IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


විශ්වාසය පෙන්නන්න ගිහින් වැඩ වරද්දාගත් යුවතියක්

  

ඕනම නවකථාවක රෝමියෝ ජුලියට්ලා ඉන්නවා. ඒ රෝමියෝ, ජුලියට්ලා අපේ ජීවිතවලත් කොයි තරම් ජීවත් වෙනවද? මම කියන්නේ ජීවිතේ නවකථාවක් කියලා නෙමෙයි. මෙන්න මේකයි ජීවිතේ, මේකයි ආදරේ, මේකයි නිදහස කියලා පත්තර පිටුවක් ඇතුළේ අපට කථා කරන්න බැහැ. ඒකට සීමා මායිම් නැහැ. එදා වගේ ගෙදරට වෙලා, දරුවො බලාගෙන, ස්වාමියාගේ වහලියක් වෙන්න අද තරුණියන් බිහිවෙන්නේ නැහැ. මේ නිසා ගේ ඇතුළේ කොටුකරලා සුකුරුත්තන් ආයිත්තම් සෙල්ලම් බඩුවක් වගේ හදන ගැහැණු ළමයෙකුට වඩා ජීවිතේ දුක පුරුදු කරලා, පොත පතේ අධ්‍යාපනයට වඩා සමාජ අධ්‍යාපනය ගෙදරින් දෙනවානම් අද පරිවාස, ළමා නිවාසවල මේ තරුණ ජීවිත විඳවන්නේ නැහැ.

1


මේ ඇහෙන අවනඩු අතර දිල්මිගේ කථාවත් මේ ඉර හඳ යට සිද්ධ වුණු සත්‍ය සිදුවීමක්.


‘‘මම මගේ කථාව කියන්නම්, හැබැයි මම කොහේද, කාගේ කවුද කියලා නම් ලියන්න එපා. මගේ අම්මටයි, අප්පච්චිටයි, අක්කටයි මේ මම නෙමෙයි කියලා නොදැනෙන්න ලියන්න’’


‘‘මගේ අප්පච්චි පොලීසියට සම්බන්ධ උසස් නිලධාරියෙක්. අම්මා රැකියාවක් කළත් පසු කාලීනව අක්කයි, මමයි නිසා අම්මා රැුකියාවෙන් ඉවත් වුණා. පුංචි කාලේ ඉඳලම මම හැදුණේ වැඩුණේ සැප පහසුකම් මද්දේ. කිසිම දේකින් අඩුවක් පාඩුවක් තිබුණේ නැහැ. අම්මයි, අප්පච්චියි හරිම සැරයි, අප්පච්චිට වඩා ගොඩාක් නපුරු වුණේ අම්මා. චූටි කාලේ ඉඳලා අක්කයි, මමයි දෙන්නම හැඳුණේ ගේ ඇතුළෙමයි. අම්මා කොහේටවත් යන්න දුන්නේ නැහැ. අඩුම තරමේ ආච්චි, සීයාලගේ ගෙදරවත් අපට යන්න දුන්නේ නැහැ. අපි කොළඹ නිසා ගමේ යන්නේ හරිම අඩුවෙන්. ඒ ගියත් උපරිම එක දවසයි. අම්මා, අප්පච්චිටත් බැණලා රණ්ඩු වෙනවා.’’


දිල්මිගේ ගෙදර පරිසරය හැදුණේ ඔන්න ඔය විදිහට. දිල්මිගේ අම්මා සුනේත‍්‍රා දරුවො දෙන්නා චූටි කාලේ ඉඳලම ඇහැක් වගේ රැුකගත්තා. දියණිවරුන් දෙන්නෙක් නිසා ලොකු වගකීමක් කියන හැඟීම ඇගේ සිත තුළ තිබුණා. ඒ වගකීම වගේම දියණියන් දෙදෙනා ගැන ලොකු බලාපොරොත්තු රාශියකුත් ඇයට තිබුණා. දිල්මිගේ තාත්තා පොලිස් සේවයට සම්බන්ධ නිලධාරියෙක් නිසා ගෙදර රැුදුණු කාලය ගොඩක් අඩු වුණා. මේ නිසා යම් යම් අවස්ථාවල පියාගේ රැුකවරණයත් ඇයගෙන්ම ඉටු වුණු අවස්ථා බොහොමයි. ඇයගේ සැර පරුෂ බව යම් හේතු කාරණා සමඟ නිවැරදි ලෙස දකින්නත් පුළුවන් අවස්ථා නැතුවාම නෙමෙයි. දරුවො හැමදාම පුංචියට ඉන්නේ නැහැ. දිල්මි සහ ඇගේ වැඩිමහල් සහෝදරිය ටිකෙන් ටික මේ පියමනින්නේ හිරිමල් වියට කියලා සුනේත‍්‍රා බලා සිටියේ හැම මවකගේම හිතේ දැල්වෙන කුළුදුල් බලාපොරොත්තුවත් එක්ක.

