කලක සිට විල්පත්තුව වනෝද්‍යානයේ අලංකාර කළ ඇත් ?නේ සද්දන්තයා ය.


මේ සද්දන්ත හස්ති රාජයා දඩයක්කරුවන් විසින් මාස ගණනක සිට කුරුමාණම් අල්ලමින් මාසයකට පමණ පෙරදී වෙඩි තබා මරා දළ යුගළ ඉතාමත් රහසිගත ලෙස සඟවාගෙන සිට ඇත්තේ ඉහළ මිලකට අලෙවි කිරීමේ සූදානමින් බව මේ වන විට හෙළිවී තිබේ.


පුත්තලම මූලස්ථාන පොලිසියේ ප‍්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.කේ.ඞී.ඞී.ඒ. චන්දන මහතා හා කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක අයි.එම්. නසීම් යන නිලධාරීන්ට පසු ගිය (27) වැනි දින ලැබුණ බුද්ධි තොරතුරු ඉතාමත් බරපතළ විය. එයින් පැවසුණේ ඇතෙකුගේ දළ යුගළක් රුපියල් ලක්ෂ 50ක මුදලකට පුත්තලම නගරයේ පරණ මන්නාරම් පාරේ පිහිටි එස්. එල්. ස්වර්ණාභරණ හලේ හිමිකරු විසින් විකිණීමට ගැණුම්කරුවකු රහසිගත ලෙස සොයන බවයි. වහාම ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් පුත්තලම කොට්ඨාසභාර නිලධාරි ජේෂ්ඨ පොලිස් අධිකාරි සෙනරත් පද්මලාල් සඳුන්ගහවත්ත මහතාගේ උපදෙස් පරිදි පුත්තලම 1 සහකාර පොලිස් අධිකාරි ඊ.එස්. දයාරත්න මහතාගේ මෙහෙය වීමෙන් පුත්තලම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති එච්.කේ. සුමනසේන මහතාගේද මෙහෙය වීමෙන් (28) වන දින ඇත් දළ මෙහෙයුම ආරම්භ කෙරුණි.
ගැණුම්කරුවන් ලෙස පෙනී සිටි පොලිස් උපාය දූතයන් ඔවුන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටුකරමින් ජාවාරම්කරුවන්ට නොහැෙඟන ලෙස ලක්ෂ 50ට විකිණීමට සූදානම් කර තිබූ ඇත් දළ යුගළ රුපියල් ලක්ෂ 45 දක්වා මිල පහත  දමා තිබුණේ. ජාවාරම්කරුවන්ට කිසිම ආකාරයකින් සැක නොසිතෙන ලෙසය.

4


ධනවත් ව්‍යාපාරිකයින් ලෙස පෙනී සිටී පොලිස් උපාය දූතයන් ජාවාරම්කරුවන් පසු පස යමින් දන්වන සෑම ස්ථානයකටම යාමට ඔවුන්ට සිදුවිය. ජාවාරම්කරුවන් එසේ කර තිබුණේ මෙම මිල දී ගැනීමට පැමිණෙන පිරිස සැකහැර හඳුනා ගැනීමේ අරමුණෙන් බව පොලිස් නිලධාරීහු කියති.
අවසානයේ පොලිස් නිලධාරීන්ගේ උපායට හසුවූ ජාවාරම්කරුවන් නිරුපද්‍රිතව අත් අඩංගුවට ගැනීමට හැකිව තිබුණේ පුත්තලම තිල්අඩිය ප‍්‍රදේශයේ දී මෙම ඇත් දළ ජාවාරමේ ප‍්‍රධාන සැකකරු ලෙස සැලකෙන රණ් ආභරණ අලෙවිසලේ හිමිකරු හා තවත් සැකකරුවකු සමගිනි. එම අත් අඩංගුවට ගැනීමේ දී ඇත් දළ යුගළ හා එය  ප‍්‍රවාහනය කරමින් තිබූ සුඛෝපබෝගි වෑන් රථය ද පොලිස්  අත්අඩංගුවට පත් වූයේ ජාවරම්කරුවන්ට කිසිවක් සිතා ගත නොහැකි මොහොතකය.


මේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමත් සමග පොලිස් කණ්ඩායම් දිගින් දිගටම සැකකරුවන්ගෙන් ප‍්‍රශ්ණ කිරීම අරඹා තිබුණි. එහිදී එළිව තිබුණේ මෙම ඇත් දළ යුගළ හිමි දැවැන්ත හස්ති රාජයා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේදී වෙඩි තබා මරා දමා ඉන්පසු දළ යුගළ කපා රහසිගත ලෙස මෙම ජාවාරමට සම්බන්ධ මෙම සද්දන්තයාට වෙඩි තැබු බව පැවසෙන සැකකරුවන් අතරින් වනාතවිල්ලූව පරණ එළුවන්කුලම ප‍්‍රදේශයේ පදිංචි සුන්දරම් නැමැති ද්‍රවිඩ ජාතිකයාගේ නිවසේ සඟවා ඇති බවයි. සතියකට පමණ පසු මෙම ඇත් දළ යුගළ පුත්තලම රන් භාණ්ඩ අලෙවි සලේ හිමිකරුගේ නිවසට රැුගෙන ගොස් ඇති බවද පොලිස් පරික්ෂණවලින් සනාථ වී තිබේ.


පොලිස් අත් අඩංගුවට පත්වූ තිදෙනාගෙන් දෙදෙනකු වනාතවිල්ලූව පරණ එළුවන්කුලම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මොවුන් ද්‍රවිඩ ජාතිකයින් බවත් එල්.ටී.ටී.ඊ සංවිධානය සක‍්‍රියව පැවති සමයේ වනාතවිල්ලූව ප‍්‍රදේශයේ සිට විල්පත්තුව වනෝද්‍යානයේ කඳවුරු බැඳ සිටි එල්.ටී.ටී.ඊ සමාජිකයින් සමග සෘජු සබඳකම් පවත්වා ඇති බවත් එසේම පුත්තලම හා අවට ප‍්‍රදේශවල තොරතුරු ලබා දී ඇති බවටත් පොලිස් පරික්ෂණවලදී අණාවරණය වී තිබේ. එසේම මොවුන් විල්පත්තුව වනෝද්‍යානයේ වන සතුන් දඩයම් කර මස් ජාවාරම දිගින් දිගටම සිදු කර ඇති බවටත් සනාථව තිබේ.


එම සැකකරුවන් දෙදෙනාගෙන් සුන්දරම් නැමැති සැකකරු පොලිස් ප‍්‍රශ්ණ කිරීම්වලදී හෙළිකර ඇත්තේ මෙම සද්දන්තයාට වෙඩි තබා මරා දමා නැවත දින කිහිපයකට පසු එම සද්දන්තයා මරණයට පත්ව සිටී කොණ්ඩකට්ටි මඩුව ප‍්‍රදේශය වෙත අනෙක් සැකකරු සමග ගොස් තියුණු ආයුධ උපයෝගි කරගෙන දළ යුගළ කපා රැුගෙන ආ බවයි.


එම තොරතුරු මත සැකකාර සුන්දරම් සමග පොලිස් නිලධාරින් හා විල්පත්තුව වනෝද්‍යානයේ වනජීවි නිලධාරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර සද්දන්තයා මරා දමා තිබූ ස්ථානය වෙත ගමන් කිරීම පසුගිය (30) වන දින ආරම්භ කෙරුණි.

