පසුගියදා පාර්ලිමේන්තුව විසින් එහි බහුතර ඡන්දයෙන් සම්මත කරන ලද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇතුළත් යහපත් හා අයහපත් අංග පිළිබඳව ආචාර්ය අතුල විතානවසම් මහතා දක්වන අදහස් ඇසුරින් සකස් කළ ලිපියකි මේ.
ප්‍රස්තුත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලද්දේ ව්‍යවස්ථා සංශෝධනයක් පැනවීමට සුදුසු පරිසරයක් රටේ නොමැති අවස්ථාවකය. රට දරුණු ආර්ථික අර්බුදයකට සහ එයින් උද්ගත වූ දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලදී. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් වඩාත් බලගතු තත්ත්වයට පත් කළ විධායක ජනාධිපතිවරයාට සිය ධුරය අත්හැර රටින් පලා යෑමට සිදු වූ තත්ත්වයක මෙය ගෙන එන ලදී.
එබැවින් මේ අවස්ථාව සමනය කිරීමට සුදුසු ප්‍රතිකර්මයක් හැටියට මම මෙම සංශෝධනය නොස ලකමි. ඒ, රටම ඉල්ලා සිටියේ සහ සිටින්නේ හුදු ව්‍යවස්ථා සංශෝධනයක් නොවන නිසාය. සමස්ත ක්‍රමය දැවැන්ත වෙනසකට බඳුන් කරන ආකාරයේ ආණ්ඩු ප්‍රතිසංස්කරණයක් රට ඉල්ලා සිටියි. එම ඉල්ලීම මෙතෙක් පහව ගොස් නැත. එබැවින් මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේක්ෂිත අරමුණු කරා ළඟා විය හැකිද යන ප්‍රශ්නය මතු වේ.
රටේ දැවෙන ප්‍රශ්නවලට මෙම ව්‍යවස්ථා සංශෝධනය විසඳුමක් නොවන බව මගේ අදහසයි. 21 වැනි සංශෝධනයට සාපේක්ෂව වඩාත් හොඳ ව්‍යවස්ථා සංශෝධනයක් 2015 දී අපි සම්මත කළෙමු. එනම්, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. 19 හි ඇතුළත් හරය මෙම 21 වැනි සංශෝධනය ඇතුළත දැකිය නොහැකිය.
එය මෙම සංශෝධනයෙහි දක්නට ලැබෙන ප්‍රබල දුර්වලතාව හැටියට සැලකිය හැකිය. 21 වැනි සංශෝධනයෙහි මුඛ්‍ය අරමුණ බව පෙනෙන්ට තිබෙන්නේ විධායක ජනාධිපතිවරයාගේ බලය අඩුකර යම් ප්‍රමාණයකට පාර්ලිමේන්තුවේ බලය වැඩි කිරීමය. එහෙත් සමස්ත ක්‍රමයේ ඔඩු දුවමින් තිබෙන ගැටලුවලට එයින් පිළියම් ලැබෙන්නේ නැත.
ජනතා අරගලයෙන් මතු වූ ප්‍රශ්න මෙම සංශෝධනයෙන් නොසලකා හැර තිබේ. ඊට දැක්විය හැකි එක් උදාහරණයක් නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සමාජයේ ගොඩනැගී ඇති අප්‍රසාදයට මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් ආමන්ත්‍රණය කර නොතිබීමය. එම ප්‍රශ්නයට ව්‍යවස්ථා සංශෝධනයකින් විසඳුම් සැපයීමේ හැකියාවක් ද නැත. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කරන එකකි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැවැන්ත වෙනසක් කිරීමට නම්, ඉන් ඔබ්බට ගොස් ජනමත විචාරණයකට යා යුතුය.
එවැනි ජනමත විචාරණයකට යා යුතු තරමේ සංශෝධනයක් නම් පමණි අපට මෙහි යහපත් අංගලක්ෂණ පිළිබඳ සාකච්ඡා කළ හැක්කේ. දැනට ආණ්ඩු බලය දරන කණ්ඩායමේ එකඟත්වය සහිත හුදු ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සැලකීමට සිදු වේ. එබැවින් මෙම සංශෝධනයෙන් පිළිබිඹු වන්නේ ජනතා අභිලාෂ නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අභිලාෂයන්ය.
ජන අරගලයේදී ජනතාව විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කරන ලදී. ජනතාවගේ චෝදනාව වූයේ සියලු මන්ත්‍රීවරුන් දූෂිත බවය. මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ ආකාරයෙන් ද ඒ බව ගම්‍ය වේ. රට ප්‍රජාතාන්ත්‍රීයකරණය කිරීම ගැන වුවමනාවක් මන්ත්‍රීවරුන්ට තිබෙන්නේ ද යන ප්‍රශ්නය එයින් මතු විය. එසේම ඔවුන්ට හෘද සාක්ෂියක් තිබෙන්නේ ද යන්නත් පැනනැගිණි.
