IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


විස්සෙන් පස්සේ වැඩි බලය

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දේශපාලන සාකච්ඡාව දිනෙන් දින උණුසුම් වෙමින් තිබේ. ආණ්ඩු පක්ෂයෙන්ම මෙන්ම විපක්ෂයෙන් ද පළ වන අදහස් නිසා මෙම තත්ත්වය නිර්මාණය වී ඇත. කෙසේ වෙතත් මෙම ව්‍යවස්ථා සංශෝධනයේදී රටට අවශ්‍ය දේ කුමක්ද යන්න ගැන අප විමසා බැලිය යුතුවේ. ඒ සමගම එල්ල වන විවේචන ගැන විමසීම ද අවශ්‍ය වේ. විශේෂයෙන්ම යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අගමැතිවරයාගේ තත්ත්වය පියන් කෙනෙකුගේ තත්ත්වයට බාල වන බවට නැගී ඇති චෝදනාව එහි ප්‍රමුඛ කරුණකි.

වාගාලංකාරමය වශයෙන් ප්‍රකාශ වුවද චෝදනාවේ ඇති බර අනුව ඒ ගැන වැඩි විමසීමකින් මෙම සාකච්ඡාව අපට ආරම්භ කළ හැකිය.

අගමැතිවරයාගේ බලය ගැන කතා කරද්දී පවතින 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදූ තත්ත්වය මෙහිදී වැදගත්ය. 1978 මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බැලුවහොත් එවිට සිටියේ ද බලරහිත අගමැතිවරයෙකි. 1977 දී එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් ලැබුණේය. එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වුණේ ජේ.ආර්. ජයවර්ධනයි. විධායක ජනාධිපතිවරයා වූ බැවින් පක්ෂ ව්‍යවස්ථාවෙන්ම නායකත්වය හිමි විය. මේ නිසා ජේ.ආර්. ජයවර්ධන මහතාට දේශපාලනික වශයෙන් ද විශාල බලයක් හිමි විය. එහෙත් දැන් තත්ත්වය වෙනස්ය. විසි වැනි සංශෝධනය සම්මත වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. මේ නිසා විසි වැනි සංශෝධනයෙන් 1978 මුල් ව්‍යවස්ථාවේ තිබූ විධායක බලතල අතිබහුතරයක් නැවතත් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වුවද දේශපාලන වශයෙන් පාලනයකට ලක්වේය යන්න මගේ මතයයි. මේ නිසා බලය කිසියම් ආකාරයකට තුලිත කළ හැකිය. අගමැතිවරයාගේ බලය අඩු වුවත් එම ධුරය පියන් කෙනෙකුගේ තත්ත්වයට වැටෙනු ඇතැයි කිව නොහැකිය. යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වුවහොත් ඔහු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට සම කළ හැකිය. එහෙත් එවැනි තත්ත්වයක් වර්තමාන දේශපාලනයේ නැත. ඒ නිසා විසි වැනි සංශෝධනයෙන් එවැනි තත්ත්වයක් අගමැතිවරයාට අත්වන්නේ නැත.

ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ අයිතිය තිබිය යුතුය යන්න ඇතැමුන්ගේ මතයයි. 19 වැනි සංශෝධනයෙන් පුරවැසියන්ට එම අවස්ථාව දී තිබිණ. මෙය අප විමසා බැලිය යුත්තේ වර්තමාන රජයට පැවැරී ඇති වැඩ කොටසත් සමගය. බොහෝ දෙනෙකු තැකුවේ නැතත් කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කළ රටවල් අතරින් ප්‍රමුඛ තැනක් ශ්‍රී ලංකාවට හිමි වේ. නොපෙනෙන සතුරකු සමග පවා කාර්යක්ෂම ලෙස මේ ආණ්ඩුව සටන් කළ බව කවුරුත් පිළිගන්නා කාරණයකි. සංවිධානාත්මක අපරාධ කල්ලි නොහොත් පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලීම තවත් කරුණකි. සංවිධානාත්මක අපරාධ කල්ලිවල ප්‍රධාන මූලස්ථානය බවට අද පත්ව තිබෙන්නේ බන්ධනාගාරයයි.