3


විල්පත්තුව එළුවන්කුලම පිවිසුමෙන් පිටත් වූ මෙම කණ්ඩායාමට මාධ්‍යවේදීහු කිහිප දෙනකුද එක්ව සිටියහ. මෙම කණ්ඩායම ජීප් රථවල නැගී විල්පත්තුව මහ වන මැද පිහිටි ඓතිහාසික පල්ලකණ්ඩල් දෙව්මැදුර ආසන්යෙන් පිහිටි දුෂ්කර වූ මාර්ගයක් ඔස්සේ තලවිල සංචාරක නිවාඩු නිකේතනය වෙත ගමන් කර ඉන් පසු කිලෝ මීටර් 15ට වැඩි දුරක් ඝන වනය පීරමින් සද්දන්තයා මරා දමා තිබූ ස්ථානයට ළගා වූයේ පැය 6ක දුෂ්කර වූ ගමනකින් පසුවය. එම ගමනේ දී දැවැන්ත වැලහින්නක් මෙම කණ්ඩායමේ ඉදිරියෙන්  ගමන් කළ උප පොලිස් පරික්ෂක චන්දන මහතා ඇතුළු කණ්ඩායමට කඩා පැනීමට සැරසෙද්දී එය ව්‍යර්ත කිරීම සිදු වූයේ විල්පත්තුව වනෝද්‍යානයේ දක්ෂ හා පළපුරුදු නිලධාරියෙකු වූ වනඅඩවි සහකාර ඞී. රාමසිංහ මහතා ක්ෂණිකව ක‍්‍රියාත්මකව භාවිතා කළ උපක‍්‍රමයක් හේතුවෙනි. එසේ නොවන්නට මෙම කණ්ඩායමේ කිහිප දෙනෙකු වැළහින්නගේ ප‍්‍රහාරයට ලක්වනු නොඅනුමාණය. ඒ අයුරින් කටුක අත්දැකීම් රැුසකට මුහුණ දෙමින් හස්ති රාජයා වෙඩි තබා මරා දමා තිබූ ස්ථානයට ළඟා වෙද්දි සියලූ දෙනාම දැඩි වෙහෙසට පත්ව සිටියහ.


ඒ සියලූ වෙහෙස සුළු මොහොතකින් පහව ගොස් කණ්ඩායමේ සියලූ දෙනාගේම හදවත් හඬා වැටෙන්නට වූයේ මහ වනය කම්පාකරමින් දැවැන්ත හස්ති රාජයා මුළු මහත් මිනිස් වර්ගයාටම සාප කරමින් මිහිතලය සිප අවසන් ගමන් ගොස් තිබූ අයුරු දැකීමෙන් අනතුරුවය.


විල්පත්තුව වනෝද්‍යානයේ දැනට සිටින ඇතුන් 10ට ආසන්න ඇතුන්ගෙන් මෙසේ වෙඩි තබා මරා දමා සිටි හස්ති රාජයා සුවිශේෂ වූයේ අනෙක් ඇතුන්ට නොදෙවෙනි අලංකාර ඇත්දළ යුගළකට හිමිකම් පෑම නිසාවෙනි. මෙම ඇත් දළ යුගළ අඩි පහකට වඩා උසින් යුත් අතර එක් ඇත් දළයක බර කිලෝ 16ට ආසන්නය. ඇත් දළ දෙකම එක සමාන වීමත් පෘෂ්ටිමත් ලෙස පිහිටා තිබීම නිසා දඩයම්කරුවන් මෙම සද්දන්තයා මරා දමන්නට ඇති බවට වනජීවි නිලධාරින් අණාවරණය කරගෙන තිබේ.


මෙම සද්දන්තයා දින 20ට පෙර හිස, කණ හා කොඳු ඇට නාරටිය යන ශරීරයේ ප‍්‍රදේශ ඉලක්ක කරමින් ගිනි අවි භාවිත කරමින් වෙඩි තබා ඇති බවටත් මේ ඇතා උසින් අඩි 9ට ආසන්න වන අතර වයස අවුරුදු 30ක් පමණ වෙතැයි හෙළිකර ගැනීමටත් වන ජීවි නිළධාරින් සමත්විණි. දැඩි ලෙස නරක් වී තිබුණ සිරුර අප එහි යන විටත් නිලමැස්සන්ගෙන් පිරි අධික දුගඳක් වහනය වෙමින් තිබෙන අයුරු දැක ගත හැකිවිණි.


