ඔස්ටින් ප්‍රනාන්දු මහතා
නිසි පරිදි කටයුතු කරන්නට අසමත් යයි දොස් කියමින් විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයට (මින් පෙර විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට) බොහෝ විවේචන එල්ලවී ඇත. අහම්බයකින් හෝ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සාර්ථකව ඉටු කළ දේ ගැන වැඩි කතාබහට ලක්වී නැත. එය හිතාමතාම කළ දෙයක් නොව, ඒ කටයුතු සිදුවෙන හැටියි.
උදාහරණයක් දක්වතොත් වර්තාමනයේ ජී.එස්.පී. - ප්ලස් (GSP+) සහනය ඉවත් කිරීමට ඇති තර්ජන සහ 2021 මාර්තුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ විසඳුම් යෝජනාවලට එරෙහිව චෝදනා එල්ල වේ. ඉන් පෙර පවා යහපාලන රජය යටතේ 2015 එ.ජා. මානව හිමිකම් කමිටුවේ විසඳුම් යෝජනාවලට සම අනුග්‍රහය දැක්වීම ගැන විවේචන එල්ල වෙනු අපට ඇසිණි.
මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව, (2009-2013) එ.ජා. මානව හිමිකම් කමිටුවේ විසඳුම් යෝජනාවලට අදාළව කටයුතු කළ ආකාරය ගැන GSP+ සහනය ඉවත් කිරීම් ගැන විවේචනවලට මුහුණ දුන්නේය. ග්ලැඩ්ස්ටන් ට අදාළ සිද්ධිය ගැන ඇතැම්මු ප්‍රේමදාසට හොඳ කීවෝය. ඇතැම්හු දොස් කීවෝය. ෆෝක්ලන්ඩ් යුද්ධයට අදාළ කාරණාවල දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට එරෙහිව චෝදනා එල්ල විය. දේශපාලන වශයෙන් බැලූ විට සෑම ආණ්ඩුවක්ම යම් යම් තරමින් චෝදනාවලට මුහුණ දී ඇත.
විදේශ කටයුතු සඳහා ව්‍යවස්ථාපිත බලය පැවරීම
විදේශ අමාත්‍යාංශයේ / විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ මෙහෙයුම් කටයුතු දෙස ව්‍යවස්ථාව දෙස ප්‍රිස්මයෙන් බලා විග්‍රහකර ගැනීම මෙහි දී වැදගත්ය. විදේශ කටයුතු සඳහා බලය පැවරෙන ආකාරය නැතහොත් බලය ගලා එන ආකාරය පළමුවෙන්ම විමසා බලමු. ශ්‍රී ලංකා ව්‍යවස්ථාවට, 13 වැනි සංශෝධනය හඳුන්වා දෙනතුරුම පැවතුණේ මධ්‍යගත ස්වභාවයකි. 13 වැනි සංශෝධනයෙන් විමධ්‍යගත කරණයත්, ප්‍රතිව්‍යුහගත පරිපාලනයත් හඳුන්වා දෙනු ලැබීය. එයින් රජයේ ක්‍රියාදාමවල සීමා මායිම් තීරණය කරනු ලැබුවේය. ඒ අනුව විදේශ කටයුතුවලට අදාළ කාර්ය ලැයිස්තුව පහත පරිදිය.
(අ) විදේශ කටයුතු:- ඕනෑම විදේශ රටක් සමග ශ්‍රී ලංකා රජය පවත්වන සියලු කාරණා කටයුතු මීට අයත්ය.
(ආ) රාජ්‍ය තාන්ත්‍රික (කොන්සල්) සම්බන්ධතා සහ වාණිජ කටයුතු නියෝජනය.
(ඇ) එක්සත් ජාතීන්ගේ සංවිධානය
ඈ) අන්තර්ජාතික සමුළුවලට, සම්මුතිවලට හා වෙළඳ මණ්ඩලවලට සහභාගීවීම සහ ඒවායේ දී එළඹෙන තීරණ ක්‍රියාත්මක කිරීම
(ඉ) විදේශ රටවල් සමග සම්මුති සහ ගිවිසුම් හා සන්ධානවලට එළඹීම හා එම සමගි සන්ධාන ගිවිසුම් හා සම්මුති ක්‍රියාත්මක කිරීම
(ඊ) යුද්ධය හා සාමය
(උ) විදේශ අධිකරණ බලය
ඉහත (අ) හි ‘‘සිලුම කාරණා කටයුතු’’ සහ ‘‘ඕනෑම විදේශ රටක්’’ යන පදවල අර්ථ දැක්වෙන දේ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී වැදගත් වේ. ව්‍යවස්ථාවේ අරමුණු මුදුන්පත් කරගන්නට නම් විදේශ සබඳතා අමාත්‍යාංශය සහ අනෙකුත් දේශපාලන හා පරිපාලනමය බලධාරීනුත්, ව්‍යවස්ථාවෙන් පැවරුණු මෙකී බලයට අනුගත විය යුතුය.
