IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


වසර 138ක් සපුරන කොළඹ ආනන්දය

කොළඹ ආනන්ද විද්‍යාලයේ 138 වැනි සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වැනිදා මරදානේ ධර්මෝපකාරී සමාගමට සම්බන්ධ විය. අනතුරුව හික්කඩුවේ සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ රැලියක් පිටකොටුවේ දී පැවැත්වූ අතර මෙහි දී යෝජනා කර ගන්නා ලද තීරණයකට අනුව පිටකොටුවේ මැලිබන් වීදියෙහි අංක 61 දරණ ස්ථානයෙහි බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව නමින් 1886 නොවැම්බර් මස පළමුවැනිදා ආනන්දයේ ආරම්භය සිදුව ඇත.

සිසුන් 37 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාවෙහි පළමුවන විදුහල්පතිවරයා වූයේ ඉංග්‍රීසි ජාතික සී.ඩබ්. ලෙඩ්බීටර් පියතුමා ය. පිටකොටුවෙහි මැලිබන් වීදියෙහි සමාරම්භය සිදු කෙරුණු අතර බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව නම් මෙම විද්‍යස්ථානය කලක් ගත වන විට ඉඩ කඩ සීමා වීම නිසා කුමාර වීදියටත් ඉන්පසුව 1895 අගෝස්තු මස 07 වැනිදා  වාසලමුදලි ටියුඩර් රාජපක්ෂ මුදලිතුමාට අයත් පරණවාඩිය නමින් හැඳින්වෙන වර්තමාන ස්ථානයෙහි ආනන්දය පිහිටුවනු ලැබීය.

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදී විදේශීය ආක්‍රමණවලින් දුක් ගැහැට විඳි සිංහල බෞද්ධයාට ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා දීමේ අරමුණෙන් ඇරඹුණු මෙම බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව ආනන්ද මහරහතන් වහන්සේගේ නාමය අනුස්මරණය කරමින් “ආනන්දය” යන නමින් නම් කිරීමට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් හා හික්කඩුවේ සුමංගල යන නාහිමිවරුන් විසින් තීරණය කරනු ලැබීය.

බෞද්ධකමත්, දේශීයත්වයත් සුරකිමින් ඉහළම අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඇරඹි මෙම විද්‍යාස්ථානයෙහි විදුහල්පති ධුරය දැරූවන් අතර ඒ.ඊ. බුල්ජන්ස්, ජේ.ටී. ඩේව්ඩිස්, එම්.ඩබ්. මුවර්, ෆ්‍රිට්ස් කූන්ස් ආදී විදේශිකයෝද වූහ. ආදි කර්තෘන් සිහිපත් කරන අද වන් දිනෙක අප ඉතා ගෞරවයෙන් කෘතවේදීව ඔවුන් සැමදෙන සිහිපත් කරන්නෙමු.

ඉන් පසුව විදුහල්පති ධුරය දැරූවන් අතර ආනන්දයෙහි ආදි ශිෂ්‍යයෙකු වූ සර් ශ්‍රීමත් ඩී.බී. ජයතිලක විදුහල්පතිතුමන්ගේ පරිපාලන කාලය ආනන්දයේ විශේෂ කාල පරිච්ඡේදයක් විය.

 1918 වර්ෂයෙහි විදුහල්පති ධුරයට පත් පී. ද ඇස්. කුලරත්න විදුහල්පතිතුමාගේ පැමිණීම ආනන්ද ඉතිහාසයෙහි නව යුගයක ආරම්භය විය.

විද්‍යාලයෙහි උන්නතිය වෙනුවෙන් කැපවූ පී.ජී. මලලසේකර, එල්.එච්. මෙත්තානන්ද ආදී වූ ආදි විදුහල්පතිවරුන් සැම මෙවන් දිනක කෘතවේදීව සිහිපත් කරන්නෙමු. විදුහල්පති ධුරය දැරූවන් අතර ජී.ඩබ්. රාජපක්ෂ යුගය ද ඉතිහාසයට අයත් වන තවත් විශේෂිතම කාලපරිච්ඡේදයකි.

ආනන්දය අද පවතින තත්ත්වයන්ට පත් කරන්නට අවවාද අනුශාසනා කරමින් කටයුතු කළ සංඝ පීතෲන් වහන්සේලා ද මෙහි දී කෘතවේදීව සිහිපත් කරන්නෙමු. ඒ අනුව ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි, අග්ග මහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රය නාහිමි, පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි, කොටගම වාචිස්සර නාහිමි, අඹන්වැල්ලේ පඤ්ඤාසේකර අනුනාහිමි, හබරකඩ ඉන්දරතන නාහිමි යන යතිවරයන් වහන්සේලාගෙන් සිදු වූ සේවය අනුපමේය වේ.