ඔවුන්ගේ ධන බලයට සියලු දෙනා යට වූ තත්ත්වයක් පසුගිය කාලයේ දැකිය හැකි විය. ජනතාව තුනෙන් දෙකක බලයක් ආණ්ඩුවට දී ප්‍රබල විධායක ජනාධිපතිවරයකු අපේක්ෂා කළේ මේ කියන වුවදුරු මුලිනුපුටා දැමීමටය. එහෙත් උද්ගත වන පරිසරය හමුවේ ජනාධිපතිවරයාට සෘජු තීරණ ගැනීම් අපහසු කරවීමට අවශ්‍ය නම් මේ අධිකරණයේ නඩු පැවරීම යොදාගත හැකි යැයි මම සිතමි.

බොහෝ දෙනකු අමතක කරන ඊළඟ කාරණය වන්නේ අපට හුරු පුරුදු ඡන්ද ක්‍රමය නැවත ඇති කිරීමය. පැවැති ආණ්ඩුව 19 වැනි සංශෝධනය ගෙනආවේ එම පොරොන්දුව දෙමිනි. එහෙත් සිය පාලනයේ වසර පහ අවසන් වනතුරුම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කළේ නැත. දැන් ඒ වෙනස කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ප්‍රබල ආණ්ඩුවකි. එකම දේශපාලන භාෂාව කතා කරන්නන් කැබිනට් මණ්ඩලයේ සිටීමත් ව්‍යවස්ථාදායකය හා විධායකය එකම කණ්ඩායමක් නියෝජනය කිරීමත් එහිදී වැදගත්ය. ග්‍රීක යුගයේ දාර්ශනිකයන් පැවසූ දේ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය  හා වෙනත් සම්භාව්‍ය දේශපාලන කාරණා ජනතාවට අදාළ නැත. අවශ්‍ය ද නැත. ව්‍යවස්ථා විශාරදයන්ගේ විවාද ද වැඩක් නැත. ජනතාවට අවශ්‍ය රටේ දැවෙන ප්‍රශ්න විසඳාගැනීමටය. උදාහරණයකට ගතහොත් කොවිඩ් 19 වසංගතය හමුවේ ලෝක ආර්ථිකයම අර්බුදයකට ගොස් ඇත. මෙහි සෘජු බලපෑම ශ්‍රී ලංකාවට ද එල්ලවීම නොවැලැක්විය හැකිය. දේශීය හා විදේශීය ණය බර වැඩිවීමත් විදේශ ආයෝජන හිඟකමත් විදේශ ඉපැයුම් කඩාවැටීමත් ඇතුළුව ආර්ථික අංශයේ ප්‍රශ්න රැසකි. මෙම ප්‍රශ්නවලට සංයුක්ත විසඳුම් සෙවිය යුතුය. එමෙන්ම ලංකාවේ අපනයන වෙළෙඳපොලේ ප්‍රධාන අංශ වන තේ වැනි භෝගවලට සීනි කවලම් කිරීම වැනි මාෆියා ද පාලනය කළ යුතුය. එවැනි මාෆියා රජයට බාහිරව මෙන්ම අභ්‍යන්තරයේ ද තිබේ. මත්ද්‍රව්‍ය මර්දනය පැවැරී ඇති නාකොටික් නිලධාරීන්ම මත්ද්‍රව්‍ය බෙදාහැරීමට සම්බන්ධවීම ඊට හොඳ නිදසුනකි.

නාකොටික් හා බන්ධනාගාර සිදුවීම්වලට සම්බන්ධ වී ඇත්තේ අතලොස්සක් වුවද දෙපාර්තමේන්තු වශයෙන් එයින් රජයට ඇති කළ අපකීර්තිය සුළුපටු නැත. රාජ්‍ය සේවය යනු මේ රටේ පාලනයේ මධ්‍යස්ථානයයි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය ඇතුළු සේවා රැසක්ම ජනතාවට භුක්ති විඳින්නට ලැබෙන්නේ රාජ්‍ය සේවය ගුණාත්මක වුවහොත් පමණි. කෙසේ වෙතත් අයථා වැඩ නතර කර රාජ්‍ය සේවය පිරිසිදු කිරීමට නව ආණ්ඩුව අත ගසා තිබේ. එය හොඳ ප්‍රවේශයකි. එමෙන්ම ලංකාවේ පිහිටීම හා ස්වාභාවික සම්පත් ප්‍රයෝජනයට ගන්නා ආණ්ඩුකරණයක අවශ්‍යතාව ද එවැනි කරුණකි. උදාහරණයකට ගතහොත් ශ්‍රී ලංකාව යනු හොඳින් හිරු එළිය වැටෙන හිරු මුදුන් වන රටකි. එහෙත් රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී සූර්ය බලශක්තිය ප්‍රයෝජනයට ගැනීම ගැන මෙතෙක් වැඩි අවධානයක් යොමු කළේ නැත.