පසුගිය දශක දෙකේ අත්දැකීම්වලින් පෙනී යනුයේ මෙකී දෙපදයන්ට අදාළ කරුණුවලට අනුගතවීම සිදුවන්නේ කලාතුරකින් බවයි. ඉහළ දේශපාලන බලධාරීන් මෙම පද දෙකේ අර්ථය නොසලකා හැර තිබේ. මෙකී අනුගත නොවීමට එරෙහිව මහජනයා වෙතින් හඬක් නැගෙනු අප කිසිවිට දැක නැත. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයෙන් පවා නාම මාත්‍රික වශයෙන් හෝ ඊට විරෝධතාවක් එල්ලවී නැති බව පෙනේ. පූර්වගාමීන් ඊට විරෝධයක් නොදැක්වූ විට සාමාන්‍යයෙන් ඉඳහිට හෝ දේශපාලනමය වශයෙන් ඊට විරෝධයක් පැන නොනැගීම සාමාන්‍ය සිරිතයි.
උදාහරණයකට ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළ විට, ඉන්දීය සාමසාධක හමුදාවට මෙරටට එන්නට ආරාධනා කළ විට, එ.ජා. මානව හිමිකම් කොමිසමේ විසඳුම් යෝජනාවලට සම අනුග්‍රහකත්වය ලබාදෙන විට එවැනි විරෝධතා පැන නැගීම දැක්විය හැකිය. මේවා අන්තර්ජාතික සම්බන්ධතාවලට අයත් දේය. එහෙත් එවැනි දේ ක්‍රියාත්මක කිරීමට පෙර ඊට උනන්දුව දක්වන පාර්ශව සමග සාකච්ඡා කිරීමත් සිදු නොවූ තරම්ය. (අ), (ඈ) සහ විශේෂයෙන් (ඉ) යන බලය පැවරුම් දෙස බැලූවිට, ඒ සම්බන්ධ අදහස් විමසා බලා පුළුල් ප්‍රචාරයක් දීමේ කාර්යභාරයක් විදේශ අමාත්‍යාංශයට පැවරී තිබුණ බව පෙනී යයි.
විශේෂයෙන් (ඇ) යන පැවරුම සම්බන්ධයෙන් විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයට දැඩි වගකීමක් පැවරී තිබේ. මෑතක දී එකී (ඇ) හෙවත් එජා සංවිධානය සම්බන්ධයෙන් විවේචන එල්ල වූයේ, මානව හිමිකම්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, අතුරුදන්වීම්, සංහිඳියාව, සරණාගතයන් සහ කොරෝනා වසංගතයට ගොදුරු වූවන් නැවත ගෙන්වා ගැනීම යන කාරණා සම්බන්ධයෙනි. මේවා මෙරට දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සංකීර්ණ ලෙස බැඳුණු කාරණාය.
13 වැනි සංශෝධනය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වූ දෙවැනි ලැයිස්තුවට අදාළ නියමයන් වඩාත් දීර්ඝය. තානාපතිවරයකු ලෙස මා සේවය කළ කෙටි කාලය තුළ දී ලත් අත්දැකීම් කිහිපයක් මගේ මතකයට නැඟේ. (තවත් බොහෝ අත්දැකීම් මා ලබා ඇත).
මෑත කාලීන විදේශ සම්බන්ධතා අත්දැකීම්
පසු විපරම් කිරීම්, ගිවිසුම්, සම්මුතීන්, ප්‍රඥප්ති සහ දූත මෙහෙවර රැස්වීම් විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයෙන් ඉටු වෙතැයි අපේක්ෂා කෙරේ. විදේශ දූත මෙහෙවරේදී අදාළ සියලු පාර්ශව සම්බන්ධීකරණය කිරීම, එළඹෙන තීරණ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම ද එහිදී සිදුවිය යුතුය.
සැබවින්ම මේ දේවල් සිදුවේ ද? ඔව් ඒවා සිදුවේ. එහෙත් ඒවා සිදුවන්නේ කඩින්කඩය. අඩපණවය. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ තොරතුරු හුවමාරුවේ හා කළමනාකරණයේ බිඳ වැටීම ප්‍රදර්ශනය වූ එක් අවස්ථාවකට උදාහරණයක් මෙහි දී දැක්විය හැකිය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා ඉන්දියානු බලධාරීන් අතර ඇතිවූ සාකච්ඡාවල වාර්තා විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටියේ ඒවා චිරාගත සම්ප්‍රදායෙන් බාහිරව සිදුවූ සාකච්ඡා බව දැන දැනමය. ඊට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ හවුල් වීමක් නොතිබි බව ද විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය දැන සිටියේය. ඇත්තෙන්ම සිදුවිය යුතුව තිබුණේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අමාත්‍යාංශයෙන් එම වාර්තා ඉල්ලා සිටීමයි.
මීටත් වඩා බරපතළ කාරණය වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා ඉන්දියානු බලධාරීන් අතර සාකච්ඡාවලින් අනතුරුව ගත් තීරණ මන්දගාමීව ක්‍රියාත්මක කළ ආකාරයයි. ජනාධිපතිවරයාගේ සංචාරයෙන් පසු මා මෙරටට කැඳවා දින 40 ක් ගතවන තුරු එම සංචාරය පිළිබඳ කිසිඳු පසු විපරමක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට නොලැබිණි. එයින් ප්‍රදර්ශනය වූයේ අගමැති මෝදිට ගරුකරන ආකාරය සහ ඉන්දියාව වෙත දක්වන උනන්දුවේ තරම ද? එම සංචාරයේ ප්‍රතිඵලය එයද? නැතිනම් එයින් ප්‍රදර්ශනය වූයේ අමාත්‍යාංශ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවලට අනුගතවන තරම ද? ඉන්දියානුවෝ සංවේදී වූ නුවණින් යුක්ත වූවෝය.
