IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


විෂ නයි තිස් පහක් එක්ක නටන තරුණයෙක්

25-page1-S2-5 

 

ගිනස් වාර්තා අටකට හිමිකම් කියන මිය ගිය සිය පියාගේ අඩිපාරේ යන පුතෙකු අපට හමු විය. ඔහුද දක්ෂතා රාශියක් ඇති තරුණයෙකි. විෂ නයි 35ක් සමග විවිධ සෙල්ලම් පෙන්වන අතර එහි සමහර සංදර්ශන සඳහා හීලෑ කර ගත් මුගටියෙකුද යොදා ගනියි. වීදුරු හා ටියුබ් ලයිට් කපා කන ඔහු ගිනි සෙල්ලම් වලටද හපන්කම් ඇති පුද්ගලයෙකි. පුත්තලමේ පදිංච් මොහු නමින් මොහොමඞ් නසීර් මොහොමඞ් රිජාන් නැමැති අවුරුදු 36ක තිදරු පියෙකි.

 


තම එකම පුතණුවන් වන වයස අවුරුදු 14ක් වන මොහොමඞ් රිජාන් මොහොමඞ් රිෂ්නාස් ද අපේ‍්‍රල් නිවාඩු කාලය නිසා පියා සමග නයි සෙල්ලම් පෙන්විමට රට වටා යයි. මොහොමඞ් නසීර් මහතා පවසන අන්දමට මේ කිසිදු නයෙකුගේ විෂ දත් හෝ ඔවුන් සඳහා කිසිදු මත්වීමේ එන්නතක් පාවිච්චි නොකරන බව අප සමග කියා සිටින අතර එසේ කවුරු හෝ අභියෝග කරන්නෙහි නම් ඒ සඳහා තම නයි ලබාදිය හැකි බවට ඔහු පවසයි. මෙම විශේෂත්වය නිසාම මා ඔවුන් කරන ලද දර්ශනයක් ද නරඹා අවසානයේ ඔවුන් හමුවී මෙ පිළිබඳ කථා කරන්නට විය.

 

button අපි ටිකක් කථා කරමු ඔබේ පියා ගැන. පියාගේ නම මොකද්ද?
මොහොමඞ් පරීඞ් නසීර්

25-page1-S2-3


button පියාගේ ගිනස් වාර්තා මොනවාද ?
01. පාපැදියක් පිටුපසට ධාවනය කිරීමේ වාර්තාව.
02. දින තුනක් බොක්සින් බෑග් දෙකකට එක දිගටම අත් දෙකෙන් එක පිට පහරවල් එල්ල කිරීමේ වාර්තාව.
03. නයින් 25ක් සමග දිවා ? දින 8ක් වීදුරු කාමරයක් තුළ සිටීම. (කුසගින්නට පෙති පානය සිදු කර ඇත.*
04. වේගයෙන් පැය 72ක් එක දිගට ඇවිදීම. (දින තුනක්*
05. යාපනයේ සිට හම්බන්තොට දක්වා නොනැවතී පාපැදියක් ධාවනය කිරීම.
06. කොළඹ ගෝල්ෆේස් එකෙහි විදේශික කාන්තාවන් සමග පැය 72ක් එක දිගමට නැටීම (විදේශිකයින්ට පැය 72ක ඇතුළත මාරු විය හැකිය. ඔහුට මාරු විය නොහැකිය.)
07. පැය 72ක් එක දිගටම අත්පොලසන්
ගැසීම.
08. තනිවම පැය 137ක් නැටීම දවස් 7ක්.

 


button පියා ඇයි මෙවැනි දේවල් වලට යොමු වුණේ?
එයා මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක්. මෙයාගේ යාළුවෙක් තමයි ආනන්දන් කියන කෙනා. එයත් මෙවැනි ගිනස් වාර්තා තියන්න උත්සාහ කරපු කෙනෙක්. දවසක් මෙයා යාපනයේ සිට ඉන්දියාවට පීනා ගිනස් වාර්තාවක් තැබීමට උත්සාහ කළා. නමුත් එයාට එම වාර්තාව තියන්න බැරිවුණා. අවසානයේ මියගියා. සෑහෙන දුරක් පීනා ගෙන ගිහින් තමයි මැරුණේ. මෙයාගේ යාළුවෙක් තමයි තාත්තා. ඊට පස්සේ තාත්තා කවුරුත් නොකරන දේවල් කරන්න උත්සාහ කළා. ඒ  ගිනස් වාර්තා තියන අදහසින්.