07_PAGE_07_RASA

වැඩිමහල් සහෝදරියට පෙර දිල්මි වැඩිවියට පත්වෙනකොට ඇයට අවුරුදු දොළහයි. නොතේරුම් අවධියක දිල්මි වැඩිවියට පත්වීමත් එක්ක සුනේත‍්‍රාගේ හිස මතට විශාල බරක් පැටවුණා. ඇය වැඩිවියට පත්වෙලා හරියටම වසරයි, ඇගේ වැඩිමහල් සොයුරිය වැඩිවියට පත් විමත් එක්ක සුනේත‍්‍රා දියණියන් දෙපළ උපරිමයෙන්ම ආරක්‍ෂා කරනවා. වැඩිවියට පත් වීමත් එක්ක දිල්මිටත් ඇගේ වැඩිමහල් සහෝදරියටත් ගෙදර පරිසරයේ අත් විඳපු නිදහස සීමා වෙන්නේ හරිම ඛේදනීය විදිහට. ගෙදර පරිසරයත් එක්ක පීඩනයෙන් ජීවත් වෙන දිල්මිගේ මේ අවනඩුවේ පටන් ගැන්ම සිද්ධ වෙන්නේ නිවසෙන්මයි.


‘‘වැඩිවියට පත් වුණාට පස්සෙම නෙමෙයි. පුංචි කාලෙදිවත් යාළුවෙක් ආශ‍්‍රය කරන්න, නෑදෑ ගෙදරක යන්න, ආස පොතක් කියවන්න, ආස චිත‍්‍රපටියක් බලන්න අපට නිදහසක් තිබුණේ නැහැ. වැඩිවියට පත්වීමත් එක්ක මේ දේවල් තවත් හිර වුණා. අක්කගේ පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා. ඒක අම්මට අහුවුණ වෙලාවේ අම්මා අක්කට ගහපු විදිහ මතක් වෙනකොට අදටත් මම මානසිකව විඳවනවා. අපි ඉන්ටර්නෙට්, ෆේස්බුක් ගියේ හොරෙන්. අක්කගේ පේ‍්‍රම සම්බන්ධ අහුවුණාට පස්සේ අම්මා අක්කගෙ පස්සෙන්ම හිටියා. කොටින්ම අක්කා ජීවත් වුණේ හිරකාරියක් වගේ.’’


‘‘මම ගෙදර බාලයා නිසා අම්මා මං ගැන ලොකු තැකීමක් කළේ නැහැ. මම ජීවිතේ ඉන්න ආස තැනම වුණේ ටියුෂන් ක්ලාස් එකයි, ඉස්කෝලෙයි. අම්මා ඒ තැන් දෙකට විතරයි ආවේ නැත්තේ. අපි දෙයක් ඉල්ලූවත් අම්මට හොරෙන් තමයි අප්පච්චිගෙන් ඉල්ලන්නේ. මට අප්පච්චි උපන්දිනේට ෆෝන් එකක් අරන් දුන්නා කියලා අම්මා අප්පච්චිත් එක්ක ගොඩක් රංඩු වුණා. ඔහොම ඉන්නකොට ඉන්දික අයියා මුණ ගැහෙන්නේ ටියුෂන් ක්ලාස් එකේදි. ඉන්දික අයියා මම ටියුෂන් ගිය සර්ගේ සහයක විදිහට වැඩ කළා. ගොඩක් දවස්වලට එයා මගෙන් ටියුෂන් ක්ලාස් එකට මුදල් ගත්තේ නැහැ. ඒ විදිහට පුංචි හිතවත්කමක් ඇති වුණා. පස්සේ පස්සේ ෆෝන් එකෙන් කථා බහ කළා. මුණ ගැහෙන්න වුවමනාව තිබුණත් ගෙදර පරිසරය කියලා තිබුණ නිසා ඉන්දික අයියා මට කරදර කළේ නැහැ. මොකද එයා දකිනවා අම්මා මාව ක්ලාස් එක ළඟින් බස්සලා යනවා.’’


