IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


වෙසක් සඳෙන් සිසිල් වූ ශ්‍රී ලංකාවේ ජන හදවත්

සසර දුක නසන මග ලොවට දේශනා කළ උතුම් බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය සිහිපත් කරන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය එළැඹුණි. ආගමික සහජීවනය ජීවමාන යථාර්ථයක් බවට පත් කරමින් අසිරිමත් වෙසක් මංගල්‍යය වෙනුවෙන් සෑම නිවෙසකම පහන් දැල්විණි. සියල්ලෝම ආධ්‍යාත්මිකව ඒකාන්ත වෙමින් වෙසක් මංගල්‍යය සැමරීම ඉක්මයන මේ පැයට අදාළව අතිශයින්ම වැදගත්ය.

බුදුන් පහස ලද පුණ්‍ය භූමියක් වන මෙරට පන්දහසක් කල් සස්න රක්නා රට ලෙස උතුම් බුදුරජාණන් වහන්සේගේ පින් සිරි බර බුදු මුව කමලින්ම නියත විවරණ ලද මෙරට ථෙරවාද බුදු දහමේ පරමාදර්ශී රටය. එහෙයින්ම දුරාතීතයේ සිටම මෙරට ජනයා අසිරිමත් වෙසක් මංගල්‍යය උත්සවශ්‍රීයෙන් සැමරූහ. මුළු රටම එකම වෙසක් කලාපයක් බවට පත්විය. බොදුනු ජනයා පමණක් නොව නොබොදුනු ජනයා ද රටේ ප්‍රධාන ජාතික ආගමික පුණ්‍යොත්සවයට එක් වූහ.

එහෙත් මෙවර වෙසක් උත්සවය සිත් පුරාම විඳගැනීමේ වරම අහිමි විය. ඒ ආගමික උමතුවකින් යුත් පාපතර ත්‍රස්තයන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතු කරගෙනය. මේ ආගමික උමතුව අප රටට පමණක් නොව මුළු ලෝකයටම බලවත් තර්ජනයක් වී තිබේ. ලොව කිසිදු රටකට එම සැහැසි ග්‍රහණයෙන් මිදුණු ගමනක් නැත. මුළු ලෝකයටම එක්සත්ව මෙම බිහිසුණු තර්ජනයට නොවරදින විසඳුමක් සොයා ගැනීමට සිදුවී තිබේ. ආගමික උමතුවකින් යුත් මරාගෙන මැරෙන ත්‍රස්තයන්ගේ තර්ජනය තුරන් කරන විසඳුම සැඟවී ඇත්තේ කොතනදැයි එළැඹගත් සිහියෙන් යුතුව වැඩිය යුතු භාවනා කමටහනකි.

බුදුන් වහන්සේ ලොව පහළ වූ ක්‍රිස්තු පූර්ව සියවසේ භාරතයේ ආගමික දර්ශන 62ක් තිබිණි. ඒ සෑම ආගමික දර්ශනයකම අරමුණ වූයේ මිනිසාට විමුක්තිය අත්පත් කරදීමය. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ද විමුක්තිය හෙවත් ලොව පරම සත්‍යය කුමක්දැයි සෙවූහ. එහිදී උන්වහන්සේ අවබෝධ කරගත්තේ පෙර කී ආගමික දර්ශන හැට දෙකම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි බවය. එම කොටස් දෙක නම් කාමසුඛල්ලිකානු යෝගය හා අත්තකිලමතානු යෝගය වේ.

සිරුරට අධික ලෙස සැප දීමෙන් විමුක්තිය සලසාගත හැකි බව අවධාරණය කළ කාමසුඛල්ලිකානු යෝගයත්, සිරුරට අධික ලෙස දුක්දීමෙන් විමුක්තිය අත්පත් කරගත හැකි යැයි ඉගැන්වූ අත්තකිලමතානු යෝගයත් අන්තවාද දෙයක් ලෙස අවබෝධ කරගත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඒ අන්තවාද දෙකම හැරපියා මධ්‍යම ප්‍රතිපදාවට හෙවත් මැදුම් පිළිවෙතට පිවිසියහ. වෙසක් පුර පසළොස්වක පොහොයදා සව් කෙලෙස් මුලිනුපුටා දමා උතුම් බුද්ධත්වය උන්වහන්සේ අවබෝධ කරගනු ලැබුවේ ඒ මැදුම් පිළිවෙතේ පිහිටාය.