 


buttonඔබගේ පියා මෙවැනි කටයුතු කරන්න පටන් ගත්තේ කොයි කාලේද?
1983 සිට.

 


button පියා මේවා කරනවාට පවුලේ අනික් අය කැමති වුණාද?
කොහොමත් මේ වාගේ දේවල් කරනවාට කවුරුත් කැමැති නැහැනේ. ඒ නිසා පියාටත් අම්මාගෙන් වාගේම එයාගේ අම්මලා තාත්තලාගෙත් විරෝධය තිබුණා.

 


button ඇයි මේ තරම් විරෝධයක් තියෙද්දි මෙවැනි දේවල් වලට පියා යොමු වුණේ ?
ඒක තාත්තාගේ කැමැත්ත. පියා දවසක් කිව්වා මතකයි මේ වාගේ දේවල් කවුරුත් කරන්න පෙළඹෙන්නේ නැති නිසා එයාට කරන්න හිතුණා කියලා.

 


button පියා නයි අල්ලාගෙන ඒ සතුන් සමග සෙල්ලම් ඉදිරිපත් කරන්න යොමු වුණේ ඇයි?
තාත්තා මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකු ලෙස වැඩ කළ නිසා එයා ඒ දවස් වල දැකලා තියනවා කුකුල් ගොවිපළවල් වලට එන නයි. ඊට පස්සේ තමයි එයා මේ සත්තු අල්ලලා මොනවා හරි දෙයක් කරන්න  ඕනෑ කියලා හිතලා තියෙන්නේ.

 

button එතකොට පියාගේ අඩි පාරේ යන පුතණුවන් වන ඔබත් මේ සතුන් සමග සෙල්ලම් කරන්නේ විෂ දත් ගලවලාද ?
අපොයි නැහැ. උන්ගේ විෂ ඒ විදිහටම තියෙද්දි  අපි උන් එක්ක සෙල්ලම් කරනවා. ඒක තමයි අපේ තියන විශේෂත්වය. දළ ගලවලා විෂ අයින් කරලා  ඕනෑම සෙල්ලමක් දාන්න පුළුවන්  වුණත් මේ කිසිම නයෙක් එහෙම කරලා නැහැ.


මොහොමඞ් නසීර් විසින් පියා පිළිබඳ මතකය එසේ අවදි කළ අතර ඔහු එක් අවස්ථාවකදි මඳක් නිහඬ වී යමක් ප‍්‍රකාශ කරන්නට විය. ඒ සිද්ධිය වන්නේ තම සොයුරාගේ මරණයයි. ඔහු මියගොස් ඇත්තේ නයෙකු දෂ්ඨ කිරීමෙන් පසුව වන අතර ඔහුව බේරා ගැනීමට නොහැකි වි ඇත්තේ සර්පයෙකු දෂ්ඨ කිරීමට නුසුදුසු වේලාවක මෙම දෂ්ඨ කිරීම සිදුකර තිබීම නිසාවෙනි. මෙසේ දිවි අහිමි වන විට සොහොයුරාට වයස අවුරුදු 32කි. ඔහු මොහොමඞ් නසීර් මොහොමඞ් පර්සාන්ය. ඔහුද මෙම ක‍්‍රීඩා කටයුතුවල දක්ෂ පුද්ගලයෙකි. මොහොමඞ් පර්සාන් මිය යන විට ඔහුට නයි 44ක් සිට ඇත. ඔහුගේ වියෝවෙන් ඒ පිළිබඳ කල්පනාවෙන් හා දුකෙන් පසු වු පියා මිය ගොස් ඇත. පියා මිය යන විට ඔහුගේ වයස අවුරුදු 56 කි.   