මෝදි ඩොලර් මිලියන 450 ක් ණයට දෙන්නට සූදානම් වූ කල, ඉන්දියාව එම සාකච්ඡා සඳහා පූර්ණ සහයෝගය දක්වන තත්ත්වයක් තුළ, ශ්‍රී ලංකාව ශීඝ්‍ර සංවර්ධන මාවතකට අවතීර්ණ වී සිටිය දී, විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය තුළින් එකී හදිසිය හෝ කඩිමුඩිය ප්‍රදර්ශනය නොවූයේය. මෙම ප්‍රතිඥාවේ පටන්ම ඉන්දියානු ව්‍යාපෘති පිළිබඳව මහජනයා දැනුවත්වීම අඩු වීමෙන්ම ඒ බව පෙනේ. ශීඝ්‍ර සංවර්ධනය කරා යන මාවත යොමුව ඇති දිසාව පෙන්වන නිර්ණයක මේවාය.
කෙසේ වුවද, ද්විපාර්ශවික සැලකිල්ලක් දිල්ලියේ මහ කොමසාරිස් කාර්යාලයෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හෝ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයෙන් නොපෙන් වූ විට එකී දූත මෙහෙවරට අදාළ පසු විපරමක් ද සිදු වූයේ නැත.
ජනාධිපතිතුමාගේ ඉන්දීය සාකච්ඡාවලට සහභාගී නොවූ තත්ත්වයක් තුළ පසු විපරම් කළ යුතු දෑ පිළිබඳ දැනුමක් දූත මෙහෙවරේ යෙදෙන අයට ඉබේ ලැබෙන්නේ නැත. ඒ කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මෝදි දුන් ප්‍රතිඥාවල ප්‍රතිඵලය පුරවැසියන් දැනගත යුතුය. අලුත් ව්‍යාපෘති ගැන තොරතුරු හෝ, ශ්‍රී ලංකාව ඉහත කී ප්‍රතිඥා පිළිගත්තේද යන්න ගැන හෝ අපට දැන ගන්නට ලැබුණේ නැත. සංචාරයෙන් මාස විස්සක් ගෙවුණු පසු හෝ, සමීපම අසල්වැසියා, හිත මිතුරා වූ ඉන්දියාව සමග ජනාධිපතිවරයා ගොඩනැඟූ සම්බන්ධතා මේ ප්‍රතිඵලය අපේක්ෂා වූ ආකාරයට චීන සම්බන්ධතා පිළිබඳව ඉන්දියාව සැක කරන තත්ත්වයක් තුළ මෙසේ සිදුවී තිබේ.
විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයට ව්‍යවස්ථාවෙන් එවැනි විවරණයක් හා තොරතුරු ප්‍රචලිත කිරීමට බලතල පැවරී තිබේ.
චීන ව්‍යාපෘති ඉතාමත් වේගයෙන් සිදුවනු දකින ඉන්දියානුවන් මෝදි දුන් ප්‍රතිඥා කුණු කූඩයට දමා ප්‍රමුඛතාව වෙනතකට යොමුවී ඇතැයි මවිත වී බලා හිඳිනු ඇත. මේවා ඉන්දියානුවන් හට ආරක්‍ෂක හා දේශපාලන අර්ථකථන දෙන්නට තුඩු දෙන කාරණා වේ.
මා දන්නා තරමින් සෝලා Alliance හි ඩොලර් මිලියන 100 ක් පිරිනැමුණු, සූර්ය බලශක්ති ව්‍යාපෘතිය පමණක් ක්‍රියාත්මක වී තිබේ. ඒ හා සමගාමීව ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගීතාව ඇතිව, යාපනයේ දූපත්වල සූර්ය බලශක්ති ව්‍යාපෘති සහ වෙනත් මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති ද, තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත් කිරීම ද මෝදි ගේ ප්‍රතිඥා වලින් පසුව ඇරඹී තිබේ. ඒවා ක්‍රියාත්මක කරනුයේ චීන සමාගම් විසිනි. චීන බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉන්දියාවේ කනස්සල්ල යාපන දූපත්වල සෝලා සන්ධාන (Alliance) ව්‍යාපෘති භාවිතා කළහොත් පහසුවෙන් තුලිත කරගත හැකිවේ. (මෙම ප්‍රමාදයට යහපාලන රජය ද වගකිව යුතුය) අපගේ වෙරළ තීර ඉන්දියාවට අයත් ඩ්‍රෝන යන්ත්‍ර මගින් පරීක්‍ෂා කිරීම ද අවශ්‍ය නොවනු ඇත. සංසන්ධනය කර බැලීම පිණීස ඉන්දියාව සම්බන්ධයෙන් අත්දැකීමක් මම උපුටා දක්වමි. මාලදිවයිනට ඩොලර් බිලියන 1.4 ක සහනාධාරයක් ප්‍රදානය කොට ඉන්දියාව 530953 ක ජන ගහනයක් පවතින මාලදිවයින වෙත අවධානය යොමු කළේය. ඩොලර් මිලියන 100 කින් යුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් අඩංගු ඩොලර් මිලියන 400ක ණය ආධාරයක් ඒ අනුව මාලදිවයිනට ලබා දුනි. මාලදිවයිනට සංචරණ කටයුතු උදෙසා ගුවන් බුබුලක් නිර්මාණය කිරීමටත් දෙරට අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා පාරු සේවයක් ආරම්භ කිරීම ඒ අනුව නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයි ශංකර් නිවේදනය කළේය. එවැනි සම්බන්ධතාවක් ගොඩ නැගීමට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාට හේතු වූයේ, චීනය සමග මාලදිවයින පැවැත්වූ සම්බන්ධතාවන්ය. ව්‍යාකූලත්වයට පත්වූ ඉන්දියාව එම ප්‍රදානයන් පිරිනමන්නට පෙළඹී තිබේ. ඉන්දියාවට එකී කැක්කුම අප සම්බන්ධයෙන් ද තිබෙන්නට පිළිවන.
