පසුගියදා පළවූ වාර්තාවකින් කියැවුණේ ශ්‍රී ලංකාව මේවසරේ පැමිණි සංචාරකයන්ගේ වර්ධනයක් ඇති බවයි. එහෙත් ගුවන් තොටුපොළ හරහා නොගොස් කෙළින්ම ශ්‍රී ලංකාවට පියඹා එන සංචාරකයන් පිරිසගේ දත්තයන්ද මෙයට එකතු කළහොත් මේ අගය තවත් වැඩිවනු ඇත. රටකින් රටකට යාමට වීසා අවශ්‍ය නොවන මේ සංචාරක පිරිස වසරක් පාසා තම කැඳලි තනනා සුවදි පෙදෙස් (Breadius grouds) වලට සීත සමය උදාවත්ම ආහාර සපයා ගැනීමටත් සීතලෙන් ගැලවීමටත් සමකය ආසන්නයේ ශ්‍රී ලංකාව වැනි රටවල් බලා පියාඹා එන සංචාරක කුරුල්ලන්ය. වඩාත්ම නිවැරැදිව කියන්නේ නම් නිහැරියන්ය. ඉන්දියානු උප මහාද්වීපයේ ශ්‍රී ලංකාව පිහිටි තැන අනුව එය ඉන්දියාවෙන් දකුණු දෙසට ඇති අවසන් ගොඩබිම වේ. අපගේ දිවයිනේ සිට දකුණු ධ‍්‍රැවය තෙක් අන් කිසිදු ගොඩබිමක් නොමැති නිසා ශ්‍රී ලංකාව ඉන්දියාව දෙසින් දකුණු දෙසට එන කුරුල්ලන්ගේ ගමනේ කෙළවර වේ. වෙනත් පියාසර මඟ ඔස්සේදී ශ්‍රී ලංකාව බලා පැමිණෙන නිහාරියන් අපේ‍්‍රල් පමණ වන තෙක්ම අප රටේ සත්කාර විඳිමින් මෙහි රැඳී සිටි.කෙසේ වෙතත් විවිධ කුරුල්ලන් ලංකාවට පැමිණෙන කාලයත් සහ ලංකාවෙන් ඉවතට පියඹා යන කාලයත් කාල පරාසයන් තුළ සිදුවන නිසා මෙම ඔක්තෝබර් මාසය වනවිටත් සමහර නිහාරියන් ලංකාවට පැමිණෙමින් සිටී. මේ අතරින් අපට වඩාත්ම සමීප නිහාරයකු වන්නේ අවිච්චියාය. (Indian Pitta) අවිච්චියා සැබවින්ම මනබඳනා වර්ණවත් කුරුල්ලෙකි. උඩුකය කොළ, නිල්, කළු සහ සුදු පැහැ ගන්නා අවිච්චියාගේ හිසෙහි තැඹිලි, කළු සහ සුදු මිශ‍්‍ර රටාවකි. පියාසරද්දී දිලෙන කොළ හා නිල් පැහැයෙන් දිස්වෙන අවිච්චියා සැබැවින්ම අපට සිහි කරන්නේ පැරැණි ගැමි කතාවකි. මේ කතාවට අනුව මොණරාට ඇත්තේ මඟුල් ගෙදරකට යන්නට කියා අවිච්චියාගෙන් ඉල්ලා ගත් පිල් කළඹයි. ඉන්දියාවේ උතුරු ප‍්‍රදේශවලින් සැතපුම් දහස් ගණනක් පියාසරා එන මේ තරමක් මහත කුරුල්ලා මේ ගමනේදී බොහෝ විට විඩාවට පත්වේ. විඩාවට පත්වී පියාඹීමට අපහසුව ගුලිවී සිටින අවිච්චියන් බොහෝ විට ගෙවතු ආශි‍්‍රතව පවා වාර්තාවී ඇත. කොළඹ වැනි ජනාකීර්ණ ප‍්‍රදේශවලදී පවා මෙසේ විඩාවට පත්වූ අවිච්චියන් මීට පෙර හමුවී ඇත. වසර කීපයකට පෙර මරදානේදී ද, කොම්පඤ්ඤවීදියේ දී මෙසේ විඩාවට පත් අවිච්චියන් බේරාගැනීම පසුගිය නිහාරි සමයේදී හැකියාව ලැබිණි. කරදරයට පත්වූ අවිච්චියකු දුටුවහොත් ඔබටත් එම කුරුල්ලාට