IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වැස්සට අධිපති දෙවියන්ට පිදු ආඬිගල රජමහා විහාරය

ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට නෑකම් කියන වෙහෙර විහාර රාශියක් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පිහිටා තිබේ. අදත් එම සංස්කෘතීන් නමටම සීමා වී නොපැවතීම මෙහිදී දැකිය හැකි විශේෂ ලක්‍ෂණයකි. අනුරාධපුර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ තඹුත්තේගම රැජින හන්දියෙන් හැරී කිලෝමීටර් 15ක් පමණ ගියවිට හමුවන ආඬිගල රජමහා විහාරය ද එකී සුවිශේෂත්වය ඇසින් දැකිය හැකි විඳිය හැකි මනස්කාන්ත පුදබිමෙකි. මේ විහාරයේ ඉතිහාසය සොයා බලද්දී අනුරාධපුර යුගයේ මුල් සමයට නෑකම් කියන විහාරයක් හැටියට පැහැදිලිව හඳුනා ගත හැකිය. විහාරයේ සුවිසල් වූ ගිරි ශිඛරය පාදක කොට ගෙන පිහිටි පර්වත ලිපි දෙක, ලෙන් ලිපි දෙක හා කටාරම් කෙටූ ගල්ලෙන් ක‍්‍රිස්තු පූර්ව දෙවැනි සියවස තරම් දුරාතීතයට අයත් යැයි විශ්වාස කෙරේ. ඇතැම් ලෙන් ලිපි කාලයත් සමග විනාශව ගොස් ඇතත් ලෙන් ලිපිවල ඉතිරිව පවත්නා කොටස් කියැවීමෙන් යම්තාක් දුරකට අර්ථ විග‍්‍රහයකට යෙදිය හැකිය. එවැනි එක් ලෙන්ලිපියක සඳහන් වන්නේ තිස්ස ගෝත‍්‍රයට අයත් භික්ෂුවක විසින් මේ ලෙස පුදන ලද බවය. තවත් ලෙන් ලිපියක සඳහන් වන්නේ ප‍්‍රමුඛ උත්තියගේ පුත‍්‍ර ප‍්‍රමුඛශුම විසින් ලෙන් පූජාව සිදු කරන ලද ඇති බවය. කෙසේ නමුත් මේ තොරතුරු ගවේෂණයේ යෙදෙන විට පැහැදිලි වන්නේ ලක්දිවට බුදුසසුන පැමිණි මුල් සමයේම ආඬිගල විහාරය කීර්තිමත් සිද්ධස්ථානයක් හැටියට පවතින්නට ඇති බවය. ආඬිගල විහාරයේ ලෙන් විහාරය ඉදිරිපිට පර්වතයේ පවත්නා සෙල් ලිපියක ”කළඳගවින” යන අකුරු කීපය පමණක් ඉතිරිවී ඇති මේ ලිපිය පිළිබඳව සෙනරත් පරණවිතාන මහතාද අදහසක් ඉදිරිපත් කොට තිබේ. පුරා විද්‍යාඥයන් විසින් සඳහන් කරන ලද මත වලට අනුව කලා ඔයට නුදුරුව අතීතයේ පැවැති දියුණු වෙළෙඳ නගරයක් හැටියට මෙම ප‍්‍රදේශය පැවැතී ඇත. එදා කාල දීඝවාපී ද්වාර විහාරය ලෙස හඳුන්වා ඇත්තේ මේ ආඬිගල රාජමහා විහාරයයි. එසේම කලකදී අහලිපවත විහාරය හැටියටත්,  මේ විහාරය හඳුන්වා තිබේ. එදා මේ ප‍්‍රදේශයේ විසූ අහල නම් ඇමැතියා කරවූ ”අහල වැව” අද ”අංගමු වැව” යැයි විශ්වාස කරනු ලැබේ. මේ අහල වැවේ ජල බද්ද පූජාකර ඇත්තේ අහලිපවත චේතියටයි. සෙල්ලිපිගත තොරතුරු ගැඹුරින් පිරික්සා බලද්දී මේ ආඬිගල රාජමහා විහාරය හත්ථදාඨ මහ රජු විසින් කරවන ලද බවට තොරතුරු හමුවේ. විහාරයේ ගල් පර්වතය තරණය කිරීමට ගලේ කෙටූ ඉතා රමණීය ගල් පඬි පෙළකි. මේ ගල් පඩිපෙළ ආඬිගල විහාරයේ මනස්කාන්තම හා වටිනාම නිර්මාණය යැයි අපිදු විශ්වාස කරමු. ගල්පඩි නැඟ පර්වතය මුදුනට ගියවිට විශාල තැනිතලාවක් හමුවේ. ගල මුදුනෙහි ඉපැරණි දාගැබක නටබුන් දැකිය හැකිය. අඩි හයක් පමණ දිග ශෛලමය රූපය මේ දාගැබ අසලම දැකිය හැකිය මේ දාගැබ ආසන්නයේ කවාකාර ගොඩනැගිල්ලක්ද තිබී ඇත. මේ ඉපැරණි චේතිය අසේල වෛත්‍ය (අහලිපවත චේත) ලෙසද හඳුන්වනු ලැබේ. එය අසේල ඇමතිවරයා කරවූ නිසා මේ නමින් හඳුන්වන බව සිතිය හැකිය. ගල මුදුනේ ලංකාවේ හැඩයට සමාන ස්වභාවික පොකුණක්ද දක්නට ලැබේ. එසේම ගල මුදුනේ සිට අවට බලද්දී ප‍්‍රදේශයේ සිරි අසිරිය අපූරුවට විඳ ගැනීමට පුළුවන. නිල්වන් කෙත් යාය, තුඹුල්ලේ වැව, අංගමුව වැව රාජාංගනය අවට සශ‍්‍රීකත්වය, කදිමට කියාපාන සොබාදහම් සිත්තම්ය. මේ ගල් පර්වතයේ තැන් කිහිපයක ස්වභාවික පොකුණු කිහිපයක් දැකගත හැකිය. පර්වතය පාමුල ඉපැරණි විහාර ගෙයක් දක්නට ලැබේ. එහි අංගනය කැටගලින් සාදා තිබේ මේ විහාර ගෙයි තිබූ බුදු පිළිමය හා විෂ්ණු රූපය විනාශ කර දමා ඇති අතර ඒ අවට ඉපැරණි නටබුන් බොහෝ දැකිය හැකිය. විහාර ගිරි ශිඛරය පාමුල බෝධීන් වහන්සේ අභියස ඉපැරණි සෙල් ලිපියක කොටසක්ද, කාන්තා පිළිරුවක හිස කොටසද පාද ලාංජන ශිලා ඵලකයක්ද ඒකරාශි කර තිබෙනු දක්නට ලැබේ. රාජාංගනය ව්‍යාපාරය අවට පිහිටි ප්‍රෞඨ ඉතිහාසයකට නෑකම් කියන ආඬිගල රාජමහා විහාරය 1969 වසරේදී පහළගම  ගුණරත්න නාහිමියන් විසින් සොයාගනු ලැබ මෑත කාලීන විහාර දියුණුවට කටයුතු සම්පාදනය කරන ලදහ. දැනට විහාරයේ ක‍්‍රියාකාරී සංවර්ධන කටයුතු කැටකාලේ උපරතන හිමිගේ අනුශාසනා පරිදි සිදුවේ. ඉතිහාසය, සොබා සුන්දරත්වය, අපූරු ලෙස එකට එකතු වූ අපේ රටේ පිහිටි ඓතිහාසික පුද බිමක් හැටියට ආඬිගල රාජමහා විහාරය හඳුනාගත හැකිය. මේ සුන්දර පින්බිම දැකබලා ගන්නට, ගවේෂණය කරන්නට ඔබටත් අවස්ථාව උදාවේවා.