ඒ හා සමාන ඉන්දියානු ප්‍රතිචාර දෙස අප අන්ත අමාරුවේ වැටී සිටින විට ද නොබලන්නේ නම් ඒ මන්දැයි පුදුම සිතේ.
අපේ රජය ඉල්ලා සිටි ඩොලර් 1000 ක ණය මුදල ඉන්දියාව ප්‍රමාද කරන විට, ඉන්දීය මාලදිවයින් සබඳතා පුළුල් වෙද්දී, එසේ වන්නේ මන්දැයි යමකු අසන්නට පිළිවන. දිල්ලියේදී ජනාධිපති රාජපක්‍ෂ පවත්වාගන්නට ප්‍රතිඥා දුන් ඉහළ මට්ටමේ ද්විපාර්ශවික සබඳතාව පවත්වා ගන්නට අපි අසමත් වූයෙමු ද?
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඉන්දියාවට ගිය විට අගමැති මෝදි ඩොලර් මිලියන 450 ක් දෙන්නට පොරොන්දු වූයේය. මින් පෙර සිටි අපේ ජනාධිපතිවරුන් ඉන්දියාවට ගිය විට එවැනි ත්‍යාගශීලී බවක් මෝදි පෙන්වූයේ නැත. එවැනි ත්‍යාගශීලීත්වයක් මෝදි මාලදිවයින ජනාධිපතිට ඩොලර් බිලියන 1.4 ක් පිරිනමා දැක්වූයේය. එසේම භූතාන අගමැතිවරයාට පළමු සංචාරයේදීම රුපියල් කෝටි 4500 ක් ඔහු ලබා දුන්නේය. ජනාධිපති රාජපක්‍ෂ මෙරට ඉන්දියාව සමග පවත්වන ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉහළම මට්ටමින් පවත්වා ගෙන යන්නට ප්‍රතිඥා දුන්නේ ඒ නිසා විය හැකිය. ඔහුගේ උත්සාහයේ ප්‍රතිඵල බුක්ති විඳින්නට ලැබී දැයි මට සැක සිතේ.
තමන් වෙත පැවරුණු බලතල අනුව ක්‍රියාත්මක නොවීම ගැන විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය වගකිව යුතු නොවේ ද?
අප නැගෙනහිර බහාලුම් පර්යන්තය, ත්‍රිකුණාමලය තෙල් ටැංකි ව්‍යාපෘතිය, මත්තල ව්‍යාපෘති ආදිය ගැන ඉන්දියාව සමග හෙට්ටු කරමින් ඉන්නා විට මාලදිවයින වාසි අත්පත් කරගෙන තිබේ. සමහරවිට මාලදිවයින ඉන්දීය ව්‍යාපෘති යෝජනා පිළිගන්නට ඇත. ඉන්දියාව ඉල්ලා සිටින සෑම ව්‍යාපෘති යෝජනාවක්ම පිළිගත යුතු යැයි මම නොකියමි. එසේ කිරීම අවශ්‍ය නැත. එහෙත් ආර්ථික වශයෙන් ඉන්දීය වෙළෙඳපොළ පවතින ස්ථානය සලකා බලා අප කොළඹ වරාය නගරය තෝරා ගත්තාක් මෙන් මධ්‍යස්ථ ස්ථානයක් තෝරා ගැනීම වැදගත්ය. බටහිර බහාලුම් පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාකච්ඡා ආරම්භ වීම ධනාත්මක ප්‍රතිචාරයකි.
