අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධ කතාව පසුගිය කාලයේ ප්‍රමුඛ මාතෘකාවක් වුණි. එහෙත් එය යටපත්ව ගියේ විවිධ අතුරු මාතෘකා කරළියට පැමිණීමෙනි. එලෙස ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය යටපත් වී වෙනත් දේශපාලන න්‍යාය පත්‍ර එළියට ඒම ස්වාභාවිකය. ව්‍යවස්ථා කෙටුම්පත සැකසීම සම්බන්ධයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණය ද තීරණාත්මක වුණි. මේ පසුබිම යටතේ දෙපාර්ශ්වයම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ප්‍රමුඛත්වය දෙනවා වෙනුවට කළේ තම තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමය. එහෙත් වර්තමානයේ යළිත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ විවිධ මුහුණුවර විවිධ මට්ටමෙන් එළිදකිමින් තිබේ. එයට ආසන්නම හේතුව වී ඇත්තේ ජ.වි.පෙ ඉදිරිපත් කළ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතය.
යටපත්ව ගිය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත හරහා යළිත් කරළියට පැමිණිය ද මතුවන ගැටලු කීපයකි. මේ ව්‍යවස්ථා කෙටුම්පතෙන් බලාපොරොත්තු වන්නේ කුමනාකාරයේ පාලන ක්‍රමයක්ද? එහි අංග මොනවාද? යන්න සම්බන්ධයෙන් මූලික කරුණු දැක්වීමක් රජය පාර්ශ්වයෙන් සිදුනොවීම ප්‍රධාන ගැටලුවකි. ව්‍යවස්ථා සම්පාදන කෙටුම්පතට මහජන අදහස් සෙවීමෙන් පසුව එම අදහස් ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ කෙසේද? ඒවා සකසා ගන්නේ කෙසේද යනාදිය පිළිබඳව ප්‍රසිද්ධියේ ජනතාවට කරුණු නොදැක්වීම මේ ආණ්ඩුවේ ප්‍රධාන දුර්වලතාවකි. මේ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් පෙනෙන්නේ ඇල්මැරුණු ස්වභාවයකි.
යම් කෙඳිරිගෑමක් තිබෙන බව සැබෑවකි. එහෙත් එය ජනතාව අපේක්ෂා කරන මට්ටමේ අවබෝධයක් ඇති කරගන්නා වැඩපිළිවෙළක් නොවේ. මෙය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ තිබෙන ප්‍රධානම ගැටලුවක් බව කිව යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පහසු කාර්යයක් නොවේ. පවතින ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ කෙසේද? කුමන අංග වත්මන් ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවාද? එකතු කරන්නේ කුමන කාරණාද? යනාදිය සම්බන්ධයෙන් කිසිවකුටත් මූලික අවබෝධයක් නැත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්ද එම කරුණු දිස්වුණි. 1978 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ එහි යම් යම් වෙනස්කම් කිරීම පහසු කටයුත්තක් නොවේ. 1978 ව්‍යවස්ථාව ගොඩනැඟුණේ බරපතළ දේශපාලන අත්තිවාරමක් මතය. එයින් ගොඩනැඟුණේ ශක්තිමත් විධායකයකි. මෙම ශක්තිමත් විධායකයේ බලය අඩුකරන යම් සංශෝධනයක් කිරීම සිතන තරම් පහසුවන්නේ නැත. එය හරියට ශක්තිමත් නිවෙසක කාමර වෙනස් කිරීමක් හා සමානය. නිවෙස සම්පූර්ණයෙන් කඩා නව නිවසක් ඉදිකරනවා වෙනුවට පැරැණි නිවෙසේ කොටස් කඩා අලුතෙන් එක් කිරීම් කරන විට එහි පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් මතුවනු ඇත. ඒ ආකාරයට ව්‍යවස්ථාවට විවිධ සංශෝධන කරන විට නිර්මාණය වන්නේ අවුල් සහගත තත්ත්වයකි.
19 වැනි සංශෝධනය අසාර්ථක වූවකි. ඉහත පසුබිම අනුව එය වඩාත් පැහැදිලිය. වත්මන් ව්‍යවස්ථාවට 16 වැනි සංශෝධනය දක්වා ඉදිකෙරුණු සංශෝධනවලින් ව්‍යවස්ථා අර්බුදයක් ඇති වුණේ නැත. 13 වැනි සංශෝධනය හැරුණු විට අනෙක් සෑම සංශෝධනයකින්ම වූයේ විධායකය තව තවත් ශක්තිමත් කිරීමට යම් ආකාරයකට පිටුබලයක් ලැබුණි. එහෙත් 17 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් අසාර්ථක වුණි. එයට හේතු වූයේ එම සංශෝධනය 1978 ව්‍යවස්ථාවේ මූලික අභිප්‍රායට පටහැනි වීමය. මෙම ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කළේ ශක්තිමත් විධායකයක් ගොඩනැඟීමය. එම අරමුණට පටහැනි වූ නිසා 17 වැනි සංශෝධනය අසාර්ථක වුණි.