ආදි ආනන්දීය බෞද්ධ සංගමය පිහිටුවමින් විද්‍යාලයට මහත් සේවාවක් සිදු කරන කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය ගෞරවාර්හ දිවියාගහ යසස්සි නාහිමියන් ඇතුළු විශ්‍රාමික සියලු‍ ධර්මාචාර්යයන් වහන්සේලාට දීර්ඝායුෂ පතමු.

වර්තමානයෙහි ආනන්දයේ නව විදුහල්පති ධුරය හොබවනුයේ ඩී.එම්.එල්.පී. දිසානායක විදුහල්පතිතුමන් ය. එතුමා කලක් විද්‍යාලයෙහි නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙසත් වැඩබලන විදුහල්පතිවරයෙකු ලෙසත් සේවය කර  ඇත.

විද්‍යාලයේ භෞතික සම්පත් දියුණුවට මෙන්ම මානව සම්පත් සංවර්ධනයෙහි ප්‍රතිඵලයක් ලෙස 2023 වර්ෂයේ භෞතික විද්‍යාව විෂය ධාරාවෙන් දිවයිනෙන්ම විශිෂ්ටතමයා බවට පත් වීමට ආනඳ පුතෙකු සමත්වීම ආනන්ද මාතාව ලැබූ අභිමානයකි.

වර්තමානය වන විට ආනන්දයෙහි  හත්දහසකට වැඩි සිසුන් ප්‍රමාණයක් ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරනු ලබන අතර ජර්මන්, හින්දි, ප්‍රංශ, ජපන්, කොරියානු සහ චීන ආදි විදේශීය භාෂාවන් මෙන්ම පාලි, සංස්කෘත යන පෙරදිග භාෂාවන් 06 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉගැන්වීම සිදු කරනු ලැබේ.

වර්තමානය වන විට ආනන්දය ක්‍රීඩා රැසකින් ජයග්‍රහණ රාශියක්ම ලබා ගත් අතරම ජාතික ශිෂ්‍ය භට ශූරතාවය වන හර්මන් ලූස් ජයග්‍රහණය වසර ගණනාවකට පසුව ආනන්දයට හිමි වීමද මෙහිදී සුවිශේෂී ජයග්‍රාහණයක් ලෙස සඳහන් කළ යුතුමය. ආනන්දය යනු තවත් විද්‍යාලයක්ම නොවේ. එය සුවිශේෂී වූ හර පද්ධතියකට යටත්ව, සම්ප්‍රදායන්ට ගරු කරමින් රටට අවශ්‍ය ජාතික නායකත්වය සඳහා විශිෂ්ට නායකයන් තනන වත්මන් බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකේ.

1884 ජනවාරි මස පළමු වැනිදා සරසවි සඳරැස පුවත්පතෙහි සඳහන් වන පරිද්දෙන්ම සිංහල බෞද්ධයන් ගේ බූදලයක් ලෙස  සැළකෙන ආනන්දය වර්තමාන තත්ත්වයට ගෙන ඒමට දේශමාමක බොදුනුවන් නොවිඳි ගැහැටක් නැති තරම්ය.

 

(***)

ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති

රම්මල ධම්මරක්ඛිත හිමි

 



අදහස් (5)

වසර 138ක් සපුරන කොළඹ ආනන්දය

හරිස්චන්ද්‍ර රාජසිංහ Sunday, 03 November 2024 07:59 AM

හෙළ විරුවන් විශාල වශයෙන් රටට බිහිකළ ආනන්ද මාතාවට සුබපැතුම්...!