ඉන්දියානු අසල්වැසි රාජ්‍යයන්ට ඉන්දියාව වාර්ෂිකව ලබාදෙන ආධාර ලෙස 2020 දී රුපියල් කෝටි 2802 ක් නේපාලයට ලැබීම දෙස සංසන්දනාත්මකව බැලිය හැකිය. නේපාලයට මෙම ආධාරය ලැබෙන්නේ කලාපීය දේශසීමා ගැටුම තිබියදීමය. ඒ අතර දශක දෙකක් කරා ශ්‍රී ලංකාව ලබා ඇත්තේ ඉන්දීය රුපියල් 2317 ක් පමණකි. ජනාධිපති රාජපක්‍ෂ දිල්ලියට යාමට දින කිහිපයකට පෙර, විදේශ අමාත්‍යාංශයේ කිසිදු පෙළඹීමක් නොමැතිව, ශ්‍රී ලංකාව ලැබූ ආධාර හා අසල්වැසි රටවලට දෙන ආධාර පිළිබඳව මම ඉන්දීය බලධාරීන්ට තතු මතක් කළෙමි. එවිට අපට සහයෝගය දිය යුතු බව ඉන්දියානුවෝ ඒත්තු ගත්හ. ඇතැම්විට ඩොලර් මිලියන 450 ක් දෙන්නට තීරණය කළේ ඒ ගැන සිතා බලා විය හැකිය. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය හේතු සාධක අධ්‍යයනය කොට ඉන්දියානුවන් ආකර්ෂණය කර ගැනීමට අදාළව ක්‍රියා කළ යුතුය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ ඉල්ලීම පරිදි ඩො.මි. 400 ක (Swap) හුවමාරු ණයක් ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට මහකොමසාරිස් කාර්යාලය මැදිහත් විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉල්ලීම ඉටුවිය.
මූල්‍ය විශුද්ධිකරණ සම්බන්ධයෙන් මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධක බලකායේ අළු ලැයිස්තුවට ඇතුළත් වීමෙන් ශ්‍රී ලංකාව වළකා ගන්නට මහ කොමසාරිස් කාර්යාලය මැදිහත් විය. ශ්‍රී ලංකා මහ බැංකුවට එහිදී සාර්ථකත්වය අත්වූයේ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ උනන්දුව නිසා නොව මහ බැංකු අධිපති කුමාරස්වාමීගේ පෞද්ගලික වූ මිත්‍රශීලී ඉල්ලීම නිසාය. එවැනි මැදිහත් වීම් උදෙසා ඉහත සඳහන් (අ) සහ (ඉ) යන කාරණ අනුව බලය පවරා තිබුණත් එම ප්‍රතිපාදන භාවිත නොකළ තරම්ය.
ඉන්දියානුවන් පසු විපරම් කාර්යය කරන ආකාරය ගැන අග්‍රාමාත්‍ය මෝදි ඇසුරින් ඉගෙන ගත් පාඩමක් දක්වනු කැමැත්තෙමි. 2018 දී මාලදිවයිනේ සිට ආපසු එන අතරතුර ඔහු කොළඹ නතර වී 2017 අවබෝධතා ගිවිසුම ගැන සාකච්ඡා කරන්නට යොමු වූයේය. ඔහු විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම් දිනේෂ් පැට්නායිගේ නායකත්වය යටතේ වූ නිලධාරීන් කිහිපදෙනකු කොළඹ බලධාරීන් හමුවට එවූයේය. මා දන්නා තරමින් විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ දිල්ලි මහ කොමසාරිස් කාර්යාලය එහි දී ඉටු කළ යුතු කාර්යයක් නොවීය.
මෙම සංචාරය හෝ එහි ප්‍රතිඵලය දිල්ලි කොමසාරිස් කාර්යාලයට දැනුම් දීමක් සිදු නොවීය. සංචාරය හෝ එහි ප්‍රතිඵලය දිල්ලි මහ කොමසාරිස් කාර්යාලයට දැනුම්දීමක් සිදු නොවීය. අප එය දැනගත්තේ විදේශ අමාත්‍යාංශයේ මිතුරන්ගෙනි. මේ ආකාරයට (අ) සහ (ඉ) යන බලය පැවරුම්වලට අනුගත නොවීම නිසා ඊට උනන්දුව දක්වන අනෙක් ක්‍රියාකාරීන් සමග පවතින සම්බඳතා වර්ධනය වීම අඩාල වේ.
විදේශ අමාත්‍ය ජෙයිශංකර් කොළඹට පැමිණ වත්මන් පරිපාලනයේ නියෝජිතයන් හමුවී ඉන්දියාව උනන්දුවන කාරණා සහ ඔවුන් දෙනු ලබන සහයෝග පිළිබඳ කරුණු සැළ කළේය. එම සංචාරය පිළිබඳ තොරතුරු අපට ලැබුණේ විදේශ අමාත්‍යාංශයෙන් නොව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ සුබාර්ජිත් රෝයි ගේ වාර්තාවකිනි. ඉන් මහත්සේ අපහසුතාවට පත්වීමු. විදේශ අමාත්‍යාංශයේ සහ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ සම්ප්‍රදාය අනුව දිල්ලියේ මහ කොමසාරිස් කාර්යාලයට කිසිඳු දැනුම්දීමක් එහිදී සිදු නොවීය. (අ) සහ (ඉ) බලය පැවරුම්වලට දෙවින්ගේම පිහිටයි.
රාජතාන්ත්‍රික විධිමත්භාවය
ව්‍යවස්ථාපිත බලය පැවරුම්වලට අමතරව විධිමත්භාවය විදේශ කටයුතුවල දී ඉතා වැදගත්ය. ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය ඔස්සේ නොයා විදේශ තානාපතිවරුන්ට ඉන්දීය රජයේ ඉහළ බලධාරීන් හමුවට යන කෙටි මාවත් නොමැත.