සටහන අසංක ආටිගල
විහාරයට ප‍්‍රවිෂ්ඨ වන මඟ පැරැණි ගල් ලෙන බුදු මැදුර විහාර ගෙය ඉපැරැණි බෝධිය කැටකාලේ උපරතන හිමි  



අදහස් (0)

වැස්සට අධිපති දෙවියන්ට පිදු ආඬිගල රජමහා විහාරය

සුසීම Tuesday, 01 May 2012 09:06 PM

වැස්සට අධිපති දෙවියන්ට පිදූ විහාරයක් බවට ඉදිරපත් කර ඇති විස්තර මදි නේද?

:       0       0

මාලනී Tuesday, 03 January 2012 03:09 PM

මේවා තමයි අපේ සම්පත්. හැමදෙනාම ආරක්ෂා කළ යුතු වටින දේවල්

:       0       0

කුමුදුමලි Monday, 11 June 2012 05:08 PM

දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි

:       0       0

කුමුදුමලී Monday, 02 July 2012 10:37 AM

ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.

:       0       0

කීසා Monday, 11 June 2012 04:38 PM

අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? හැමෝම මේවා බලන්න යන්න... ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ඔබට තුති. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. නමුත් මේවා සංචාරකයන්ට පෙන්නන්න කියා විනාශ කරල දාන්න එපා

:       0       0

ධම්මික Friday, 22 June 2012 02:13 PM

අපේ රටේ ඉන්නේ බටහිර ටයිප් එකේ කට්ටියනේ.ඒකයි මේවාල අගයක් නැත්තේ

:       0       0

ජයසිරි විජේරත්න Thursday, 12 January 2012 08:36 AM

මෙම ගිනිපෙට්ටි පාලම ඉතාමත් අලංකාර ඉදිකිරීමක්.

:       0       0

සුනන්ද Monday, 06 February 2012 12:57 PM

ලස්සනයි ශාන්තයි. ඇයි මේවා ගරා වැටෙන්න දෙන්නෙ. මතු පරපුර වෙනුවෙන් මේවා රැකගන්න රටේ හැමෝම එකතු වෙන්න ඕනා

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1061 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4551 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 411 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site