එහෙත් ඉන් පසුව කෙරුණු 18 වැනි සංශෝධනයෙන් අවුලක් නිර්මාණය වූයේ නැත. එයට හේතුව වූයේ මෙම සංශෝධනය විධායක බලතල ශක්තිමත් කිරීමත් සමඟ එකට ගමන් කිරීම නිසාය. 19 වැනි සංශෝධනයෙන්ද ව්‍යවස්ථාවේ මූලික අපේක්ෂා බිඳ හෙළුවේය. ඒ නිසා එය ද අසාර්ථකය. මෙවන් පසුබිමක් යටතේ ව්‍යවස්ථාවට කෙරෙන සංශෝධන හැඳින්විය හැක්කේ නොගැළපෙන ලේ සහිත රෝගියකුගේ අවයවයක් බද්ධ කළවිට ඇතිවන තත්ත්වය හා සමාන බවය. කෙරෙන සංශෝධන ව්‍යවස්ථාවේ මූලික අරමුණට ගැළපෙන්නේ නැති නම්, පටහැනි නම් ඒ හරහා සිදුවන්නේ අර්බුද නිර්මාණය වීමය. 19 වැනි සංශෝධනයෙන් ඇතිකර තිබෙන්නේ එවන් අර්බුදයකි.
මේ නිසා කරනවා නම් කළ යුත්තේ 1978 ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් වෙනස් කිරීමය. එසේ නැතිව පසුගියදා ජ.වි.පෙ ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනය හා සමාන සංශෝධනය කිරීමට යොමු වුවහොත් තව තවන් අර්බුදයට තල්ලු වනු ඇත. ඒ නිසා මේ අවස්ථාවේ කළ යුත්තේ 1978 ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස් කිරීම හෝ ඒ වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමය. එය පහසු නැත. අද රටේ තිබෙන්නේ එදා තිබූ සමාජ, දේශපාලන වාතාවරණය නොවේ. ශක්තිමත් ආණ්ඩු පක්ෂයක් මෙන්ම ශක්තිමත් විපක්ෂයක් ද අද නැත. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක්දීමට කටයුතු කරන විට එයට එරෙහිව බලමුළු ගැන්වෙන ආගමික බලවේග සහ වෙනත් කණ්ඩායම් සිටින්නේ මෝරා ශක්තිමත්ව වැඩුණු තත්ත්වයකය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් ඇති කරන්නේ කෙසේද, පවතින ජනවාර්ගික ප්‍රශ්නයට බලය බෙදීමෙන් නිශ්චිත දේශපාලන විසඳුමක් දෙන්නේ කෙසේද යන්න ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී අතිශයින් වැදගත්ය.
එකී අරමුණු දෙක ඉටුකර ගැනීමට සකස් කරන ව්‍යවස්ථාවක් කොතරම් හොඳින් සැකසුවද අවසානයේ එය දේශපාලනඥයන්ගේ ග්‍රහණයට හසුවනු ඇත.
ජනතා අදහස් කොතරම් විමසුවත් ඒ ඔස්සේ ව්‍යවස්ථාව සකසන්නට කටයුතු කළත් අවසානයේ එය සම්මත වන්නේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාගෙනි. ගැටලුව තිබෙන්නේ එතැනය. මෙවන් ප්‍රශ්න අපේ රටේ දේශපාලනඥයන් බැරෑරුම් ලෙස සලකන්නේ නැත. ආණ්ඩු පක්ෂයේ මෙන්ම ප්‍රධාන විපක්ෂයේ සිටින අයත් කටයුතු කරන්නේ දෙබිඩි පිළිවෙතකිනි. පවත්නා ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යැයි ජනතාව ඉදිරියේදී කියා සිටිය ද රහසේ මෙයට පෙම්බඳින තත්ත්වයක් තිබේ. පවත්නා නියෝජන ක්‍රමයට ඔවුන් කැමැතිය. මීට වඩා උපරිම බලය බෙදීමකට විරුද්ධය. ඒ වගේම මේ ජනාධිපති ධුරයට බොහෝ අය කැමැත්තක් දක්වති. බලය පාවිච්චි කරමින් දේපල කොල්ලකෑමට ඇති අවකාශයට දේශපාලනඥයෝ ලොල් වී සිටිති. පවතින අධිකරණ පද්ධතියට ද කැමැතිය. මේවාට අකැමැති යම් පිරිසක් සිටියද වඩා බලවත්ව සිටින්නේ පවත්නා ව්‍යවස්ථාවෙන් මෙම මජර ක්‍රමය පවත්වාගෙන යාමට කැමැති පිරිස්ය. ව්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධ තීරණාත්මක කොටස වී ඇත්තේ ද මේ අය බව පැහැදිලිය. මෙතැන ඇත්තේද අර්බුදයකි. එය 19 වැනි සංශෝධනයෙන් ජනිත කළ අර්බුදය හා සමානය. අපට ඇති ලොකුම අවුල ද එයයි.
