IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


විසි එක් වැනිදා විනාශ නොවූ ලෝකයේ සිට

”ලෝක විනාශය” සිදුවී දවසක් ගෙවී ගොසිනි. එහෙත් තවමත් අපි හොඳින් හුස්ම ගනිමු. ආහාර පාන ගනිමු. සුපුරුදු පරිදි පත්තරයද කියවමින් සිටින්නෙමු. රූපවාහිනී නාලිකා එහාට මෙහාට කරමින් ලෝක ප‍්‍රවෘත්තිද ටෙලිනාට්‍යද තවත් ලට්ට ලොට්ටද නරඹන්නෙමු.

පෘථිවි ගෝලයද පුරුදු විදිහටම ඉර වටා පරිභ‍්‍රමණය වෙයි. හිරු එළිය එදා මෙන්ම පෘථිවියේ ගහකොලද එදා සේම ප‍්‍රභාසංස්ලේෂණය කරයි. කුරුල්ලෝ ගී ගයති. කියන්නට තරම් කිසිදු වෙනසක් සිදුව නැත්තේය. එසේනම් 2012.12.21 දින සිදුවන බව කී ලෝක විනාශය තවත් කී කාලයකට නම් කල් ගොස් ඇත්ද?

එහෙත් තවමත් ලොව බොහෝ දෙනෙක් සිතා සිටින්නේ අද නැත්නම් හෙට ලෝක විනාශය සිදුවනු ඇති බවකි. මේ නිසාම ලංකාවේ බොහෝ දෙනෙක් සංචාරයේ යෙදීම නතර කර ඇත්තාහ. වෙනදා අනුරාධපුරයේ, පොළොන්නරුවේ, සීගිරියේ, දඹුල්ලේ, මහනුවර, ති‍්‍රකුණාමලයේ, ගාල්ලේ ආදී වශයෙන් විවිධ සංචාරක ඉසව්වලට ගිය දේශීය උදවිය මේ දවස් ටික ගතකළේ ගෙවල්වලමය.

තවමත් ඔවුහු ගෙවල්වලට වී උඩ බලාගෙන සිටිති. මේ විශ්වයේ කොතැනකවත් නැති නීබ්රූ නම් ග‍්‍රහලෝකය පැමිණ පෘථිවියේ ගැටෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තුවෙන් සිටිති.

මේ නීබ්රූ ග‍්‍රහලෝකය පිළිබඳ මිථ්‍යාව සත්‍යයක් සේ විශ්වාස කරන සෙනඟ ලංකාවටත් වඩා සිටින්නේ බටහිර දියුණු යැයි කියන රටවලය. ඈත අතීතයේ පටන් සුමේරියන්වරුන් විශ්වාස කළ මේ නීබ්රූ ග‍්‍රහලෝකය වූ කලී පෘථිවියට වසර තුන් ලක්ෂයකට වතාවක් සමීප වන්නකි. අති විශාල කක්ෂයක් සහිත මේ ග‍්‍රහයා සක්වළ පමණක් නොව පිටසක්වලද කරක්ගසා පෘථිවිය කිට්ටුවට එයි. ඉතින් එය මෙවර පෘථිවියට සමීපවන්නේ දෙසැම්බර් 21 වැනිදා බවත් ඒ එන ගමනේදී එය පෘථිවියෙහි ගැටෙන බවත් සුමේරියන්වරු විශ්වාස කළහ.

එබැවින් පෘථිවිය විනාශ වනබවත් එය ලෝක විනාශයට හේතුවක් බවත් විශ්වාස කැරිණි.
එහෙත් තවම නම් නීබ්රූ ගැන කිසිම හෝඩුවාවක් නැත.
වාසනාවකි.

වසර ගණනාවක සිටම ප‍්‍රචලිත වූ තවත් කතාවක් වූයේ ලෝක විනාශය සිදුවන්නේ මහා ගංවතුර, භූමිකම්පා, සුනාමි සහ ගිනිකඳු පුපුරායාම් රාශියකින් බවය. මෙහි තවත් එක් ප‍්‍රතිඵලයක් වන්නේ දවස් තුනක් පුරාවට මුළු පෘථිවියම අන්ධකාරයේ ගිලී යාමෙනි.

මේ නිසා ගිනිපෙට්ටිත් ඉටිපන්දමුත් එක් රැස් කළ ලෝක වාසීහු ඇත්තවශයෙන්ම ලෝකය අඳුරේ ගිලෙනතුරු බලා උන්හ.