මේ වනවිට එම අඩුපාඩු මගහැර පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කිරීම ගැන ආණ්ඩුව අවධානය යොමු කර ඇත. ඒ සඳහා ද ජනාධිපතිවරයා බලවත් කිරීම අවශ්‍යය. ජනතාවට අවශ්‍ය වන්නේ රටේ ප්‍රධාන ප්‍රශ්න වන මෙකී කාරණා විසඳීමටය. එහෙත් මෙම බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම දුෂ්කර වී තිබෙන්නේ ඒ ඒ ක්‍ෂේත්‍රවල සිටින බලවතුන්ය. මෙම බලවතුන් එම ක්‍ෂේත්‍රවල ඒකාධිකාරියක් පවත්වාගෙන යෑමය. ජාතික ධනයෙන් විශාල පංගුවක් තමන්ගේ පෞද්ගලික පරිහරණයට වෙන්කර ගන්නා මෙවැන්නන්ගෙන් රටට සිදුවන හානිය අතිමහත්ය. මෙවැනි පිරිස් පාලනයට ඉතා ශක්තිමත් ආණ්ඩුවක් රටකට අත්‍යවශ්‍යය. ශක්තිමත් ආණ්ඩුවක් යනු විධායකය මෙන්ම ව්‍යවස්ථාදායකය ද එකම දේශපාලන භාෂාව කතා කරන කණ්ඩායමකි.

2015 සිට 2019 දක්වා පැවැති යහපාලන ආණ්ඩුව දුර්වලවීමට බලපෑවේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර නොගැලපීමයි. ජනාධිපතිවරයා එක් දේශපාලන පක්ෂයක් නියෝජනය කරද්දී අගමැතිවරයා නියෝජනය කළේ තවත් පක්ෂයකි. මේ නිසා දේශපාලන පක්ෂවල ප්‍රතිපත්තිමය නොගැලපීම් මෙන්ම අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා ද පෙරළා බලපෑවේ රටේ අගතියටය. අර්බුදකාරී දේශපාලන වටපිටාවක පවා ජනාධිපතිවරයාට කළ හැකි දෙයක් නොවීය. පාර්ලිමේන්තුව අස්ථාවර වෙද්දී පවා ජනාධිපතිවරයාට සිදුවුණේ බලාගෙන සිටීමටය. ඊට හේතු වූයේ පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය 19 වැනි සංශෝධනය මගින් සීමා කිරීමය. මේ නිසා පාර්ලිමේන්තුවට වසර හතරහමාරක් වනතුරු බලා සිටින්නට ජනාධිපතිවරයාට සිදු විය. එසේ නොවී කල්තියා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබුණි නම් කොවිඩ් 19 ගෝලීය වසංගතයක් වෙද්දී කල්තියා ආණ්ඩුවට සූදානම්වීමට ද අවස්ථාව තිබිණ. කෙසේ වෙතත් දැන් වූ දේ වී අවසානය. කළ යුත්තේ සිදු වූ වැරැදි නොපමාව නිවැරැදි කරගැනීමය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද අපට වූ ඓතිහාසික වැරැදි ගොන්නෙන් තවත් එකකි. එය ඉන්දියාව විසින් අප මත බලහත්කාරයෙන් පටවන ලද සංශෝධනයකි. රටක බහුතර ජනතාවකට අවාසිසහගත නීති ප්‍රතිපාදනයක් අසල්වැසි ප්‍රබල රටක අනියම් බලපෑමෙන් ක්‍රියාවේ යෙදීමකි. ඊට කිසිදා ජනතා අනුමැතියක් ලැබුණේ නැත. යම් හෙයකින් ජනමත විචාරණයක් පැවැත්වූයේ නම් ඊට ජනතාව අනුමැතිය නොදෙන බව ඒකාන්තය. දැන් අභාවයට ගිය ද එක්සත් ජාතික පක්ෂය යනු මේ රටේ පැවැති ප්‍රධාන තම දේශපාලන පක්ෂයකි. එහි පූර්වගාමී නායකයන් වූ ඩඩ්ලි සේනානායක හා ජේ.ආර්. ජයවර්ධන මහත්වරුන් ඉඳුරාම කීවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු බවය. බුද්ධ ශාසනය රැකගෙන පෝෂණය කිරීම රජයේ යුතුකම බවය. එය සැබෑවකි. අද වනවිට සියලුම දේශපාලන පක්ෂ ප්‍රමුඛ ලෝකයාම මෙම මතය පිළිගෙන තිබේ. එනිසා භූතානය අනුදත් මග යන්නට ශ්‍රී ලංකාවට නොහැකියාවක් නැත. එය අපේ අනන්‍යතාවයයි. මුස්ලිම් රටවල ඉස්ලාම් ආගමට මුල් තැන දෙන්නාක් මෙන් බෞද්ධ දර්ශනයට මුල් තැන දීමට අපට හැකිය. මෙවර ව්‍යවස්ථා සංශෝධනයේදී අප සැලකිලිමත් විය යුත්තේ මෙවැනි කාරණා ගැන යැයි මම සිතමි.

