IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විසර්ජන පනත් 2 ක්


ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දැඩි මිත්‍රත්වය තහවුරු කරමින් චීනයේ ඉහළ පෙළේ දූත මණ්ඩලයක් ඉකුත්දා දිවයිනට පැමිණියේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යැං ජියෙචි ඇතුළු පිරිස ඊට ඇතුළත් වූහ.

ඔවුන් මෙරටට පැමිණීමට පෙර කොවිඩ් වැළැක්වීම සඳහා චීනය නිපදවා ඇති එහෙත් තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව නැති එන්නතක් ලබාගෙන තිබිණි. මීට අමතර චීන තානාපති කාර්යාලයේ ආරංචිමාර්ග සඳහන් කළේ එම දූත පිරිස ලංකාවට පැමිණීමට පෙර පීසීආර් පරීක්ෂණවලට ලක්වූ බවය. එම දූත පිරිස කටුනායකට ගුවන් තොටුපළට පැමිණි පසුව ද සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබාදුන් බව ද තානාපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

චීන දූත මණ්ඩලයට නවාතැන් සපයා දී තිබුණේ කොළඹ ඉහළ පෙළේ හෝටලයකය. ඒ සඳහා දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර ඔවුන්ට එම හෝටලයේ විශේෂ කොටසක ලැගුම් ගැනීමට ද සලස්වා තිබුණේය. මේ අතර යැං ජියෙචි ඇතුළු දූත පිරිස ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ. චීන දූත පිරිස සාකච්ඡා කර තිබුණේ ‘එක මාවතක් - එත තීරයක්’ නමැති ඔවුන්ගේ වෙළඳ ප්‍රතිපත්තිය පිළිබඳවය. ශ්‍රී ලංකාවේ සංචාරයෙන් පසුව පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් සර්බියාව සහ එල්වදෝරයටත් ගියහ. යැං ජියෙචි චීනයේ හිටපු විදේශ ඇමැතිවරයකු වන අතර ඔහුගේ තනතුර එරට විදේශ ඇමැති තනතුරටත් වඩා ඉහළ ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට එරට පාලනයේ වැඩි බලතල හිමිවේ.

විසර්ජන පනත් කෙටුම්පත් දෙකක් මේ වනවිට අති විශේෂ ගැසට් පත්‍රවල පළකර තිබේ. එකක් 2020 වසරට ලබාගත් මුදල් වෙනුවෙන් හා ඊට වියදම් වූ ආකාරය සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පතකි. අනෙක් කෙටුම්පත ලබන 2021 වසර සඳහා වන පනත් කෙටුම්පතකි. ඒ ඉදිරි අයවැය ලේඛනය ද වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වන විට පාර්ලිමේන්තුවේ අයවැය ලේඛනයක් සම්මතවී  තිබුණේ නැත. ඒ අනුව රජයේ ඒකාබද්ධ අරමුදලින් මුල දී මාස තුනක් සඳහා මුදල් ලබා ගත්තේය. පසුව තවත් මාස හයක් සඳහා ආණ්ඩුව ඒකාබද්ධ අරමුදලින් මුදල් ලබා ගත්තේය. විපක්ෂය ඊට විරෝධය දැක්වූයේ ඒකාබද්ධ අරමුදලින් එලෙස මුදල් වෙන් කිරීමට හැකියාවක් නැති බවය. කෙසේ වෙතත් ආණ්ඩුවත් විපක්ෂයත් මතු කළ තර්ක විතර්ක හමුවේ ආණ්ඩුව තවත් මාස හයකට එලෙස මුදල් වෙන්කර ගත්තේය. මෑත ඉතිහාසයේ අයවැය ලේඛනයක් සම්මත නොවුණු එකම වසර ලෙස ද 2020 වසර නම් කළ හැකි බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

මේ අතර අයවැය ලේඛනය නොවැම්බර් මස 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ වනවිට ලබන 2021 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකර ඇති අතර එය ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ලෙස අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව මසක පමණ කාලයක් එය විවාදයට ගැනීමට ද නියමිතය.

ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙවර වැඩිපුරම මුදල් වෙන්කර ඇත්තේ ග්‍රාමීය කර්මාන්ත, කෘෂිකර්මය නගා සිටුවීමට වන අතර ආරක්ෂක අමාත්‍යාංශයටත් අධිවේගී මාර්ග සංවර්ධනයටත් වැඩි මුදලක් වෙන්කර තිබේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය අමාත්‍යාංශ සඳහා මෙවර අයවැය ලේඛනයෙන් මුදල් වෙන්කර තිබීම ද විශේෂත්වයකි. මීට පෙර සාමාන්‍ය ක්‍රමය වූයේ කැබිනට් අමාත්‍යාංශවලට මුදල් වෙන් කිරීමය. එලෙස මුදල් වෙන්කළ පසුව රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ කටයුතු සඳහා මුදල් වෙන් කිරීම සිරිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රථම වරට රාජ්‍ය ඇමැතිවරුන්ට වැඩි බලතල පවරා දුන්නේය. ගැසට්පත්‍ර මගින් ඒ ඒ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ආයතන වෙන් කිරීම ද සිදු කෙරිණි. මෙවර අයවැය ලේඛනයෙන් රාජ්‍ය අමාත්‍යාංශ සඳහා මුදල් ද වෙන්කර දීමට නියමිතය.

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ ලබන වසරේ අයවැය ලේඛනය මගින් හිටපු ජනාධිපතිවරුන්ගේ කාර්යාල සඳහා මුදල් වෙන් කිරීමක් කර නැති බවය. පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් හිටපු ජනාධිපතිවරුන්ගේ කාර්යාල සඳහා මුදල් වෙන් කිරීම ද මෙතෙක් සිදුවිය. එහෙත් 2021 විසර්ජන පනත් කෙටුම්පතේ එවැන්නක් දක්නට ලැබෙන්නේ නැත. ඇතැම් විට වෙනත් අමාත්‍යාංශයක් හරහා හෝ ජනාධිපති කාර්යාලය හරහා හෝ හිටපු ජනාධිපතිවරුන්ගේ කාර්යාලවලට මුදල් වෙන් කිරීමක් සිදුවනු ඇතැයි ද ඇතැම් අය මත පළ කරති. කෙසේ වෙතත් ඒ බව තහවුරු කරගත හැක්කේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයේ දීය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ හේමා ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්ම මහත්මීන්ගේ කාර්යාල සඳහා මුදල් වෙන් කිරීම ක්‍රමවේදය වේ.

මේ අතර නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තීරුබදු සහන සහිත වාහන ගෙන්වීමට රජයෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තාවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තීරුබදු රහිත වාහන ලබා ගැනීමට නීතිමය අයිතියක් හිමිවේ. එහෙත් රජය විදේශ විනිමය ඉතිරිකර ගැනීම සඳහා වාහන ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ රැසක් ආනයනය කිරීම මේ වනවිට  නතර කර තිබේ. ආණ්ඩුව තීරුබදු සහන හිමි රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දුන්නේ වාහන ආනයනය සීමා කර ඇති හෙයින් දැනට ලංකාවට ගෙන්වා ඇති වාහන මිල දී ගන්නා ලෙසය. එහෙත් එවැන්නක්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත තවමත් දැනුම් දී නැත. රජයේ විශේෂ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇතැම් විට වාහන ආනයනය කිරීමේ අවසරය හිමිවනු ඇතැයි ද වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට විරෝධතා වැඩිවෙමින් තිබේ. ඇතැම් බෞද්ධ හිමිවරුන් සහ කතෝලික රදගුරු සම්මේලනය ද විස්සට එරෙහිව අදහස් පළකර තිබේ. විසිවැනි සංශෝධයට තාර්කික පදනමක් නැතැයි ද රජය එය තුනෙන් දෙකක බහුතර බලයකින් පාර්ලිමේන්තුවේ සම්මත කළ ද ඵලක් නැතැයි කතෝලික රදගුරු සම්මේලනය නිවේදනය කර තිබුණේය. තුනෙන් දෙකෙන් පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණ ද එය සැබෑ ජනමතය පිළිඹිබු වීමක් ලෙස සැලකිය නොහැකි බව ද කතෝලික රදගුරු සම්මේලනයේ අදහසය. විස්සක් ගැන අමතක කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්නැයි ද එම සම්මේලනය රජයෙන් ඉල්ලා තිබුණේය. එහෙත් ආණ්ඩුවේ අදහස වී ඇත්තේ හැකි ඉක්මනින් විස්ස සම්මත කර ගැනීම බව ද පැවසේ.

‘ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබන විසි වැනි දින කතානායකවරයා පාර්ලිමේන්තුවට නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට ගැළපෙන පරිදි කමිටු අවස්ථාවේ දී ඇතැම් සංශෝධන එකතු කිරීමට නියමිත බව ද ආණ්ඩුව දැනටමත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඉකුත්දා සමගි ජන බලවේගය පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර කොරෝනා නැවත පැතිර යාම සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කළේය. ‘කොරෝනා මර්දනය කළ බව කියමින් ආණ්ඩුව ලකුණු දාගත්තා. පළමු වටයේ කොරෝනා මර්දනයට දායක වූ දක්ෂ නිලධාරීන් වෙනත් තනතුරුවලට දැම්මා. කොරෝනා මර්දනය දේශපාලන සටන් පාඨයක් කර ගත්තා. ඇත්තටම ආණ්ඩුව කොරෝනා මර්දනය කළේ නැහැ. දේශපාලන ප්‍රචාරයක් කර ගත්තා. ඒ නිසයි නැවත කොරෝනා රැල්ලක් මතුවුණේ’ යැයි මනුෂ කියන්නේය.