බිහිසුණු භූමිකාම්පාවලින් නගර ගම් දනව් පිටින් විනාශ වී එම සුන්බුන්වලට ලක්‍ෂ සංඛ්‍යාත මිනිසුන් යටවී මිය යන තුරු බලා උන්හ. දවස් ගණනක් නිමක් නැති වැසි වැටී මුළු පෘථිවියම ගංවතුරෙන් සේදී යනතුරු බලා උන්හ.
මේ මහා විනාශයෙන් පසුව ජීවිත බේරා ගන්නේ මිලියන ගණනක් පමණකැයි ද ඔවුහු විශ්වාස කළහ. එහෙත් එවැන්නක්ද සිදු නොවීය. පෘථිවිය තවමත් යහතිනි.

ලෝකය විනාශ වන්නට සූර්ය කුණාටු බලපානු ඇතැයි තවත් විශ්වාසයක් විය. මේ සූර්ය කුණාටු හාවීමත් සමඟ ගිනිගන්නා පෘථිවියෙහි ඇති න්‍යෂ්ටික බලාගාර පුපුරායාමෙන් දැවැන්ත විනාශයක් සිදුවන බවද සමහරු කීහ.
අහසේ තැන තැන රඳවා තිබෙන චන්ද්‍රිකා පෘථිවියට කඩාවැටෙන බවත් එමගින් සිදුවන විනාශයද සුළුපටු නොවන බවත් කියැවිණි.

එහෙත් මොකක්දෝ වාසනාවකට තවම නම් එබඳු අභාග්‍යයක් සිදුවී නැත.
මොනක‍්‍රමයකින් හෝ ලෝකය විනාශවන බවත් දෙසැම්බර් 21 වැනිදා ඒ මහා ඛේදවාචකය සිදුවන බවත් පැවසුනේ මායාවරුන්ගේ කැලැන්ඩරය දෙසැම්බර් 21 වැනිදායින් අවසාන වූ බැවිනි.

කෙසේ හෝ වේවා අද දෙසැම්බර් 23 වැනිදා බැවින් තවදුරටත් ලෝක විනාශය ගැන බය විය යුතු නොවේ.
එහෙත් ඉකුත් සමයේ ලෝක විනාශ මිථ්‍යාව සමාජය උඩුයටිකුරු කර තිබූ බවනම් රහසක් නොවේ.

ලෝක විනාශයෙන් ගැලවෙනු සඳහා ආරක්‍ෂිත කබා විකිණීමට ලොස්ඇන්ජලීස් නුවර වෙළෙන්දෙක් පටන් ගත්තේ වසරකට පමණ පෙරාතුව සිටය. මුලින් නිකමට මෙන් පටන් ගත්තත් මේ ව්‍යාපාරයට අනාගතයක් තිබිණි. ලෝක විනාශය ගැන වැඩි වැඩියෙන් කතා කරන විට ලෝක විනාශය ඇත්තටම සිදුවනු ඇතැයි යන විශ්වාසය තහවුරු වන විට විනාශයෙන් ගැලවෙන කබායට ඉල්ලූමක්ද ඇතිවිය. ව්‍යාපාරිකයා සල්ලිකාරයකු වූයේය.

මේ ලෝක විනාශ කතාව ලෝකය පුරා ව්‍යාප්ත වූයේ 2012 චිත‍්‍රපටිය නිසාබවද කියති. 2012 සිදුවන ලෝක විනාශ ප‍්‍රවෘත්තියට අපූරු වටිනාකමක් දෙන්නට මේ චිත‍්‍රපටය සමත් විය. එය නොබැලූ පිරිසට වඩා සිටින්නේ බැලූ පිරිස යැයි කිවහොත් වැරැද්දක් නොවන තරමටම මේ චිත‍්‍රපටය ජනප‍්‍රියව ඇත. 2012 ලෝක විනාශයක් සිදුවන බවට වූ විශ්වාසය තහවුරු කළේ මේ චිත‍්‍රපටයැයි සමහරු මෙවර ලෝක විනාශය සිදුවන්නේද ඒ චිත‍්‍රපටයේ පෙන්වූ ආකාරයටමයැයි සිතා සිටියහ.

ලෝක විනාශයක් සිදුවී මුළු මහත් ලෝකයක්ම විනාශ වෙද්දීත් තම ජීවිතය පමණක් බේරාගන්නට උත්සාහ කළ උදවියද උන්හ. මොස්කව් නුවරට නැගෙනහිරින් වූ එක් කාර්මික නගරයක නගර වැසියන් ගිනිපෙට්ටි, ඉටිපන්දම්, භූමිතෙල් සහ සීනි එකතුකරන්නට පටන්ගත්තේ මාසයකට හමාරකට පෙර පටන්ය. ඒ ලෝක විනාශය සිදුවූ ලෝකයේ අඳුර මකා ගනු පිණිසය.