ශ්‍රී ලංකාවේ, ඉහළ මට්ටමේ දේශපාලකයන් හා පරිපාලකයන් විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය හරහා නොයා තානාපතිවරුන් හමුවනු අපි දැක ඇත්තෙමු.
ඉන්දියානුවන් ඉඳහිට එසේ කරනුයේ තාර්කික හේතු මතය. මා අත්දුටු අන්දමට මෙරට එසේ සිදුවී ඇත්තේ විදේශ කාර්යාලය කෙරෙහි පවතින පෞද්ගලික ආකල්ප නිසාය. ඉහළ මට්ටමෙන් සිදුවන මෙවනි සාකච්ඡාවල වාර්තා විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයට ලබා නොදේ. කරුණු පිළිබඳව දැනුවත් භාවයකින් රාජ්‍ය තාන්ත්‍රික තීරණ ගැනීම ඒ නිසා වැළකේ. විදේශ අමාත්‍යාංශය වෙත වාර්තා කිරීමකින් තොරව එවැනි ඍජු හමුවීම්වලට ඉඩ හරින්නෝ මීට වරදකරුවෝ වෙති.
ඉන්දියාවේ නම් මෙවැනි සාකච්ඡාවලට විදේශ අමාත්‍යාංශ නියෝජිතයකු සහභාගී වේ. අගමැතිවරයා සමග කරන පෞද්ගලික සාකච්ඡාවකට එවැනි නියෝජිතයකු සහභාගී නොවුණත්, එවැනි කාරණා පිළිබඳ කරන පසු විපරමෙන් විදේශ අමාත්‍යාංශය එම සාකච්ඡා පිළිබඳව දැනුවත් වන අයුරු පැහැදිලි වේ.
ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය ප්‍රාන්ත රාජ්‍ය බලධාරීන් සමග අමාත්‍යාංශ අනුමැතියකින් තොරව සාකච්ඡාවට ඉඩ නොදේ. එහෙත් අපගේ තානපතිවරු සාමාන්‍යයෙන් පළාත් සභා බලධාරීන් සමග ඍජුවම සාකච්ඡා කරනු අප දැක තිබේ. එයින් බොහෝ කළමනාකරණ අසීරුතා නිර්මාණය වේ. මා දිල්ලියේ රාජකාරී කටයුතු කළ කාලයේ එක්තරා පළාත් ආණ්ඩුකාරවරයකුත්, ඊට පෙර ප්‍රධාන අමාත්‍යවරයකුත් ඉන්දියාව සමග කටයුතු කිරීමට උත්සාහ කළා මට මතකය. එය අතිශය භයානක ක්‍රියාවක්වන අතර එවැනි ගැටලු කළමනාකරණය කර ගැනීමට (අ) යන බල පැවරුම උපකාරී වේ.
2017 අවබෝධතා ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක්
මෙම බල පැවරුම් ක්‍රියාත්මක කිරීමේ දී පැහැර හැරීම් සිදුවූ බව සනාථ කරනු වස් 2017 දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ ආර්ථික සහයෝගීතාවට අදාළ අවබෝධතා ගිවිසුම උදාහරණයට ගනු කැමැත්තෙමි. මෙම ගිවිසුමේ පුළුල් ප්‍රතිඵල ලැබුණ ද විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය මෙම අවබෝධතා ගිවිසුම තවත් එක් කැබිනට් සන්දේශයක් සේ පමණක් සැලකු බව මම සැක කරමි. එම ගිවිසුමේ එක් ගැටලුවක් මම උපුටා දක්වන්නෙමි. ත්‍රිකුණාමල තෙල් ටැංකි ව්‍යාපෘතිය සිද්ධි අධ්‍යයනයක් ලෙස ගත් විට විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ නිහඬ බවත් රජයේ අවිනිශ්චිත බව හා සාමාන්‍යයෙන් පවතින උදාසීනත්වයත් හා ඉන් පසුව එන ආණ්‍ඩුවලට පවා ගැටලු නිර්මාණය වන ආකාරයත් පෙනී යයි. තෙල් ටැංකි සමූහයට අදාළ ව්‍යාපෘතිය 2017 අවබෝධතා ගිවිසුමට පෙර අවිනිශ්චිත තත්ත්වයේ පැවතියකි. 2003 තෙල් ටැංකි ගිවිසුම 2011 සිට 2018 දක්වා ආණ්‍ඩු පසු විපරමට ලක් කළ ද එම අවස්ථාවල කරනු ලැබුයේ උඩින් පල්ලෙන් අතපත ගෑමක් බව පෙනී ගියේය.
2017 අවබෝධතා ගිවිසුම සඳහා වූ කැබිනට් පත්‍රිකා තෙල් ටැංකි ව්‍යාපෘතිය අදාළ නිරීක්ෂණ අමාත්‍යවරුන් දෙදෙනකු විසින් ඉදිරිපත් කර තිබිණි. රවි කරුණානායක එය අවධානයට නතුකරගත් බව ලියා අත්සන් කර තිබිණි.
චන්දිම වීරක්කොඩි ව්‍යාපෘති විග්‍රහය ගැන අදහස් පළකර තිබිණි. කොන්දේසි දෙකක් මත එයට කැබිනට් අනුමැතිය ලැබී තිබිණි. ඒ තවදුරටත් පාර්ශ්වකරුවන්ගෙන් විමසීම සහ සාමුහික ව්‍යාපෘති සම්බන්ධයෙන් වෙනම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුතු වීම යන කොන්දේසි දෙකයි.
