IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


වල්ලපට්ටා

මාධ්‍යම කදුකරයේ හා පහත රට තෙත්කලාපයට අයත් සිංහරාජයේ ඉතාමත් සාරවත්ව වැවෙනා වල්ල පට්ටා ශාඛය හොරෙන් පිට රට ගෙන යෑම නිසා එම ශාඛය වඳවීමට ලක් වී ඇත.

මෙම ශාකයේ එක්තරාකොටසක් ( නම සදහන් නොකරමි ) සුවද විලවුන් නිෂ්පාදනයට යොදාගන්නා අතර එම කොටස් කිලෝ ග්‍රෑමයක   මිල ලංකාවේදී  ඉතාමත් ඉහළ අගයක් ගනී, විදේශීය වෙළදපොළෙහි  වටිනාකම කිසිවකුත් සැබෑවටම නොදනී,

ජාවාරම් කරුවන් විසින් කැලෑ පීරමින් මෙම ශාකය සොයා රුපයේ දැක්වෙන අයුරින් කඳ කපා  බලන්නේ තමන්  සොයනා කොටස ලබාගත හැකිදැයි කියාය,

අදාල කොටස නොමැතිනම් ගස කපා  නොගන්නා  නමුදු, එම කැපු කොටසින් වැසිජලය ඇතුළුවීම, කෘමිහානි හා  දිලීර අසාදනයන්ට ලක්වීම වැනි හේතුබලපා  ශාකය ඉබේටම මියයයි.

බලධාරීන් මේ පිලිබඳ දැන්වත් ක්‍රියාත්මකවී වනාන්තරවල ඇති මෙම ශාකයන් ආරක්ෂා කිරීමටත්, ආර්ථික භෝගයක් වශයෙන් වගාකිරීමේ හැකියාව සොයා බලා  ඊට අවශ්‍ය තාක්ෂණ හා මුදල් යොදවන්නේ නම් විශාල විදේශ විනිමයක් උපයාගැනීමට හැකිවන අතරම, එසේ  නොවුන හොත් ඉතාමත්ම කෙටිකාලයකින් මෙම වටිනා ශාකය අප පරිසර පද්ධතියෙන් සමුගනු ඇත.



අදහස් (0)

වල්ලපට්ටා

සෙනෙවි Saturday, 29 June 2013 05:09 PM

දුප්පත් අයට අත දෙන්නට කැප වෙන්න රජයට මගක් පෑදී ඇත දැන් ඔන්න වල්ල පටිට ලක හැම තැන සිටු වන්න ඒවා යවා දුප්පත් අය ගොඩ ගන්න.(නදී)

:       0       8

ලංකා Tuesday, 02 July 2013 09:31 PM

තව පොඩ්ඩක් හිතල බලන්න වෙනවා.(අ)

:       0       2

විමල් Sunday, 16 June 2013 09:51 PM

මහා පරිමාණයෙන් වගාව පටන් ගන්න රජය මැදිහත් වෙන්න ඕන (අ)

:       2       0

සංජු Wednesday, 12 June 2013 08:52 AM

තම රටේ දේවල් විනාස කරලා අන්තිමට පිටරට වලින් එන කුණු ගොඩවල් කන්න ලැහැස්ති වෙලා ඉන්න..එතකොට ඇත්ත තේරෙනකොට අපේ රටේ සම්පත් විනාශ වෙලා ඉවරයි (නි)

:       0       2

ඉන්දික Thursday, 20 June 2013 12:48 PM

ඉක්මන් නොවුනොත් කොතල හිඹුටු වලට සිද්ද උන දේ සිද්ද වෙනවා.(නදී)

:       0       3

බන්දුල Saturday, 15 June 2013 01:09 PM

වල්ලපට්ට කියන්නේ බොරු ජාවාරම් අ පසුපස යහළුවෙක් ඇති (අ)