චෙලිබින්ස්ක් නගරයේ කාල් මාක්ස් වීදියේ වැසියෝ මායා වරුන්ගේ මෝස්තරයට යෝධ ආරුක්කුවක් තැනූහ. ඒ මායා ශිෂ්ටාචාරය ඉතිරි වූ ආකාරයටම තම ප‍්‍රදේශයෙත් ඉතිරි කර ගැනීමේ අපේක්ෂාවෙනි.

ඉකුත් සතියේ රුසියා ආණ්ඩුවද ලෝක විනාශය පිළිබඳ කතාබහක යෙදුණාහ. ලෝක විනාශය සිදුවුවහොත් ඒ ආපදා තත්ත්වයට මුහුණ දෙන ආකාරය ගැන එහිදී කතා කළහ. ලෝක විනාශය නිසා අයිස් කුණාටු, සුළිසුළං, ගංවතුර ඇතිවීමත් ඒ නිසාම මාර්ග අවහිර වීමත් ආහාර සහ සහනාධාර ලබාදීමට නොහැකි වීමත් ඔවුන්ගේ කතාබහට ලක්විය. එසේම උෂ්ණත්වය, විදුලිය සහ ජලය සපයන ආකාරයද ඔවුන්ගේ අවධානයට යොමු විය.

මේ ලෝක විනාශ මිථ්‍යාව ප‍්‍රංශ වැසියන්ගේ ඔළුවේද දැඩිලෙස වැඩ කළේය. ලෝකය විනාශ වුවත් ප‍්‍රංශයේ බුගරාච් ගම්මානය නිරුපද්‍රිතව පවතින බවට විශ්වාසයක් ඇතිවිය. මේ නිසා බොහෝ දෙනෙක් මේ ගම්මානයට යන්නට උත්සාහ ගත්තෝය. මේ පූජනීය ස්ථානයට ගංවතුරෙන් වත් සුළගෙන් වත් කිසිම හානියක් සිදු නොවන නිසාය. එහෙත් ප‍්‍රංශ රජය එම ගම පිහිටි ඒ කඳුකර ප‍්‍රදේශය තහනම් ප‍්‍රදේශයක් කළේ, මේ ගම්මානයට පැමිණීමට පොරකන ජනතාව බියගුල්ලන්සේ සලකා ඔවුන් ප‍්‍රංශයේ පැවැත්මට නුසුදුසු පුද්ගලයන් බව තීරණය කළ නිසාය.

මෙවැනිම සුරක්ෂිත තැනක් තුර්කියේ සිරින්ස් නැමති ගම්මානයේද පවතී. ලෝකය වැනසුනත් මෙතැනට හානියක් නොවන බව ලෝක විනාශය තද බල ලෙස විශ්වාස කළ උදවිය විශ්වාස කළහ. ඒ නිසාම බොහෝ මිනිස්සු ප‍්‍රංශයේ බුගරාච් වෙත මෙන්ම තුර්කියේ සිරින්ස් වෙතද ගියහ.

මේ සඳහා ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කිරීමටද බලධාරින්ට සිදුවිය. මේ අයුරින් ආරක්ෂිත ස්ථානයකට පලා යා නොහැකි වු උදවිය වෙනුවෙන් සුපිරි ආරක්ෂක බංකරයක් තැනීමට කැලිපෝනියාවේ රොන් හබර්ඞ් සමත් විය. පොළව යට තනන මේ බංකරයකට බෝම්බයක් වැටුණත් හානියක් වන්නේ නැති නිසා මුළු ලෝකයම විනාශ වුවත් බංකරවැසියනට හානියක් වන්නේ නැත. මේ බංකරය තුළ ලෙදර් සෝපාවක්ද, ප්ලාස්මා රූපවාහිනියක්ද ඇති බැවින් හොඳට වාඩිවී ලෝක විනාශය පිළිබඳව කිසියම් රූපවාහිනියකට වැඩ සටහනක් විකාශය කළ හැකි වුවහොත් එය නැරඹීමට ද පුළුවන.