 විධායක ජනාධිපතිධුරය දුර්වල කිරීමට මෑතකාලීන උදාහරණය යහපාලන ආණ්ඩුව නම් 1978 සිට 2015 දක්වා රටේ ප්‍රශ්න මෝරා ගියේ විධායක ජනාධිපති ධුරය යටතේම නොවේදැයි ඇතැම්මු ප්‍රශ්න කරති. බැලූ බැල්මටම එහි තර්කයක් තිබේ. එය හොඳ ප්‍රශ්නයකි. සැබැවින්ම එවක විධායක ජනාධිපතිධුරය භාවිත වුණේ රටට කුමක් වුවද තමන්ගේ බලය රඳවා ගැනීම ගැන සිතාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතාටත් පසුව මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් අවස්ථා දෙකකදී ජනවරම් ලැබුණේ මෙම වැරැදි වෙනස් කිරීමටය. රට යළි නිවැරැදි මාවතට ගැනීමටය. සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ අපේක්ෂා නොකළ තරමේ ජයක් මහමැතිවරණයෙන් හිමිවුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බලයක් හිමි කරදුන්නේ ඒ අරමුණු පෙරදැරිවය.

 ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංස්කෘතියක් තිබේ. එය සිංහල බෞද්ධ සංස්කෘතිය බැව් කාදිනල්තුමන් එළිපිටම ප්‍රකාශ කර තිබේ. එනිසා අප අපේ නීති සම්පාදනයේදී ඒ ගැන ද සිතිය යුතුවේ. ඊට හොඳ උදාහරණයක් නම් අපේ කලාපයේම පිහිටි භූතානයයි. බෞද්ධයන් සියයට හැත්තෑ පහක් පමණ සිටින භූතානයේ පැවැතියේ රාජාණ්ඩුය. භූතානය කිසිදු ආක්‍රමණිකයකුට යටත් වූයේ ද නැත. එහෙත් කාලයාගේ ඇවෑමෙන් රාජාණ්ඩුව වෙනස් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුව රාජ්‍ය පාලනයේ අවශ්‍යතාව පාලකයන්ට දැනිණි. වසර හතක් තිස්සේ වෑයම් කර 2008 දී තමන්ටම කියා භූතානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත්තේ ඒ අනුවය. භූතාන රාජ්‍ය පාලනය විය යුත්තේ බෞද්ධ දර්ශනය අනුව බව එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ. මෙය කතෝලික ආගමිකයන් සිටින රටවලදී ද වෙනසක් නැත.