:       2       1

ජනක Wednesday, 19 June 2013 01:50 PM

කපලා විකුණනවා ඇරෙන්න මොනවා කරන්නද වෙන ඕවට? (නි)

:       3       0

සුමනසිරි Saturday, 15 June 2013 07:29 AM

අනිවාර්යයෙන්ම මෙම ජාවාරම පසුපස දේශපාළුවකු සිටිනවා (නි)

:       0       1

සුජිත් Monday, 17 June 2013 10:38 AM

රජය විසින් මේසදහා නිසි ක්‍රියාමාර්ගයක් වහාම ගත යුතුයි. වගා කරන ක්‍රමය හදුනා දෙන්න ඉක්මනින්.(ස)

:       0       1

ශාන්ත Wednesday, 12 June 2013 01:16 PM

මිහිතලය මත ඇති අවසන් ගසත් කපා බිම හෙලු පසු මිනිසුන් කියන නූගතුන් මුදල් කෑමට නොහැකි බව දැනගනු ඇත. (ස)

:       0       0

සරත් Tuesday, 11 June 2013 10:07 PM

කඳ කපල බලනවා නෙවේ. කඳ තුවාල කලාම එක තුලින් දිලීර ඇතුල්වෙලා අර නොකියපු එක හැදෙනවා. පස්සේ ගහ කපල ඒවා අරගන්නවා. (නදී)

:       0       0

දුමින්ද Wednesday, 12 June 2013 01:59 PM

බාල දරුවන් තවම මරනින්දේ..,එයාල ඇහැරෙනවිට පෙරහැර ගිහිල්ලා.(ස)

:       0       0

නිමල් ජයසිංහ Thursday, 04 July 2013 08:03 AM

වල්ලපට්ටා වගාව පිළිබදව ජනතාව දැනුවත් කර කෘෂිකර්ම දෙපාර්තෙම්න්තුව හරහා පැල බෙදා දෙන්න. අනාගතෙය්දී හොද ආදායමක් රටට ගන්න පුළුවන් වගේම වල්ලාපට්ටා ශාඛයත් හොදින් රැකේවි.(නදී)

:       0       0

සරත් Monday, 17 June 2013 11:07 AM

සරත් දන්නා දේවල්.(ස)

:       0       0

සජිත් Wednesday, 12 June 2013 02:19 PM

ශාන්ත නිකන් පිස්සු කතා කියන්න එපා එහම මෝඩ මිනිස්සු නැහැ මේ ලෝකේ.(ස)

:       0       0

හේමන්ත Thursday, 13 June 2013 08:03 PM

පවුල් පිටින් අපා ගත වෙන වැඩ මේවා. (නදී)

:       0       0

මනෝහරන් Wednesday, 12 June 2013 01:31 AM

ඔය ගහ ගැන නම් මම දන්නේ නැහැ (නි)

:       0       0

නාලක Friday, 21 June 2013 10:48 AM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්... :) (නි)

:       0       0

නීලා Sunday, 23 June 2013 02:04 PM

මේක මේ තරඟ වටිනවානම් මැණික් හාරනවා වගේ ඇතිනේ.ඉතින් එහෙම නම් මේක කර්මාන්තයක් විදියට නොකරන්නේ වුවමනාවක් නැතිකමද,කම්මැලිකමද,එහෙමත් නැතිනම් බලදාරියෝ බුදිද? (නි)

:       0       0

ශීලා Sunday, 23 June 2013 02:04 PM

අපි වැඩක් ගන්නෙත් නැතිනම්, ණයට කන්නම නම් හුරුවෙලා ඉන්නේ, ඔය වැඩක් ගන්න වෙන රටකටවත් දීලා දාන්න.මොකෝ මේ කියන විදියට මෙවන් කර්මාන්ත පටන් ගන්න තිබුනේ ගොඩක් කාලෙකට කලින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 24 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5620 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 802 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1385 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 124 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site