ව්‍යවස්ථාවක් සම්පාදන ක්‍රියාවලියේදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මහජනතාවගේ අදහස් විමසමින් යම් මට්ටමට ගියත් ඒවා සැලකිල්ලට ගත්තත් අවසානයේ ව්‍යවස්ථාවේ පැහැය, හැඩය තීරණය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාය. මේ අයගෙන් බහුතරය එක් පැත්තකින් වාර්ගිකවාදී අදහස් දරන්නෝය. අනෙක් පැත්තෙන් බල දේශපාලන අරමුණුවල සිටින්නෝය. රාජ්‍ය සේවකයන්ද ඇතුළුව සියල්ලෝම අන්ත දූෂිත වී සිටිති. එනිසා ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවට ජනතාව ඉදිරියේ කොතරම් හඬ නැගුවද නව ව්‍යවස්ථාවක් සම්මත කරගන්නට මොවුන් කැමැති නැත. ප්‍රගතිශීලී ව්‍යවස්ථාවක් සකසන විට සමාජයේ විවිධ බලවේග ඊට එරෙහිව උසිගන්වන්නේද ඒ නිසාය.
ඇති කරන්නට යන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් බවට මත පළවී තිබේ. 13 වැනි සංශෝධනයෙන් ද මේ රටේ තිබූ ඒකීයභාවය තවදුරටත් තහවුරු කරගත්තේ නැත. මේ රටේ ඒකීය ස්වරූපයේ බිඳීයෑමක් 13 වැනි සංශෝධනයෙන් පෙන්නුම් කර තිබේ. එනිසා අප අද සිටින්නේ ඒකීයත් නොවන ෆෙඩරලුත් නොවන රාජ්‍යයකය. 13 වැනි සංශෝධනය සම්මත කරන අවස්ථාවේ අධිකරණයේ විනිශ්චයකාර මණ්ඩලයේ පස්දෙනකු තීන්දු කර තිබුණේ ඒකීයභාවය තහවුරු වන බවටය. ෆෙඩරල් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව අනෙක් හතරදෙනාගේ මතය වී තිබුණි. දේශපාලන විශ්ලේෂණයක යෙදුණත් මෙතැන තවදුරටත් ඒකීයභාවයක් නැති බව පැහැදිලිය. එනිසා අමුතුවෙන් ෆෙඩරල් බිල්ලකු මැවීම තේරුමක් නැති ක්‍රියාවකි. තිබෙන ඇත්ත ගැටලුව ෆෙඩරල්ද, ඒකීයද යන්න නොවේ. බැලිය යුත්තේ රටේ පවතින සැබෑ ප්‍රශ්නවලට විසඳුම්දී රට ගොඩනගන ආකාරය සම්බන්ධයෙනි. එතැනදී වචනයක එල්ලී සිටිය නොහැක. පවතින ව්‍යවස්ථාව ඒකීයද යන්න ෆෙඩරල් බිල්ලකු මවන අය මතුකරගත යුතු ප්‍රශ්නයකි.
ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීම නව ව්‍යවස්ථාවේ අරමුණක් බව මුල සිටම කියැවුණකි. 13 වැනි සංශෝධනයෙන් පළාත් සභාවලට මෙතෙක් ලබානොදුන් ඉඩම්, පොලිස් බලතල ලබාදී පළාත් සභාවල ස්වාධීනත්වය ශක්තිමත් කරන්නට පුළුවන. එලෙස කටයුතු කළොත් ජාතික ප්‍රශ්නය එක්තරා ආකාරයකට විසඳන්නට පුළුවන. ව්‍යවස්ථාවකින් පමණක් මේ රටේ ජාතික ප්‍රශ්නය සර්ව සම්පූර්ණව විසඳීමේ හැකියාවක් නැත. ව්‍යවස්ථාව එහි එක් කොටසක් පමණි. එනිසා පළමුවෙන් කළ යුත්තේ දැනට පවත්නා 13 වැනි සංශෝධනය හරියාකාරව ක්‍රියාත්මක කිරීමය. ප්‍රශ්නයේ මූලික කොන්දේසිය වන්නේ ද එයයි. ඒ වගේම උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන කටයුතු කිරීමට රජය අවංක උත්සාහයක නිරත විය යුතුය. එහෙත් ප්‍රශ්නය වන්නේ මෙරට රජය සුළු ජනතාවට පමණක් නොව මහජනතාවටද විශ්වාස කළ නොහැකි වීමය. පවතින පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් සැමට ඇත්තේ සැකයකි. එනිසා පළමුවෙන්ම කළ යුත්තේ පවත්නා ව්‍යවස්ථාවෙන් විසඳිය හැකි ප්‍රශ්න විසඳීමය. එසේ නොහැකි නම් වෙනත් පියවරකට යන්නට පුළුවන. කෙසේ වුවත් ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පැහැදිලි කරුණකි.
ව්‍යවස්ථා සම්පාදකයන් අතර ද මේ වනවිට ඇත්තේ මත ගැටුම්ය. බෙදීම්ය. මේ පසුබිම යටතේ රටට හිතකර ව්‍යවස්ථාවක් පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැක. අරමුණ රටට වැඩදායී ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම නම් පළමු කොන්දේසිය විය යුත්තේ සියලු දෙනා අතර එක මතයක් ඇතිකර ගැනීමය. එවැනි තැනක නොසිට රටේ දේශපාලනඥයන් සිවිල් සමාජය පුළුල් ලෙස එකතු කරගන්නේ කෙසේද?
යම් මත භේදයක් ඇතිවූ විට ඒවා රහසේ තබා ගැනීමක් ද දක්නට නැත. විටින් විට ඒවා හෙළිකිරීම් සිදුවන ආකාරයක් ද දැකගත හැකිය. ජනතාව අතර සැකය වැඩි කිරීමට එය හේතු වනු ඇත. එනිසා දේශපාලන නායකත්වය මෙහිදී ආදර්ශමත්ව ක්‍රියා කළ යුතුය. 1978 දී ඒ නායකත්වය රටට ලැබුණි. පාර්ලිමේන්තුවේ එක මතයක් නිර්මාණය කරගැනීමේ හැකියාව එදා ජේ.ආර්. ජයවර්ධනට තිබුණි. නව ව්‍යවස්ථාවකට අවශ්‍ය පසුබිම ඔහු ගොඩනඟා ගත්තේය. රටට අවශ්‍ය වන්නේ කවරාකාර ව්‍යවස්ථාවක් දැයි රටට ඒත්තු ගැන්වීමේ ශක්තිය තිබුණි. පසුව ඔහු එම මතය ක්‍රමානුකූලව ඉදිරියට ගෙන ගියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී රටට අවශ්‍ය වන්නේ එවන් නායකත්වයකි. රටේ නායකත්වය අතර බෙදීමක් තිබේ නම් ව්‍යවස්ථා වැඩපිළිවෙළ පිළිබඳ යටිකූට්ටු වැඩ තිබේ නම් ඊට පහළ අය බෙදීම ස්වාභාවිකය. එනිසා ව්‍යවස්ථාවක් සැකසීමේදී ඍජු නායකත්වයක් අවශ්‍යය.
සකසන ව්‍යවස්ථාවට සම්බන්ධ කරගත යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ද හොඳ අවබෝධයක් තිබිය යුතුය. පෙනෙන ආකාරයට ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රමාණික උගතුන් නැත. එය ලොකු ගැටලුවකි. මෙරට ව්‍යවස්ථා අසාර්ථකවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එම කටයුතුවලදී නීතිඥයන්ට බර තබා ක්‍රියාකිරීමය. රට ආර්ථික සමාජ, දේශපාලන ප්‍රශ්න නීතිඥයන්ට හසුවන්නේ නැත. ඔවුන් බලන්නේ නීතිමය කෝණයෙන් පමණි. එලෙස ව්‍යවස්ථා සකස් කිරීමට නොහැක. නිසි ලෙස ප්‍රශ්න තේරුම් ගත්තා නම් මතභේද මතුවීමට ඉඩක් නැත. තිබෙන අභියෝගය තේරුම් ගත යුතුය.