අන්තවාදය නිසරු බවත්, එයින් අත්පත් කරගත හැකි විමුක්තියක් නොමැති බවත්, අන්තවාදයෙන් විමුක්තිය අත්පත් කරගත හැකි යැයි යමකු සිතන්නේ නම් එය මිථ්‍යාවක් බවත් බුදුරාජාණන් වහන්සේ ලොවට දේශනා කළේ ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවස තරම් වූ දුරාතීතයේදීය. ඒ විශ්වාන්තරවාදී දහම හැඳින්වෙන්නේ සනාතන දහමක් ලෙසය. එනම් අතීතය, වර්තමානය හා අනාගතය යන කාලත්‍රයටම  ගැළැපෙන සසඳාගත හැකි දහමක් බවය. අන්තවාදී පාපතරයන්ගේ සැහැසි ග්‍රහණයට මුළු ලොවම හසුවී තිබෙන මොහොතක ඒ බුදුරජාණන් වහන්සේ වදාළ මැදුම් පිළිවෙත කෙතරම් අර්ථ පූර්ණ ද යන්න ඉතාම පැහැදිලිය.

බුදු දහම නොපෙනෙන ශාස්තෘවරයකු හෝ දෙවියකු පිළිබඳව සඳහන් නොකරයි. ලෝකය දුකෙන් පිරි සත් බවත් ඒ දුකෙන් මිදී සදාකාලික සුවයක් අත්පත් කරගත හැකි බවත් දේශනා කරයි. ඒ දුක නැති කිරීමේ මාර්ගයක් ඇති බවත් එය මැදුම් පිළිවෙත බවත් පෙන්වා දෙයි. ඒ මාවතේ ගමන් කළ යුත්තේ තමන් බවත් විමුක්තිය උදාකරගත හැක්කේ තමන්ට පමණක් බවත් දේශනා කරයි.

 එසේ නම් එහි අන්තර්ගතව ඇත්තේ විශ්වීය මානුෂික ශක්තියකි. ඒ මානුෂික ශක්තියෙන් හෙබි මිනිසා කිසිවක් විශ්වාස නොකරයි. ඒ වෙනුවට සියල්ල අවබෝධ කර ගනී. ‘බෞද්ධයා’ යන වචනයෙහි අරුත වන්නේ ද අවබෝධය යන්නයි. ඒ බුදු දහම ‘ඒහි පස්සික’ ගුණයෙන් හෙවත් ‘ඒව බලව!’ යන ගුණයෙන් පිරිසුදුය. ඒ බුදු දහම පිළිගන්නා බෞද්ධයාට වීමංසන නිදහස හෙවත් සිතීමේ නිදහස ඇත. ආධ්‍යාත්මික ශක්තිය පුබුදුවන මහා ජීව ගුණයකින් බුදු දහම පොහොසත්ය.

අද ඇවැසිව ඇත්තේ ඒ ගැඹුරු බුදු දහම නිවැරැදිව පසක් කරගනිමින් එය තම ජීවන දර්ශනය, ජීවන විලාසය හා ජීවන විලාසිතාව බවට පත්කර ගැනීමය. ඕනෑම ගැටලුවක් සරලව අංශුවට කඩා විග්‍රහ කර ගැනීමේ ප්‍රඥාව පහළවන්නේ එවිටය. උමතුව, ආගමික අන්තවාදයට නිවැරැදි විසඳුම තිබෙන්නේ ද ඒ ප්‍රඥාව තුළමය.  



අදහස් (1)

වෙසක් සඳෙන් සිසිල් වූ ශ්‍රී ලංකාවේ ජන හදවත්

ලුම්බිණි Saturday, 25 May 2019 11:59 AM

"අද ඇවැසිව ඇත්තේ ඒ ගැඹුරු බුදු දහම නිවැරැදිව පසක් කරගනිමින් එය තම ජීවන දර්ශනය, ජීවන විලාසය හා ජීවන විලාසිතාව බවට පත්කර ගැනීමයි"'. මේක නැති එක නේද ප්‍රශ්නය? ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 91 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 66 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 500 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 247 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 140 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 181 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 79 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 420 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 918 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site