මෙම සංශෝධනයට අදාළ දෙවැනි වර කියැවීමේ ඡන්දයේදී පක්ෂව ඡන්ද 174 ක් ලැබිණි. එහෙත් මන්ත්‍රීවරු 40 කට අධික පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියහ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ දක්වා ගෙන එන ලද සංශෝධන අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩිම පිරිසක් සභාවට නොපැමිණ ඡන්දය දීමෙන් වැළකී සිටි අවස්ථාව හැටියට මෙය ඉතිහාසගත වේ. මහජන නියෝජිතයන්ට පැවරෙන ප්‍රමුඛ කාර්යය වන නීති සම්පාදනය මෙම මන්ත්‍රීවරුන් විසින් පැහැර හරිනු ලැබ තිබෙන බව එයින් පැහැදිලි වේ. ඔවුන්ට එදින පාර්ලිමේන්තුවට පැමිණ මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන විවාද කර පක්ෂව හෝ විපක්ෂව හෝ කතා කළ හැකිව තිබිණි.
වඩාත් හොඳ සංශෝධනයක් ගෙන එන්නේ කෙසේද යන්න පිළිබඳවත් කතා කළ හැකිව තිබිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විෂය පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතකු වන මහාචාර්ය ජී.එල්. පීරිස් ද 21 වැනි සංශෝධනයට ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත. එය බරපතළ කාරණයකි. මේ සියල්ලෙන් පාර්ලිමේන්තුවේත් එය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේත් තත්ත්වය ගැන සිතා ගත හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම ප්‍රතික්ෂේප කරන ජනතා මතයෙහි යුක්තිගරුක බවක් තිබෙන බව ද පැහැදිලි වේ.
මෙම ව්‍යවස්ථා සංශෝධනයෙහි අන්තර්ගතය පිළිබඳ දැනට ප්‍රකාශ වන සහ අප අවබෝධ කරගත් කරුණුවලට අනුව, ජනතාව නොමග යවන තත්ත්වයක් තිබේ. ආණ්ඩුවේ ප්‍රබලයන් ප්‍රකාශ කරන්නේ මෙම සංශෝධනය 19 වැනි සංශෝධනයෙහි සාරය වැළඳගත් බවය. 19 වැනි සංශෝධනයෙහි අන්තර්ගත ඇතැම් යහපත් අංග මෙහි ඇතුළත්ව තිබුණ ද තවත් ඒවා හිතාමතාම නොසලකා හැර ඇති බව පැහැදිලි වේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් 19 හි සඳහන් වූයේ වසර හතරහමාරක් ඉක්ම ගිය පසු ජනාධිපතිවරයාට එය විසුරුවා හැරිය හැකි බවය. එහෙත් ප්‍රස්තුත 21 වැනි සංශෝධනයෙහි දැක්වෙන්නේ වසර දෙකහමාරක් ගත වූ පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවය. එය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහිද ඇතුළත් ව තිබිණි. මේ විධිවිධානය මගින් පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යයට හා ගෞරවයට හානි වේ.
19 වැනි සංශෝධනයේදී එය සම්මත වන අවස්ථාව වන විට ජනාධිපති ධුරය දරන තැනැත්තාට යම් අමාත්‍ය ධුර සංඛ්‍යාවක් දැරිය හැකි වුවද ඉන්පසු පත්වන ජනාධිපතිවරුන්ට අමාත්‍ය ධුර දැරීමේ හැකියවක් නොතිබිණි. එහෙත් 21 වැනි සංශෝධනය ප්‍රකාරව ජනාධිපතිවරයාට තමා යටතේ අමාත්‍ය ධුර තබා ගැනීමට ද හැකිය.
මෙම සංශෝධනයෙහි දැකිය හැකි යහපත් ලක්ෂණයක් නම්, ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කාරණයට සෘජුව ආමන්ත්‍රණය කර තිබීමය. ඒ අනුව, ද්විත්ව පුරවැසිභාවය සහිත කිසිවකුට ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ නොහැකිය. එය ඉතාම හොඳ දෙයකි. එසේම එය පෞද්ගලික අරමුණුවලින් ඔබ්බට ගොස් ජාතික අරමුණක් වෙනුවෙන් ඇති කළ ප්‍රතිපාදනයක් ලෙස අප සැලකිය යුතුය.
ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කර තිබීම ද මෙහි ඇතුළත් යහපත් අංගයක් වශයෙන් සැලකිය හැකිය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා දුර්වල කළ අතර ජනාධිපතිවරයාගේ බලය වර්ධනය කළේය. එම තත්ත්වය රටේ ආර්ථික හා දේශපාලන අර්බුද ඇති කිරීමට ද ඉවහල් විය. එහෙත් මෙම සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කරමින් ජනාධිපතිවරයාගේ බලතල විශාල ප්‍රමාණයකින් අඩුකර තිබේ. එසේ වුවත් අගමැති හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයාට තවදුරටත් ඇති බලතල නිරීක්ෂණය කිරීමේදී පෙනීයන්නේ එම ධුරයෙහි බලය දැඩි ලෙස අඩුකර නැති බවය.
මෙහිදී අප තේරුම්ගත යුතු කාරණයක් ද තිබේ. එනම්, මෙවැනි සංශෝධනයකින් මීට වඩා ඉදිරියට යාමේ හැකියාවක් නැති බවය. මා ඉහතදීද පෙන්වා දුන් පරිදි, මෙම සංශෝධනය සම්මත කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් මගපෙන්වූ සීමාව ඇතුළතය. ඒ අනුව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයට අදාළ සීමාවලට යටත්ව මෙය ඉදිරියට ගෙන යෑමට සිදු වේ. එහිදී සිදුවන දෙය නම්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අභිලාෂවලට මුල් තැන දෙමින් මෙම සංශෝධනය සම්මත වීමය. එබැවින් මේ සංශෝධනයෙන් සිදු වූයේ ජනතාව ඉල්ලා සිටින දෙයට වඩා මන්ත්‍රීවරුන්ට කැමති දේ ඉස්මතු වීමය.
සටහන - උපුල් වික්‍රමසිංහ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය අතුල විතානවසම්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විසි එකේ හොඳ නරක
sisira Thursday, 27 October 2022 05:47 PM
බොහෝ දෙනෙකුගේ මතයක් වනුයේ යම් හෙයකින් වෙනත් රටක පුරවැසිභාවය ලබාගත් පුද්ගලයකු දිවුරුම් ලබාදී තිබෙනුයේ එමරට යම් හෙයකින් යුද්ධයට ගියහොත් ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් හටද යුද්ධයකට යාමට / කැඳවීමක් සිදුවිය හැකි බවකි. එය එසේ සිදුවුවහොත් ඇමෙරිකානු පුරවැසි භාවය හිමි බැසිල් හෝ ගෝඨාභයට ඇමෙරිකාව ලෝකයේ වෙනත් රටවල් සමග යුද්ධය ගිය අවස්ථාවන්හිදී කැඳවීම් කර නොතිබිණි. ලංකාවේ පුරවැසිභාවය පමණක් හිමි පුද්ගලයින් රටට කළ සේවය කුමක්ද? ඔවුන් කිසිඳු දුෂණ ක්‍රියාවකට සම්බන්ද නොමැතිද? ද්විත්ව පුරවැසිභාවය හිමි බැසිල් දුෂණ කර ඇත්නම් අධිකරණය ඉදිරිපත් නොකරන්නේ මන්ද? ලංකාවේ සිටිනා දේශපාලකයින් මේ වනවිට ලංකාව වවුලන් කා දමනලද කජු පුහුලමක් බවට පත්කර තිබේ. ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලද බොහෝ පිරිසක් ලෝකයේ වෙනත් රටවල සේවය කරනු ලබන්නේ ලංකාවේ ඔවුන්ට සුදුසු අවස්ථාවන් නොමැති නිසා සහ පවතින දේශපාලනයේ ක්‍රියාකාරකම් මිස උපන් රට ගැන කලකිරිම නිසා නොවේ. පාර්ලිමේන්තුවේ කිහිප දෙනෙකු හැර රටේ පුරවැසියන් කිසිඳු අවස්ථාවක ලංකාවේ උපන් වෙනත් රටක පුරවැසිභාවය හිමි පුද්ගලයින් පිළිබඳ කිසිදු ප්‍රතික්ෂේප කිරීමක් කර නොමැත...
Vithana Saturday, 29 October 2022 07:13 AM
21 වෙනි සංශෝධනයට මන්ත්‍රීලා කැමතියි කියන කතාව නම් විහිළුවක්. මෙහි වැදගත්කම තියෙන්නේ රටේ ජනතාවටයි. දැවෙන ප්‍රශ්ණ ඇති වෙලා තියෙන්නෙත් මින් පෙර හිටපු ජනාධිපතිලාගේ ඒකාධිපති මෝඩ තීරණ නිසා. එහෙම තීරණ ගන්න තියෙන බලය නැති කිරීම කොච්චර වැදගත් දෙයක්ද?