උදාහරණයකට බටහිර සම්ප්‍රදාය අනුදත් පිරිස් උපදේශයට ගන්නා ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැක්විය හැකිය. එහි ප්‍රස්ථාවනාවේ සඳහන් වන්නේ සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව බවය. එම රටේ ජනතාවගෙන් සියයට 90 ක් පමණ ක්‍රිස්තියානි ආගමිකයෝය. ඒ නිසා එම සඳහනෙහි වරදක් නැත. භූතානය කළේ ද එයයි. ඉතින් පෙර අපර දෙදිග අනුව බැලුව ද අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි ගැනීමට ප්‍රවේශයක් තිබේ. ඒ සඳහා වූ බලය ජනතාව විසින් ආණ්ඩුවට දෙනු ලැබ ඇති බැවින් අවැසි වන්නේ වගකීමෙන් කටයුතු කිරීමය.

(*** සටහන - බිඟුන් මේනක ගමගේ)



අදහස් (6)

විස්සෙන් පස්සේ වැඩි බලය

Champa Tuesday, 22 September 2020 11:17 AM

ජනාධිපතිවරයෙක් හෝ ආණ්ඩුවක් බලයට පත්වුණාම හැමදාම ගෙනෙන තර්කය තමයි, ඔවුන්ට කැමති විදිහට ව්‍යවස්ථාව සංශෝධනය කරන්න හෝ රට පාවාදෙන ගිවිසුම් වුණත් අත්සන් කරන්න ජනතාව බලය දුන්නා කියන එක. නමුත් ඇත්ත කතාව නම් එහෙම ඔවුන්ට කැමති කැමති දේ කරන්න බලයක් ජනතාව දුන්නේ නැහැ. ජනතාව බලය දුන්නේ "ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව වැඩ කරන්න." ජනාධිපතිවරයා ඡන්දෙට ඉල්ලන කොට කවදාවත් කිව්වේ නැහැ එම්සීසී ගිවිසුම සමාලෝචනය කරනවා හෝ අත්සන් කරනවා කියලා. ඔහු හිටපු හැම වේදිකාවකම කියවුනේ එම්සීසී ගිවිසුමේ භයානකකම සහ එම ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම. ඔහු බලයට ආවේ මිනිස්සු මේ කතා විශ්වාස කළ නිසා. 19 ගැන ජනතාවට තිබ්බ ලොකුම ප්‍රශ්නය මහින්දට තුන්වෙනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එකට මඟ අහුරා තිබීම. 19න් අවහිර කෙරුවයි කියන ඔවුන්ගේ පවුලේ පුද්ගලයන් ගැන ජනතාවට වගක්වත් තිබ්බේ නැහැ. ගෝඨාභය ගෙනාපු ප්‍රතිපත්ති ප්‍රකාශය එක්ක 20 වෙනි සංශෝධනයත් දුන්නා නම් සහ ජනතාව ඒක දැකලා ඡන්දෙ දුන්නා නම්, එහෙනම් කියන්න පුළුවන් ජනතාව ඒක අනුමත කළා කියලා. ජනතාව බලය දුන්නේ දෑහින්වත් නොදැකපු, සිහිනෙන්වත් නොසිතුව දේවල් වුණත් කරන්න කියලා කියන එක වැරදි තර්කයක්...

:       0       4

ChampaTuesday, 22 September 2020 04:10 PM

20ට විරුද්ධ වෙන්න තව හේතුවක් නම් තීරණ ගැනීමේදී ගෝඨාභය දක්වන අපරිණතභාවය. උදා: පුත්තලමේ කඩොලාන විනාශය ගැන ප්‍රදේශයේ දේශපාලකයන්ට එරෙහිව රාජ්‍ය නිලධාරිනියක් මුලින්ම කතා කළාට පස්සේ, ඇය විරෝධය දක්වපු කඩොලාන ගිනි තියලා තිබුණා. ගෝඨාභය නිහඬව හිටියා. රටේ ජනාධිපති දුන්නු සංඥාව ඉහළින්ම පිළිගත්ත රාජපක්ෂ හෙන්චයියන් සහ ජාවාරම්කරුවන් මහා වන විනාශයක් කෙරුවා. ලෝකය පුරාම සිදුවන වන විනාශය ගැන චන්ද්‍රිකා නිරූපණ තාක්ෂණය ඔස්සේ දත්ත ලබා ගන්න GFW ආයතනය පෙන්නලා තියෙනවා ජනවාරි සිට මැයි දක්වා ලංකාවේ සිදුවුණු අසාමාන්‍ය ලෙස ඉහළ වන විනාශයක් ගැන. කුරුණෑගල රාජසභාභූමියේ කල ඩෝසර් කිරීම ගැන විවෘත ප්‍රශ්නයක් අහපු වෙලාවේ ගෝඨාභය කිව්වේ ඩෝසර් කරපු නගරාධිපති කිව්ව දේමයි. සිංහරාජය විනාශ කරමින් ගොඩනගන පාරට රටම විරෝධය දැක්වූවහම, කරන වේගයට වැඩි වේගයකින් ඒ පාර කපන්න කීවා.