උදව්වක් විය හැකිය. මතක තබාගත් යුතු කරුණ වන්නේ කාක්කන්ගේ කෙටීම වැනි දෙයකට ලක්වී තුවාලයක් වී නැත්නම් සමහර විට පැය කීපයකින්ම කුරුල්ලා යථා තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බවයි. මෙසේ යථා තත්ත්වයට පත් නොවුණත් කුරුල්ලා බාධා නොවන අඳුරු ස්ථානයක රඳවා තැබීම ආරක්ෂිතය. පිල් විද වාතය හොඳින් සංසරණය වන ලෙස සැකසූ කාඞ්බෝඞ් පෙට්ටියක් මේ සඳහා උපයෝගී කරගත හැකිය. කුරුල්ලා ඇල්ලීමේදීද පරිස්සම් විය යුතු අතර අනවශ්‍ය ලෙස තදවීමකදී කුරුල්ලාට තුවාල සිදුවිය හැකිය. පැය කීපයකින් පසුවද කුරුල්ලා හොඳටම දුර්වල නම් පාන් තිරයක් වැන්නක් උපකාරයෙන් ග්ලූකෝස් වැනි ද්‍රාවණයන් කුරුල්ලාට පරිස්සමින් පෙවීමට උත්සාහ කළ හැකිය. කුරුල්ලාට තුවාල වී ඇත්නම් පශූ වෛද්‍යවරයකුගෙන් ප‍්‍රතිකාර ලබාදීමට උත්සාහ ගන්න. කෙසේ වෙතත් පියාසර කිරීමේ හැකියාව ලැබුණ වහාම අවට වෙනත් විලෝපිතයන් නොගැවසෙන වේලාවක් සහ තැනක් තෝරා ගෙන අවිච්චියා නිදහස් කිරීම කළ යුතුය. අවිච්චියන් පමණක් නොව වෙනත් පොදු නිහාරියන් බොහොමයක් අපගේ ගෙවතුවලට පැමිණෙන අතර ඔවුන් නැරැුඹීම සැබවින්ම ආශ්වාදජනක වේ. මොවුන් අතර නිල් පෙඳ බිඟුහරයා (Blue-tailed Bee-eater) සුදු රෙදි හොරා (Asian Paradise Flycatcher) වන හැලපෙන්දා (Forest Wagtail) අටු වැහිළිහිණියා (Barn Swallow) බොර මැසිමාරා(Asian Paradise Flycatcher) බොර සබරිත්තා (Brown Shrike) ඔබගේ ගෙවත්ත හා අවට නගරබදව පවා දැකගත හැකිවන සුලබ නිහාරියන් වේ. සුදු පැහැ පීත්ත පටියක් සුළෙඟ් පාවී යන ආකාරයත් සිහි ගන්වමින් ඒ මේ අත පියාඹා යන අපට හොඳින් හුරු සුදුරෙදි හොරා සියලූදෙනා හොඳින් අඳුනන අතර අනිත් පොදු නිහාරියන් හැඳින ගැනීම ද එතරම්ම අපහසු නොවේ. නිල් පෙඳ බිඟු හරයන් බොහෝ විට පාර දෙපස විදුලි කම්බිවල සහ කණුවල දක්නට ලැබේ. ඔවුන්ගේ නමින් හැඟවෙන පරිදිම මී මැස්සන් වැනි කෘමීන් ආහාරයට ගන්නා මේ ලස්සන කුරුල්ලා පියාපත් විදහා ගුවන් ගත වන ආකාරය සැබැවින් මන බඳනේය. රත්නපුරයේ මේ කාලයට විදුලි කම්බිවල ලැඟුම් ගන්නා දහස් ගණනක් කුරුල්ලන් ගැන ඔබ අසා තිබේද? එසේ ලැඟුම් ගන්නේ අටු වැහිළිහිනියන්ය. වන හැලපෙන්දා ද මඳ වේලාවක් හෝ නිසොල්මනේ සිටිමට අකමැති පක්ෂියෙකි. නිතරම වලිගය වනන පුරුද්දක් ඇති මේ වන හැලපෙන්දන් ලෙස හැඳින්වීමට පටන් ගත්තේද එම පුරුද්ද