පරික්ෂණ අවසන් වීමෙන් පසු කණ්ඩායම ආපසු තලවිල සංචාරක නිවාඩු නිකේතනය වෙත පැමිණෙන විට රාත‍්‍රි 8 පසු වී තිබුණි. ඒ වන විට අහසේ සඳ කුඩාවට පයා තලවිල සංචාරක නිකේතනය ඉදිරිපිට පිහිටා ඇති තලවිල තුළ ඉතිරිව තිබූ ජලය මත සඳ රැස් පතිතවී තිබුණේ මේ හස්තියාගේ මරණය කම්පාවට පත්කරමිනි. තලවිල සංචාරක නිකේතනයේ සිට නැවත ජිප් රථවල නැගී ආපසු එළුවන්කුල පිවිසුම වෙත පැමිණෙන අතරතුර දී විල්පත්තුව වන සතුන්ගේ දහනක් බවට හෙළි කරමින්  නැවතත් දැවැන්ත වලස් තඩියකු අප ගමන් ගත් මාර්ගයේ හරස් කරමින් සිටීම නිසා අපේ ගමන විනාඩි ගණනාවකට නවතා දමා වලසාගේ හැසීරීම් රටාවට ඉඩ දී වලසා අප මගහැර යන තුරු බලා සිටීමට සිදුවිය.


නැවත එන අතරතුර අලින්, මුවන්, ගෝණුන්, නරියන් මේ වන දෙපස රැඳී සිටියේ විල්පත්තුව වන සතුන්ට මිස මිනිසුන්ට අයිතියක් නැති බව පසක් කරමිනි.


විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මේ වන විට විදෙස් රටවල සංචාරකයන්ගේ නෙත් යොමු වී හමාරය. දේශීය සංචාරකයින්ට වඩා මෙම සුන්දර භූමිය අගය කරනුයේ විදෙස් සංචාරකයන්ය. විල්පත්තුවේ දිවි ගෙවන දිවියා විල්පත්තුවේ අගය ලොවට කියා පායි. එවන් වටපිටාවක මස් වැද්දන්ට හා ජාවාරම්කරුවන්ට මේ සුන්දර භූමිය ගොදුරු කර ගැනීමට ඉඩ දී බලා සිටින්නේ දැයි අපි වනජීවි ඇමැති වරයාගෙන් විමසන්නෙමු. උග‍්‍ර සේවක හිඟය නිසාම විශාල වපසරියක පිහිටි මෙම භූමිය රැක ගැනීමට සුළු සේවක සංඛ්‍යාවකට කිසිසේත් හැකියාවක් නැත. විදේශ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ ප‍්‍රයත්න දරන බලධාරින්  විල්පත්තුවට සිදු වන විනාශය වළක්වා ගත යුතුය. එසේ නොවුනහොත් මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉදරියේ දී දක්නට ලැබෙන්නේ වන සතුන් නොමැති වනයක් පමණක් බව කිව යුතුය.


ඒ නිසාම විල්පත්තුව අරක් ගත් මස්වැද්දන් ජාවාරම් කරුවන්ට නිසි ලෙස නීතිය ක‍්‍රියාත්මක කළ යුතුව තිබේ.


m



අදහස් (0)

විල්පත්තුවේ ඇත්දළ ජාවාරම

සිංහ Monday, 22 September 2014 10:01 AM

අනිවාර්යෙන් මේ වගේ ඒවා කරන අයව හොයලා මරන්නම ඕනා. නැත්නම් වැඩක් නෑ. (නදී)

:       0       0

රණසිංහ Thursday, 18 September 2014 01:43 PM

වන ජීවී දෙපාර්තමේන්තුව බැරිද එක එක කලාපයන් අධීක්ෂණයට නිලධාරින් බඳවා ගන්න? (නි)

:       0       0

නුවන් Thursday, 18 September 2014 02:23 PM

පවුකාර මිනිස්සු! (නි)

:       0       0

මහින්ද Thursday, 18 September 2014 04:59 PM

මෙම මස් වැද්දන්ට ප්‍රසිද්ධියේ දඩුවම් කළයුතුයි (නි)

:       0       0

ශ්‍රියානි Sunday, 21 September 2014 03:55 PM

මෙම මුර්ගයන්ට දැඩි දඩුවම් දෙන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5024 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 693 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1267 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 112 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 199 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site