නව දේශපාලන පක්ෂ 154ක් ලියාපදිංචිය සඳහා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර තිබුණේය. කොමිසම මුල් වටයේ පරීක්ෂාවකින්  පසුව පක්ෂ 121ක් සම්බන්ධයෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්විය. 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 7 (4) හා (5) වගන්ති ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාවට නව පක්ෂ ලියාපදිංචියට බලතල හිමිවී තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ නව පක්ෂ හයකට අලුතින් ලියාපදිංචිය ලබාදුන් බවය. අරුණලු ජනතා පෙරමුණ, ජනතා සේවක පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, සමත්තුව කච්චි සහ සිංහල රාවය යන පක්ෂ හයට අලුතින් ලියාපදිංචිය හිමිවී තිබේ. සමත්තුව කච්චි නමැති පක්ෂයේ ලේකම්වරයා චන්ද්‍රකුමාර්  මුරුගේසු ය. ඔහුගේ පක්ෂ මූලස්ථානය ඇත්තේ කිලිනොච්චියේ ය.  

සමගි ජන බලවේගය පක්ෂයේ දේශපාලන රැස්වීම් ඉකුත් සතියේ නතර කර තිබුණේ කොරෝනා අවද‌ානම නිසාය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විපක්ෂනායක කාර්යාලයේ නිලධාරීන්ට මෙන්ම සමගි ජන බලවේග පක්ෂයේ කාර්යාලයේ කටයුතු කරන සියලු දෙනාටම දැනුම් දී තිබුණේ හැමවිටම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උපරිමයෙන් ක්‍රියාත්මක කරන ලෙසය. මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේ මෙන්ම විපක්ෂනායකගේ අනෙක් කාර්ය මණ්ඩලයේ පිරිසක් නිදහස් කිරීමට ද සජිත් ප්‍රේමදාස පියවර ගත්තේය. නිවසේ සිට වැඩ කරන්නැයි ඔහු එම සේවකයන්ට කීවේය.

‘‘මේ වගේ වේලාවක මම කාර්ය මණ්ඩලය දිහා නම්‍යශීලීව බලනවා. මම කාර්යාලයේ රෑ වෙනකන් වැඩකරන හැම දවසකම ඔය අයත් මාත් එක්ක හිටියා. මේ අවස්ථාවේ වැඩි අවද‌ානමක් තිබෙන නිසා ගෙදර ඉඳන් වැඩ කරන්න’’ සජිත් කීවේය.

මේ අතර ගෙවී ගිය සතියේ පක්ෂයේ අභ්‍යන්තර රැස්වීම් කීපයක්ම පැවැත්විණි. ආණ්ඩුවේ කටයුතු හා පක්ෂයේ ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු කර ඇතැයි පක්ෂ ආරංචිමාර්ග අනාවරණය කළේය. මේ අතර විපක්ෂ නායකවරයා කීවේ කොරෝනා නිසා පීඩා විඳින අය ගැන අපි විපක්ෂයක් ලෙස සොයා බැලිය යුතු බවය.

 ‘‘විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාව ගැන සොයා බලන්න අවශ්‍යයි. එදිනෙදා රැකියා කරගෙන ජීවත්වුණු පිරිසට අද යන එන මං නැතිවෙලා’’ යැයි සජිත් කී කතාවට මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ද පිළිතුරු බැන්දේය. ‘‘රුපියල් පන්දාහේ දීමනාව දෙන්නවත් මේ පාර ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ.’’ ඔහු කීවේය.

‘‘ගිය පාර පන්දහසෙ දීමනාව ගෙව්වේ ඡන්දය බලාගෙන. ඒකත් සමෘද්ධි අරමුදලෙ සල්ලිවලින් තමයි දුන්නේ. ආණ්ඩුව තවමත් ඒ මුදල් පියවලා නැහැ. දැන් ඡන්දයක් නැති නිසා සහන දෙන්න ආණ්ඩුවට අවශ්‍ය නැහැ.’’ යැයි ද සජිත් ප්‍රේමදාස කීවේය.