නිසාය. බොර සබරිත්තාගේ ඇස් වසන කළු පැහැ පටියක් ඇත්තේ බැංකුවක් මංකොල්ල කෑමට මුහුණේ රෙදි පටියක් බැඳගත් සොරෙකු සිහිගන්වමිනි. සබරිත්තාටම විශේෂිත වූ වෙඩි තියන්නා වැනි හඬක් නිකුත් කරන සබරිත්තා ද හඳුනා ගැනීම අපහසු නොවේ. මෙම පොදු නිහැරියන්ට අමතරව විශාල රංචු ලෙස ලංකාවට පියඹා එන කුරුල්ලන් අතර තාරාවන් හා ජලය ආශ‍්‍රිතව ගැවසෙන දිය විදුවන් ප‍්‍රධාන තැනක් ගනී, බුන්දල වැනි තෙත් බිම් මොවුන්ගේ පාරාදීසයක් වන අතර දහස් ගණනක් වන කුරුල්ලන් එක්වර දැක ගැනීමට හැකියාව ලැබේ. ශ්‍රී ලංකාවේ පළමු රැම්සාර් තෙත් බිම ලෙස නම් කළ බුන්දල විශේෂයෙන්ම වැදගත් වන්නේ මේ නිහැරියන් අධ්‍යයන මූලික කරගත් පර්යේෂණයක් 2005 සිට අඛණ්ඩවම සිදු කෙරෙන බැවිනි. මෙහිදී බුන්දල කුරුල්ලන් නියැදියන් අල්ලා ඔවුන්ගේ දත්තයන් සටහන් කරගෙන කුඩා ලෝහ මුද්දක් ඔවුන්ගේ පාදයේ පළඳා නැවතත් මුදා හරී. ශ්‍රී ලංකාවේදී පළඳවනු ලැබූ බව සටහන් කරන මෙම මුද්ද අංකනය කර ඇති නිසා වෙනත් රටකදී මේ කුරුල්ලා හමුවූ විට නිසැකවම ශ්‍රී ලංකාවේ සංචාරකයකු බවට දන්නන් මුද්ද මගින් සැකහැර තහවුරු කරයි. වසරකට තුන් වතාවක් බුන්දලදී මෙසේ කුරුල්ලන්ට මුදු දැමීමේ කඳවුරු පවත්වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් කොටගමයන්ගේ අධීක්ෂණය යටතේ කි‍්‍රයාත්මක වන ශ්‍රී ලංකා ක්ෂේත‍්‍ර කුරුලූ විද්‍යා කවය සහ වන ජීවී දෙපාර්තමේන්තුව මගිනි. පසුගිය මාසයේදී මෙසේ බුන්දල අධ්‍යයනයේ යෙදුණු කුරුලූ විද්‍යාඥයන් තම අධ්‍යයනයන් සඳහා අල්ලා ගත් කුරුල්ලන් අතර මීට පෙර බුන්දල දීම පැළඳවූ මුදු සහිත කුරුල්ලන් දෙදෙනකුම හමුවීය. 2007 දී පැළඳවූ මුද්දත් සහිත හීන් වැලි ඔලෙවියෙකු සහ 2009 දී දැමූ මුද්දක් සහිත පොදු රත්පා සිලිබිල්ලෙකු = (Common Red Shank) මෙසේ හමුවූවන් අතර විය. මීට පෙරත් කීප වතාවකදීම බුන්දලදී පැලදු වූ මුදු සහිත නිහැරියන් නැවතත් බුන්දලදීම හමුවී ඇති අතර මෙයින් සනාත වන්නේ මොවුන් වසරක් පාසාම බූන්දල තෙත් බිමකට පැමිණීමට කැමැත්තක් දක්වන බවය. අප අවට නිහැරියන් අධ්‍යයනය කරමු. කුරුල්ලන් පිළිබඳ පර්යේෂණ ඔවුන් පිළිබඳ හොඳින් අධ්‍යයනය කළ විද්‍යාඥයන්ට පමණක් නොව කුරුල්ලන් පිළිබඳ උනන්දුවක් දක්වන ඔබටද සිදුකළ හැකිය.
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
වසරක් පාසා ඔබේ ගෙවත්තට එන වීසා නැති සංචාරකයෝ