තරිඳු ජයවර්ධන
ඒ 2011 වසරේ මාර්තු මාසයේ දිනයකි. කොල්ලූපිටිය පොලිසියට නිර්ණාමික තොරතුරක් ලැබුණි. ඒ කොළඹ මහානාම විද්‍යාලයේ සංගීත ගුරුවරියක අපයෝජනය කිරීමෙක් සිදුවීමක් ගැනයි.
අනතුරුව කොල්ලූපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයෙන් විද්‍යාලයට ගොස් අදාළ සංගීත ගුරුවරිය මුණ ගැසී ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
පාසලේම ගුරුවරයකු සංගීත කාමරයට පැමිණ තමාට යෝජනාවක් කළ බවත්, තමා එය ප්‍රතික්ෂේප කළ පසු ඔහු කාමරයෙන් පිටව ගිය බවත්, ඊට මොහොතකට පසු යළිත් සංගීත කාමරයට පැමිණ එක පාරට තම මුහුණ සිප ගත් බවත්, තමා ආයාසයෙන් මිදුණු බවත් ඇය සිය ප්‍රකාශයේ සඳහන් කර තිබිණි.
සිද්ධිය වූ වහාම පාසලේ විනය බාර ගුරුවරයාට මේ ගැන දැනුම්දුන් විට පාසලේ නමට කැළලක් වන නිසා පොලිසියට පැමිණිලි නොකරන්නැයි ඉල්ලා සිටි නිසා එලෙස නොකළ බවත්, විනය භාර ගුරුවරයාගේ උපදෙස් පරිදි එදින තමා නිවාඩු දමා නිවසට ගිය බවත් ඇය පොලිසියට කියා තිබිණි.
පසුව කොල්ලූපිටිය පොලිසිය මෙම ගුරුවරයාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් උසාවියේ චෝදනා ගොනු කළේය. මෙම සිදුවීම ගැන ගුරුවරිය අධ්‍යාපන අමාත්‍යංශයට ද දැනුම් දුන් අතර අමාත්‍යංශයෙන් ගුරුවරයාට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැත. දිගින් දිගටම ප්‍රශ්න වැලකට මුහුණ දීමට ගුරුවරියට සිදු විය.
ගුරුවරයාට එරෙහිව කිසිවක් සිදු නොවීමත්, දිගින් දිගටම තමාට විවිධ හිසාවලට මුහුණ දීමට සිදුවීමත් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී ඇය අදහස් දැක්වූවාය. ඒ මුල් සිද්ධියට වසරකට ආසන්න වෙමින් තිබියදීය.
ගුරුවරියට මුහුණපෑමට සිදුවූ විදුවීම සිරස රූපවාහිනී නාලිකාවේ ‘විමර්ශන’ වැඩසටහනින් අනාවරණය කළේ එම මාධ්‍ය සාකච්ඡුාවෙන් පසුවය.
අධ්‍යාපන අමාත්‍යංශය වහාම ක්‍රියාත්මක විය. ගුරුවරිය අපයෝජනය කළැයි චෝදනා එල්ල වූ ගුරුවරයාට පියවරක් ගැනීමටත් පෙර මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දී ආයතන සංග්‍රහය උල්ලංඝණය කළැයි කියමින් ගුරුවරියගේ වැඩ තහනම් කරනු ලැබුවාය. ඒ 2012 ජනවාරි මස 27 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදිය.
‘‘සල්ලාල විදුහල්පතිගේ අයුතු බලපෑම් මාධ්‍යයට කීවැයි ගුරුවරියගේ වැඩ තහනම් අමාත්‍යංශයට දැන්වුවත් වැඩක්වී නැති තැන මාධ්‍යයට කියලා’’මැයෙන් 2012 පෙබරවාරි මස 17 වැනි දා ලංකාදීපයෙන්ද මේ ගැන අනාවරණය කළේය.
මෙම වැඩ තහනම් කිරීමෙන් තම භාෂණයේ නිදහසට බාධා කළැයි කියමින් ගුරුවරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය. එම පෙත්සම 2012 අපේ‍්‍රල් 25 වැනි දා කැඳවූ අතර ගුරුවරියගේ පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ ශිරාණි තිලකවර්ධන, කේ ශ්‍රී පවාන් සහ පී ඒ රත්නායක යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ගුරුවරියගේ වැඩ තහනම ඉවත් කරමින් යළි සේවයේ පිහිටුවන ලෙස අතුරු නියෝගයක් ද නිකුත් කළේය.