බංකරය තුළ කාමරවල ඇති පහසුකම්


නිදන ඇඳ, මුළුතැන්ගෙය, වැසිකිළි මෙන්ම ගිනි උඳුනක්ද සහිත වේ. බංකරයක මිල ඩොලර් 45000ක් තරම් ‘‘සුළු’’ මුදලක් පමණි. මිල කොහොම වුනත් මේ බංකර්ද සෑහෙන සංඛ්‍යාවක් විකිණී තිබෙන බවද සඳහන් කළ යුතුමය.
තම ආත්මාර්ථය ගැනම සිතූ මිනිසුන් බහුල ලෝකයේ පරිත්‍යාගශීලීන් කිහිප දෙනෙක්ද ගැන අහන්නට ලැබිණි. ඒ නැන්ජින් හි වෙසෙනා එක්තරා මහාචාර්යවරියකි. සිය නිවෙස උගසට තබා ලබාගත් මුදලින් දුප්පතුන්ට සංග‍්‍රහ කරන්නට ඇය තීරණය කළේ ලෝක විනාශය හේතුවෙන් ගෙවල් දොරවල් තබා ගැනීමේ තේරුමක් නැති නිසාය.
ලෝක විනාශයට කොයිතරම් බියපත් වූ ජනතාව සිටියේදයත් ඔවුනට මේ දැවැන්ත විනාශයට මුහුණ දෙන්නට නොහැකි විය. ඔවුන් කළේ තම ජීවිතය තමන් විසින්ම නැති කරගැනීමට තීරණය කිරීමය. ලෝක විනාශ භීතිකාවේ බරපතළකම එබඳුය.

ලෝක විනාශය බොහෝ මාධ්‍යවලට තලූමැරිය හැකි මාතෘකාවක් වුවද නාසා ආයතනය නම් මේ කතා ප‍්‍රතික්‍ෂේප කළේ කිසිම පදනමක් නොමැති බව කියමිනි.

නීබ්රූ හෝ එක්ස් වැනි ග‍්‍රහලොවක් විශ්වයේ කොතැනකවත් නැති බවත් එබැවින් එවැනි ග‍්‍රහලොවකට පෘථිවියේ හැපෙන්නට පුළුවන් කමක් නොමැති බවත් නාසා ආයතනය ප‍්‍රකාශ කළේය. සූර්ය කුණාටු වැනි අනිකුත් හේතුන්ද ප‍්‍රතික්‍ෂේප කළ නාසා ආයතනය ලෝක විනාශයක් සිදුවීමට කොහෙත්ම ඉඩක් නැති බවද කීවේය.
එහෙත් ලෝක විනාශයක් සිදු වෙතැයි විශ්වාස කළ පිරිස් නම් කිසිම අඩුවක් නොවීය. දැන්නම් ඒ පිරිස සැනසුම් සුසුම් හෙළා ඇතිවාට සැකයක් නැත.

එහෙත් අදත් හෙටත් පෘථිවිය අඳුරේ ගිලේදැයි ඔවුන් නම් කල්පනා කරනවා ඇත.

කෙසේ හෝ වේවා දැන් ඉතින් ලෝක විනාශය මිථ්‍යාවක් බව ඔබට තහවුරු වී ඇත.
දැන් ඉතින් දෑස් ඇර බලන්න. පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් දහයකින් ඉහළ ගොස් තිබෙන බව ඔබ දන්නවාද?

ශාන්ත කුමාර විතාන

විනාශයෙන් බේරෙන්නට හැදු බංකරය

 



අදහස් (0)

විසි එක් වැනිදා විනාශ නොවූ ලෝකයේ සිට

චන්ද්‍රසිරි Monday, 24 December 2012 10:24 PM

ඉතාම වටිනා ලිපියක්.. මම නම ඒ උනාට කියන්නෙ අපි ඉන්නෙ විනාශ උන ලෝකෙක..!(නු)

:       0       0

මුතුකුඩ Tuesday, 25 December 2012 02:10 AM

තරුෂ, අපේ රටේ තෙල් ලැබුණා නම් පිස්සු හැදෙනවා මල්ලී. එහෙනම් මේ තියෙන නිදහසත් නැතිවේවි. (නි)

:       0       0

සජිත් Thursday, 03 January 2013 11:43 AM

ඉතාම හොදයි.,!(නු)

:       0       0

සෙනුර Thursday, 27 December 2012 09:18 AM

මල්ලිලා දන්නේ නැද්ද අපේ රටේ තෙල් තියෙනවා කියලා. අපේ මැති ඇමතිවරුන්ගේ බණ්ඩිය පිරිලා ඉතිරිලා තියෙන්නේ තෙල් වලින් තමයි. (නි)

:       0       0

අප්පු Thursday, 27 December 2012 09:48 AM

මම නම් මැරෙන්න බය නිසා වැඩට යන්නෙත් නැතුව ගහක් උඩට වෙලයි හිටියේ. (නි)

:       0       0

තරුෂ Sunday, 23 December 2012 06:13 PM

කුවේට් රටේ පෙට්‍රල් ලීටර් 15 ක් ලංකා මුදලින් රුපියල් 450 ක් බව දන්නවාද ??? මේ මිනිස්සු සැප විඳින්නෙත් අපේ මිනිස්සු දුක සේ හම්බ කරන මුදලින් තමා .අපේ රටෙත් තෙල් ලැබේවා යයි ප්‍රාර්ථනා කරමු (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 1 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 4 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 206 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 765 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 198 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 183 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 425 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 425 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site