:       0       9

Jayamanna Monday, 04 November 2024 08:29 AM

හාමුදුරුවන්ට මම ආචාර කරනවා. හික්කඩුවේ සුමංගල හිමි සහ කොල්නර්ල් හෙන්රි ඕල්කට් මෙම උසස් අධ්‍යාපනික ආසනය පිහිටුවීම සඳහා වූ කැපවීම වෙනුවෙන්. කෙසේ වෙතත්, මම නීතිගරුක බෞද්ධයෙකු වන අතර යහපත් පුරවැසියෙකු රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ඉහළ තනතුරක් දරමින් මීට වසර 8 කට පෙර මගේ දරුවා මගේ ගමේ ළඟම පාසලට යැවීමට උත්සාහ කර ඇත. බෞද්ධ හෝ ක්‍රිස්තියානි රජයේ පාසැලෙන් මට මගේ දරුවා සඳහා ඇතුළත් කිරීමේ ලිපියක් නොලැබුණි. අන්තිමට මට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සහ බණ්ඩාරවැල්ල ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඇතුළත් වෙන්න සිදු වුණා. ඒවා පෞද්ගලික විද්‍යාල වුවත්, මෙම විද්‍යාලවලට වඩා මම එම විද්‍යාලවලට ඉහළ ගෞරවයක් දක්වන්නේ, සංකීර්ණ ඇතුළත් වීමේ ප්‍රතිපත්ති රාශියක් නිසා නීතිගරුක බෞද්ධ පුරවැසියෙකුට ළඟපාත බෞද්ධ පාසලකට ඇතුළත් වීමට නොහැකි නම්, බෞද්ධයෙකු ලෙස මට ආඩම්බර විය හැකි කිසිවක් නැත. නැතිනම් මෙවැනි ප්‍රමුඛ බෞද්ධ පාසලක් වර්ණනා කිරීම. එම යුගයේ සහ එම මිසිනෝරි පාසලේ විචක්ෂණශීලී ප්‍රතිපත්ති තිබූ යුගයේ පීඩක බෞද්ධයාගේ දුක්ගැනවිලි විසඳීමට මෙම පාසල් ආරම්භ කළද, දැන් ඔවුන් ඊට හාත්පසින්ම වෙනස්ව ක්‍රියාත්මක වේ...

:       0       0

P.d goonawardene Tuesday, 05 November 2024 10:01 AM

ආනන්දය....ඔබට සුභ අනාගතයක්....

:       0       0

පෝල් පීරිස් Friday, 08 November 2024 10:19 PM

කොළඹ ආනන්ද විද්‍යාලයේ 138 වැනි සැමරුම යෙදී ඇති අද දිනයේ ආනන්ද ඉතිහාසයට මා ඇසින් දුටු සිද්ධියක් සඳහන් කිරීමට ඔබ වහන්සේගෙන් අවසරයි. මීට අවුරුදු අසූපහකට පෙර, 1939. නොවැම්බර් 4 වෙනිදා මට අවුරුදු හතරක් වයස පිරුණාම ආනන්ද විදුහලේ කිංඩර්ගාටන් (Kindergarten) පන්තියට ඇතුල්වුණා. ඊළඟ අවුරුද්දේ මැද භාගයේදී පංති කොර්ඩෝවේ සිටින විට මම දුටුවා ඉහළම පංතිවල සිසුන් හතර දෙනෙක් තව ශිෂ්‍යයින්ව උසුලාගෙන යනවා. මම ඔවුන් පිටුපස දිව්වේ වෙන්නට යනදේ බලන්න. ඔහුන් ඒ ශිෂ්‍යයන්ව මාලු දමා තිබූ ළිඳට දමා ඔහුගේ ඔලුව වතුරට යට වෙනතෙක් එබුවා. මම එතැනින් දුව ගොස් පංති කොරිඩෝවේ සිටින විට මම දුටුවා. එම සිසුන් හතරදෙනා විදුහල්පති කාර්යාලයෙන් පිටවී එන බව. ඔහුන් මග දිගේ ඇවිද යද්දී විදුහල්පති පී ද එස්. කුලරත්න මහතාද ඔවුන්ගේ පිටුපස යමින් ඔහුන්ව විදුහලින් නෙරපුවා. එම සිද්ධියට භාජන වූ ශිෂ්‍යයා නම් පසුව විදුහලිපති වූ ජී. ඩබ්. රාජපක්ෂ මහතායි. අනිත් හතර දෙනා නම්, ටාසි විට්ටච්චි පසුව ලේක්හවුස් එකේ ඔබ්සවර් පුවත් පතේ කතෘවිය. ඩෙන්සිල් පීරිස්, ඩේලිනිවුස් පුවත් පතේ කර්තෘ විය. අඩිත්තයා කන්නන්ගර පැර්සියේ සෝබෝන් විදුහලේ කතිකාචාර්ය විය. හතරවැන්නා ,දල්පදාතු...

:       0       0

ලලිත් Sunday, 10 November 2024 11:46 PM

ආනන්දය රටට වැඩදායක නායකයින්, ක්‍රිඩකයින් බිහිකලාක් මෙන්ම රට බංකොලොත් කල නායකයිනුත් බිහිකලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 148 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 87 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 537 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 270 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 155 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 192 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 495 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 940 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site