‘‘පුංචි හිතවත්කම දිගින් දිගටම කථා කරද්දි ආදරේකට පෙරළුණත් අක්කා විඳපු දුක මටත් විඳින්න වේවි කියලා මට මුලදි ගොඩක් බය හිතුණා’’
දිල්මිට ඉන්දිකගේ ආදරේ දැනුණත් ඇය එකවරම ඒ හැඟීමට ඉඩ දෙන්න බය වුණා. මන්ද, ඇගේ වැඩිමහල් සහෝදරියගේ පේ‍්‍රම සම්බන්ධය නිසා අම්මා ක‍්‍රියා කළ ආකාරය නිසා. ඒත් හිත කියන දේ අල්ලලා නතර කරන්න බැහැ. දිල්මි ඉන්දිකට ආදරය කළා. ඒත් මේක ආදරයක්ද රාගයක්ද කියන්න දිල්මි දන්නේ නැහැ. ඒත් අද ඇය දන්නවා ඒක ආදරයක් නෙමෙයි රාගයක් කියලා. ඒත් ඒ දේ වැටහෙනකොට ඇගේ ජීවිතේ අගාධයට ඇද වැටිලා හමාරයි.
ඇය ඉන්දිකව මුණ ගැහෙන්න යන්න දෙවරක් හිතුවෙ නැහැ. ඊට අවස්ථාවක් තමයි ඇය සෙව්වේ. ඒ අවස්ථාව උදාවෙන්නේ දිල්මිවත් නොසිතපු වෙලාවක.

ඇයගේ මව හදිසියේම රෝගාතූර වීම නිසා දිල්මිගේ වගකීම පැවරෙන්නේ වැඩිමහල් සහෝදරියට. එදා තම වැඩිමහල් සහෝදරිය ටියුෂන් පන්තියට තම නැගණියව භාර කරලා නැවත නිවස කරා එන්නේ පන්තිය හමාර වෙන වෙලාවට නැවත යාමේ අදිටනින්. දිල්මි දෙවරක් නොසිතාම ටියුෂන් පන්ති මාර්ගය වෙනස් කොට වෙනත් මාර්ගයකට හැරුණේ ඉන්දික මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන්. හමුවුණ මුල්ම දවස ඉන්දික ඇයට කළ ඇරියුමට හිස නමන්න දිල්මි දෙවරක් හිතුවෙ නැහැ. 


‘‘මෙහෙම කථා කරන්න බැහැ, ගෙදරට ආරංචි වුණොත් ඔයාලගේ අම්මා ඔයාවයි මාවයි දෙන්නවම මරයි’’


‘‘අපි නිදහසේ කථා කරන්න පුළුවන් තැනකට යමුද?’’


දිල්මි ඉන්දික හමු වූ පළමු පැයේදීම ඉන්දිකගේ ඇරියුමට ප‍්‍රතිචාර දැක්වූයේ සුබවාදීවය.


‘‘මට ඉන්දික අයියා අවිශ්වාස කරන්න තරම් හේතුවක් තිබුණේ නැහැ. එයා මට නිතරම කිව්වේ හැම කොල්ලෙක්ම එක වගේ නැහැ. එයා ගැන අවිශ්වාසයක් තියෙනවානම් එයාගෙන් අයින් වෙන්න කියලා. ඒ තරම් දේවල් කියද්දි මම කොහොමද එයා මට බොරුවක් කරනවා කියලා හිතන්නේ. මම ඉන්දික අයියව ගොඩක් විශ්වාස කළා.’’


මුණ ගැහුණු පළමු දවසේම ඇය ඇගේ ගරුත්වය ඉන්දික ඉදිරියේ පූජා කළා. ඇයට  ඕනැ වුණේ ඇයට ඉන්දිකව විශ්වාසයි කියලා ඉන්දික ඉදිරියේ ඔප්පු කරන්න. හැම කෙනෙක්ම බලන්නේ දෙයක් වුවමනා නම් හොඳින් හෝ නරකින් හෝ ඒ දේ තමන්ගේ කරගන්න. ඉන්දිකත් ඒ චරිත අතර එක්කෙනෙක්. විශ්වාසයයි, ගැහැණු ළමයෙකුගේ ආත්ම ගරුත්වයයි කියන්නේ දෙකක්. තමන්ගේ පේ‍්‍රමවන්තයට විශ්වාසවන්තභාවය ඔප්පු කරන්න ගරුත්වය පූජා කරන ආදරේ ඔයාගේ ජීවිතේ වැරදුණාට පස්සේ එදාට ඔය විශ්වාසවන්තයෝ කවුරුත් නැහැ. තමන්ට තමන් විතරයි.


මාස ගණනාවක්ම ඉන්දිකත්, දිල්මිත් මේ ආකාරයට ලැඟුම්හල් තුළ මුණ ගැසුණා. සුනේත‍්‍රා දිල්මිට කොයි තරම් රැකවල් දැම්මත් ඒ කඩුලූ පනින්න තරම් ඇය සූක්‍ෂම වුණා.