‘‘ඔබතුමා කිව්ව කතාව ඇත්ත දැන් තමයි ජනතාවට තේරෙන්නේ’’ යැයි රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද ඉකුත් සතියේ දී විශේෂ සාකච්ඡා කීපයක්ම පවත්වා තිබිණ. රටේ පවතින තත්ත්වය සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ වැඩි වේලාවක් ගත කළහ. ‘‘අපට ගම්පහ ගැන වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ සහ අපේ පාක්ෂිකයෝ නිතර නිතර දුරකතනයෙන් කතා කරලා අපට තොරතුරු කියනවා’’ යැයි නායක අනුර දිසානායක පැහැදිලි කළේය.

‘‘අපි පුළුවන් ආකාරයට ජනතාවට ආධාර ලබාදුන්නා. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමයි අපි ජනතාව ළඟට යන්න ඕනේ’’ යැයි නලින්ද ජයතිස්ස කීවේය.

‘‘දැන් බලන්න කලින් සැරේ වගේ ආණ්ඩුව බඩු භාණ්ඩ බෙදන්නෙ නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්වීමක් නැහැ. ෆාමසි, සුපර් මාර්කට් ඇරියට ජනතාවගේ අතේ බඩු ගන්න සල්ලි කොයින්ද’’ යැයි ටිල්වින් සිල්වා කීවේය.

මේ අතර විසිවැනි සංශෝධනය ගැන ජනතාවට පැහැදිලි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ අලුත් වැඩක් ආරම්භ කර තිබේ.

‘‘අපි විස්ස ගැන ජනතාව දැනුවත් කරන්න රට පුරා සම්මන්ත්‍රණ මාලාවක් සැලසුම් කළා. ඉන් කීපයක් තමයි තියන්න හැකි වුණේ. කොරෝනා නිසා අතර මඟ නතර වුණා. ඒත් අපි දැන් අලුත් වැඩක් පටන් ගත්තා. විස්ස ගැන ඇත්ත කතාව කියලා පොතක් ගහනවා. අපේ සම්මන්ත්‍රණ මාලාවලින් කියන්න හදපු දේ ඒ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතාම ඉක්මනින් අපි පොත ජනතාව අතර බෙදාහරිනවා, සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින්’’ යැයි නලින්ද ජයතිස්ස කීවේය.

(*** කස්තුරි)



අදහස් (2)

විසර්ජන පනත් 2 ක්

Bamunuarachchi Saturday, 17 October 2020 01:02 PM

මම හිතන්නේ මේ ණය ලැබෙන්නේ මෙහෙමයි. පොහොට්ටුව බලයේ ඉන්නකම් ණය පොලී ඉල්ලන්නේ නැහැ. වෙනකවුරුත් බලයට ආවොත් අර ආණ්ඩුව අපිට මෙපමණ කලක් පොලී ගෙව්වේ නැහැ. එම නිසා වහාම ගෙවන්න යන පදනම යටතේ... එතකොට රටේ තිබෙන සම්පත් විකුණනවා. හම්බන්තොට වික්කේ එහෙම වෙන්න ඇති..

:       5       18

Bhawantha Sunday, 18 October 2020 04:11 AM

රටේ අධ්‍යාපනයත් දියුණු කරන්න මුදල් වෙන් කරන්න කියන්න. උසස් අධ්‍යාපනයේ දියුණුවක් නැහැ තාම.. විශ්ව විද්‍යාල වලට ළමයි වැඩිපුර ගත්තට වැඩක් නැහැ. ඒ ඒ විෂයයන්ට අදාල දැනුමක් ලැබෙන්නේ නැතිනම්.. කාර්මික විද්‍යාලවල පවා තාම සමහර විෂයයන් සඳහා දැනුමක් දන්න තරම් විෂයය ප්‍රවීන ගුරුවරුන් නැහැ. කාර්මික විද්‍යාල අධ්‍යාපනය නිමා කරපු ළමයි හුඟ දෙනෙක්ට සහතික නිකුත් කිරීමට අවුරුදු ගණන් යනකම් ඩිපාර්ට්මන්ට් වලින් අනුමැතිය දීලා නැහැ.. ඔවුන් ගෙවල්වලම වයසට යනවා. කාර්මික විද්‍යාලවලින් ඩිප්ලෝමා හැදෑරූ ශිෂ්‍යයින් සඳහා තාම පවතින ආණ්ඩුවෙන් දෙන ජොබ් ගැන ඒ ළමයින්ව කිසිඳු සැලකිල්ලකට ලක් කර නැහැ... මාධ්‍යයට ඕවා පේන්නේ නැද්ද..? රට අභ්‍යන්තරයේ ප්‍රශ්න රටට වඩා විශාල කුණුගොඩවල් විදියට තියෙද්දී.. 20 වල් ගහලා තේරුමක් නැහැ. ඒවා වාසියට විතරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 471 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1004 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 918 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 169 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 109 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 992 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16855 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 82 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 263 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site