IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


වැව්දිය යදින ඇලයාපත්තුවේ ගොවියෝ

හර්ෂණ තුෂාර සිල්වා ඇලයාපත්තුවේ සිට 

කන්න හයක් මුළුල්ලේ ගොවිතැන් කිරීමට තරම් ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබුණු නිසා තමන් මහත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී ඇතැයි මධ්‍යම නුවර ගම් පළාත හා මහවිලච්චිය ගම්වාසීහු චෝදනා කරති.

නිසි වාරි යෝජනා ක්‍රමයක් තිබුණි නම් මෙම ප්‍රදේශවල ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ යන බව ද සිදුවන වන විනාශය අවම කරගත හැකි බව ද එම ගම්වාසීහු කියති.

මහ කන්නයේ පමණක් ‘අහස් වැස්සෙන්’ ගොවිතැනේ යෙදෙන ඇලයාපත්තුව සහ ඒ අවට ගම්මානවල ජනතාවට වසර තුනක් මුළුල්ලේ ගොවිතැන සඳහා ප්‍රමාණවත් වර්ෂාවක් ලැබී නැති අතර එහෙයින් බොහෝ පිරිසක් වෙනත් රැකියාවලට යොමුව සිටිති.

වර්ෂාව නොමැති වීම හේතුවෙන් ගොවිතැන පමණක් ජීවිකාව කරගත් මෙම ගම්වාසීන්ගේ සියලු කටයුතු අඩපණ වී තිබේ. 

භූගත ජලය හිඳී ඇති බවත් ජලය පොළොව අඩි 50ක් පමණට පහළට ගොස් ඇති බවත් ගම්වාසීන් සමඟ අදහස් දැක්වූ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නායක හිමියෝ කීහ.

“ අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අපේ ප්‍රශ්න කිව්වා. තිසා වැවේ වතුර නිසා එහාපැත්තේ ගොවිතැන සිද්ධ වෙනවා. ඒ නිසා හැමෝම හිතන්නේ අපිත් ගොවිතැන් කරනවා අපේ මිනිස්සුන්ටත් වැස්ස ලැබෙනවා කියලා. හැබැයි අපිට පොදයක් හැරෙන්නට වෙන කිසිවක් නැහැ.

බවුසර්වලින් තමයි කන්න බොන්න වතුර ගේන්නේ. කණ්ඩායමක් එව්වත් එයින් පලක් වුණේ නැහැ. ආපු පිරිසට මේ ගැන අවබෝධයක් නැහැ. අපේ ඇතැම් ගම්වාසීන්ට ඒ ගැන කියන්න තේරුමකුත් නැහැ” උන්වහන්සේ අප හා පැවැසූහ.

ඇලයාපත්තුව කේන්ද්‍ර කරගනිමින් ජලාශ රැසක් තිබුණද ඒ කිසිදු වැවක් වාරි ව්‍යාපෘතියකට සම්බන්ධ නැතැයි ගම්වාසීහු කියති. ඇලයාපත්තුවට අවටින් මහවැලි, මොරගහකන්ද සහ මල්වතු ඔය පහළ සංවර්ධන වාරි යෝජනා ක්‍රියාත්මක වුවත් ඒ කිසිවකින් ඇලයාපත්තුවට ජලය නොපැමිණේ.

ඇලයාපත්තුව ගම්වාසීන් වර්ෂා ජලයෙන් යැපෙන්නෝ වෙති. 

“අපි අහස් වැස්සෙන් වැඩ කරන්නේ. අපි ගොවිතැනේ යෙදෙන්නේ මහ කන්නයේදී විතරයි. අපි දැන් කන්න හයක් ගොවිතැන් කරලා නැහැ. කන්න හයක් අපට වැස්ස නැහැ. සමහරු ගමෙන් ගිහිල්ලා. ඔවුන් විවිධ රැකියා හොයාගෙන ගිහිල්ලා. සමහරු සෙකියුරිටි රස්සාවට ගිහින්. සමහරු මේසන් වැඩ. සමහරු අත්වැඩවලට ගිහින්. වැස්ස නැති නිසා ගොඩක් අය හේන් ගොවිතැනේ. මේ හින්ද වන විනාශයක් වෙනවා.

අපට වතුර ලැබුණා නම් වන විනාශයත් නැති වෙනවා. අපේ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැහැ. අසරණකමට තව අක්කර දෙක තුනක හේන් වගාවක් කරන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. වතුර නැතිකම හින්දා පොල් ගස් කරටිවලින් කඩා වැටෙනවා. හරකෙක්ට උලා කන්න තණකොළ ටිකක් නැහැ. වතුර නැති නිසා වතුරට සම්බන්ධ හැම කර්මාන්තයම කඩා වැටිලා.

අපේ සමහර මිනිස්සුන්ගේ ලෙඩරෝග වැඩි වෙලා. පවුල් ආර්ථික ප්‍රශ්න. බණ්ඩක්කයි ලුණුයි විතරක් කන දරුවෝ ඉන්නවා. සමහර ගෙවල්වල අම්මලා තාත්තලා බඩගින්නේ. උයන්න ගන්න හාල් හෝදන වතුර වැසිකිළි කැසිකිළි පාවිච්චයට ගන්න වෙලා අපිට” යැයි ගම්වාසීහු තම ගැටළු කීහ.

ඇලයාපත්තුවට තිබෙන විශාලතම වැව වන ඇලයාපත්තුව මහ වැව වසර හයකින් වාන් දමා නැතැයි ද ගම්වාසීහු පැවැසූහ. 

ඇලයාපත්තුවට නිසි වාරි යෝජනා ක්‍රමයක් ලබාදෙමින් එම ප්‍රදේශයේ තිබෙන දහස් ගණනක් වැව් සම්බන්ධ කරමින් ඇල මාර්ග තනා දීම මේ ගම්වාසීන්ගේ ඉල්ලීම්  වී තිබේ. 

ඡායාරූප - ශාන්ත රත්නායක 



අදහස් (1)

වැව්දිය යදින ඇලයාපත්තුවේ ගොවියෝ

Chamila Amaradiwakara Thursday, 28 June 2018 11:34 PM

මම ඔස්ට්‍රලියාවේ පදිංචි ලාංකිකයෙක්...... මට විස්තර එවන්න කොච්චර මිනිස්සු මේ වැවෙන් යැපෙනවද? පිළිසකර කරන්න කොච්චර මුදලක් යනවද? උදව් කරන්න උත්සහයක්

:       6       57

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 33 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 42 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 696 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 172 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 447 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1097 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 558 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2135 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site