:       0       2

Champa Tuesday, 22 September 2020 01:14 PM

20ට විරුද්ධ වෙන්න තව හේතුවක් නම් තීරණ ගැනීමේදී ගෝඨාභය දක්වන අපරිණතභාවය.

:       0       0

Champa Tuesday, 22 September 2020 01:42 PM

ඇයි දේශපාලකයින් තියෙන බලයට වඩා වැඩි බලයක් ඉල්ලන්නේ? රට හදන්නද? රටට වැඩ කරන්නද? කොහෙත්ම නැහැ. රටට වැඩ කරන්න ජනාධිපතිවරයාට තියෙන බලය හොඳටම ඇති. පාර්ලිමේන්තු බලය තියෙන්නෙත් ඔහු නියෝජනය කළ පක්ෂයට. එහෙනම් මොකක්ද ප්‍රශ්නේ...? ජනතාව විරෝධය දක්වන පැහැදිලි කරුණු සම්බන්ධව ඔහුගේ සහ ඔහුට උපදෙස් දෙන කේවට්ටයන්, එන්ජීඕ කාරයින්ගේ මතය වෙනස් නම්, ඔහුට අවශ්‍ය වෙනවා ජනතා විරෝධයට සහ ජනතාව තමන් වෙනුවෙන් තීරණය ගන්න පත් කළ පාර්ලිමේන්තුවට උඩින් තියෙන බලයක්. ගෝඨාභය ඉල්ලන්නේ ඒ බලය...

:       0       1

Champa Tuesday, 22 September 2020 01:49 PM

අසීමිත බලයක් හැමවිටම ඉල්ලන්නේ දුර්වල අපරිණත පාලකයන්... නමුත් ශක්තිමත් පාලකයා තමන්ගේ ශක්තිය, බලය කර ගන්නවා. හොඳම උදාහරණය, මහින්ද රාජපක්ෂ... ඔහුට අසීමිත බලයක් තිබුණු 2005-2015 කාලයට වඩා, ඔහුට බලය අහිමිවුණු 2015 - 2019 කාලයේ ඔහු ජනප්‍රිය වුණා. පැරදිලා ගෙදර ගියත්, මිනිස්සුන්ට ඔහුට විරුද්ධ වෙන්න බැරි වුණා. හේතුව පුද්ගලයෙක් විදිහට ඔහු සතුව තියෙන අසීමිත ශක්තිය. ඔහුගේ ශක්තිය, දේශපාලනය මත රඳා පවතින තාවකාලික ශක්තියක් නෙමෙයි. මගේ විවේචන නිර්දයයි. නමුත් ලියන්නේ ද්වේශයෙන් නෙමෙයි. අපි අපේ රටට සීමාවක් නැතුව ආදරය කරන නිසා. 2015 මහින්ද වෙනස් වුණා. ඔහු වටකරන හිටපු කේවට්ටයන්, ප්‍රශස්ති ගායකයන් අහකට දාලා, ජනතාව අතරට තනියම ආවා. මහින්දට පණදෙන්න වුණත් ජනතාව පාරට ආවේ ඔහු බලයේ ඉන්න කොට නෙමෙයි, පැරදුණාට පස්සේ වෙනස් වුණු නිසා. ගෝඨාභයටත් පුළුවන් වෙනස් වෙන්න.

:       1       1

rocky Thursday, 24 September 2020 01:52 AM

බොකාසා, ඉඩිඅමීන්, පෝල්පෝට්, චව්චේස්කු එහෙමත් ඔවුන්ගේ රටවල් හොඳට දියුණු කෙරුවා නේද? අනේ ජයතිස්ස මහත්තයෝ, ඔය රටවල් කෝකටත් කෙළවුණේ ඔහෙලා වගේ කේවට්ටයින් හින්දයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 62 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1363 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 635 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 198 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4621 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12961 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site