මේ අතරතුර මහේස්ත්‍රාත් උසාවියේ නඩුව විභාග වූ අතර එහි දී පැමිණිල්ල වෙනුවෙන් පාසලේ විනය භාර ගුරුවරයා ඇතුලූ පිරිසක් සාක්කි දුන්හ. ගුරුවරියගේ පැමිණිල්ල තහවුරු කරමින් ඔවුහු සාක්කි ලබා දුන්හ. විත්තිකාර ගුරුවරයා අධිකරණයේ දී ප්‍රකාශ කළේ තමා ගුරුවරිය බලෙන් සිප නොගත් බවයි. ඔහුගේ සාක්කියෙන් පසු 2013 ජුනි හය වැනි දා නඩුවේ සාක්කි ගැනීම අවසන් විය.
එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විත්තිකාර ගුරුවරයා නිදොස් කොට නිදහස් නිරීමට නියෝග කළේය.
තිලිණ ගමගේ මහතාගේ එම නියෝගයට එරෙහිව ගුරුවරිය කොළඹ මහාධිකරණයට අභියාචනයක් යොමු කළාය. දීර්ඝ කාලයක් තිස්සේ එම අභියාචනය විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු චමන් මොරායස් මහතා තීන්දු කළේ මෙම ගුරුවරයා නිදහස් කරමින් තිලිණ ගමගේ මහතා ලබා දුන් තීන්දුව වැරදි බවයි.
ඒ අනුව 2016 මාර්තු 18 වැනි දා කොළඹ මහාධිකරණ විනිසුරු චමත් මොරායස් මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සැකකාර ගුරුවරයා වැරදිකරුයැයි තීන්දු කර ඔහුට දඬුවම් නියම කරන ලෙස දන්වමින් නඩු ගොනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යැවීමට නියෝග කළේය. කොළඹ මහාධිකරණයෙන් ලබා දුන් නියෝගයට එරෙහිව වැරදිකරු වූ ගුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කළේය.
මාධ්‍යයට අදහස් දැක්වීමෙන් ආයතන සංග්‍රහය උල්ලංඝණය කළැයි ගුරුවරියගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ඇය විසින් පවරන ලද නඩුව ද මේ අතරතුර ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනුණු අතර 2016 අගෝස්තු වන විට එම නඩුව ද වීභාග කර අවසන් විය. එහි තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 2016 සැප්තැම්බර් මස 28 වැනි දා ය.
තමන්ට විඳින්නට වූ අමිහිරි අත්දැකීම් ගැන ජනමාධ්‍යයට ප්‍රකාශයක් කළැයි ආයතන සංග්‍රහයේ වගන්ති උල්ලංඝණය වන බව කියමින් ගුරුවරියගේ වැඩ තහනම් කිරීමෙන් ඇගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. නීතිය පසිඳලීම සහ නීතියේ රැුකවරණය සර්ව සාධාරණ විය යුතු බවට ස`දහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව මෙන්ම භාෂණයේ නිදහසට සහ ප්රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට ඇති අයිතිය තහවුරු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තිය ද උල්ලංඝණය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
භාෂණයේ හා ප්රකාශනයේ අයිතිය , තොරතුරු දැන ගැනීමේ නිදහස මෙන්ම කාන්තා අයිතිවාසිකම් ද වඩාත් පුලූල් ලෙස විග්‍රහකරන එම ඓතිසික තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ එවකට අගවිනිසුරු කේ ශ්‍රී පවාන්, අනිල් ගාමිණී ගුණරත්න සහ උපාලි අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසිනි. එම තීන්දුවෙන් පසු ගුරුවරියට හිඟ වැටුප්ද හිමි විය.
කෙසේ වෙතත් ගුරුවරයා වරදකරු කරමින් කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ගුරුවරයාගේ නඩුව ද විභාගට ගැනීමට තීන්දු වූ අතර එය ද විභාග විය. ගුරුවරිය වෙනුවෙන් මිගාර ඩොස්, ජයන්ත දෙහිඅත්තගේ සහ ලක්මාලි හේමචන්ද්‍ර යන නීතීඥවරු පෙනී සිටිමින් කරුණු දැක්වූහ. එම නඩුවේ තීන්දුව පසුගිය පෙබරවාරි 12 වැනි දා ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ විජිත් මළල්ගොඩ, බුවනෙක අලූවිහාරේ සහ මෘදු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි.