‘‘ඔය අතරතුර ඉන්දික අයියයි, මමයි අතර පුංචි පුංචි රංඩු ඇති වුණා. එයාට සතියට දවස් දෙක තුනක් මාව මුණ ගැහෙන්න  ඕනැ. ඒත් මට ගෙදරට හොරෙන් පැන ගන්න බැහැ. පස්සේ පස්සේ එයා මාව තේරුම් ගන්නේ නැති තත්ත්වෙට පත් වුණා. ඔහොම ඉන්න කොට මගේ ඇඟට යම් යම් අපහසුතා දැනුණා. මම ඒත් ගණන් ගත්තේ නැහැ. මට පාසල් ගමන එපා වුණා. අම්මට පුංචි වෙනසක් වුණත් දැනෙනවා. අම්මා මට බෙහෙත් ගන්න යන්න පෙරැුත්ත කළත් මම උනන්දු වුණේ නැහැ. ඉන්දික අයියා මාව අතාරින්න හදනවා කියලා මගේ හිතට නිතර දැනුණා. මම ඒ ගැන හිත හිත හරියට ඇඬුවා. ඒ වෙනකොට මම පේ‍්‍රග්නට් වෙලා කියලා දැනන් හිටියෙ නැහැ. ඒත්....’’


ඇගේ දෑසින් කඳුළු කඩා වැටෙද්දි තව දුරටත් ඇගේ අවනඩුව අහන්න සිත් දුන්නේ නැහැ. සියල්ල ඔය විදිහට සිද්ධ වෙද්දි මවගේ අතට ඇගේ වෛද්‍ය වාර්තා පත් වෙනවා. ඒ ඇසුරින් හෙළි වෙන්නේ ඇය මාස තුනක ගැබිනියක් කියලා.


ඇහැක් වගේ රැකපු දියණිය මේ තරම් අපරාධයක් කරගත්තේ කොහොමද කියලා උසාවි භූමියේ සුනේත‍්‍රා හඬා වැටෙද්දි දිල්මිව භාර වුණේ පරිවාසයට.
මව්පියො කියන්නේ සමාජයේ අද්දැකීම්වලින් පරිණත වුණ අය. ඒ අය අද්දැකීම් අරගෙන, ඒ අවධි පසු කරලා, දරුවන්ගේ නිදහස සීමා කරනවානම්, දිල්මිගේ මවට දැනුණු වේදනාව හෙට තවත් මවකගේ සිතේ දැවෙන්න පුළුවන්. දිල්මිගේ ජීවිතේ අගාධයට වැටෙන්නට ප‍්‍රධාන හේතුව ගෙදර පරිසරය. මව ඇයට දෙන පීඩනය. ඒ නිසාම තමයි ඇය ලැබුණ පුංචි නිදහසෙන් පිට ආදරේ සොයා ගෙන ගියේ. ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ, ඒ අවධියට සමාජය අත්විඳින්න, අත්දකින්න, අවස්ථාව දිය යුතුයි.


නම් ගම් මනඃකල්පිතයි.

m



අදහස් (0)

විශ්වාසය පෙන්නන්න ගිහින් වැඩ වරද්දාගත් යුවතියක්

වලව්ගේ Thursday, 19 November 2015 10:26 AM

මාත් එක්ක එකට වැඩ කරපු ගෑණු ළමයෙක් ඉන්නවා.. හරිම හොදයි හිතවත්කම උපරිම..මම එයාට සලකන්නේ මගේම නංගි කෙනෙක් විදිහට.. මේ ළගදි එයාට පිරිමි කෙනෙක් මුණ ගැහිලා තියෙනවා.. පොඩි කාලේ ඉදල දන්නවලු.. අම්ම තාත්ත දෙන්නව ඒ පිරිමි ළමය මුණ ගැහිලා කියල තියෙනවා මේ නංගිට එයා කැමති කියල.. මෙයා හමුදාවේ ඉන්නේ.. බැඳලා දැන් දික්කසාද වෙලා.. පුතෙක් ඉන්නවා.. මම මේ නංගිට කිව්වා කොච්චර දැන ගත්තත් විශ්වාස කරන්න එපා.. පරෙස්සමින් සොයල බලන්න කියලා.. මේ වගේ ලිපි කියවනකොට හරි බය හිතෙනවා.. (බ)

:       0       0

දිනේෂ් Tuesday, 17 November 2015 01:18 PM

මෙවැනි දේවල් වලට ගැහැණු දරුවන් පොළඹවාගෙන ඔවුන් රවට්ටන මේ කතා වල එන අයියාලට දඩුවම විදින්න වෙන්නේ නැද්ද. මේ කිසිම කතාවක ඒ කොටස මම දැකලා නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 314 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 935 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1424 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 219 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 440 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 608 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site