 


button ඔබගේ පියාත් අකාලයේ මියගියා. සොහොයුරාත් මියගියා. මෙවැනි තත්ත්වයක් තිබියදීත් ඔබත් මෙ බිහිසුණු කටයුතු වල නිරත වන්නේ ඇයි ? මේක ඔබේ වෘත්තියද?
‘‘බය නැතිව ඉන්න  ඕනෑ’’ ඒකයි මහත්තයෝ එකම පිළිතුර. මම මේක කරන්නේ වෘත්තියක් වශයෙන් නෙවෙයි. මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. රෙදි වෙළෙන්දෙක්. මම ඉන්දියාවට ගිහින් රෙදි ගෙනල්ලා ලංකාවේ වෙළඳාම් කරලා අදායම් සොයා ගන්නවා. මම මේ වෘත්තිය කරන්නේ ජනතාව සතුටු කරන්න.


මේ වාගේ දේවල් කවුරුත් කරන්නේ නැහැනේ. ඊටත් සල්ලි හොයන අදහසින් නෙවෙයි. මේ හොයන සල්ලි වලින් කොටසක් අනාථ කඳවුරුවලටත් දුප්පත් අසරණ අයටත් දෙනවා. පසුගිය දවසක කූරුණෑගල, පිදුරුවැල්ල පන්සලේ මේ වාගේ ෂෝ එකක් කරලා ලක්ෂ දෙකක මුදලක් අපි පන්සලට දුන්නා. මේ ෂෝ එක කරන්න කලිනුත් අපි ප‍්‍රදේශයේ දුප්පත් ළමුන් තුන්දෙනෙක් තෝරාගෙන එයාලට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් කරනවා. මේ විදිහට තමයි අපේ රස්සාව කරගෙන යන්නේ. ඒක අපි සෑම තැනම ෂෝ එකක් කරන්න කලින් කරන දෙයක්.

dh

 

 

button ඔබ නයි 35ක් එක්ක විතරයිද මෙවැනි සෙල්ලම් ඉදිරිපත් කරන්නේ?
අපොයි නැහැ. නයි ගොඩාක් ඉන්නවා නම් කැමැතියි. අදත් අපි නයෙක් ඇල්ලූවා. දැන් අපිට 36 ක් ඉන්නවා. ඒ විදිහට යන එන තැන් වලින් නයි අල්ලා ගැනීම සිදු කරනවා.

 


button ඔබ මේ සර්පයන් සමග කරන සෙල්ලම් වලට අමතරව කරන වෙනත් ඉදිරිපත් කිරීම් හෙම තියනවාද?
ඔව්, මම ටියුබ් ලයිට් 6ක් පමණ සපා කෑම සිදු කරනවා. ඊට අමතරව ගිනි සෙල්ලම් රාශියක් ඉදිරිපත් කරන අතර මැජික් සංදර්ශන පැවැත්වීම සිදු කරනවා. මේ සංදර්ශනයේදී අපි ගීත කිහිපයක් සඳහා නර්ථන අංග කිහිපයකුත් පේ‍්‍රක්ෂකයන්ට ඉදිරිපත් කරනවා. සමහර ඒවා සඳහා නයින් කිහිප දෙනෙකුත් උපයෝගි කර ගැනීම සිදුකරයි.

 

m



අදහස් (0)

විෂ නයි තිස් පහක් එක්ක නටන තරුණයෙක්

මධූ Saturday, 02 May 2015 07:47 AM

නියමයි (නි)

:       0       0

ප්‍රියානි Monday, 04 May 2015 08:03 PM

සුබ අනාගතයකට සුබ පැතුම්! (නි)

:       0       0

නාලනී Thursday, 30 April 2015 01:49 PM

දකිනකොටත් ඇඟ හිරිවැටෙනවා (නි)

:       0       0

සජිත් Sunday, 03 May 2015 05:32 AM

ඉස්සර මොහුගේ තාත්තා අපේ පාසලේ ඔය සංදර්ශනේ කරලා තියනවා මට තාම මතකයි. (ර)

:       0       0

ලසිත් Tuesday, 05 May 2015 06:24 AM

පිස්සු නැත්නම් ශෝක් කිවුවලු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 186 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 137 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 64 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 157 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 80 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 624 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 613 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site