ගුරුවරිය බලහත්කාරයෙන් සිප ගැනීමට ගුරුවරයා වැරදිකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ලබා දුන් තීන්දුව නිවැරදි බව ඒක මතිකව තීන්දු කළ විනිසුරු ම`ඩුල්ල තමා නිදහස් කරන ලෙසට ගුරුවරයා කළ අභියාචනය නිශ්ප්‍රභ කළේය. ඒ අනුව ගුරුවරයා වැරදිකරු බව යළිත් වරක් තහවුරු විය.
ඊට අදාලව දඬුවම් නියම කිරීමට නියම කැරුණේ පසුගිය බ්‍රහස්පතින්දා (20) ය. ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම ගුරුවරයාට වසරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළේය. පෙර වැරදි නැති නිසා එම දඬුවම වසර පහකට අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
රජයේ කාර්යාලවලදී සහ රැකියා ස්ථානවල දී කාන්තාවන් කොතෙකුත් මෙවැනි සිද්ධීන්ට මුහුණ දුන්න ද ඊට එරෙහිව කටයුතු කිරීමට පෙළඹෙන්නේ නැත. අපයෝජනය වූ කාන්තාවක යැයි කියමින් සමාජයෙන් එල්ල වෙතියි සිතන බලපෑම නිසා සහ මුදල් නැතිකම නිසාය. මෙම ගුරුවරියගේ විශේෂත්වය වූයේ තමාට වූ අසාධාරණයට එරෙහිව සාධාරණය පතා සටන් කිරීමය. අවසානයේ සිද්ධියෙන් වසර අටකට පසු ඇය ජය ගත්තාය.
(සබැදී පුවත්)
‘සංගීත ගුරුවරිය බලෙන් ඉම්බාලු‘
සංගීත ගුරුවරිය අපයෝජනය කළ ගුරුවරයාට අත්හිටවූ සිර දඬුවම්
‘‘මහානාම ගුරුවරියගේ කට වහන්න හැදීම වැරදියි‘‘
ගුරුවරියට බලහත්කාරකම් කළ ගුරුවරයාට දඬුවම් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි
මහානාම විදුහල්පති විශ්‍රාම ගන්වයි
සිසුන් ගැනීමේදී ලිංගික අල්ලසුත් අරන්
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසර අටකට පසු ජයගත් ගුරුවරියගේ කතාව
lali Saturday, 23 March 2019 12:30 PM
නියම එඩිතර ගුරුවරියක්. ලංකාවේ අපි ගොඩක් දෙනෙක් මේ වගේ දේවල් කතා කරන්න බයයි. ඒත් මේ මිස් හොද ආදර්ශයක් ලංකාවේ හැම කාන්තාවකටම. කල් ගිහින් හරි යුක්තිය ඉටු වුන එක ලොකු දෙයක්.
Deepal Nirosh Monday, 25 March 2019 04:31 AM
කාර්යාල දුම්රියවලට කාන්තා මැදිරි එක්කරන අමාත්‍යවරුන්ට වඩා මෙවැනි නිර්භීත එඩිතර කාන්තාවන් කාන්තා විමුක්තිය උදෙසා කරන සේවය අපමණයි. හැබැයි ඉතින් මේ සිද්ධියේන උපරිම ප්රතිලාභ අත්වූයේ දෙපාර්ශවයන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන්ටයි.
සේන Monday, 25 March 2019 05:33 AM
ප්රශ්නය පටන් අරන් තියෙන්නෙ නිර්නාමික ඇමතුමකින් .
wedage Wednesday, 27 March 2019 08:16 AM
මේ ගුරුතුමිය වන්දි මුදලක් එපා කියල කියපු එකම මනුස්සකම පෙන්වීමක්............
nimal Thursday, 28 March 2019 05:54 AM
මේවාගේ සිද්ධි හරිම කනගාටු දායකයි. බොහෝ අය මෙවැනි සිද්ධි වලදි නීතියට යන්න ඕන නැති බව කියලා ගොඩින් බේරනවා. මෙම ගුරුතුමිය අගය කළ යුතු යි. මව් කුසෙන් බිහිවූ සියලු දෙනා කාන්තාවන්ට ගරු කළ යුතු ය.