නව ව්‍යවස්ථාව සැකසීම ඉදිරියට නොයන්නේ දේශපාලන කඹ ඇදීම් නිසාය. එය පැහැදිලිව පෙනෙන කරුණකි. ව්‍යවස්ථා කෙටුම්පත සකසන විශේෂඥ මණ්ඩලයේ ද කඹ ඇදීම් තිබෙන බව හෙළිව තිබේ. ජනපති සහ අගමැති අතර ද ඇමැති මණ්ඩලය අතර ද ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ද මේ සම්බන්ධව ඇත්තේ කඹ ඇදීම්ය. එය විවිධාකාරයෙන් ප්‍රකාශ වෙමින් තිබේ. නව ව්‍යවස්ථාවක් සැකසීමේ ඕනෑකම පිළිබඳ ප්‍රශ්නය හා ඔවුන්ගේ මතභේද මේවායෙන් හෙළිවන්නකි. නව ව්‍යවස්ථාව හිරවී ඇත්තේ ඒ නිසාය. මේ පසුබිම යටතේ මෙතැනින් එහාට යා හැකි යැයි සිතිය නොහැක. තවත් කාලයක් 1978 ව්‍යවස්ථාව යටතේ ජීවත්වීමට සිදුවන බව නම් ඉතා පැහැදිලිය.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විස්සේ කෙඳිරිය
jinasiri Wednesday, 01 August 2018 11:32 AM
ප්‍රාදේශීය වසයෙන් වැඩි බලතල දීම යනු ලංකාවේ හැටියට ඒ ඒ ප්‍රදේශවල බලවත ජන වර්ග, ආගමික කොට්ටාශ බලවත් වීමත් බලය අඩු කොට්ටාශ අසරණ වීමත් ය. මේ අනුව නැති ප්‍රශ්න රැසකට මුල පුරයි. 13 හදුන්වාදුන් කාලයේ තිබු මහාමාර්ග, සංනිවේධන පහසුකම් අනුව ප්‍රාදේශීය පාලන කිසියම් වැදගත් කමක් තිබුනත් දැන් කිසිම අවශ්‍යතාවයක් නැත.
Perakum Friday, 03 August 2018 12:09 PM
අපි පත් කර යවන මන්ත්‍රී අපේ කැමැත්තෙන් තොරව පගාවට පක්ෂය මාරු කිරීම කොතරම් අසාධාරණද? එය වැලැක්වීමට කිසිවෙක් යෝජනා නොකරන්නේ මන්ද? පක්ෂ විපක්ෂ කවුරුත් මේ ක්‍රමයට කැමති නිසා නේද. එසේ නම් එහි ඇති ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද? බුද්ධිමත්හු මේ ගැන සිතා බලා සුදුසු පියවර ගත යුතුය.
Chandima Sunday, 05 August 2018 05:52 AM
ඔය මොන සංශෝධනේ කලත් කිසි වැඩක් නැහැ පාර්ලිමේන්තුවට යම් මට්ටමක උගත් කමක් නිශ්චිත අධ්‍යාපන මට්ටමක් සහිත පුද්ගලයන්ට පමණක් එන්ට හැකි විදියේ වගන්ති ඇතුලත් උනේ නැතිනම්. මොකද ඔය දැනට ඉන්න ජාතියේ අය වැඩිදෙනා නිකම් දොඩෝ දොඩෝ ඉඳල පඩියයි කාරුයි අන්තිමට විශ්‍රාම වැටුපයි හිමි කර ගන්නවා. රට වසර ගානක් තිස්සේ අගාධයට යනවා.
Deepal Nirosh Thursday, 09 August 2018 08:34 AM
ජනතාව අළුත් ව්‍යවස්ථාවක් ඉල්ලුවෙත් නැහැ, රටේ විධායක ජනාධිපතිවරයා ජනතාවට පොරොන්දු වුණේ ජනමත විමසුමකට තුඩු නොදෙන අත්‍යාවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන පමණක් ගෙන එනවා කියල. මේ රට යම් මට්ටමකට සංවර්ධනය වී අර්බුද සමනය වන තෙක් මේ ව්‍යවස්ථාව ඉතාමත් සුදුසුයි. ඉතින් කාටද මේ අළුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය? ඔය අනවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය නැවතුවා නම් විස්සත් නැහැ, කෙඳිරියකුත් නැහැ.