සියලූ වාහනවලට දුම් සහතික නිකුත් කිරීමේ කි‍්‍රයාවලිය මේ රටේ ප‍්‍රධාන පෙළේ ආයතන දෙකක් සතුවේ. වාහනවලින් පිටවන දුම නිසා වායුව අපවිත‍්‍රවීමත් එමඟින් ලෙඩ රෝග වැළඳීමත් නිසා වාහනවලින් පිටවන දුම් පරීක්ෂා කිරීම සිදු කෙරේ.
එහෙත් දැන් ප‍්‍රශ්නය වී ඇත්තේ මේ වාහන දුම් පරීක්ෂාව කෙතරම් දුරට සාර්ථකවී ඇත්ද යන්නයි.
පවත්නා නීතියට අනුව සෑම වාහනයක්ම වාර්ෂික ලියාපදිංචියට පෙර දුම් සහතිකය ලබාගත යුතුව ඇත. රුපියල් 400 සිට 1200 දක්වා වූ මුදලක් ඒ සඳහා අය කරනු ලබයි. ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ, පොලිස් දෙපාර්තමේන්තුවට අයත් වාහන හා මැති ඇමැතිවරුනට අයත් වාහන සඳහා දුම් පරීක්ෂා කිරීමේ සහතික පත‍්‍රය බලපෑමක් නැත.
මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට පසුගිය වසරේදී වාහන 429556 ක් අලූතෙන් ලියාපදිංචිකර ඇත. ඒ පෞද්ගලික මෝටර් රථ, ති‍්‍රරෝද රථ, ද්විත්ව කාර්ය වාහන, යතුරුපැදි, භාණ්ඩ ප‍්‍රවාහන වාහන, ඉඩම් වාහන, බස් රථ ආදී වශයෙනි. ඊට පෙර වසර කීපයක් තිස්සේ ගෙන්වූ වාහන අනුව රටේ වාහන සංඛ්‍යාව දළ වශයෙන් ලක්ෂ 25ක් ඉක්මවා ඇති බවට අනුමාන කළ හැකිය.
මෙම වාහනවලින් දුම් සහතිකය ලබා ගැනීම සඳහා ආයතන දෙකක් පමණක් ඒකාධිකාරිය දරා සිටී. ගැටලූවවී ඇත්තේ විවිධ වංචනික කි‍්‍රයාවන්ගෙන් ද දුම් සහතික නිකුත් කෙරෙන බවට රාවයක් පැතිරීමයි.
ඉරිදා ලංකාදිපයට දැන ගන්නට ඇති පරිදි වාහන දුම් සහතික නිකුත් කරන බොහෝ මධ්‍යස්ථානවල වංචනික ක‍්‍රියා සිදුවේ. විශේෂයෙන් ඞීසල් වාහනයක ඉන්ජෙක්ටර් පොම්පය පිරිසුදු කිරීමේ කාර්යයට රුපියල් 25000ත් 50,000ත් අතර මුදලක් වැය කිරීමට සිදුවන බව වාහන හිමියෝ පවසති. ඞීසල් පොම්පයේ බැඳෙන කාබන් ප‍්‍රමාණය මත වායුව අපිරිසුදුවීම සිදුවන බව කියති.
වාහනවල දුම් පරීක්ෂාවෙන් සිදුවන්නේ පිටවන දුමෙහි අඩංගු කාබන් ප‍්‍රතිශතය පරීක්ෂා කිරීමයි. බොහෝ විට කාබන් ප‍්‍රතිශතය වැඩිනම් දුම් පරීක්ෂා සහතිකය නිකුත් නොකෙරේ.
මහමඟ ගමන් ගන්නා ඇතැම් වාහනවලින් පිටවන දුම දෙස බැලීමේදී එම වාහන දුම් සහතික ලබා තිබේද? යන සැකය ඇතිවේ. වාර්ෂික ආදායම් බලපත‍්‍රය ලබා ගැනීමට පෙර දුම් සහතිකය ඉදිරිපත් කළ යුතුය.