සංකල්පමය වශයෙන් මෙහිදී ගැටලු රැසක් පවතී. ව්‍යාපෘති ව්‍යුහය හා ඉඩම් හිමිකම ඊට උදාහරණයක්ය. ඉඩම් හිමිකම මින් තීරණාත්මක ගැටලුවක් වන්නේ නීතිපති සහ කැබිනට් තීරණවල මිශ්‍ර ප්‍රතිචාර පෙන්වන බැවිනි. මේ සම්න්ධයෙන් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමේ IV වැනි කොටස් නීත්‍යානුකූලභාවය ගැන අයකුට අභියෝග කළ හැකිද? මේවා අදාළ පාර්ශ්‍වකරුවන් සමග සාකච්ඡා කොට වෙනම කැබිනට් මණ්‍ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමෙන් මගහැර ගන්නට තිබිණි. මෙම ගැටලු නිසා කටයුතු ආපස්සට යයි. අවසානයේ ප්‍රමාදවීම් සිදුවීමට ඒවා හේතුවේ.
මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් මම උපුටා දක්වමි. වාසුදේව නානායක්කාර එදිරිව චොක්සි සහ අනෙක් අය – ජෝන් කීල්ස් නීති කෘත්‍ය) රජයේ ඉඩම් පැවරීම පිළිබඳ එහි 11 පරිශිෂ්ඨයේ මෙසේ සඳහන් වේ.
‘‘1.3 ජේදයේ සඳහන් පූර්ව කොන්දේසියක් වන්නේ පළාතක පිහිටි රජයේ ඉඩමක් පවරාදීම හෝ නියාදනය කිරීම් අදාළ පළාත් සභාවේ උපදේශය මත එම කාරණය පාලනය කෙරෙන නීතිවලට අනුකූලව පමණක් සිදුවිය යුතුය’’ පළාත් සභාවට වගකියන අමාත්‍ය මණ්ඩල විසින් ආණ්ඩුකාරවරයා හරහා මෙම උපදෙස ලබා දේ.
මේ අනුව අත්සන් කළ ගිවිසුමේ IV ජේදයේ සඳහන් ක්‍රියා පටිපාටී යළි සමාලෝචනය විය යුතු යයි මම තරයේ විශ්වාස කරමි. එසේ නොවුවහොත් ක්‍රමවේදය අවලංගු වීම හේතුවෙන් ගිවිසුමේ නෛතිකභාවය අභියෝගයට ලක් කළ නොහැකි ද?
2017 ගිවිසුමෙන් අපේක්‍ෂා කළ පරිදි නැගෙනහිර ජැටිය, මත්තල, සාම්පූර් සූර්යබල ව්‍යාපෘතිය ආදිය දැනට ක්‍රියාත්මක නොවන හෙයින් ඉන්දියානුවන් ත්‍රි’මල තෙල් ටැංකි ව්‍යාපෘතියට දැඩි පීඩනයක් එල්ල කරනු ඇත. මූල්‍යමය වශයෙන් බලවත්වන පාර්ශ්ව කල්යල් බලා ආර්ථීක වාසි අත් කරගන්නට උත්සාහ කරනු නොඅනුමානය. මා සිතන්නේ රට මුහුණ පා ඇති මූල්‍ය අර්බුදය හමුවේ එවන් අවස්ථාවක් අප ත්‍රිකුණාමල ව්‍යාපෘතිය තුළින් ඉන්දියාවට, විවර කර දී ඇති බවය. අප ඉල්ලා ඇති ඩො. මිලියන 1000 ඉන්දියාව හිතාමතාම, උපායශීලීව දෙන නොදෙන තත්ත්වයකට පත්කර ඇත. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මෙම මූල්‍යාධාර ගැන සාකච්ඡා කළහොත් නැවත එය ලබා ගැනීම සඳහා මග පාදාගත හැකිවේ. ඔහුට උපායශීලී ලෙස ක්‍රමවේදයේ අවලංගුභාවය ගැන කියමින් ඒ ගැන සාකච්ඡාවලට එළඹිය හැකිය.
මා සිතන අන්දමට ත්‍රිකුණාමල තෙල් ටැංකි ව්‍යාපෘතිය ආර්ථික වශයෙන් ඵලදායී ව්‍යාපෘතියකි. අවාසනාවකට 2017 ගිවිසුමේ දී ඒ ගැන පුළුල් සාකච්ඡාවක් ප්‍රසිද්ධියේ ඇති නොවූයේය. 2017 ගිවිසුමේ V ඡේදයේ, වරායක්, ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ත්‍රිකුණාමලයේ වෙනත් කර්මාන්ත උදෙසා, 2017 ජුනි අවසානය වන විට ශ්‍රී ලංකා රජයත්, ඉන්දීය රජයත් ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවනු ඇත’’ යනුවෙන් සඳහන් වේ. මෙම අවකාශ හරහා යම් පොදු ස්ථාවරයකට එළඹීම සඳහා යළි සාකච්ඡා ඇරඹිය හැකිය. එමගින් දේශපාලන අසීරුතා මගහරවන, ආර්ථීක සමෘද්ධිය කරා යන මාවතකට පිවිසිය හැකිය.
ව්‍යාවස්ථාමය ප්‍රතිපාදනවලට අනුගත නොවීම පිළිබඳව අත්දැකීම් ලබා ඇති අනෙකුත් තාතාපති කාර්යාල නිලධාරීන් ද නිශ්ශබ්දව සිටීමට ඉඩ තිබේ. රැකියාව පරෙස්සම් කර ගැනීම උදෙසා නිහඬතාව රන් හා සමාන යැයි ඔවුන් සලකන්නට ඉඩ තිබේ. නිහඬතාව බිඳ එවැනි අත්දැකීම් හා කරුණු එක්රැස් කර සමාලෝචනයට ලක්කොට, ගරුත්වය ලබාදිය යුතු අයුරින් විදේශ කටයුතු පිළිබඳ ව්‍යාවස්ථාමය ප්‍රතිපාදන ආයතන ගත කිරීම රාජතාන්ත්‍රික අභිවෘද්දිය සඳහා අත්‍යාවශ වේ. මෙම පණිවිඩය කවුරුන් හෝ කිව යුතුය. මම එම කාර්ය ඉටු කළෙමි. දැන් පන්දුව ඇත්තේ බලධාරීන් අතේය.
මා ඉන්දියාව ගැන සඳහන් කර ඇත්තේ ඉන්දු - ශ්‍රී ලංකා සඳහා බිඳ වැටෙන විටත්, ශ්‍රී ලංකාව දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටෙන විටත්, 1987 ගැටුම් සමයේත් අත්දැකීම් අප විඳ ඇති නිසාය.
එසේම 2009 සිට 2013 දක්වා එ.ජා. මානව හිමිකම් කවුන්සලයේ දී විඳි රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් සහ අසීරුතා නැවත විඳීම අනවශ්‍ය යයි මා සිතන බැවිනි.
(***)
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාසිය අතහැර ළතැවීම
Nuwan Tuesday, 10 August 2021 02:55 PM
සත පහකට වැඩක් නැති මනුස්සයෙක්
PriyanthaTuesday, 10 August 2021 07:42 PM
ඔය කිව්වේ... යකෝ හඳ පෙන්නන කොට ඇඟිල්ල බලන්න එපා. ලියලා තියෙන දේවල් තේරෙනවද?
NuwanWednesday, 11 August 2021 12:58 PM
ලියලා තියෙන්නේ මොනවා උනත් ඔය මනුස්සයා සත පහකට වැඩක් නැහැ
Mangala Wednesday, 11 August 2021 01:41 PM
මෙයාගේ කෙරුවාව ගැන දන්නො දනිති. ඉන්දියාව දෙයි මෙන්න කියලා. මතකද කොටි කුරුම්බැට්ටි ප්ලේන් වලින් ගහනකොට ඉන්දියාව දුන්නා රේඩාර් සෙට් එකක් ඒවා එනකොටම ඕෆ් වෙන. අන්තිමට චීන රේඩාර් ගෙනත් තමයි ගැහුවේ. ඒවා මෙයාලට අමතක උනාට අපිටනම් මතකයි. ජනාධිපතිතුමාටත් හොදටම මතක ඇති. ඉන්දියාව එදත් අදත් ඉටුකරන්නේ ඇමෙරිකන් උවමනාව. එදා ලංකාව කඩලා පලස්තීනයක් කරන්න හැදුවා ඇමෙරිකන් උවමනාවට, අද ලංකාවේ ආර්ථිකයට පහරගහනවා චීන බිල්ලා පෙන්නලා ඇමෙරිකන් උවමනාවට. ජපානයත් තමන්ගේ ආත්මය විකුණලා, තමන්ගේ ජනතාව අමුඅමුවේ සංහාරය කරපු ඇමෙරිකාවට කඩේ යනවා ඉන්දියාව එක්ක එකතු වෙලා ලංකාවට ඇගිලි ගගහා.
jayaWednesday, 11 August 2021 07:23 PM
නිරාවි යුද සමයේ පාකිස්තානය, ඇමෙරිකාවටත්.., ඉන්දියාව සෝවියට් සමූහාණ්ඩුවටත් බාර වූ ප්‍රතිපත්තියක් ගත්තා... ඉන්දියාව ලංකාවට අත දැම්මේ බටහිරෙන් පාකිස්තානයට, නැගෙනහිරෙන් චීනයට, දකුණෙන් ලංකාව තුළ ඇමෙරිකානු නාවික බලඇණියක් පිහිටුවා ගනු ඇතැයි යන බියෙනි.
mangalaThursday, 12 August 2021 02:15 AM
ඉන්දියාව ලංකාවට අත දැම්මේ ඔය කියන නිරවි යුධ සමයේ ඉදන් නෙවෙයි, අවු. දහස්ගනන් කාලයක ඉදලා. ඒත් මේ කෙලින් ගහන්නේ නැතිව කුහක විදියට යටින් ගහන්න ගත්තේ සුද්දා ඉන්දියාව කියන රට හැදුවට පස්සේ. ඉන්දියාව එදා නොදැනුවත්ව අමෙරිකන් උවමනාව වෙනුවෙන් වැඩ කලා අද දැනුවත්ව සහ එකතුවෙලා කරනවා.