දුම් සහතිකය ලබා ගැනීමට පෙර වාහනයේ තොරතුරු පරිගණක ගත කෙරෙන අතර ඉන් පසුව පිටවන දුම් ප‍්‍රමාණයේ කාබන් ප‍්‍රතිශතය පරීක්ෂා කරනු ලබයි. පරිසරයට හානිකර ආකාරයට දුම් පිටවන්නේ නම් දුම් පරීක්ෂණ වාර්තාව නිකුත් කරනු නොලැබේ.
නමුත් සිදුවන්නේ රුපියල් 500ක මුදලකට දුම් සහතිකය නිකුත් කිරීම බව වාහන ඇති අය කියති. ඇතැම් දුම් පරීක්ෂණ මධ්‍යස්ථානවල වංචනිකව මේ කාර්ය සිදුකිරීම සඳහා නියෝජිත පිරිස් සිටින බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. කිසියම් වාහනයකින් පිටවන දුම් ප‍්‍රමාණයෙහි පරිසරයට අහිතකර බලපෑමක් සිදුවුවත් එහි පරිසරයට හානිකර නොවන නිශ්චිත ප‍්‍රමාණය සඳහන් කර බලපත‍්‍රය නිකුත් කිරීම ඉතා සරලව සිදුවන බව දැන ගන්නට ඇත. ඒ සඳහා ඇතැම් සේවකයන් ද මේ වනවිට මනා පළපුරුද්දක් ලබා සිටින බවද වාර්තාවේ.
නොසල්ස් යොදා ඉන්ජෙක්ටර් පොම්ප පිරිසුදු කිරීමට වැයවන අති විශාල මුදල වෙනුවට රුපියල් 500ක මුදලක් අත යට ලබාදී දුම් සහතිකය ලබා ගැනීම වාහන හිමියන්ට පහසුවකි. ඒ සඳහා ක‍්‍රමවේදය ද අපූරුවට සැකසී ඇත.
ලැබී ඇති තොරතුරුවලට අනුව දුම් සහතික ලබාදීමෙන් ලැබෙන ආදායමෙන් රජයට ලබා දෙන්නේ ඉතා සුළු මුදලකි. එනම් 10%ක ප‍්‍රතිශතයකි.
තවත් ආයතන ගණනාවකට දුම් පරීක්ෂා කිරීමේ බලය දිය යුතුයි
පරිසර අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ සජීව චාමිකර
පරිසර අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මේ සම්බන්ධයෙන් දරන අදහස මෙබඳුය.
|
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වාහන දුම් පරීක්ෂණය බොරුවක්ද?
කුමා Tuesday, 01 December 2015 08:57 AM
අනෙක ලංකාවට ගෙන්වන තෙල්වල ප්‍රමිතියක් නැතුව කොහොමද දුම විතරක් හොඳවෙන්නේ? (ස)
සුනිල් ගීකියනගේ Monday, 30 November 2015 07:20 PM
දුම් සහතික නිකුත් කිරීම තනිකරම මගඩියක්. අනෙක මේ අයවැයෙන් අසීමිත ලෙස වැඩිකළත් රජයට ලැබෙන්නේ අඩු මුදලක් නම් රජයට ලැබනෙ ප්‍රතිශතය වෙනස් කිරීමයි කළයුතුව තිබුනේ. අනෙක ලංකාවට ගෙන්වන තෙල්වල ප්‍රමිතියක් නැතුව කොහොමද දුම විතරක් හොඳවෙන්නේ? (නි)
රංගා Tuesday, 01 December 2015 10:47 AM
මේ සම්බන්ද යම් ප්‍රමිතිගත කිරීමක මූලික කටයුතු වර්ෂ 2012 දී ශ්‍රී ලංකා ප්‍රතීතන් මණ්ඩලය විසින් අරඹන ලද අතැර එය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙවන් පසුබිමක් තුල මෙබඳු වැඩි කිරීමක් සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි නොදනිමි! (ස)
ශාලිත Tuesday, 01 December 2015 05:29 AM
මේ දුම් පරීක්ෂා කරන සමාගම් ගැන ඇත්ත රටම දන්නවා. (නි)